Watch Trailer

Justice League Gods And Monsters (2015) | දෙවියන් හා රාක්ෂයන් අතර ගැටුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද ගෙනාවා නියම ෆිලුමක්. විශේෂයෙන්ම DC Comics, Comic උණ ඇති අය සදහායි. මට නම් උණ වැඩි කමටයි, තියෙන පෙරේත කමටයි තියෙන වැඩ අස්සේ මේක අන්තර්ජාලයට නිකුත්වුණු සැණින් මං සමීර චතුරංග සහෝට කියලා ඉල්ලගත්තා. ඒවගේම ඊමේල් එකට රිපල්යි කරපු හසන්ත සහොටත් ගොඩක් ස්තුතියි.මං කලිනුත් කලා DC Comics වල චිත්‍…

JLGods and Monsters ( 2015)

ඔන්න එහෙනම් අද ගෙනාවා නියම ෆිලුමක්. විශේෂයෙන්ම DC Comics, Comic උණ ඇති අය සදහායි. මට නම් උණ වැඩි කමටයි, තියෙන පෙරේත කමටයි තියෙන වැඩ අස්සේ මේක අන්තර්ජාලයට නිකුත්වුණු සැණින් මං සමීර චතුරංග සහෝට කියලා ඉල්ලගත්තා. ඒවගේම ඊමේල් එකට රිපල්යි කරපු හසන්ත සහොටත් ගොඩක් ස්තුතියි.මං කලිනුත් කලා DC Comics වල චිත්‍රපටයක් Batman vs Robin කියලා. එකට නම් නැති වෙන්නම ඉල්ලුමක් තිබුනා. මං හිතනවා ඔයාලා මේකත් අනිවා බලයි කියලා.

මේ Justice League Gods And Monsters 2015 චිත්‍රපටය සාමාන්‍යයෙන් නිකුත් වෙන්න තියෙන්නේ හරි නම් 2015 ජූලි 28. නමුත් මම ඔයාලා දන්නා කාරණයක් තමා මේ වගේ ඒවා ඉක්මණින් අන්තරජාලයට නිකුත් වෙනවා කියලා. නමුත් තවම මේකේ IMDb  අගයක් නම් සටහන් වෙලා නැහැ. මොකද මේක තාම තිරගත වීමට නියමිත නිසා. මේක ඇනිමේෂන් හා ක්‍රියාදාම ඝණයට අයත් වෙනවා. ඒවගේම මේක අධ්‍යක්ෂණය කලේ Sam Liu විසින්. විනාඩි 76 පුරාවටම දිවෙන මේ ඇනිමේෂන් චිත්‍රපටය පවුලේ ඕනේ කෙනෙක් ට එක සේ බලන්න හැකියාව තියෙනවා.

සුපර්මැන් කියන්නේ ක්‍රිප්ටෝන් කියන ග්‍රහයාගේ ඉදන් ආපු කෙනෙක් කියලා අපි හැමෝම දන්නා කරුණක්. ක්‍රිප්ටෝන්වල භූමිකම්පාක් ඇති වෙනවා. නමුත් එකට හේතුව සොඩ් නම් තැනැත්තා නිසා. සොඩ් කියන්නේ සුපර්මැන්ගේ තාත්තා. ඔහුගේ අම්මා තමයි ලාරා කියන්නේ. නමුත් ලාරා  නමුත් ලාරා , ජෝ එල් කියන කෙනෙක් එක්ක සුපර්මැන් ඉන්න බීජය මුදාහරින්න හදන්නේ. ඒවගේම ඉතින් සුපර්මැන් තාම පොඩියි. එයාලා ලග තියෙනවා බිත්තර රකින්න පුලුවන් උපකරණයක්. මේ ගැන සොඩ් දන්නේ නැහැ.සොඩ් දැනගත්තම කරන්නේ ඒ බීජය මුදා හරිනවා යානය පිටින් ම. ඒක කෙලින්ම යන්නේ පෘථිවියට. සොඩ් ට ඕනේ වෙලා තිබුනේ ඔහුගේ හමුදාවට බලය ලබා ගන්න.ඒ නිසා තමයි මේ ක්‍රිප්ටෝන් ග්‍රහලෝකය විනාශ වෙන්නෙත්. ඔන්න ඔහොමයි සුපර්මැන් පෘථිවියට ආවේ. බැට්මැන් ගැන නොදන්නා කවුරුත් නැහැ. එයත් ඉන්නවා මේකේ. හැබැයි ඉතින් හරිම අමුතුයි.ඔහු කොලේජ් යන කාලේ ඔහුට ලෙඩක් හැදිලා හරි හැටි ප්‍රතිකාරයක් නැති නිසා, යාළුවන් එක්ක පරීක්ෂණ වගයක් කරලා, ඇගට බෙහෙතක් එන්නත් කරගන්නවා. ඔතනින් පස්සේ තමා බැට්මැන් පිසාචයෙක් වෙන්නේ. හැබැයි ඉතින් සුපිරි බලයක් තියෙන්නේ. සුපර්මැන්ගේත් අමුතුම වෙනසක් තියෙනවා. ඒවගේම තමා වොන්ඩර් වුමන් කියන කෙනත් මේ කතාවේ ඉන්නවා. මං නම් හිතුවේ මේකේ පොඩි හරි සම්බන්ධයක් ඇති කියලා Batman VS Superman 2016 ඇති කියලා. නමුත් නැහැ. ජස්ටිස් ලීග් කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ ජස්ටිස් ලීග් එක ගැන මිනිස්සු වැරදි වැටහීමකින් ඉන්නේ. මොකද සුපර්මැන්, බැට්මැන්, වොන්ඩර් වුමන් සටන් කරන්නේ මිනි මරන්න වගේ කියලා කියන්නේ. මොකද ඉතින් කොහොමත් බැට්මැන් ලේ බොනවානේ.

පිටසක්වල ජීවින් වගේ කට්ටියක් ඇවිත් මේ නගරයේ ඉන්න විශේෂඥ විද්‍යාඥයන් ව මරලා දානවා. එකින් ඒක කාටවත් හොයාගන්න බැරිවෙන්න. ඔක්කොම විද්‍යාඥයන් හතර දෙනෙක්. මේ අය හැම කෙනෙක් ම වැඩ කරලා තියෙනවා ජනාධිපති වෙනුවෙන්. ඇයි මෙයාලා මරන්නේ? මේ පිටසක්වල ජීවින් වගේ අය කවුද? ඒවගේම කවුද මේක පිටිපස්සේ ඉන්න මහා මොළකරු? මේක පිටිපස්සේ ඉන්න කෙනා කරන්න හදන්නේ ලොකුම ලොකු විනාශයක්. නමුත් ඒ මොකද්ද? ඒවගේම මේ බැට්මැන් පිසාචයෙක් වෙලා තිබුණු එකට එයාට එයාගේ යාලුවා උදව් කරන්න ඕනේ. නමුත් ඔහු උදව් කරයිද? නැත්තම් ඔහු වෙන ලොකු විනාශයක් කරයිද? ජස්ටිස් ලීග් එක ගැන තියෙන වැරදි අවබෝධය මිනිස්සුන්ගේ හිතෙන් නැති වෙලා යයිද? මේ වෙන්න යන විනාශය කොහොම වලක්වාගනීද?

ලිපිය කියවලා මේකේ තියෙන ප්‍රශ්න වළට උත්තර  ඕනේ  නම් ෆිලුමයි, උපසිරැසියයි අරගෙන බලන්නකෝ. එහෙනම් මං අදට යනවා. ස්ට්‍රයික් බැක්  කතා මාලාවෙන් හමුවෙමු. හැමෝටම ජය..!!

Justice League: Gods and Monsters (2015) on IMDb

 

 

550 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

395123FC2984F0FD4AF77ABE5AA2531495F4DA48

698 MB (HD) කොපිය මෙතනින් බාගන්න

A4EC81F0D2ABB2AD51EDCA537B639016CCFB686B

1.39 GB (HD) කොපිය මෙතනින් බාගන්න

6B4EFD00517F83DDB313132BB7C20A2FF6E7D17E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,463 downloadsDownload Justice.League.Gods_.and_.Monsters.2015.7z30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,463 downloadsDownload Subtitles30 KB

47 comments

  1. Nirosh

    Ala brooo... Onna ahenam bewa..

  2. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  3. පැතුම් අරෝෂණ වනිගසේකර

    ස්තූතියි මචන් . සබ් දෙනකම් බලාගෙන හිටියෙ .

    බැට් මෑන් ඉන්නවනම් ඉතින්න්න්න්න් :D

    1. ලස්සන කොල්ලා

      මචන් ඒක TV SERIES ඒකක් නේ බන්

  4. darshana

    Meka denakana idiye saho.. Thanks sub ekata...

  5. “චූටී මල්ලි”

    tnx

  6. අනුරුද්ධ(ලියෝ)

    හම්මේ ඊනකම් b

  7. අනුරුද්ධ(ලියෝ)

    හම්මේ එනකම් බලන් හිටියේ.ස්තුති වේවා සහෝ.

  8. imasha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

    1. Anonymous

      Sub wada na

  9. Anushka

    අයියෝ අද උදේ බැලුවනේ, අපරාදේ
    මේ කතාව ටිකක් අමුතුයි. කලින් ඒවාට වඩා වෙනස්. බැට්මැන් Krick, Bruce Wayne නෙවේ
    කොහොමහරි සබට බොහොම තුති සහෝ!!

  10. නලින්

    ස්තුතියි චාමර සහෝ!

    ජය වේවා!

  11. Amalka

    සබට තුති සහෝ මේකනම් ලොවෙත් බලනව

  12. D.Chamara

    aniwarayan balanna oni sahoo thanks

  13. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  15. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. salani

    නියම වැඩක් ගොඩක් පින්.. පුලුවන් නම් අපිට once upon a time serious එකෙත් සබ් දෙන්නකො එක නියමයි

  17. salani

    නියම වැඩක් ගොඩක් හොඳ දෙයක් ඔයාල කරන්නේ පුලුවන්නම් ඔය වගෙම once upon a time එකෙත් දෙන්නකො එක නියමයි

  18. pasindu

    trhnks saho.aye korean kathawak denne kawadda danne ne?

  19. thisal

    ස්තූතියි මචන්

  20. shalitha

    ela kiri broo godak thanks, comic animation thiyenawanm thawa monawada aaaa.... welawak thiyenawanm young jl tv srs ekata sub denna :-)
    good luck

  21. hasini

    බොහොම ස්තුතියි අනේ මේ වගේම INSURGENT Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

  22. සචිත උදාර

    සුපිරි වීරයන්ගේ වෙනස්වීමේ අලුත් අදහසේ වරදක් නෑ. ඒ වුනාට පොඩි පොඩි නොගැලපීම් තියෙනවා. අනිත් එක justice league නම් අනිත් සාමාජිකයොත් ඕනේ.
    උපසිරැසිය ට බොහොම ස්තුතියි සහෝ.

  23. Nadeera Mystry Frodo

    meka good quality ekakda?

  24. සචින් ඇහැලියගොඩ

    ගොඩක් ස්තුතියි මචන්. මහන්සිවෙලා කරන මේ වගේ දෙවල් අගයකරන්න ඔනි.
    Good luk මචන්

  25. achi

    ස්තුති සහෝ!!! ජය!!!

  26. nilanka

    Sub eka banna bane bn. Ikmanata link eka hadapanko.

  27. kavindu jananga

    මේ තියෙන්නේ සමාන්තර ලෝකෙක සීන් එකක් නෙමේද?

  28. indika

    thn Q :)

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. AsK

    Ela.....Puluwn ikmnta ABCD 2 Eke sub dennako...

  31. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

    1. Anonymous

      වැඩ නෑ සබ් එක

  32. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. chaminda

    Niyamai
    Puluvannam me Films ekata sub Dannako
    Boogye man 1,2,3.

  34. සංඛ සඳනුවන් (සනා)

    onna bawa mekath

  35. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. tharindu_madhawa

    thank you

  38. tharindu_madhawa

    death of superman aketh saba dennaaaaaa

  39. papidu

    සබට තෑන්ක්ස් ජය!!!

  40. Kaazz_bat

    Thanxx sahoo sub ektaa,.. Jayawewaaaaaa,..

  41. Anonymous

    මොකද්ද මේ සබ් එක.ඩවුන්ලෝඩ් වෙන්නෙ 7z file එකක් විදිහට.ඕපන් කරන්න බෑ ප්ලේයර් එකෙන්.srt විදිහට extension වෙනස් කරත් වැඩ කරන්නෙ නෑ

    1. Anonymous

      up

  42. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️

  43. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !