කොහොමද යාළුවනේ ගොඩක් කාලේකට පස්සේ බයිස්කෝප් අඩවියට උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ. පරිගනකයේ දෝෂයක් නිසා ගොඩ දවසකින් උපසිරැසියක් නිර්මාණය කරන්න බැරි උනා. ඔෆිස් එකේ PC එකෙන් තමයි මේ වැඩෙත් කර ගත්තේ. බොසා මේක දැක්කොත් මාර වැඩේ. 😛 ඉතිං මේ ෆිලුම ගැන මාව දැනුවත් කරේ අපේ බයිස්කෝප් පවුලේ නිරෝෂ් ගුණස…

කොහොමද යාළුවනේ ගොඩක් කාලේකට පස්සේ බයිස්කෝප් අඩවියට උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ. පරිගනකයේ දෝෂයක් නිසා ගොඩ දවසකින් උපසිරැසියක් නිර්මාණය කරන්න බැරි උනා. ඔෆිස් එකේ PC එකෙන් තමයි මේ වැඩෙත් කර ගත්තේ. බොසා මේක දැක්කොත් මාර වැඩේ. 😛 ඉතිං මේ ෆිලුම ගැන මාව දැනුවත් කරේ අපේ බයිස්කෝප් පවුලේ නිරෝෂ් ගුණසේකර සහෝදරයා. උපසිරැසි ගැන්වීම සදහා මට අවසර දුන්නේ අපේ තිසර නියෝ සහෝ. ඒ වෙනුවෙන් සහෝලා දෙන්නටම ස්තූතිවන්ත වෙනවා. 1960 දී The Fugitive යන නමින්ම විකාශය වූ ටීවී කතා මාලාව ඇසුරින් නිර්මාණය කරන ලද මෙම සිත්තම 7.8ක් වැනි ඉහල IMDb අගයක් ලබා ගැනීමටත් Rotten Tomato හී 96% ක අගයක් ලබා ගැනීමටත් සමත් වෙනවා. Crime/Thriller යන කාණ්ඩ වලට අයත් මෙය සලරුව අධ්‍යක්ෂනය කර ඇත්තේ Andrew Davis නම් අධ්‍යක්ෂවරයායි.
ගොඩක් වෙලාවට අපි අපේ එදිනෙදා වැඩකටයුතු ඉවර කරලා ඉක්මනටම ගෙදර යන්නේ තමන් ආදරය කරන කෙනාව, එහෙමත් නැත්තම් තමන්ගේ බිරිඳව මුණගැසිලා එයාලත් එක්ක කාලය ගත කරන්නයි. එහෙම එන වෙලාවක තමන් ගෙදර නැති අතරතුර තමන් ආදරය කරන කෙනාට කරදරයක් වෙලා තිබුනොත් අපිට මොනවා හිතෙයිද? අපිට ඒ වෙලාවේ එයා ළග ඉන්න බැරි උන එක ගැන ගොඩක් දුක්වෙයි. ඒ වගේම ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අපි ලෑස්ති වෙයි. දොස්තර රිචඩ් කිම්බල්ට වෙන්නෙත් ඉහත කිව්වා වගේම වැඩක් තමයි. ඔහු රෝහලේ සිට ගෙදර එද්දී ඔහුගේ බිරිඳව ඝාතනය කර තිබෙනවා. ඒ වගේම පොලීසිය සැක කරන්නෙත් රිචඩ්වම තමයි. ඒත් රිචඩ් කියන විදියට ඔහුගේ බිරිඳව ඝාතනය කරලා තියෙන්නේ බොරු අතක් දා ගත්ත පුද්ගලයෙක්. නමුත් පොලීසියට ඒ ගැන කිසිම හෝඩුවාවක් හොයා ගන්න බැරි වෙනවා. ඔක්කොම සාක්ෂි තියෙන්නෙත් රිචඩ්ට විරුද්ධවයි. අන්තිමට කොහොමින්හරි නොකරපු වරදකට රිචඩ්ට මරණ දඬුවම හිමි වෙනවා. බන්ධනාගාරයට යන අතරතුර වෙන රිය අනතුරකින් පස්සේ රිචඩ්ට වගේම තවත් හිරකරුවන් කිහිපදෙනෙක්ට පැනලා යන්න පුලුවන් වෙනවා. තමන්ගේ බිරිඳගේ ඝාතකයා හොයා ගන්න එක තමයි රිචඩ්ගේ ගේ එකම අරමුණ තමයි. මේ අතරතුර සිරකරුවන්ගේ පැනලා යාම ගැන පරීක්ෂණය භාර වෙන්නේ U.S. මාෂල්වරයෙක් වෙන සැමුවෙල් ජෙරාඩ්ට. එයාගේ ප්‍රධානම අරමුණ තමයි රිචඩ්ව හොයා ගන්න එක. රිචඩ්ව හොයන එකත් ජෙරාඩ්ට ලේසි වෙන්නේ නෑ මොකද රිචඩ් වෛද්‍යවරයෙක් වගේම ඉතාම බුද්ධිමත් කෙනෙක් ඒ වගේම වෙස් වලාගැනීම හොඳ හැකියාවකුත් රිචඩ්ට තියෙනවා. ඒ වගේම ජෙරාඩ් කියන්නෙත් ලේසි පහසු කෙනෙක් නෙමෙයි එයත් රිචඩ් පැනලා යන්න කරන හැම උපක්‍රමයක් ගැනම හොයාගන්නවා.
ඉතින් රිචඩ්ට මොකද වෙන්නේ? කවුද මේ තනි අතේ ඝාතකයා? ජෙරාඩ්ට රිචඩ්ව අල්ලගන්න පුලුවන් වෙයිද? රිචඩ් තමන්ගෙ බිරිඳගේ ඝාතකයා හොයා ගනීද? මේ හැමදේම පිටිපස්සෙ ඉන්නේ කවුද? ඒ ගැන දැන ගන්න මේක ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. අවසානය වෙනකන්ම කුතුහලයෙන් ෆිල්ම් බලන්න කැමති අයට මේක හොඳ ෆිලුමක්. ඒ වගේම හොද තාත්වික දර්ශන රැසක් තියෙනවා. ප්‍රධාන චරිතය වෙන දොස්තර රිචඩ් කිම්බල් විදියට එක් වෙන්නේ සුපිරි, කීර්තිමත් රංගධර Harrison Ford. ප්‍රේක්ෂකයන්ට මෙයාව අමතක වෙන්නනම් විදියක් නෑ. Indiana Jones චිත්‍රපට පෙලේ පෞරාණික උරුමයන් සොයා යන ගවේෂකයා ඉන්ඩියානා ජෝන්ස් , එහෙමත් නැත්තම් Star Wars චිත්‍රපට මාලාවේ මණ්දාකිණියේ කුප්‍රකට සොර දෙටුවා හාන් සෝලෝ ලෙස පුරාවෘත්තගත චරිත නිරූපණය කල අද්වීතීය නළුවෙක් ලෙස හැරිසන් ෆෝඩ් හදුන්වන්නට පුලුවන්. ඒ වගේම සහය චරිතය වන සැමුවෙල් ජෙරාඩ් ලෙස සුප්‍රකට නලු Tommy Lee Jones දායක වෙනවා ඒ වගේම මෙය 1993 දී මිලියන 368.9$ ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමටත් සමත් වෙලා තියෙනවා. 1994දී හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට Tommy Lee Jones සමත් වෙනවා. 1994 ජපන් චිත්‍රපට උළෙලේදී හොඳම විදේශ චිත්‍රපටය ලෙසත්, ASCAT චිත්‍රපට උලෙළේ TOP BOX OFFICE FILM ලෙසත් මේ සලරුව තේරි තිබෙනවා. ඒ වගේම තවත් සම්මාන රැසකට නිර්දේශ වී ඉන් සම්මාන දිනා ගැනීමට මේ සුපිරි සලරුව සමත් වෙලා තියෙනවා.
එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලනන. හැමදාම වගේ කියන්න තියන්නේ ඉතිං ඔයාලගේ අදහස්/උදහස් පුංචි කොමෙන්ටුවකින් දාන්න කියලා තමයි. එතකොට ආයෙත් මේ වගේ උපසිරැසියක් කරන්න ධෛර්යය ලැබෙනවා.
එහෙනම් ආයෙත් හමුවෙනතුරු ජය වේවා!
මෙයට පෙර විකියා සොයුරා පලකල ලිපිය.
ප්‍රශ්න නැත්තේ කාටද?… ලොකේ හැමෝටම ලොකු පොඩි ප්‍රශ්න ගොඩාක් තියෙනව නේද?.. මේ බයිස්කෝප් එකත් කෙනෙකුට මුහුණ දෙන්න වෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් ගැන කියවෙන මැක්ෂා බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත රගපාන්නේ මගේ ආසම නළුවෙකු වන Harrison Ford විසින්… ඉතිං මේ බයිස්කෝප් එක රේටින් වල 7.8 අගයක් ගෙන ඔස්කාර සම්මානයක් පවා අරගෙන තියෙන සුපිරි එකක්…
ඔන්න කතාව පැත්තට හැරුණොත් Harrison Ford මේ බයිස්කෝප් එකේ රගපාන්නේ Dr. Richard Kimble නැමැති දොස්තරගේ චරිතයයි… තම බිරිද මැරීමේ චෝදනා පිට අත්අඩංගුවට ගන්නා Dr. Richard Kimble ඔහු එයට නිර්දෝෂී බව අනේකවර කියා සිටියත් අවසානයේ සිරගෙදරට නියමවෙයි. ඔප්පුකරන්නට කිසිත් සාක්ෂී නොමැති කල ඔහුට සිදුවන්නේ උසාවිය දෙන තීන්දුව පිළිගැනීමටය…
එහෙත් සිරගෙදර ප්‍රවාහණ බස් රථය තුළ සිදුවන්නේ නොසිතූ සිදුවීමක්ය. එයින් දිවි ගලවා ගන්නා මොහු තම බිරිද මැරූ පුද්ගලයා සොයා මෙහෙයුම අරබයි..ඒ ඔහුට මතක ඇති එකම එක සාක්ෂියක් පසුපසය.. ඒ තමාට පණ මෙන් ආදරය කල බිරිද වෙනුවෙන් කරන යුක්තිය ඉටු කිරීමයි.. එමෙන්ම පොලීසියද වැටෙන්නේ ලොකුම ලොකු උගුලකටය… මනාවට තැනට සුදුසු අයුරින් වෙස්වලා ගැනීමට උපන් හපන් ඇති මොහුව ඇල්ලීම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නෙමේ… ඒත් මුර බල්ලන් ලෙස මොහු ඇල්ලීමට වෙර දරන රහස් පරීක්ෂණ කණ්ඩායම් මං මුළා කර අරඹන මොහුගේ මෙහෙයුම සිතන තරම් ලේසි පහසු වන්නේ නැත.
ප්‍රශ්න, අභියෝග, බාධා කම්කටොලු මැද තිත්ත ඇත්ත සොයන මේ මිනිසා දෙස ඔබ බැලිය යුතුමය… 
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,134 downloadsDownload The.Fugitive.1993.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
50 comments
Nirmal
Nirmal
mekanam maxxa detective mode eke movie ekak wage!!Ahala tiyenawa wageth matakai.....
Baala balalath comment ekak dennamko!!
n btw thanx Wikiya bro for paying ur precious time to bring this movie towards us!!!!
Victory Baiscope!!!!!!!!!!!!Anonymous
ela saho onna math banna danawa .aith balala comment karanamko ok.maxa baiscope ekka wage onna saho banna damma .thanks saho ela
chamath
ela saho onna math banna danawa .aith balala comment karanamko ok.maxa baiscope ekka wage onna saho banna damma .thanks saho ela
Nirmal
Hey machan Wikiya unable to load: Invalid torrent file kiyanawane??
අමල් ප්‍රසාද් සමරවීර
mmmmmm balamu.. balamu.. kathawa pena widiyatanam honda1k wagei!! onna ehenam banna demma :D :D
$uvin
wow... mama meka alala naa ne...! balannama one... me danma baanawa.....
chamila
hodai wage :)
වා.මු. නිලන්ත පියසිරි
දැන් මේ බයිස්කෝප් බලන බැලිල්ලට මම මේක බැළුවද නැතිද කියලත් මතක නැහැ. බාලම බලන්න වෙයි වගේ. පිං සිද්ද වේවා.
Anonymous
Aran Balamu... Niyamai...
sunanda
onna math bewooooooooo..........
විකියා
කමෙන්ට් කල සහෝලට තුති..
මම කියන්නේ අනිවා මේ බයිස්කෝප් එක බලන්න කියලා..මොකද මුල ඉදලා අගට කම්මැලි නැතිව බලන්න පුලුවනි..... :)Udaya
thanks saho....
Tharindudoo
මම මේක imdb recommend list 1 දෑක්කා,
ඒත් පරන නිසා එච්චර ගනන් ගත්තේ නෑහෑ,,පරන උනත් බලමුකෝ,
ස්තූතියි මචන් ,,,එහෙනම් බානවා
uda
අහලානම් තියෙනවා, කියවලත් තියෙනවා, බලලා නෑ, බාල බලමුකෝ එහෙනම්
Ramraj
මම අද බෑවා. නමුත් ඒක ඔෆිස් එකේ දාලා ආවා. අපරාදේ ඒක මට අද බලන්න තිබුනා. අනිද්දා බලනවා.
රොබින්හුඩ්
ප්‍රශ්න, අභියෝග, බාධා කම්කටොලු මැද බලමු එහෙනම් :-D
මැක්ෂා...බොහොම ස්තූතියි සහෝBuwaneka
Meka hadan koto mama Ipadilath Nehe,Awulak nehe Bagena Balamu
AL1717
Elaaaaaaaaaa
Onna Thanks Kiwwa
Me Maxxaa Movie Eka Onna Den Bewenna Demma...Jaya Wewaa
chamath
pattama baiscope eka saho man me bala balala msg karanne.patta balapu nathi kattiya innawanam balanna.patta baiscope ekka ela saho.thawa me wage ekwa godak danna kiyla illnwa saho :D
Uraj Deemantha
බානවෝ බානවෝ මේ දැන්ම බානවෝ :D
ashan kandy
mekanam echchara hithata alluwe na.. :(
විකියා
ඉස්තූතියි සියලුම සහෝල
ruchcha
api banawooo
Chika
gin gika meaana chikath meka banawaaa...........
gayanramyakumara
ko meke sub ?
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
පුලුවන්නම් දිගටම මේ වගේ පරණ උනත් මගඇරුන හොද ෆිල්ම් වලට සබ් දෙමු සහෝ....Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව
Nirosh C
ස්තුතියි යුරාන් සහෝ.මේතරම් ඉක්මනට සබ් දෙයි කියලා හිතුවෙම නෑ.. ජයෙන් ජය වේවා !
ice burge family restaurant
thank you nuran danuka
ice burge family restaurant
thank you yuran malliyo
Rukshan37
Ela ela
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති American psycho (2000) ekata lipiyak thibbath sub na puluwannam ekath sub dennako
sjmilan
Sub walata thanks
Dewadithya
Thanks for Sub!
gihan perera
පට්ට කතාවක්....ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Haritha245
Thank you bro
Ishan Madusha
ස්තූතියි සහෝ
jagath55
Thanks
Rumesh Asanka
thank you
Udaya Saman
උපසිරසියට බොහොම තුති සෙහා් මේ වගේ මගඇරැන ෆිල්ම් වලට සබ් දුන්නට තුති.ගත්ත එහෙනම්
akalankagayan
Thnx........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HarshaJ
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජයවේවා..!Janith Sachintha
mekata sub eka denakan sahenna kalayak balan hitiya thanks
suchroxx
Thanks Bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
hureeeeeeee ada mama 1st