Watch Trailer

Richie (2017) Sinhala Subtitles | සාගර පතුලේ සිට රැගෙන ආ පෞරාණික ප්‍රතිමාවේ ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දශක ගණනාවකට කලින් සිදුවෙච්ච කතාවක්. මුහුදු තීරයේ තිබිච්ච ගමක, මසුන් සහ මුහුද තමන්ගේ ජීවිකාව කරගත්ත ධීවරයෙක්ට අහම්බෙන් නිධානයක් හම්බුණා. ඒ තමයි, ‘මිත්‍රත්වය.’ ඉතිහාස කතා වල වචන දෙකක් නැවත නැවතත් භාවිතාවේ යෙදුනා. දෙවැනි වචනය තමයි “බය” කියන එක. ද්‍රෝහී වෙන්න උල්පන්දම් දේවි කියන බය. ඉතිහාසය තුල…

මේ කතාව දශක ගණනාවකට කලින් සිදුවෙච්ච කතාවක්. මුහුදු තීරයේ තිබිච්ච ගමක, මසුන් සහ මුහුද තමන්ගේ ජීවිකාව කරගත්ත ධීවරයෙක්ට අහම්බෙන් නිධානයක් හම්බුණා. ඒ තමයි, ‘මිත්‍රත්වය.’ ඉතිහාස කතා වල වචන දෙකක් නැවත නැවතත් භාවිතාවේ යෙදුනා. දෙවැනි වචනය තමයි “බය” කියන එක. ද්‍රෝහී වෙන්න උල්පන්දම් දේවි කියන බය. ඉතිහාසය තුල නැවත නැවතත් සිදුවෙච්ච සහ නිතරම අහන්න ලැබෙන පළවෙනි වචනය තමයි “ද්‍රෝහී වීම.” මෙතනත් සිද්ධවුණේ ද්‍රෝහී වීමක්. බොහොම දුකින් කාලය ගතවෙලා ගියා. අන්තිමේදී, ධීවරයා සමාව බලාපොරොත්තු වුණා. ඊට පස්සේ, ඔහුගේ මිත්‍රත්වය, නව බලාපොරොත්තු වලින් අලුත් වෙලා කියලා තේරුම් අරගෙන, ගෝලයා විසින් ඔහුගේ ගුරුවරයාගේ ගමන දිගටම පවත්වාගෙන ගියා. ඔහුට ඕනේ වුණා ලෝකයට සාමය උදාකරවන්න. ඒත්, මේ ලෝකයෙන් ඔහුට සාමකාමී මනසක් නම් ලබාදුන්නේ නැහැ. ධීවරයාට මූණ දෙන්න සිදුවෙච්ච ඉරණමම, ඔහුගේ මිත්‍රත්වයටත් මූණ දෙන්න සිද්ධවුණා. පොදු මතය අනුව කියවෙන විදියට වතිකානුවේ ගසක් යට ධීවරයගේ සිරුර විධිමත් ආකාරයට භූමිදාන කලේ නැහැ. මේ සිදුවීමෙන් පස්සේ රෝම අධිරාජ්‍යය පිරිහිලා ගියා. නුසුදුසු විදියට භූමිදාන කිරීම සහ අධිරාජ්‍යය පිරිහිලා යෑම අහම්බයෙන් සිදුවෙච්ච දෙයක්ද? නායකයෙකුගේ පැමිණීම තමයි යාතිකා වලට පිළිතුර වුනේ. ඔහුගේ අපේක්ෂාව ඉටුකරගන්න, ඔහුට ලඟා කරගන්න බැරිවෙච්ච සාමය ලබාගන්න, නායකයා විසින් ධීවරයා වෙනුවෙන් ප්‍රතිමාවක් ඉදිකෙරෙව්වා. ඒත්, මෙච්චර පහසුවෙන් සාමය ලඟා කරගන්න ලැබේවිද? මිනිස් වර්ගයාගේ තියෙන කෑදරකම සහ කේන්තිය නිසා සාමය විනාශ වෙලා ගියා. ආරංචි පැතිර ගියා ධීවරයගේ භෂ්මාවශේෂ වල අබිරහස් බලයක් ගැබ් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ යුද්ධ ඇති වුණා, මළමිනී ගොඩ ගැහුණා, කලබල තත්ව ඇති වුණා. නමුත්, කිසිම කෙනෙක් තේරුම් ගත්තේ නැහැ භස්මාවශේෂ බලාපොරොත්තු වෙන්නේ සාමය විතරයි කියලා. ධීවරයා ඔහුගේ ගමනාන්තයට ලඟා වුණා. ධීවරයෙකුට සමාදානයේ සැතපෙන්න මුහුදු පතුල ඇරෙන්න තව මොන සුදුසු ස්ථානයක්ද? ජනප්‍රවාද වලට අනුව, මුහුදු පතුලේ ඉඳන්, හැම නත්තල් දවසකම ඔහු මතුවෙනවලු… ඔහුට ද්‍රෝහී වෙච්ච මිත්‍රත්වය නිවැරදි කරන්න. ඊට පස්සේ ඔහු නැවතත් සමාදානයේ සැතපෙනවලු. ද්‍රෝහිකම නිද්‍රාවෙම තියෙන්න දෙමු. මොකද, ඒක මිත්‍රත්වය වෙනුවෙන් සහනයක් නිසා. ඒක, මේ ලෝකයටත් හොඳ නිමිත්තක් වෙනවා!

මේ ලෝකේ දොස්තරලා ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා. ඒ හැමෝම කරන්නේ තමන්ගේ රස්සාව. අන්න ඒ වගේ, මාත් මැරයෙක්! මැරකම තමයි මගේ රස්සාව. රිචී! රිචඩ් කේ. සගායම්!

තමන්ගේ පුතා අහිමි වෙච්ච් තාත්තා කෙනෙක්. තමන්ගේ ආදරය කියාගන්නත් කලින් මැරිච්ච බෝට්ටු හදන කෙනෙක්. තමන්ගේ පුතාට මොනවා උනාද කියලා නොදන්න අම්මා කෙනෙක්. දන්න තරමින් නම්, මේ කතාව පටන්ගත්තේ කොහොමද, ඉවර උනේ කොහොමද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. අපි කැමති අවසානය, කතාවෙත් අවසානය කියලා අපි නිගමනයට එනවා. ඒත්, කතාව ඉවරයක් නැහැ. මේකත් හරියට රහස් පිරිච්ච පැන්ඩෝරා පෙට්ටියක් වගෙයි. කවුරුවත් පෙට්ටිය ඇරියේ නැත්නම්, පෙට්ටියේ තියෙන දේවල් වලට මොනවා වේවිද? කිසිම කෙනෙක්ට හරියටම කියන්න බැහැ!

ගොඩක් දෙනෙක් Premam (2015) සහ Bangalore Days (2014) කියන මලයාලම් චිත්‍රපටි දෙක නරඹල ඇති කියලා හිතනවා. මොකද කියනවා නම්, සමස්ත මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයම උඩි යටිකුරු කරපු චිත්‍රපට දෙකක් තමයි මේ. එහෙම බලපු අයට නම් Nivin Pauly කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ වෙන එකක් නැහැ. මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ තවත් පතාක යෝධයෙක් වෙන Nivin Pauly තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ. විශේෂත්වය තමයි, මෙම චිත්‍රපටයත් සමගින් Nivin Pauly ප්‍රථම වතාවට දමිළ සිනමාවට පය තබනවා. ඉන්දියානු රුපියල් කෝටි විස්සක බරපැනක් දරමින් නිෂ්පාදනය වෙච්ච මෙම සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ මේ වර්ෂයේ දෙසැම්බර් පළවෙනිදා. Action, Crime, Mystery යන කාණ්ඩ නියෝජනය කරමින්, Imdb දර්ශකයේ 6.6 ක අගයක් ලබාගන්නත් මෙම සිනමා සිත්තමට හැකියාව ලැබිලා තිබෙනවා. හැබැයි, ආදායම් වාර්තා අතින් නම් අසාර්ථක චිත්‍රපටියක් විදියටයි මේ චිත්‍රපටිය ලේබල් වෙන්නේ. ඒත්, වගකීමෙන් කියනවා, වෙනස්ම විදියක කතාවක් සහිත, බොහොම හොඳ මට්ටමේ සිනමා අත්දැකීමක් ලබාගැනීමට නම් අනිවාර්‍යයෙන්ම හැකියාව ලැබේවි. පාවෙලා යන සටන් දර්ශන නැහැ. එක්කෙනෙක් තනියෙන් සීයකට විතර ගහන සටන් ජවනිකා නැහැ. පටන්ගත්ත වෙලාවේ ඉඳන්, මොකක්ද මේ වෙන්නේ කියලා උපරිම කුතුහලයෙන් බලන්න පුළුවන්, සංවේදී අවසානයක් සහිත නිර්මාණයක්. සුන්දර දමිළ සිනමා නිර්මාණයක මිහිරි මතකයක් සමගින් 2017 වර්ෂය අවසන් කිරීමට සුදුසුම නිර්මාණයක්.

ඒ වගේම කියන්න ඕනේ, මේක මං බාරගෙන තිබ්බ චිත්‍රපටියක් නම් නෙමෙයි. තරිඳු රසාංග සහෝදරයා තමයි බාරගෙන තිබ්බේ. ඒත්, තරිඳු සහෝ මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා මට අවස්තාවක් ලැබුණා. එහෙනම් ගිහිල්ලා එන්නම්. දැන්මම සුභ අලුත් අවුරුද්දක් නොකියා ඉන්නම්. මොකද, තව චිත්‍රපටි දෙකක් ගෙන්න තියෙනවා. පුළුවන් වුනොත් අවුරුද්දට කලින් එකයි, අවුරුද්ද දවසට එකයි දෙන්නම්. එහෙම බැරි වුනොත්, අනිවාර්‍යයෙන්ම අවුරුද්ද දවසට හරි විශේෂම චිත්‍රපටය විතරක් හරි දෙන්නම්. එහෙනම්…

ලැබුවා වූ නත්තල, ලෝක වාසී සියලු දෙනාටම, සාමය සතුට සපිරි සුභ නත්තලක් වේවා!!!

 

  • උපසිරැසි බාගත කිරීම සඳහා සහ කමෙන්ට් දැමීම සඳහා අනිවාර්‍යයෙන්ම වෙබ් අඩවිය තුල ලොග් විය යුතුයි.

  • මීට ප්‍රථම එක වතාවක් හෝ ගිණුමක් සාදාගෙන, වෙබ් අඩවිය තුල කමෙන්ට් දැමීමක් සිදුකර ඇත්නම් හො, සමාජ ජාල ගිණුමක් මගින් ලොග් වී ඇත්නම්, එවැනි අයට තහවුරු කිරීමේ ඊමේල් එකක් නොපැමිණේ. එවැනි අය contact@baiscopelk වෙත සිය ඊමේල් ලිපිනය එවීමෙන් නව පාස්වර්ඩ් එක ලබාගත හැක.

  • එසේත් නොමැති නම්, නවතම ඊමේල් ලිපිනයක් සාදාගෙන වෙබ් අඩවිය තුල ලොග් වෙන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDRip  පිටපත් සඳහා අදාළ වේ.

9,174 downloadsDownload Richie-2017.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

9,174 downloadsDownload Subtitles49 KB

111 comments

  1. Kawi Jayasinghe

    100 th kittu kittuu ela ela sahoo .tnx

  2. THE NEW FOLDER

    THANK YOU
    FOR SUBTITLE

  3. Dharshana

    Thanks..

  4. dean

    THANK YOU
    FOR SUBTITLE

  5. Ashanherath

    Sub ekata thnakz bro lipiya dakkama porage film set eka balanna hitenava

  6. රංගික සිනෙත් කාරියවසම්

    මලයාලමි සිනමාවෙ අපි ප්‍රිය කරන නළුවෙක් තමා Nivin Pauly කියන්නෙ.සිසිල සහෝ ⁣බෝම ස්තුතීයි නැවත මලයාලමි සිනමාවෙ ෆටිටම ෆිලුමක් අපට ගෙනාවට.ඒ වගේම තරිදු සහෝටත් බෝම ස්තුතීයි ... මේ ෆිලුමට මෙතරම් ඉක්මනට සබ දෙවී කියලා අපි හිතුවෙම නැ සහෝ. නියම වැඩක්.අපි හැමදාම මලයාලමි බයිස්කෝප් එක්ක ඉදිරියටත් ..ජයහෝ...

  7. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට ස්තුතියි අයියේ

  8. prabodha

    Niyamai sisila bro.. Thank u bro sub ekata..

  9. Amila89

    Jaya wewa

  10. praveen ranasinghe

    sisila ayya උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  11. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..නැවතත් බයිස්කෝප් එක සුපුරුදු තත්වයට පැමිණි එක ගැන බොහොම සතුටුයි..ඇත්තටම මේ ටිකේ සබ් එකක් ගත්ත ෆිල්ම් එකකට ඇරෙන්න වෙන කිසිම එකකට කමෙන්ට් එකක් දැන්මේ නෑ. ඒ තරම් අවුලෙන් හිටියේ. කොහොම උනත් ආයෙත් ලස්ස්නට කතා ටික බලන්න පුලුවන්. අන්න ඒකයි අපේ සතුට. බුදුසරණයි සහෝ. ජය වේවා!

  13. tharaka

    elz

  14. Ruwan Hettiarachchi

    thank you given back...

  15. ඩොක් අයියා

    අම්මේ ඇති යන්තම් මං ගැනත් හිතලා තියෙනවා

    ස්තුති “සිසිල ප්‍රසාද්” මල්ලියෝ උපරැසියට, ඔන්න එහෙනම් බාගත්තා

    තව එකක් ඉක්මනටම කරමු නේද

  16. Hasitha

    jaya bn sisila

  17. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.මේක කලින් භාරගෙන තිබ්බත් දැන් සබ් එක හදන්න තියා ෆිලුම නිදහසේ බලාගන්නවත් වෙලාවක් නැතුව ඉන්නේ.ඒ නිසා මේක භාරගෙන ඉක්මනටම කරලා පළ කරපු එක වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම ශතක කඩඉමත් ඉක්මනටම පහුකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,ජය සහෝ!

  18. Kulanjana Maduranga

    niayamai…bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Mokshaya

    Sub ekata thanks bro

  20. w.rumesh asanka

    උපසිරසියට ස්තුතියි

  21. w.rumesh asanka

    thank you

  22. thili

    aiye gd job.ai oualage sub ganna bari.plz ea waradda hadannakoooo.

  23. Sanjeewa

    Thanks bro..........

  24. Thisal Lakpura

    ස්තුතියි

  25. D.Chamara

    bohoma sthuthi sahoo jaya...

  26. Anupa

    Ft

  27. Asiri

    tnzz

  28. widuranga

    elama

  29. Soori

    සබ ගත්තා. ස්තුතියි සිසිල සහෝ....!!!

  30. Hemantha De Silva

    Thanks සිසිල.....
    Thanks බයිස්..

  31. nirodha uthpala

    Mage ammaaa thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  32. LAKMAL

    ගොඩක් හොදයි ,මේ කරන දෙයට,. ජය වේවා.

  33. Ranjan

    Thnax..baiscope

  34. තිලින චාමර

    බොහොම ස්තූතියී...

  35. rkkasun

    thanx

  36. kumaradasa

    thanks sub ekata

  37. Tharaka Kulathilaka

    Thax bn sub ekata.. Jayaweewa

  38. gayan tharindu

    Thnks bro

  39. Dhammika1204

    ස්තූතියි උපසිරැසියට සහෝ

  40. Ruk96

    supiri

  41. Chanaka

    ela macho...

  42. Naveen Lakshan

    patta

  43. Naveen Lakshan

    patta වටිනවා

  44. Naveen_Sampath

    Patta Supiri Paharak Bro

  45. Muditha

    Tanks sisila saho sub akata....

  46. Chami.S

    Thanks..
    Good Luck..

  47. Sashika

    How to download torrent?

  48. Charitha65

    thanks saho

  49. Sahan

    Mama kamathima ayyage sub valata thma vote karana ecagedith vote karanneth ayyat vithary ayya sinhala sub suporiyatama karanva....godak sthuthiy

  50. Subhash pushpakumara

    Niyma wadak.

Load more comments