සිනහ වීගෙනම සිටිනුයේ ඇයිද.. නුඹ හමුවුවායින් පසුව මේ දිනවල..? වෙනස්වීගෙන යන්නේ ඇයිද.. මාගේ විලාසය මේ දිනවල? දෙනෙත් මාගේ සෑම තැනකම.. සේවුයේ නුඹවයි.. හේතුවක් නැතිවම.. මේ මමමද???? සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම.. මේ වසරේ සිනමාවට බිහිවුණු තවත් අති සාර්ථක සිනමා නිර්මාණයක් ඔබවෙත…

සිනහ වීගෙනම සිටිනුයේ ඇයිද.. නුඹ හමුවුවායින් පසුව මේ දිනවල..?
වෙනස්වීගෙන යන්නේ ඇයිද.. මාගේ විලාසය මේ දිනවල?
දෙනෙත් මාගේ සෑම තැනකම..
සේවුයේ නුඹවයි.. හේතුවක් නැතිවම..
මේ මමමද????
සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම.. මේ වසරේ සිනමාවට බිහිවුණු තවත් අති සාර්ථක සිනමා නිර්මාණයක් ඔබවෙත ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. Sandeep Reddy Vanga නම් අති දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයා පහුගිය 2017 වසරේ තෙලුගු සිනමාවට දායාද කරපු Arjun Reddy 2017 චිත්‍රපටය ඔබට අමතක නැතුව ඇති. ඉතිං ඒ චිත්‍රපටය එදා තෙලුගු සිනමාවේ මහා පෙරලියක් කරන්නට සමත් වූවා. එදා තෙලුගු සිනමාව හරහා එලෙස සාර්ථකත්වයට පත් වුනු ඒ වෑයම තවත් පුළුල් ප්‍රේක්ෂක අවධානයකට ලක් කිරීම සඳහා මෙම සිනමාපටය බොලිවුඩ් පුරවරයට අරගෙන යන්නට අධ්‍යක්ෂක සංදීප් තීරණය කරනු ලබනවා. එලෙස Arjun Reddy Official Remake එක සිනමාවට නැගෙන අතර එය බොලිවුඩ් පුරවරයද ආක්‍රමණය කරන්නට සමත් වන්නේ අසීරු කාල සමයක් ගෙවමින් පැවති බොලිවුඩ් පුරයට යලිත් බොක්ස් ඔෆිස් පහස ලඟා කරදෙමින්.
“බ්‍රයිටෙක්..
දොස්තර කෙනෙක්..
බේබද්දෙක්…
මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙච්ච කෙනෙක්…
බොක්කෙන්ම ආදරය කරපු බුවෙක්…
කුකුල් කේන්තිකාරයෙක්…
ආදී ගතිගුණ රැසකින් පිරි සිත් ඇදගන්නාසුළු අළු චරිතයක්…”
මේක ඉන්දියානු සිනමවට බිහිවුණු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් කියල හඳුන්වන්න පුළුවන්. තෙලුගු චිත්‍රපටයේ රඟපෑමෙන් දායකවුනේ විජේ දේවරකොණ්ඩා සමගින් ශලිනි පාන්ඩේ. මෙය හින්දියෙන් නැවත නිපදවනවා නම් ඒ සඳහා රන්වීර් සිං යොදාගන්න තමයි අධ්‍යක්ෂක සංදීප් අදහස් කරගෙන ඉඳල තියෙන්නේ. නමුත් ඒ වැඩේ හරිගිහින් නැහැ. හින්දි චිත්‍රපටය සඳහාද එක්වීමට විජේ දේවරකොණ්ඩාට ආරාධනා ලැබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ එකම තිර පිටපතට දෙවතාවක් එකම විදිහට ශක්තිය වැය කරන්නට ඔහු අකමැති වීම. කෙසේ වෙතත් ඒ වනවිට Udta Punjab, Haider වැනි සිනමාපටයන්හි සම්මානනීය රංගනයක යෙදුනු ෂහිඩ් කපූර්ව සංදීප්ගේ සිහියට නැගෙනවා. නමුත් මෙහි රීමේක් අයිතිය මිලදී ගෙන සිටි Cine1 Studios ආයතනයේ යෝජනාව වුයේ මේ සඳහා අර්ජුන් කපුර් යොදාගන්නා ලෙසයි. නමුත් ඒ වනවිට සංදීප් ෂහිඩ් කපුර් සමග මේ චිත්‍රපටය සඳහා ගිවිසුම් අත්සන් කරගෙන තිබුනා. ඉන්පසු සංදීප් රෙඩ්ඩිගේ ආරාධනාවෙන් කබීර් සිං චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා කියාරා අද්වානි සහ ෂහිඩ් කපුර් යොදාගැනෙනවා. මේක තෙලුගු චිත්‍රපටයට වඩා ටිකක් බරදාලා හදන්න තමයි සන්දීප් ඇතුළු කණ්ඩායම සැලසුම් කරන්නේ. ඒ සඳහා TSeries ආයතනය සහ Cine1 Studios ආයතනය හට නිෂ්පාදන කටයුත්ත බාර වෙනවා. එමෙන්ම ඉන්දියානු රුපියල් කෝටි ₹60 විතර බජට් එකක් මේ සඳහා වෙන් කරනු ලබනවා.
මේ වසරේ ජුනි 21 වනදා සිට ලොවපුරා රිදී තීරයන් 3616ක තිරගතවීම ආරම්භ කල කබීර් සිං චිත්‍රපටය තිරගත වීම අවසානයේ ඉන්දියානු රුපියල් කෝටි ₹377ක ආදායමක් ලබන්නට සමත් වන්නේ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ඇගයීමද සමගින්. මිනිත්තු 177 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි කාණ්ඩයෙන් සිනමාතිරයේ දිගහැරෙන අතර මෙහි ඉතාමත් සුලභ වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන දර්ශන සහ සිපගැනීම් දර්ශන අඩංගු වනවා.

මේක හරිම සූක්ශම විදිහට හදපු චිත්‍රපටයක්. කබීර් සිං වගේ එවුනුත් මේ ලෝකෙ නැතුවාම නොවේ. එවන් අය වටා ක්ෂනයෙන් රොක්වන අයද නැතුවාම නොවේ. ඒ වගේම ප්‍රීති වගේ පෙම්වතියන්ද නැතුවාම නොවේ.
මේකයි.. මේ චිත්‍රපටය බලනවනම් මනස ටිකක් රිලැක්ස් කරලා එන්න ඕන. මේ කතන්දරය ජීවිතේ බොහෝ දේ විඳි සුවිශේෂී අමුතු චරිතයක් වටා තමයි ගොඩනැගිලා තියෙන්නේ. මුලින්ම ප්‍රේක්ෂකයාට ඔහු අංක එකේ දාමරිකයෙක්, පාදඩයෙක් විදිහට පෙන්නුම් කරනවා. alcoholic, Womenizer, Drug Addict යන හැම ලේබලයක්ම ඔහුගේ නමෙහි අලවන්න පුළුවන්. නමුත් ඔහු එක් විශිෂ්ඨ දෙයක් සහජයෙන්ම උපයාගෙන තිබෙනවා. ඒ තමයි ශල්‍ය වෛද්‍ය වෘත්තීය. ඔහු මේ පොලව තුල අතිශය වගකීමෙන් ඉටු කරන එකම කාර්යය ඒක කියල හඳුන්වන්න පුළුවන්. එමෙන්ම ප්‍රීති කෙරෙහි ඔහුගේ තිබෙන ආදරයද ඒ හා සමානයි. නමුත් ඔහුගේ ජීවිතය දවසින් දවස Twisting ජීවන චාරිකාවක් ගෙවමින් අගාදයටම පියමං කරමින් පවතින්නක්. එහෙම යද්දිත් ඔහු තම වෛද්‍ය වෘත්තියේ නොසැලී ක්‍රියා කරන මහා බල කණුවක්. පාලනය කල නොහැකි කේන්තියක් හිමි අයෙක්, නිතරම මත් ද්‍රව්‍යයෙන් මත් වූ කෙනෙක්, ඉතාමත්ව සංවේදීව සංයමයෙන් ශල්‍ය වෛද්‍ය වෘත්තියේ නිරත වෙන ආකාරය හරිම පරස්පර විරෝධියි. නමුත් ඒක බලා සිටින්නට හරි ආකර්ශනීයි. චිත්‍රපටයේ මුල් බාගය පුරාවටටම මනසට නැගෙන්නේ මෙවන් දාමරික පහත චරිතයක් වෛද්‍ය වෘත්තීය වගේ දේවකාරියකට අත ගහන්නේ කොහොමද? කියන ප්‍රශ්නය. ඒ හැම එකටම චිත්‍රපටය පුරාවට තිබෙන ෆ්ලෑෂ්බැක් දර්ශන පිළිතුරු දෙනවා හරි අපූරුවට. ඒ අතරේ ඔය හැම එකටම සමාන්තරව ගලාගෙන යන කබීර් සහ ප්‍රීති ආදර කතාවත් හරිම ආකර්ශනීයයි.
කැඩපතක් විසින්ද නැතිනම් නුඹ විසින්ද?
දිනෙන් දින මා සුන්දරත්වය වැඩි කරණුයේ…
මේතරම් සිතනුයේ කිමද…?
මා මේ දිනවල නුඹ ගැන මෙතරම්?
නුඹ නිසොල්මන් විලක් බඳුය…
දහසක් වදන් වලින් මා එය කළඹමි…
දැනුණේ නුඹ හැඟුමන් ලොවක් බඳුය..
පුංචිම පුංචි එක නගරයකි මා ලොවෙහි..
චිත්‍රපටයේ තවත් සොඳුරුම අංගයක් තමයි සංගීතය. වසරේ නිකුත් වුනු හොඳම මියුසික් ඇල්බම් එකක් විදිහට කබීර් සිං මියුසික් ඇල්බම් එක හඳුන්වන්න පුළුවන්.
Mithoon, Amaal Mallik, Vishal Mishra, Sachet–Parampara සහ Akhil Sachdeva යන අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ අතින් නිපදවුණු කබීර් සිං චිත්‍රපටයේ සංගීතමය රාජකාරිය පහුගිය මාස කිහිපය තුල යූ ටියුබ් මෙන්ම නානාප්‍රකාර වූ සංගීතමය වෙබ් අඩවි කෙලෙස සරසන්න ඇතිද කියා ඔබේ දෙසවනට ඇසෙන්න ඇති.
කියන්නට දේවල් ගොඩක් තිබුනත් උපසිරැසිය ඔබට පුදන්නට අවැසි නිසා මෙසේ නවතින්නම්. අරගෙන බැලුවාට කිසි පාඩුවක් නැති චිත්‍රපටයක් කියා ඔයාලට එකෙම්ම රෙකමන්ඩ් කරනවා. මං දන්නවා බයිස්කෝප් එකට නිතර එන යන අය නම් මේ චිත්‍රපටය ගැන හොඳින් දන්නවා වගේම අර්ජුන් රෙඩ්ඩි චිත්‍රපටයත් නරඹලා ඇති. නරඹපු අයත් ආයේ බැලුවාට පාඩුවක් නැහැ. මොකද මේක සංගීතය පැත්තෙන් මුල් චිත්‍රපටයට වඩා පියවරක් ඉදිරියෙන් සිටිනවා. අනික එකම අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයක් රීමේක් කිරීමේදී මුල් නිර්මාණයේදී සිදුවූ අඩුපාඩු අවම කරන්නට වගබලාගන්න බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුල් එකද රීමේක් එකද හොඳ නරක සැසඳීම දෙකම බලපු ඔබේ කාර්යයක්. ඒවා ඉතිං කතා බහ කරලා විසඳගන්න කමෙන්ට් සෙක්ෂන් එක ඕනම වෙලාවක විවෘතයි.
එහෙනම් ඉතිං අපි විසිවෙන්නම්. හදිසියේම වීඩියෝ පිටපත නිකුත් වුවත් මේ වනතුරුත් පිටපතට අදාළ කිසිදු බාශාවක උපසිරසියක් නිකුත් වුනේ නැහැ. කලින්ම චිත්‍රපටයට උපසිරැසි ගැන්වීම දෙබස් 2800ක් පමණ කාලරාමුත් සකසාගෙන අසාලිවිමක් මගින් කරලයි තිබුනේ. නිකම්ම ක්ලික් කරන් අරන් යන්නට මත්තෙන් වචනයක් පහලින් හලාගෙන ගියාට මුකුත් අමනාපයක් නැහැ. අඩුපාඩුවක් එහෙම තියේ නම් ඒවත් දැනුම් දෙන්න ඕනතරම් ඉඩකඩ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන බවත් මතක් කරන්නට ඕන. විශේෂයෙන් ස්තුතිවන්ත වනවා වගේම මේ වෙලාවේ මතක් කර සිටිනවා හැමදාමත් දිරිමත් කරගෙන යන බයිස්කෝප්වාසි සියලු දෙනාටම සහ බයිස්කෝප් අඩවියේ නිතර සේවයේ නිරතවෙලා ඉන්න ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝටම. සුභ දවසක් වගේම කරන කියන වැඩකටයුතු හැමදේම සාර්ථක වෙන්න කියල ඔබ සියලු දෙනටම ප්‍රාර්ථනා කරමින් මං විසිවුනා.. ජයෙන් ජය.!!!
කබීර් සිං චිත්‍රපටයේ මුල් නිර්මාණය වන අර්ජුන් රෙඩ්ඩි චිත්‍රපටය 2017 දී නිපදවන්නේ ඉ.රු. කෝටි 5ක වගේ පොඩි බජට් එකකින්. පොඩි බජට් එකක් උනත් ඒ වෙලාවේ ඒකට ආයෝජනය කරන්න කිසිදු නිෂ්පාදකවරයෙක් කැමති වන්නේ නැහැ. ඔවුන්ගේ වාණිජමය අවශ්‍යතාවය සඳහා මෙහි පිටපත මසාලා පැත්තට බර කරලා වෙනස් කරන කොන්දේසි ඉදිරිපත් කරමින් තමයි ඔවුන් මේ සඳහා ආයෝජනය කරන්න කැමත්ත පල කරන්නේ. නමුත් පිටපත වෙනස් කරන්නට එකඟ නොවන අධ්‍යක්ශක Sandeep Reddy ඔවුන්ගේ කොන්දේසි හමුවේ තම පිටපත හකුලා ගන්නවා. පසුව ඔහුගේ සහෝදරයා වන Pranay Reddy Vanga ගෙන් සහ තවත් විවිධ ක්‍රමයන්ගෙන් ගත් ණය මුදල් කිහිපයක් උපයෝගී කරගෙන මේ සඳහා මුදල් ආයෝජනය කර චිත්‍රපටය නිපදවනවා. ඉන්පසු කිසිවෙකු නොසිතු අයුරින් එය තෙලුගු සිනමාව තුල අතිශය සාර්ථක වන අතර පසුව එය බොලිවුඩ් සිනමාව තුල නැවත නිපදවන්නට නිෂ්පාදකවරුන් පෙළගැසී බලන් සිටි බවක් දක්නට ලැබුනා. අසාර්ථකත්වය අවජාතක වුවත් සාර්ථකත්වයට පියවරුන් දහසක් සිටියි කියන කියමනට එය හොඳම උදාහරණයක්.
එමෙන්ම 2017 දී කෝටි 5ක් හොයාගන්නට විදිහක් නොමැතිව සිටි සංදීප් මේ මොහොත (සැප්:10) වනවිට 2019 වසරේ දෙවන වැඩිම අදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපටය සහ ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට අතර 22 වන ස්ථානයේ පසුවනවා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 377ක ආදායමක් ලබමින්.
ප.ලි. – මෙම චිත්‍රපටය වයස අවුරුදු 18ට අඩු ළමයින්ට නැරඹීමට නුසුදුසු වන අතර චිත්‍රපටයේ බහුලව මත්ද්‍රව්‍ය සහ සිපගැනීම් දර්ශන අඩංගු වේ. එමෙන්ම දෙබස් වල පරුෂ වචනද අඩංගු වන අතර උපසිරැසියෙහිද ඒවා එලෙසම භාවිතා කර ඇත. පවුලේ සැම සමග නරඹන්නට ගොස් අපහසුතාවයට පත් නොවන්න. 😉😉
– මේ ලෝකයේ ජිවිතයක් දෙන්න තරම් ශක්තියක් තියෙන්නේ… දෙවියන්ට…
ඉන්පස්සේ දොස්තර කෙනෙකුට. –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Peoper HD පිටපත් සඳහා ගැලපේ.
103,448 downloadsDownload Kabir.Singh_.2019.Baiscopelk-1.zip174 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
140 comments
Batzi
Suranjan
Thanks machan......jayawewa......!
නවීන් රුවින්ද
umma
isuru srinath sjs
සුපිරි බං.. මෙච්චර ඉක්මනින් සිංහල උපසිරැසිය දුන්නට බොහොම ස්තුතියි ..!!
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ...
PaSindu MaDumal
Amboo iwasili nethuwa hitiye...!
#first_on_net
Thnx Tharaka Aiyh...❤️Deshani
Thank you :)
hatharasingha
Elama. Thnx
Sandun priyankara 2018
Fatta
Lasantharathnasirirox
TnK U තාර සභට...කැමති නලුවෙක් තමයි...ආපහු බොහෝම ස්තුතියි..ජයවේවා !!
Sach123
එනකම් මඟ බලන් හිටපු ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි මේතරම් ඉක්මණට සබ් එක ගෙනාවට...
crazy_chamikim
So eager to watch.......#Bekhayali main bhi tera hi khayal aye...........
crazy_chamikim
Thanks for sub.
vas0303
Thank you very much
Chamindux
මෙච්චර ඉක්මනින් Sub එක දැම්මට ගොඩක් ස්තුතියි.. මාස 3ක් තිස්සෙ බලන් ඉදියේ...
mindika
Thanks !!!!!!!!!!!!!!
Brown hazz222
Godak thanks bro. Asawen balan hitapu film ekak.godak pin
Sanjeewa Malith
Thanks brother
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!OsandaFdo
Arjun reddy is mch better than kabir singh.❤️to vijay devarakonda.shahid did a good job but devarakonda was outstanding..no one can beat arjun reddy..(oiginal) tnx mlli film dekatmaa oyai sub dunne.niyameta tynwa.suba pathum..
Bole
Jaya wewa !!!
sudumanikakaushika
Fatta
gihan perera
අර්ජුන් රෙඩ්ඩි නම් පට්ට කතාවක් තියෙන්නෙ...මේක ත් ඒ වගේ ඇති..ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....
OsandaFdo
Arjun reddy is mch better than kabir singh.❤️to vijay devarakonda.shahid did a good job.devarakonda was outstanding alwaysa.no one can beat arjun reddy..tnx malli sub ekat.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. :)
ජය වේවා.!Eranga Sandaruwan
වෙනදට ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් සබ් එක දෙනකල් බලන් ඉන්නවා.
මේකේ සබ් එක අරන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්නේ..පට්ට ඉක්මනට දීලා නෙව.
එල එලඋප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...Anonymous
film ek downloasd krnn thank kiyko
Sakwithi Pathirage
Elama
D.Chamara
bohoma sthuthi sahooo
Hemantha De Silva
ස්තුතියි තාරක...
සබ් එකටයි... දිග විස්තරයටයි...
ස්තුතියි බයිස්...St tharuka
Thanks broo sub ekata.. Good luck..
Ayesh Prashan
Arjun Reddy Baluwa.Mekath Aniwa Balano.Thank You Dennatama
Sandun92
thanks machn
nirodha
super 30 movie eka sub one machan
Savin
Thank you bro
1998oditha
thanks mchn ❤️
thilz
thank u 4 the sub and letter.
arawindasunimal
thanks sub ekata yaalu
Prashanpn
Thanks saho
last_word
saaho thama ndda?
ranga11112
thanks saho...bs
shavendra
I am a data analyzer . when i used your site before download subtitle it's redirecting to the logging pages but after logged it not return to the same page that I was searching on.please make it correct .in my opinion use some Encrypted token with cooke for your site it's really helpful for the daily users and other things disabling right-click not a good thing to use in a web site.and also these kinds of front end security didn't prevent you hacking there are plenty of ways to do the same thing so please be carefully maintaining your site.thank you .
aks
Thanks...
DHASUN
Thanq For The Sub Bro..
19893@
Film ekak danakota eka ganna puluwan widiyakata danna..film eka ganna ba......nikan boruwata subtitle eka maru araka maru kiya kiyaa comment dammata wadak na..pacha wenne website eka ....film eka ganna puluwan link eka dapalla...naththan ..ganna film eka dowonlod karanna puluwan widiyata dapalla..
Kavishwara
Sirawtma bn ado film 1 link 1 kiypnko tiynwnm
තාරක නුවන් දිල්හාර
19893@ ඩවුන්ලෝඩ් බට්න් එකට වඩා චුට්ටක් උඩට ගියහම ඔයයිට පෙනෙයි නිල්පාට කොටුවක මෙම උපසිරසියට ගැලපෙන වීඩියෝ පිටපත ලබාගන්න බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියට පිවිසෙන්න කියලා ලොකුවට ලියල තියෙනවා. ඒ බැනර් එකේ තියෙන වෙබ් ඇඩ්‍රස් එක සර්ච් බාර් එකේ ගහලා ඒ සයිට් එකට ගිහින් ගන්න. මේක උපසිරැසි වෙබ් අඩවියක් පමණි.
Piumi ann
Ane bro ubata සයිකෝ බං
Sachini1233
Tnx
Dasun Wanaguru
ඒකෙ පෙන්වන ටොරන්ට් ලිනක් එකත් වැඩ නැහැ.
Tharaka Sandaruwani
Malli torrent ekak dennako wada karana
Godak kal indan hoyapu film ekak godak try kala wada karana torrent ekak hiya ganna baha ne
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි!
ඊයෙම ෆිලුම බෑවට අද තමයි බලන්න හදන්නේPiumi ann
Godaaak thankz bro enakan balagena hitapu film ekak
Sanjeewa2010
Pattaaaaaaaaaaa
nsp_n_646
Thanks for subtitles. That's what I want a film. I again say Thank you.
MudithaDissanayaka
බොහෛා්ම ස්තුතී
තාරකsuranuwan
thanks bro...
nuwan1234
ඔක්කොම එල ෆිල්ම් එකනම් පට්ට ...උබේ ඒ නැතුව @# මෙහෙම දාලා තිබ්බනං ඔක්කොම එක්ක බලන්ඩ තිබ්බා
Arun chala
Thnx
_kanchana_perera_
Thank you
C lakmal
ජය වේවා
Janaka kasun
Elm elm.karagena yamu
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Morning ekata mema ewa dakkama dawasama Moral eke geniyanna puluwan.Thnks brother