ඔන්න එහෙනම් 2016 ඉවර වෙලා මේ උදා වෙලා තියෙන්නෙ 2017 අලුත් අවුරුද්ද. ඔක්කොටම කලින් ඔයාට “සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!” හරි ඉතින් මේ ලෑස්ති වෙන්නෙ මේ අවුරුද්දෙ ගේන පළවෙනි උපසිරැසිය ඔයාලට දෙන්නයි. ඉතින් මට පොඩි කතාවක් කියන්න තියෙනවා ඔයාට, මුලින්ම සමාවෙන්න උපසිරැසිය ගේන්න පරක්කු වුණාට. මැසේජ් කර කර…

ඔන්න එහෙනම් 2016 ඉවර වෙලා මේ උදා වෙලා තියෙන්නෙ 2017 අලුත් අවුරුද්ද. ඔක්කොටම කලින් ඔයාට “සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!” හරි ඉතින් මේ ලෑස්ති වෙන්නෙ මේ අවුරුද්දෙ ගේන පළවෙනි උපසිරැසිය ඔයාලට දෙන්නයි. ඉතින් මට පොඩි කතාවක් කියන්න තියෙනවා ඔයාට, මුලින්ම සමාවෙන්න උපසිරැසිය ගේන්න පරක්කු වුණාට. මැසේජ් කර කර අහපු හැම යාළුවෙකුටම ස්තූතී! ඉතින් මේකයි කතාව මේ කාෂ්මෝර ෆිල්ම් එක මුලින්ම භාරගෙන තිබුනෙ අපේ සදුන් [මාමි] අයිය. කොහොම හරි එයාට වැඩ කන්දරාවක් සෙට් වෙලා මේ ෆිල්ම් එක අපේ සිසිල අයියගෙ අතට ගියා. බැලින්නං එයාටත් වැඩ කන්දරාවක් සෙට් වෙලා මේ කාෂ්මෝර ෆිල්ම් එක මගේ අතට ආව. 😀 ඔන්න ඕකයි උපසිරැසිය ගේන්න මෙච්චර පරක්කු වුණු කතාව. ඉතින් උපසිරැසිය කරන්න පටන් ගත්තෙ හත් [07] වෙනිද. බැලින්නං ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා සුපුරුදු පරිදි කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කරන්න සිද්ද වුනේ. ඔන්න ඕකත් එක කාරණාවක් තමයි උපසිරැසිය ගේන්න පරක්කු වුණු. ඔයාල දන්නවනෙ කොච්චර පරක්කු වුණත් උපසිරැසියක් කොලිටියටම දෙන්නෙ බයිස්කොප් කියල. 😀 ඒ වගේම මේ RAJ කොල්ලත් එහෙමයි, වැඩේ පිරිසිදුයි. හරි හරි කොහොම හරි ඔන්න මේ අවුරුද්දෙ සුපිරි ෆිල්ම් එහෙකින් තමයි උපසිරැසියක් දෙන්න පටන් ගත්තෙ. එහෙනම් බලමු විස්තර ටිකක්. [ආ ඒක නෙමෙයි මේ පහළ තොරතුරු ටිකේ ලිපිය අපේ සිසිල අයියගෙන් ඈ.]
සමස්ත දමිළ සිනමා ක්ෂේත්‍රය කළඹවමින්, 2016 වර්ෂයේදී හමා ආ චණ්ඩ මාරුතයක් බඳු වූ අනර්ඝ සිනමා සිත්තමක් තමයි මේ වතාවේ අරගෙන එන්නෙ. 2016 වර්ෂය කියන්නේ, දමිළ සිනමාවට ඉතාමත්ම අනර්ඝ චිත්‍රපට රාශියක් දායාද වූ වර්ෂයක්. එම චිත්‍රපට අතුරින්, ඒ සඳහා ඉහලම අන්දමින් දායක වූ චිත්‍රපටයක් ලෙස මෙම kaashmora චිත්‍රපටයට හිමිවන්නෙ ප්‍රමුඛතම ස්ථානයක් යැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. අති දැවැන්ත ධනස්කන්ධයක් වියපැහැදම් කරමින්, අතිශය ජනප්‍රිය නළු නිලියන් රාශියකගේ දායකත්වය සහිතව, අති නවීන තාක්ෂණයද මැනවින් මුසුකොට නිෂ්පාදනය කරන ලද මෙම සිත්තම සමස්ත ප්‍රේක්ෂක ජනතාවටම නැවුම් වූ අත්දැකීමක් වූවාට නම් කිසිඳු සැකයක් නොමැත.
චිත්‍රපටයේ ප්‍රධාන රංගන භූමිකාවට පණ පොවන්නෙ, 2007 වර්ෂයේදී හොඳම නළුවා සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පුද ලද, දකුණු ඉන්දීය ජනකාන්ත නළු, Karthi සහ, සිය අයස්කාන්ත රූ සපුවෙන් සහ අති දක්ෂ රංගන ප්‍රතිභාවෙන් ලොවක් වසඟයට ගැනීමට සමත්වූ සුරූපී, Nayanthara විසින්ය. මීට අමතරව, Sri Divya සහ Vivek යනාදීන්ද සිය රංගන දායකත්වයෙන් සමස්ත චිත්‍රපටයම ඒකාලෝක කොට තිබෙනවා.
චිත්‍රපටය පිළිබඳව කතාබහ කිරීමේදී, kaashmora චිත්‍රපටය තුල සංගීතය සඳහා වෙන් වන්නෙ සුවිශේෂී ස්ථානයක්. Iruthi Suttru , Kadhalum Kadandhu Pogum, Manithan, Iraivi, Kabali, Kodi ආදී 2016 වර්ෂයේ නිකුත් වූ අනර්ඝතම දමිළ චිත්‍රපට රාශියකට මෙන්ම, 2017 වර්ෂයේදී නිකුත්වීමට නියමිතව ඇති Bairavaa චිත්‍රපටයේද සංගීත අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන්නාවූද, වර්තමාන හින්දි, දමිල, තෙලිඟු යනාදී බොහෝ භාෂාවන්ගේ ඉන්දීය චිත්‍රපට සඳහා සංගීතය අධයක්ශනයෙහි ලා අත්‍යාවශ්‍යම පුද්ගලයෙකු බවට පත්වී සිටින්නාවූ Santhosh Narayanan ගේ සුමියුරු නාද රටාවන්ගෙන් සමස්ත චිත්‍රපටයම හරි අපූරු ලෙස ඒකාලෝක වී පවතිනවා. සංගීත අධ්‍යක්ෂණයට අමතරව මෙම චිත්‍රපටය තුල ගීත ගායනයෙන්ද සිය හැකියාවන් විදහාපෑ මොහු සමගින්, Kalpana Raghavendar, Saisharan සහ Ananthu යන ගායක ගායිකාවන් ගීත ගායනයෙන් සහය දක්වනවා.
ඉන්දීය රුපියල් මිලියන 600ක අති විශාල ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිර්මාණය කෙරුනා වූ මෙම දැවැන්ත චිත්‍රපටය, 3D Face scan තාක්ෂනය භාවිතා කරන ලද ප්‍රථම දකුණු ඉන්දීය චිත්‍රපටය බවටද, 360-degree Omnidirectional කැමරා භාවිතා කරන ලද ප්‍රථම ඉන්දීය චිත්‍රපටය ලෙසටත් ඉතිහාස ගතවී හමාරයි. එමෙන්ම සමස්ත චිත්‍රපටය පුරාවටම විනාඩි 80ක කාල පරාසයක් සඳහා VFX තාක්ෂනය සහිත දර්ශන තලයන් යොදාගෙන තිබෙනවා.
2016 වර්ෂයේ දීවාලි උත්සවයට සමගාමිව, ඔක්තෝම්බර් මස 28 වෙනි දින සිට තිරගතවීම ආරම්භ කරමින්, දින තුනක් ගතවෙත්ම, සිය ආදායම් වාර්තාව ලෙස ඉන්දියානු රුපියල් මිලියන 380කින් සවි බල ගැන්වුණු මෙම සලරුව, Imdb දර්ශකයේ 6.0 ක ඉහළ මනාප අගයකින්ද සැදුම් ලත් වෙනවා. එමෙන්ම, පුරා හෝරා දෙක හමාරකට අධික කාලයක් මුළුල්ලේ දිග හැරෙන්නාවූ මෙම සලරුව, දමිළ සහ තෙලිඟු යන භාෂාවන් ද්විත්වයෙන්ම නිකුත්කොට තිබෙනවා.
ඔන්න එහෙනම් අපේ සිසිල සහෝ සුපිරි විස්තර ටිකක් නේද දීල තියෙන්නෙ? 😀 පට්ට ගැම්මක් ආව මේක කියවද්දි මට, හරි හරි එහෙනම් මන් කාෂ්මෝර ෆිල්ම් එකේ කතාව මෙහෙම පටන් ගන්නම්. කතාව කිව්වට කතාවම නෙමෙයි ඈ, චුට්ටක් 😀
ඉතින් අපේ කාර්තික් ඒ කියන්නෙ කාෂ්මෝරා, ඉන්දියාවෙ ජනප්‍රිය මන්තර ගුරුකම් කරන ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් මෙයාට අල්ලන්න බැරි යකෙක් නෑ. වැඩේ කියන්නෙ මෙයාගෙ මුළු පවුලෙම අය කරන්නෙ මේ රස්සාවයි. ඔයාලට කතාව බලාගෙන භාග දුරක්වත් යන්න හම්බෙන් නෑ. මොකද මෙයාල මේ මන්තර ගුරුකම් කරන විදිය බලාගන්න පුලුවන් වන නිසා. 😀 [ඔව් මුන් හොර කපුවො ටිකක් අපේ භාෂාවෙන් කියනවනම්.] ඒ වුනත් මිනිස්සු හිතන්නෙ මෙයා බලසම්පන්න දෙවි කෙනෙක් කියල. ඔය අතරේ අපේ ශ්‍රී දිව්‍යා ඉන්නවනෙ. එයාට ඕනි කරනව මේ යක්කු කියන දේ ඉන්නවද නැද්ද කියල හොයාගන්න. ඉතින් එයා ඉන්දියාවෙ තියෙන හැම කනත්තකටම වගේ ගිහින් ඒ ගැන තොරතුරු හොයනව. ඒ වුනත් එයාට හම්බෙන ඔක්කොමලම වංචාකාරයෝ නිසා එයාට ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. ඔහොම ඉන්නකොට එක දවසක් එයාගෙ යාළුවෙක් අපේ කාෂ්මෝර ගැන කියනව. ඊට පස්සෙ එයා කොහොම හරි ගේමක් දීල කාෂ්මෝර සාමිත් එක්ක එකතු වෙනව. ඉතින් මේ අතරෙ ගොඩක් දේවල් සිද්ද වෙනව. එක පාරටම එක දවසක කාෂ්මෝරගෙ මුලු පවුලෙ අයත් එක්කම පැරණි විශාල මාලිගාවක හිරවෙනවා. ඉතින් කොහොමද මෙයාල මේ මාලිගාවෙ හිර වුනේ? ඒ ඇයි? එදකොට කවුද අර තට්ටයක් ගාගෙන ඉන්න කෙනා? මේ ඔක්කොටම උත්තරේ තියෙන්නෙ ෆිල්ම් එක ඇතුලෙ. එහෙනම් බලන්න කියල ආරාධනා කරනවා.
ඒ වගේම යාලුවනේ තව දෙයක් කියන්න තියෙනවා. උපසිරැසි බලන අපේ යාලුවො ආස ඇතිනෙ උපසිරැසියක් හදන්නෙ කොහොමද කියල දැනගන්න. ඉතින් අපි තීරණය කළා ඔයාලට ඒ ගැන කියල දෙන්න, උපසිරැසි විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ඔයාට සිංහලෙන්ම බලාගන්න පුලුවන්. එහෙනම් මෙන්න මෙතනින් ගිහින් ඒ ගැනත් ඉගෙන ගන්න 🙂 කැමති නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලට තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇති දැන් කොහොමද මේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්නෙ කියල. අපේ බයිස්කොප් ඩිරෙක්ට් ලින්ක් බ්ලොග් එකට මෙතනින් ගිහින් මේ ෆිල්ම් එක වගේම තව ගොඩක් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට දැන් හැකියාව තියෙනවා 🙂 එහෙනම් මේ වගේ තවත් සුපිරි ෆිල්ම් එකකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Kaashmora (2016)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
12,080 downloadsDownload Kaashmora-2016-Baiscopelk.com_.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SnakeRaj2-e1483998116503.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
34 comments
Chamith Mihiranga
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
දමිත්
සබ් දෙයි කියලා බලන් හිටිය ෆිලුමක්.
ස්තුතියි සහෝ..Sadu..
Bohoma thuthi bro sub ekata.. Fatta
Nimantha
Meya me athishoktiyen kiyana tharam nam film eke rahak na...boru baila gahan epa ane...oyala puduma lokuwak tiyenne.film eka gena atishoktya wedie..oya taram qualitynam kyna wdyta rate eka aduma gane 7.5 wt pannanna ona.oka oya trmta hri rate tynne karthik inna nisa...netnam nknma nkm film ekak..
akila
uba karapu kaashmora film review eke uba kiyala thibba neda dvdscr ekakta hari mokakatahari sub eka karalath iwarayi kiyala.parakku wela deela madiwata boru bayilath gahala.katin bathala hitawanne nathuwa hitahan.
thanks.Web-බුවා
මං නම් මේවා කොහොමත් බලං නෑ. ඒත් riply එක දැක්කම මේක කියන්න ඕන කියලා හිතුවා. ඔබතුමා comment එක කොටලා තියෙන විදිහෙන් කිව්වහැකි, නිහතමානීත්වය උතුරන්න තියෙන හිත හොඳ කොල්ලෙක් කියලා. වෙන බුවෙකුට එහෙම ඔහොම බර talk එකක් දුන්නානම්,උප්ස්..! මං එතනින් එහාට කියන් නෑ. :D ඒත්, ඔබතුමා වෙනස්, සතුටුයි ඒ ගැන සහෝ. අද මිනිස්සුන්ගෙන් හොඳ ගතිගුණ ඈත් වෙන කාලයක්. එහෙම කාලයක ඔය වගේ comment එකක් දකින්න ලැබීමත් සතුටක්. :) ඔබට,
ජය! :)
Supitha
yako meka patta film 1k. man meka baluwe film hall 1 ta gihilla. sinhala sub thiyna nisa dan aye balanwa.
thank you macho sabataKantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Nirodha uthpala
Snake raj ge sisilayage subak miss vunoth indala vadak na raj saho meka eanakan ambanakata search karapu eakek tamai mama meka dunnata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava
ashan lankanath
thanks
Tharaka
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ඒ වගේම සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…denakm balan hitapu filumak.thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madhushan
Ela kiri macho....
Thanks..Amila Mudalige
Thanks saho sub ekta
Chamara Priyadarshana Premasinghe
thanx bro..force 2 dennako
Kasun Widusha
tnx mcho sub ekata
Vishwa Thiranga Eaknayake
thanks machan sub ekata. torrent link eka pata ela aaa....aaa
Nadun Dasantha Kariyawasam
හැමෝටම සුභ නව වසරක් වේවා. !!!
උපසිරැසියට බොහෝම ස්තූතියි රාජ් සහෝ.
සිසිල සහෝගේ ලිපියත් සුපිරියටම තියෙනවා.
කාල රාමුවක් හදාගෙන උපසිරැසියක් කරනවා කියන්නේ ඉතින් ලෙහෙසි පහසු කාර්යයක් නම් නොවේ එක අගය කරන්න වටින වැඩක්.
කොච්චර පරක්කු උනත් බයිස්කෝප් අඩවියෙන්ම තමයි ඉතින් උපසිරස බාන්නේ
අනික මේ ෆිලුම සබ් දෙන කම්ම බලාගෙන හිටපු ෆිලුමක් තමයි.
වෙනස්ම විදියේ කතා තේමාවක් අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ෆිලුමක් සබ් එකත් ඊට නොදෙවෙනි අකාරයට කරලා තියෙනවා.
පොහොය දිනය අවසන් විමට පෙර ෆිලුම බලලා ඉවරත් කරා...
ඉතිරි ෆිලුම් ටිකත් ඉක්මනින් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
20 වන අදහස් දැක්විම මගෙන්....කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි මචන්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RAVINDU
ELAZZZZZZZZZZZZZZZZZZZ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Pasindu
Sub ekata thanks. Puluwannam "Needhi Singh" movie ekatath sub denna
Samuditha rasintha
Supiri wadak.ela kiri.thanks a lot
Viranga
Tnx Bro sub ekata....elama ah.................
damith
බොහෝම ස්තුතියි බොරෝ සබට
Hiruni
Thankyou....
ip
thanks aiya
Sasintha Chathuranga
bro sub ekanam patta thama
nimal dissanayake
නාග රාජයෝ, ගොඩාක් ස්තුතියි!
සිංහලෙන් කොටන නිසායි නාග රාජයෝ කියල කිව්වේ.
Snake Raj කියන්නේ ඒකම නේද?
Web-බුවා කියලා තියෙන කාරණාවට මමත් එකඟයි.
ඔයාගේ නිහතමානිකමට මෙන්න සැලුයිට් එකක්!
වැඩිය දෙමල ෆිල්ම්ස් නොබැලුවත්
ඔයාලා ලියන ලිපි දැක්කාම සමහර ඒවා
බාගන්නම-බාගෙන බලන්නම හිතෙනවා.
ඒකට ඔයාලා-සබ්ස් දෙන අය ගැන
ඇතිවෙලා තියෙන ප්‍රතිරූපය-impression එකත් බලපානවා!
මම ඔය සබ්ස් දුන් ඒවායින් බලලා තියෙන්නේ
Kaaviya Thalaivan විතරයි.
ඇත්තම කිව්වොත් මට නම් ඒක මීට වඩා ෂෝක්!
ඒ ඉතින් මට ෆිල්ම් එක වැදුන විදියනේ.
මොනවා වුණත් ඔයා වගේ අය නිසා
බයිස්කෝප් අඩවිය හැඩවෙන,බබළන,රස වෙන බව නම්
කියන්නම ඕනේ.
ජීවිතයේ තව ගොඩක් දුර සතුටින්-සාර්ථකව යන්නට,
කරන-කියන-පතන සියලු දේ සඵල වන්නට
මෙන්න සුභ පැතුම්!madushan_rathnayaka
Sub එකට ගොඩාක් ස්තුතී..
Good luck..!AyeshDushmantha
Thanks
Ishara
Nice
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro...