අපි අතින් උන අතපසුවීමක් නිසා සොයුරන් දෙදෙනෙක්ට මේ සඳහා උපසිරසි යොදන්නට ලබා දී තිබු අතර දෙදෙනාම උපසිරසි එවා තිබුනා. ඉතින් දෙදෙනාටම අසාධාරණයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි පලකරන්නට අප තීරණය කරනු ලැබුවා.. රඛිත රණතුංග සොයුරා එවූ ලිපිය ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ වසරේ නිකුත් උනු තවත් සුපිරි ක්‍රියාදා…

අපි අතින් උන අතපසුවීමක් නිසා සොයුරන් දෙදෙනෙක්ට මේ සඳහා උපසිරසි යොදන්නට ලබා දී තිබු අතර දෙදෙනාම උපසිරසි එවා තිබුනා. ඉතින් දෙදෙනාටම අසාධාරණයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි පලකරන්නට අප තීරණය කරනු ලැබුවා..
රඛිත රණතුංග සොයුරා එවූ ලිපිය
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ වසරේ නිකුත් උනු තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. ඇත්තටම කාලෙකින් තමයි චිත්‍රපටයකට උපසිරැසියක් කරන්නේ. දිගටම ටෙලි කතාවලටම සබ් දුන්න නිසා මේ පාර චිත්‍රපටියක් වෙන් කරගත්තා. එහෙනම් වැඩි අටුවා ටීකා නැතුව ෆිල්ම් එකේ විස්තර ටිකක් කියන්නම්කෝ. සේරටම කලින් මං කියන්නේ මේකෙ පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න කියලයි. මොකද ඒක බැලුවොත් ඔයාලා චිත්‍රපටය ඩවුන්ලෝඩ් වෙන්න දාලා තමයි මේ ලිපිය කියවන්නේ. මට ලිපියක් ලියාගන්න හරියට තේරෙන්නේ නෑ, ඒක නිසා භාෂා විලාශය සහ ගැලපීම් නොගැලපීම් ගැන වැඩිය හිතන්න එපා කියන අහිංසක ඉල්ලීමත් කරනවා.
ඔයාලා Leon: The Professional, The Fifth Element, The Messenger:The Story of Joan Of Arc, Angle-A, Arthur, The Family, Valerian and the City of a Thousand Planets සහ Lucy කියන ෆිල්ම් ටික බලලා තියෙනවද? චිත්‍රපට ලෝලියෙක්නම් අනිවාරෙන්ම බලලා තියෙන්න ඕනේ. අන්න ඒ චිත්‍රපට අධ්‍යක්ශනය කරපු Luc Besson තමයි මේකත් අධ්‍යක්ශයන කරලා තියෙන්නේ. එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයි. ඒවගේම මේක R Rated එකක්. Action Thriller ගනයට වැටෙන මේ චිත්‍රපටය IMDb අගය 6.6 ක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ ප්‍රංශයේ , ඉතාලියේ සහ සර්බියාවේ. ඒවගේම ප්‍රංශ, ජර්මන් සහ ඉංග්‍රීසි යන භාශා ත්‍රිත්වයෙන්ම මෙහි දෙබස් තියෙනවා. ඉතින් මේකෙ නලු නිලියොත් ජනප්‍රිය අය තමයි ඉන්නේ, Fast And Furious හි ඔවන් ශෝ ගෙ චරිතය රඟදක්වපු Luke Evans මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා, ඒවගේම 22 Days Later, Inception වගේ චිත්‍රපට වල රඟපාපු Cilian Murphy මෙහි ප්‍රධාන CIA නියෝජිතයාගේ චරිතය රඟදක්වනවා. ප්‍රධාන නිලියනම් අපිට වැඩි හුරුපුරුදු ගතියක් නැති චිත්‍රපට කිහිපයක පමනක් රඟපාපු නිලියක්. ඉතින් හිතපු තරම් ආදායමක් ලබාගත්තේ නැති උනත් හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.
මේකේ කතාව තියෙන්නෙ ඇමරිකාවේ CIA රහස් ඔත්තු සේවය සහ සෝවියට් රුසියාවේ KGB රහස් ඔත්තු සේවය අතර පැනනගින ගැටලුවක් දුරදිග යාමක්. වසර කිහිපයකට පස්සේ පලිගැනීම උදෙසා නැවත ගැටුම් ඇතිකරගැනීමක්. කතාව පටන්ගද්දී කාල රාමුව යන්නේ 1985 ට. මුලින්ම පෙන්නන්නේ යම් කිසි පිරිසක් විසින් තැන තැන සිටින නියෝජිතයින් පිරිසක් ඝාතනය කරන ආකාරය. ඒ ඝාතනය කරපු එක් කාන්තාවකගේ හිසක් CIA ප්‍රධාන කාර්‍යාලයේ ලොක්කට යවනවා තැපැල් කරලා. ඔන්න ඔතනින් තමයි කතාව පටන්ගන්නේ. සියල්ල අතරේ කොහොමහරි අපේ කතා නායිකාව KGB එකට එකතුවෙලා තමන්ගේ රට වෙනුවෙන් තම හතුරන් දඩයමේ යෙදිලා ඉන්නවා, KGB එකෙන් පුහුනුකරපු අයෙක් කියන්නේ ඉතාමත් දරුණු ඝාතකයෙක්. ඕනෙම අවස්ථාවක ඕනෙම දරුණු තත්වයකට මුහුන දෙන්න පුලුවන් විදිහේ නියෝජිතයෙක්.
ඉතින් දැන් CIA එකෙන් පුලුවන් තරම් උත්සහ කරනවා මේ KGB එකේ මහ තැන වෙච්චි වසිලිව ඝාතනය කරන්න. ඔහුගේ නියෝග මත තමයි ඉහත කී ඇමරිකානු නියෝජිතයින් ටික ඝාතනය වෙන්නේ. නමුත් CIA එකට අවශ්‍ය KGB එක ඇතුලට යවන්න පුලුවන් විශ්වාසනීය කෙනෙක්ව. කොහොම නමුත් අවසානයේ ඔවුන් ඇනාව ඔවුන්ගේ තුරුම්පුවක් හැටියට යොදාගෙන ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක කරගන්න උත්සාහ කරනවා.
ඉතින් මං කතාවේ ප්‍රධානම කොටස් ටික කිවුවේ නෑ. ඇනා කොහොමද මේ KGB එකට එකතුවෙන්නේ? CIA එකෙන් ඇනාව තුරුම්පුවක් හැටියට යොදාගන්නේ කොහොමද? අවසානයේ ජය ලබන්නේ කවුද? ඔය සේරටම උත්තර ඔයාලා චිත්‍රපටිය බලලම දැනගන්න. ඒවගේම විශේශයෙන්ම මතක් කරන්න ඕන, ඔයාලා මේක බලද්දී කාල රාමුව ටිකක් පැටලෙන්න පුලුවන්. මොකද සැරෙන් සැරේ කාලය මාරුකරකර තමයි පෙන්වන්නේ. මාස දෙකකට පෙර, වසර 5කට පෙර, වසර තුනකට පසු කිය කිය ටිකක් පටලවනවා. ඒක නිසා අවධානයෙන් බලන්න කියලයි මං කියන්නේ.
තව දෙයක් කියන්න තියෙනවා, මේක වැඩිහිටියන් පමණක් නැරඹුවොත් වඩාත් හොඳයි කියලා මං නිර්දේශ කරනවා. මොකද ලිංගික දර්ශන ටිකක් තියෙනවා. එහෙනම් මං මෙතනින් ලිපිය ඉවරයක් කරනවා.
තවත් අලුත් චිත්‍රපටයකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!
සචින් දිල්හාර සොයුරා එවූ ලිපිය
ඔන්න අද මම අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ රිලීස් කරපු තවත් සුපිරිම චිත්‍රපටයක්. ඒ තමයි Anna (2019). මේකෙ තියෙන්නෙ රුසියාව වෙනුවෙන් රහස් ඔත්තුසේවයේ යෙදෙන ඇමරිකාවෙ සහ රුසියාවෙ සීතල යුද්ධයට මැදිවුණ වගේම රහස් ඔත්තු සේවයෙන් අයින් වෙලා නිදහසේ ජීවත්වීමට වෙරදරන තරුණියකගෙ කතාවක්. මමත් කාලෙකට පස්සෙ බලපු සුපිරිම චිත්‍රපටියක් තමයි මේක.
මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2019 ජුනි 21 වෙනිද ඇමරිකාවෙදි.. IMDB දර්ශකයෙ 6.6ක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action, Thriller ගණයට තමයි අයත්වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Luc Besson කියන අධ්‍යක්ෂකවරයා විසින්. The Family (2013), The Lady (2011), Arthur 3: The War of the Two Worlds (2010), Arthur and the Great Adventure (2009), Arthur and the Invisibles (2006), Angel-A (2005) කියන ෆිල්ම් වලට අමතරව 2014 වර්අෂයේ ලොකු පෙරලියක්ධ් කරපු Scarlett Johansson රංගනයෙන්ය දායක වුණ Lucy (2014) ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මෙයා තමයි. ඒවගේමෙ මේකෙ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙන්නෙ Sasha Luss. මෙයාව මේ ෆිල්ම් එකෙන් තමයි ලෝකයට හදුන්වල දීල තියෙන්නෙ. ඒ වගේම මේකෙ Luke Evans රංගනයෙන් දායක වෙනව. Luke Evans කියන්නෙ Dracula Untold එකේ ප්‍රධාන චරිතය වගේම The Fate of the Furious 6, Beauty and the Beast, The Hobbit: The Battle of the Five Armies කියන ෆිල්ම් වලටත් රංගනයෙන් දායක වුණ සුපිරිම නලුවෙක්.
ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. ඇනා කියන්නෙ කාත් කවුරුවත් නැති අනාතයෙක්. එයා වැඩකරන්නෙ කේජීබී කියන රහස් ඔත්තු සේවයට. කේජීබී එක තියෙන්නෙ රුසියාවෙ. රුසියාවයි ඇමරිකාවයි අතර කොහොමත් සීතල යුද්ධ ඇතිවෙනවනෙ. මේකෙත් තියෙන්නෙ එහෙම සීතල යුද්ධයක් ගැන තමයි. කේජීබී එක කරන්නෙ එයාලගෙ අමාරු වැඩ ඔක්කොම ඇනාට කියල කරගන්න එක. ඒත් ඇනාට ඕනෙ කේජීබී එකෙන් අයින් වෙලා නිදහස් ජීවිතයක් ගතකරන්න. ඒත් කේජීබී එකෙන් අයින් වෙන්නනම් තියෙන්නෙ එක ක්‍රමයයි. ඒතමයි මැරෙන එක. ඉතින් ඇනාට කේජීබී එකෙන් අයින් වෙන්න පුලුවන් වෙයිද? සීඅයේ එකට මොකක්ද කේජීබී එකත් එක්ක තියෙන සම්බන්දෙ? කේජීබී කියන්නෙ මොකක්ද? ඇනා කියන්නෙ කවුද? ඒ ටික ෆිල්ම් එක බාගෙනම බලන්න.
චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ මෙන්න මේ කට්ටිය
- Sasha Luss – Anna
- Helen Mirren – Olga
- Luke Evans – Alex Tchenkov
- Cillian Murphy – Lenny Miller
- Lera Abova – Maud
- Alexander Petrov – Piotr
ඒ වගේම මේකෙ පටන්ගැන්මෙ ඉදල ඉවරවෙනකන්ම පට්ටම කුතුහලයක් තියෙන්නෙ. අන්තිම හරියට යද්දි මුලු කතාවම හිතපු නැති විදිහට වෙනස් වෙනව. ඉතින් ෆිල්ම් එක බාගෙනම බලන්න.
එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.
– NEVER MAKE THE WEAPON THE TARGET-

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR සහා WEB-DL පිටපත් සඳහා වලංගු වේ.
24,446 downloadsDownload Anna.2019-BR.1.zip179 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සහ සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
91 comments
Ayesh Prashan
Prabodha Madhusankha Hettiarachchi
Dedenatama sthuthi sub eka laba dunnata
darshana100
thans a lot brother
gihan perera
ස්තුතියි සහෝ ලා දෙන්නටම ගොඩක්....පට්ට කතාවක්...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
jagath55
Thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි දෙන්නටම..:)
ජය වේවා.!SUDATH K
thanks meka enakam blan hitiya. thanks
Inoka86
බොහොම ස්තූතියි.
MC
Ela bn digatama karagena palayan ubata jaya
thilz
thank u both.
wajira
Thanks for sub
arawindasunimal
thanks sub ekata yaalu
T.D.Dodangoda
Thanks bro...
ranga11112
dedenatama bohoma sthuthiy...theruwansaranai
Suranjan
Thanks machan....jayawewa....!
shadow@worker
dennatama jaya
era619
Thanks bro
Nuwan_sri
සබ් එකට ස්තුතියි෴෴
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
wnrodrigo
Good work friend, Thanks!
hasalazoysa1
Nice
chinthaka_priyadrshana
Thank for sub both of you...........
nishannw
ස්තූතීයි
Pramukmili
thanxx both of you.....
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි!
Lukeගේ චිත්‍රපටි අතාරින්නේ කොහොමද?zebusenior
සබ් එකට තුති. ඒත් සබ් ෆයිල් එකේ නම වෙනස් කරන්න එපා. ඒ නමෙන් හරියටම ගැලපෙන වීඩියෝව හොයාගන්න පුළුවන්.
CSJAYAS
Thanks Brother
Stranger
thanks for sub
GihanM98
Childs Play 2019 Movie Subtitles Pls..
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
WA@
Thanks..
thanula D
රඛිත, සචින් දෙන්නටම ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා......!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kodagoda
tnx sahoo subata supiriyak wage
MW CD house
elaaa bro......tnx
Buddi
Thanks.................
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!subodha
Thanks
Hemal
Dennatama Thank You
Kapila4499
thanks for sub
LimeGreenSoda
Thanks Bruh!
Sandaru
Thanks for the sub good luck bro
Saranga J. Liyanagama
Thanks mchan...
MudithaDissanayaka
thanks rana
සනිඳු ලක්ඛිත
සහෝලා දෙන්නටම බොහොම ස්තූති උපසිරසට...BR එකක් ආවාම බලමු. අප්ඩේට් එකක් දෙන්න..ජය වේවා! බුදුසරණයි..!
mvishwajith
thankz 4 the sub,,,,,,,,
Chamod dissanayaka
Thanx broo
hiran rathnayake01
thanks. Long Shot(2019) movie ekata sub denawada
sampath n perera
DENNATAMA THANKS....
gimhan sadruwan
ptta bro ela ahh
Ravindu Rukshan
Thx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Supiri.Thank You