Watch Trailer

Lucifer (2019) Sinhala Subtitles | රටක ඉරණම තීන්දු කළ අඳුරු ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

“Blood.. Brotherhood.. Betrayal.. රුධිරය.. සහෝදරත්වය.. පාවාදීම..” එදා මෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉහළම බොක්ස්-ඔෆිස් ආදායම ලබා ගත් මලයාලම් චිත්‍රපටය… එදාමෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම විදෙස් ආදායම් හිමි සිනමාපට අතරට එකතු වූ එකම මලයාලම් සිනමාපටය… සෞදි අරාබියේදී ඉහළම සතිඅන්ත ආදාය…

“Blood.. Brotherhood.. Betrayal..

රුධිරය.. සහෝදරත්වය.. පාවාදීම..”

එදා මෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉහළම බොක්ස්-ඔෆිස් ආදායම ලබා ගත් මලයාලම් චිත්‍රපටය…

එදාමෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම විදෙස් ආදායම් හිමි සිනමාපට අතරට එකතු වූ එකම මලයාලම් සිනමාපටය…

සෞදි අරාබියේදී ඉහළම සතිඅන්ත ආදායමෙන් Captain Marvel සිනමාපටය පවා දෙවන ස්ථානයට ඇද දැමූ ඉන්දීය චිත්‍රපටය…

ශාරුක් ඛාන්ගේ ආදායම් වාර්තා සුනු විසුනු කරමින් ගල්ෆ් කලාපීය ඉහළම ආදායම් අතරට එක් වූ ප්‍රථම හා එකම මලයාලම් සිනමා සිත්තම…

දින අටක් ඇතුළත ඉන්දියානු රුපියල් බිලියනයක ආදායමකින් බොලිවුඩය හෙල්ලූ දකුණු ඉන්දියානු පුරාවෘත්තය…

බොක්ස් ඔෆිස් අලුත් කරපු බොලිවුඩ්, කොලිවුඩ් චිත්‍රපටි ගැන හැමදාම ඇහුවට ඒ ඔක්කොම කණපිට ගහපු All-time Blockbuster මලයාලම් චිත්‍රපටියක් ගැන අහලා තියෙනවද?

හයි-බජට් හින්දි චිත්‍රපටි එක්ක කරට කර තරඟ කරපු, ඒ ආදායම් වාර්තා සුනු විසුනු කරලා දාපු ලෝ-බජට් මලයාලම් චිත්‍රපටියක් ගැන අහලා තියෙනවද?

කෝටි 100 පන්නපු හින්දි චිත්‍රපටි ගැන හැමදාම ඇහුවට දවස් 8කින් ඉන්දියානු රුපියල් බිලියනය පහු කරපු මලයාලම් චිත්‍රපටියක් ගැන අහලා තියෙනවද?

හත්වෙනි සතියෙත් සෑම සිනමා ශාලාවක්ම පාහේ Housefull වෙන තරමට ඇබ්බැහියක් වුණු මලයාලම් චිත්‍රපටියක් ගැන අහලා තියෙනවද?

මේ කියන්න යන්නේ ඒ චිත්‍රපටියේ කතන්දරේ…

ඉන්දියානු සිනමා ඉතිහාසයම අලුත් කරපු චිත්‍රපටියේ කතන්දරේ…

වාර්තා පිට වාර්තා තබමින් සමස්ත ඉන්දියානු ප්‍රේක්ෂකාගාරයම හොල්මන් කරවපු චිත්‍රපටයේ කතන්දරේ…

ෆිලුම බලන්න ආසාවක් නොතිබෙන්න පුලුවන්. කමක් නැහැ! ලිපිය කියවන්න. ලිපිය අවසන් වෙද්දී ඒ අදහස සහමුලින්ම වෙනස් වෙලා තියේවි.

ඉන්දියානු සිනමාව හොල්ලගෙන හිටපු පතාක යෝධයන් පවා 2018 වර්ෂයදී අන්තෙටම ඇදවැටුණු බව හැමෝම දන්න කාරණයක්. ඛාන් ත්‍රිත්වයම එක පිට පරාජයට පත් වුණු පසුගිය වසරේ හැලහැප්පීම්, බාධක මධ්‍යයේ ඉන්දියානු සිනමාව 2019 වසරට පය තැබුවේ බොහෝ බලාපොරොත්තු සමඟින්.ඒ අනුව URI: The Surgical Strike, Gullyboy, Vishwasam වැනි නිර්මාණ තුළින් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් වාණිජ සිනමාවත් ජයගන්න ඉන්දියානු සිනමාවේ මුල් කාර්තුවට හැකියාව ලැබුණා.

හැබැයි ඔය කොතැනකටවත් මලයාලම් සිනමාවේ නමක් ඈඳුනේ නැහැ නේද..? Odiyan|Njan Prakashan|Kayamkulam Kochunni චිත්‍රපටි ත්‍රිත්වයෙන් ජාමේ බේරගත්තු පසුගිය වසරේ මලයාලම් සිනමාව මේ වර්ෂය මුලම කාලතුවක්කු වරුසාවක් එල්ල කරාවි කියලා ඔය ලොකු සිනමා ඔස්තාර්වරු කවුරුත් හිතුවෙත් නැහැ.

හැබැයි නොහිතපු විදිහට ඉන්දීය සිනමාවේ බොලිවුඩ් ආධිපත්‍යයට කේරළ සිනමාව තව දුරටත් අභියෝගයක් වන බව ඔවුන් Lucifer තුළින් ඉඟි කළා. ලෝකප්‍රසිද්ධ Captain Marvel සිනමා නිර්මාණය පවා පරාද කළ චිත්‍රපටියක් ප්‍රාන්තීය සිනමාවක් වෙච්චි මලයාලමෙන් බිහි වේවි කියලා කවුද හිතුවේ..! ඉස්සරහාට කියවගෙන යන්න. සුපසිද්ධ චිත්‍රපටි රාශියක් Lucifer හමුවේ තමන්ගේ ආධිපත්‍යයෙන් ගැලවිලා වැටුණු විදිහ දැනගන්න ලැබේවි.

මලයාලම් සිනමාවේ රජු කවුද කියලා ඇහුවොත් අනිවාර්යෙන්ම බොහෝ දෙනෙක්ගේ උත්තරේ වෙන්නේ ලාලෙට්ටාන්! එහෙමත් නැත්නම් මෝහන්ලාල්… Odiyan, Pulimurugan, Kayamkulam KOchunni වැනි සිනමාපට හරහා කේරළ සිනමාව වෙනස්ම මානයකට අරගෙන ගිය අද්වීතීය රංගධරයෙක් තමා මෝහන්ලාල් කියන්නේ. DQ, නිවින් පෝලි, ෆහාද් ෆාසිල් වැනි තරුණ ජවය පිරි මලයාලම් නළුවන් රොත්තක් මැද්දේ අදටත් මලයාලම තමන්ගේ නමට ලියාගෙන ඉන්නෙත් මෝහන්ලාල්ම තමයි. මෙතන නෙමේ… අපි මංසලේ වෙනම ලිපියකින් ඔහු ගැන කතා කරමු.

Koode, Adam Joan, Ranam වැනි සිනමාපටයන් හි සෙනෙහෙබර පෙම්වතාගේ චරිතයෙන් රසික සිත් අතික්‍රමණය Prithviraj Sukumaranව මතකද? නලු භූමිකාවෙන් උපරිමේටම ගියපු ප්‍රිත්විරාජ් අධ්‍යක්ෂක වැඩේට බැස්සේ මේ චිත්‍රපටියෙන්. වාසනාවටද මන්දා.. තමන්ගේ පළවෙනි අධ්‍යක්ෂණයෙන්ම කෝටි 150+ට වැඩි ආදායමක් වාර්තා කරන්න මිනිහට පුලුවන් වුණා. පළමු අධ්‍යක්ෂණයටම Best Director සම්මාන ලැබුණා. ඒ ගැන ලිපියේ අන්තිමට කතා කරමුකෝ එහෙනම්. Mohanlalට අමතරව Manju Warrier,Tovino Thomas, Sachin Khedekar, Saikumar වැනි මලයාලම් සිනමාවේ හොඳට දැකලා පුරුදු නළු නිළියෝ රොත්තක් තමයි උපප්‍රධාන රංගනයටත් දායක වෙන්නේ. ලුසිෆර් හරහා හින්දි සිනමාවෙන් මලයාලමට සම්ප්‍රාප්ත වෙන විශේෂ අමුත්තා තමා විවේක් ඕබ්රෝයි! මේ ඔහුගේ පළමු මලයාලම් සිනමා ආගමනයයි. Crime|Action|Drama|Thriller වර්ගීකරණයට අයත්ව ලෝ පුරා රටවල් 27ක සිනමාතිර 3000ක් පුරා වෙඩි තියන්න ගත්තේ දැනට මාස දෙකකට පමණ කලිනුයි.

L U C I F E R!!!!

‍එහෙන් මෙහෙන් ඕපදූප වගයක් කියෝපු හින්දා දැන් සූදානම් වෙන්නේ බොක්ස්ඔෆීසිය පැත්තට පොඩ්ඩක් ඔළුව දාලා බලන්නයි. ඇත්තටම, පොඩ්ඩක් නම් නෙමේ! රටක් හොල්ලපු චිත්‍රපටියක සම්පූර්ණම ආදායම් විස්තරේ කියන්නයි. ආදායම් විස්තරය නැතිව මේ ලිපිය නවත්තනවා කියන්නේ මිරිස් නැතිව සම්බෝලයක් කනවා වගේ වැඩක්.. කෙලින්ම කිව්වොත්, මෙලෝ රහක් නෑ!! එහෙනම් පටන් ගමු BoxOffice සංචාරේ… තිරගත වීම ඇරඹූ පළමු දිනයේදීම ඉන්දියානු කෝටි 14.2+ අධික වාර්තාගත ආදායමක් හිමි කරගත් Lucifer චිත්‍රපටය එදින අවසන් වන විට,

  • ආරම්භක දින කේරළය තුළ ලබාගත් දෙවන වැඩිම ආදායම
  • ආරම්භක දින කෝටි 13+ සීමාව පසු කළ දෙවන මලයාලම් සිනමා පටය
  • විදෙස් චිත්‍රපටයක් ඇමරිකාව තුළ ලැබූ වැඩිම ප්‍රථම දින ආදායම
  • කේරළ බොක්ස් ඔෆිස් ඉතිහාසයේ දෙවන වැඩිම Tracked ආදායම
  • Carnival Theatre තුළදී ලැබූ දෙවන වැඩිම පළමු දින ආදායම

යන බොක්ස්-ඔෆිස් වාර්තා පහ ද තමන්ගේ නමට ලියාගනිමින් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා. මෙහි ආරම්භක දින ආදායම් වාර්තාව දෙවෙනි වන්නේ පසුගිය වසරේ තිරගත වූ Odiyan චිත්‍රපටයට පමණයි.

පළමු දින හතර තුළදී පමණක් කෝටි 53ට වැඩි බොක්ස්ඔෆීසියක් ළඟා කරගනිමින් මලයාලම් සිනමාවේ වේගවත්ම කෝටි 50 වාර්තාව තමන් සතු කරගත්තේ ද ලුසිෆර් විසින්ම යි. එතැනින් නොනැවතී තම අටවන දිනයේදී ඉන්දියානු රුපියල් කෝටි 100ක්ද විසි එක්වන දිනයේදී ඉන්දියානු රුපියල් කෝටි 150ක්ද 60වන දිනයේදී ඉන්දියානු කෝටි 200ක්ද ළඟා කරගත්තේ ඉන්දියානු සිනමා ඉතිහාසයම කණපිට හරවමිනි. මෙසේ සියලු සීමාවන් පසු කළ වේගවත්ම මලයාලම් සලරුව හා කෝටි 200 සීමාව පසු කළ එකම මලයාලම් සලරුව ලෙස කිරුළු පැළැන්දේත් Lucifer චිත්‍රපටියමයි.

ඔබත් මලයාලමට ආදරය කරන සිනමා රසික රසිකාවියක් නම් මලර් ටීචගේ සුන්දර රංගනයෙන් හැඩ වුණු Premam සලරුව නිසැකයෙන්ම නරඹා තිබෙන්නට ඇති. දින 200ක් පුරා තිරගත වෙමින් තමිල්නාඩු ප්‍රාන්තයේ ඉහළම ආදායම රැස් කරගත් Premam චිත්‍රපටයේ එම වාර්තාව බිඳ හෙළීමට ලුසිෆර්ට ගත වූයේ දින 20ක් පමණයි! ROI, එහෙමත් නැත්නම් Rest of India කලාපයන් හි වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් සලරුව වූයේද මෙයයි.

මෙසේ ඉන්දීය සිනමා වංශකතාවේ නව පරිච්ඡේදයක් මලයාලම් සිනමාවෙන් ලියැවෙද්දී විදේශයන් තුළ ද Lucifer චිත්‍රපටය අති සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය විය. මෙතෙක් කල් නවසීලන්තයේ තනි බාසාවකින් ප්‍රදර්ශනය වී වැඩිම ආදායමක් ලැබූ දකුණු ඉන්දීය චිත්‍රපටය වූයේ රැජිනිකාන්ත් රඟන Petta චිත්‍රපටයයි. නමුත් එම ආදායම බිඳ හෙළමින් පළමු තැනට පැමිණීමට Mohanlalට ගත වූයේ දින දහයක් පමණි. Amazon Prime ආයතනය පවා මෙහි Online Stream අයිතිය ලබාගත්තේ කෝටි 13.5ක් වැනි අතිශය ඉහළ අගයකටයි.

  • ඇමරිකාවේ වැඩිම ආදායමක් ලැබූ මලයාලම් සිනමාපටය
  • කැනඩාවේ වැඩිම ආදායමක් ලැබූ මලයාලම් සිනමාපටය
  • මහා බ්‍රිතාන්‍යයේ වැඩිම ආදායමක් ලැබූ මලයාලම් සිනමාපටය
  • නවසීලන්තයේ වැඩිම ආදායමක් ලැබූ මලයාලම් සිනමාපටය
  • සිංගප්පූරුවේ වැඩිම ආදායමක් ලැබූ මලයාලම් සිනමාපටය
  • ඕස්ට්‍රේලියාවේ වැඩිම ආදායමක් ලැබූ මලයාලම් සිනමාපටය
  • සියල්ලම සැකෙවින් ගතහොත්…
  • තිරගත කළ සෑම රටකම ඉහළම ආදායම වාර්තා කළ මලයාලම් සිනමා සිත්තමයි

එපමණක් නොවේ,

  • මෙතෙක් ඉතිහාසයේ සෞදි අරාබිය තුළ ඉහළම ප්‍රේක්ෂකාගාරය හිමි වූ ඉන්දීය චිත්‍රපටයද වූ වගයි!!!

දැනට ගල්ෆ් කලාපයේදී ඉන්දීය සිනමා නිර්මාණයක් ලැබූ වැඩිම ආදායම වාර්තා කර ඇත්තේ Bahubali 2: The Conclusion චිත්‍රපටයයි. ඒ හැරුණු කොට GCC All Time Top Indian Grossers ලැයිස්තුවේ ඉතිරි චිත්‍රපට නමයටම උරුමකම් කීවේ ඛාන් ත්‍රිත්වයයි. නමුත්, මෙතෙක් කාලයක් දහවන ස්ථානය රැකගෙන සිටි King Khan, ශාරුක්ගේ Raees චිත්‍රපටයට පල්ලම් බසින්නට සිදු වූයේ පැය 600ක් ඇතුළත වාර්තාගත ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ආදායමක් සමඟින් මෝහන්ලාල් විසින් එම ස්ථානය අත්පත් කර ගත් නිසාවෙනි. ඒ අනුව, මෙතෙක් ඉන්දීය සිනමා ඉතිහාසයේ ගල්ෆ් කලාපීය ඉහළම ආදායම් ලැයිස්තුවට එක් වූ එකම මලයාලම් සිනමා නිර්මාණය ලෙස Lucifer ඉතිහාසගත වෙනවා. 2019 වසරේ ඉන්දියානු චිත්‍රපටයක් විදේශයකදී ලැබූ ආදායම් තුළින් මෙම සිනමාපටය දෙවෙනි වන්නේ Petta හා Gullyboy සිනමා නිර්මාණයන්ට පමණයි.

අම්මෝ!!!! ආදායම් වාර්තා ගැන කියන්න ගිහින් ලිපිය දිග්ගැස්සුන දිග්ගැස්සිල්ලක්… කෙටි ලිපියකින් මුලු කතාවම නවත්තන්න පුලුවන්කම තිබ්බත් ඒ තුළින් මෙවැනි චිත්‍රපටියකට වෙන්නේ ලොකු අසාධාරණයක්. පළමු දිනයේ ඉඳන් අවසාන දිනය වෙනකන් අන්තර්ජාලයේ හැම තොරතුරක්ම පීරලා හොයාගත්තු කරණු තොගයම ලිපියට ඇතුළත් කළේ මලයාලමට පිස්සුවෙන් වගේ ආදරේ කරන මන් වගේම මිතුරන් රාශියක් බයිස්කෝප් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න බවත් හොඳින්ම දන්නා නිසයි. ඔවුන්ටත් අසාධාරණයක් නොවන පරිද්දෙන් තමයි මෙච්චර දිග ලිපියක් ගෙනාවේ.

ආදායම අතින් පුලුවන් උපරිමේටම යනකොට සම්මාන හා නිර්දේශවීම් ගැනත් කියන්නම එපෑ යැ. තිරගත වීම ආරම්භ වෙලා පළමු දින පනහ ගෙවෙන්නත් ප්‍රථමයෙන් මලයාලම් සිනමාවේ වැඩිම කතාබහට ලක් වුණු මනුස්සයා වෙන්න අපේ ඩිරෙක්ටර් මහත්තයාට පුලුවන් වුණා, ඔන්න..! Mazhavil Manorama Entertaintment Awards 2019 කියන්නේ කේරළ සිනමාවේ හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්න ප්‍රධාන ශානරයේ ප්‍රාන්තීය සිනමා උළෙලක්. තමන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණයම සල්ලි මැසිමක් වෙද්දී ඒ පළමු අධ්‍යක්ෂණයටම Best Director සම්මානය ලැබුණොත් කොහොමද? අපේ ඩිරෙක්ටර් මහත්තයා ප්‍රිත්විර්ජ් තමා ඒ වාසනාවන්තයා! Prithvirajට Best Director සම්මානය ලැබෙනකොට චිත්‍රපටය තිරගත වීම ඇරඹිලා දවස් 50ක්වත් නෑ!!!

ස්ටන්ට් සිල්වා ගැන අහලා තියෙනවද? ඔය පහළ පින්තූරේ ඉන්න නූඩ්ල්ස් කොණ්ඩේ මිනිහා. ටැමිල් ෆිල්ම්වල ෆයිට් සීන් අස්සේ දැකලා පුරුදු මූණක් නේද? Mazhavil Manorama Entertaintment Awards 2019 සම්මාන රාත්‍රියේ Lucifer වෙනුවෙන් Best Action Director සම්මානය ලැබුණෙත් මේ හාදයාටම තමයි.

මෙහෙම ආදායම් වාර්තා කඩමින් අතිශය සාර්ථකත්වයට පත් වුණාට චිත්‍රපටය තාම තිරගත වුණේ දවස් 60ක් වැනි සුළු කාලයක් පමණයි. එනිසා, ඉදිරියේදී තව තවත් ආදායම් වාර්තා අලුත් කරන්න නිසැකයෙන්ම හැකි වේවි. ඒ වගේම විජයග්‍රාහී දින 150, 200 වැනි කඩයිම්වලටත් ළඟාවෙන්න පුලුවන් වේවි. මොකද 6වෙනි 7වෙනි සතිවල පවා සිනමාශාලා අති විශාල ප්‍රමාණයක දැනටමත් තිරගත වෙමින් පවතිනවා. බොහෝ සිනමාශාලා තුළ කෝටියේ සීමාව පසු කර හමාරයි.

සමහරවිට ඔයාලා අහලත් ඇති Illuminati සංවිධානය ගැන? සමහරු මිථ්‍යාවක් කියලා කියනවා.. සමහරු ඇත්තක් කියලා කියනවා… මුල්කාලයේ පල්ලියේ දේවවාදී මිථ්‍යා අදහස්වලට විරුද්ධව සාමකාමීව ඇරඹුනත් පාප්තුමා ඇතුළු ක්‍රිස්තියානි සභාවේ දැඩි මර්ධනය හමුවේ Illuminati සංවිධානය බිහිසුණු මඟකට යොමුවුණා කියලා තමා ගොඩක් තැන්වල සඳහන් වෙන්නේ. Dan Brownගේ රසිකයෙක් නම් මේ ගැන හොඳටම දන්නවැති. පසුකාලීනව මේ ආශ්‍රයෙන් සිනමාපට පෙළකුත් ආවා නොවැ. Angels And Demons චිත්‍රපටය පුරාම තියන්නෙත් මේ ඉලුමිනාටි සංවිධානයෙන් පාප්තුමා ඇතුළු වතිකානුව බේරගන්න උත්සාහ දරන ලැන්ඩන් මහාචාර්යතුමාගේ කතාව නොවැ.

ඕවයේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ! හැබැයි Lucifer සිනමාපටයේ කතා තේමාව ගොඩනැඟෙන්නේ ඉලුමිනාටි සංවිධානයට බොහොම ළඟින් යන විදිහට. චිත්‍රපටය පුරාම ඒ කුතුහලය අත්විඳින්න ඔයාලට පුලුවන්.

  • ලුසිෆර් හි තේමාව වෙන්නේ blood-brotherhood-betrayal කියන පාඨයයි. කෙටි කරලා ගත්තොත් ලියැවෙන්නේ bbb කියලා. අංකයකට සමාන කළොත්, bbb=666! 666 හඳුන්වන්නේ Devils Number විදිහටයි. එහෙමත් නැත්නම් යක්ෂයාගේ අංකය විදිහට.
  • මතක ඇති, මන් මුලිනුත් කිව්වා පූර්ව ප්‍රචාරක උපක්‍රමයක් ලෙස Character Posters 27ක් එළිදැක්වුවා බව. සමහරු කියනවා මේ පෝස්ටර් 27න් ඇඟවෙන්නේ 1700දී ඉලුමිනාටි සංවිධානය බලයට පත්වෙද්දී හිටපු සාමාජිකයින් 27 දෙනාවලු.
  • බොහෝ හොලිවුඩ් බොලිවුඩ් ෆිල්ම්ස්වල පවා ඉතා විශාල ජනගහනයක් පෙන්වන්න ඕනේ වුණාම ඒ ෂොට්ස් නිර්මාණය කරන්නේ පරිඝණක ආශ්‍රයෙන්. Lucifer චිත්‍රපටියේත් එහෙම තැනක් තියෙනවා. එතනදී කිසිම Digital Crowd එකකින් තොරව 2000කට අධික ජීවී මිනිසුන් ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. මේ මලයාලම් සිනමා කර්මාන්තයේ අතිශය දුර්ලබ අවස්ථාවක්!
  • මෙහි සමහර රූගත කිරීම් සිදු කරලා තියන්නේ රුසියාවේ. අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙන විදිහට ඒ රූගත කිරීම් සිදුකරන කොට අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක -17ටත් වඩා අඩුවෙන්ලු තිබුණේ.

ඉන්දීය සිනමා වංසකතාවේ නව පරිච්ඡේදයක් පෙරළමින් ඉන්දියානු රුපියල් බිලියන එකහමාරක බොක්ස්ඔෆිස් ආදායමක් හිමි කරගනිමින් එදාමෙදා තුර මලයාලමෙන් බිහි වුණු දැවැන්තම චිත්‍රපටය… ඉන්දියානු කෝටි 20ක් වැනි සුලු පිරිවැයකින් ඉන්දියානු කෝටි 200 ඉක්මවූ මුදලක් තමන් සතු කරගනිමින් වසර ගණනක් ජනප්‍රියතම චිත්‍රපටයට හිමි ස්ථානය රැකගෙන පැමිණියාවූ Pulimurugan චිත්‍රපටය එම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඇද දමමින් මේ වනවිටත් ප්‍රථම ස්ථානයේ වැජඹෙන චිත්‍රපටය… 3500කට අධික මනාප සංඛාවකින් IMDb මීටරය 7.9කට කරකවමින් ටොමැටෝමීටරය 80%ටම ඉහළ දැමූ දකුණු ඉන්දියාවේ නවතම උන්මාදගත පුරාවෘත්තය…

ස්ටීෆන්.. ස්ටීෆන් නෙඩුම්පුල්ලි!
ශාන්තයි, පෙනුමෙන් තේජවන්තයි, කාටවත් කිසිම කරදරයක් නැහැ..
මහත්මා ගතිගුණ පිරුණු මහත්මයෙක්…
තමන්ගේ ‘ආස්‍රයා’ අනාථ නිවාසය නිසා කේරළයේ මිනිස්සු දෙවියන්ට වගේ සලකන මනුස්සයෙක්…
හැම මනුස්සයෙක්ටම පැති දෙකක් තියෙනවා,
එක පැත්තක් දෙවියෙක් වෙද්දී අනිත් පැත්ත යක්ෂයෙක්..
හැමදෙයක්ම වෙනස් වෙන්න ගන්නේ ප්‍රාන්තයේ මහඇමති රාම්දාස්ගේ මරණය සමඟයි!
හිස් වුණු මහඇමති පුටුව කාටද?
ඉන්දීය දේශපාලනය උඩු යටිකුරු කරන්න තනි මිනිහෙක්ට පුලුවන්ද?
ආසියාවේ ප්‍රබලම කුලී ඝාතක කණ්ඩායමේ නායකයා,
සායිද් මසූඩ්!!
ඉන්දියාව පුරා ක්‍රියාත්මක වෙන ඉලුමිනාටි සංවිධානයක්…
බල තරඟයට පොරකන හිවල්ලු මධ්‍යයේ නිහඬවම ගොදුරට කඩා පනින සිංහයෙක්…
“ තමුන් මගේ ඇඟට අත තිබ්බා. ඒකට සමාව දෙන්න පුලුවන්.
එත් තමුන් රාම්දාස් මහත්තයාගේ පවුලත් එක්ක හැප්පුණා. ඒක සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙමෙයි..! ”
ඉන්දීය දේශපාලනයේ භයානකම තර්ජනය.. 
කෝටි 200ක ආදායමක් සමඟින් මෙතෙක් මලයාලමෙන් නොදුටු යක්ෂයෙක්…
Lucifer හෙවත් සාතන් නොහොත්,
ස්ටීෆන් නෙඩුම්පුල්ලි හෙවත් කුරේශි අ’බ්‍රහම්!!!

නැවුම් අත්දැකීම් සොයන බයිස්කෝප් රසික රසිකාවින් සැමදෙනාටම පිළිගැන්වීමට අවසරයි, මලයාලමෙන් බිහි වී ඉන්දියාවම රත් කරපු කේරළයේ දැවැන්තම සිනමා නිර්මාණය!!

“This is an Illuminati Movie”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

36,909 downloadsDownload Lucifer-2019-Malayalam.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

36,909 downloadsDownload Subtitles79 KB

154 comments

  1. චානක ඉඳුනිල්

    සුපිරි බ්‍රෝ, ආයෙ කියන්න වචන නැහැ,
    සබට බොහොම ස්තූතියි.

  2. kyash

    Just now searched for subtitles for this and got it thnx bro i ll be the 1st to download

  3. දිලා

    එනකල් ඇඟිලි ගැන ගැන උන්නෙ, 3rd comment ❤️
    ස්තූතියි සබ් එකට

  4. Prabodha Madhusankha Hettiarachchi

    Pattama movie ekak brooo.... Thank machan sub ekata....

  5. කවිශල් රසින්ත (කවී)

    නියමයි සහෝ... සුපිරි ෆිලුමක්. බලන්න නොහිටපු කෙනෙක් වුනත් ලිපිය දැක්කම දෙපාරක් හිතන්නේ නැතුව ෆිල්ම් එක බලනවා කතා දෙකක් නෑ. මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට හුගක් ස්තූතියි එහෙනම්. ජය වේවා...!!!

  6. Praveen

    thnkzzzzzzzzzzzzzz malli

  7. Anuja wickramasingha

    ෆිල්ම් එක එනකන් බලන් හිටියේ....සබ එනකන් බලන් ඉන්න උනේ නෑ වැඩි දවසක්.නියම වැඩක් මචං.ෆිල්ම් නොබලන කෙනෙක්ට උනත් බලන්න හිතෙන විදහට ලියලා තියෙනවා....

  8. Hashanmalli

    sub ekata thanks bro digatama sub denna . tharaha wenna epa lipiya tikak diga wadi......

    1. කවිනු වීරක්කොඩි

      මලයාලම් ඉතිහාසයම කණපිට හරවපු මේ වගේ චිත්‍රපටියක් කෙටි ලිපියකින් අවසන් කරන එක හරි නෑ!!!
      ආදායම් වාර්තා නැතිව ඔහේ ලියලා දාන්න තිබුණත් එහෙම වැඩක් නැති නිසාමයි මුල ඉඳන් අග වෙනකම් හැම විස්තරයක්ම දාලා මෙහෙම ලිපියක් ගෙනාවේ!!!

    2. hewasiliyange

      balanna asai..eth download site eke film eka hoyaganna ba..lucifer kiyala search kalat tv series ekak enne..dukaaaai...

  9. ශසිත් සඳරුවන්

    නියමයි මලේ...
    සුපිරියක් තමා ඉතින් ආය දෙපාරක් හිතන්න දෙයක් නෑ. අනිවා බානවා. ලිපියත් කොර වෙන්නම දීලා තියනවා ඈ...
    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  10. Thilankadissanayake

    Artical eke first lines 4 kiywddima pissu double wenawaneh bbro .aniw blanawa .superb work.

    1. chameeraheshani25

      ela

  11. Kawi Jayasinghe

    Tnx sahooo

  12. Pradeepkdisanayaka

    Thans machoo

  13. iupasanta

    බොහොම ස්තූතියි මේ සිත්ගන්නා සුළු සවිස්තරාත්මක හැඳින්වීමට. ෆිල්ම් එක බලල ආයි එන්නම්

  14. hirunovod

    තෑන්ක්ස් බොක්ක. ලිපියත් පට්ට. ජයෙන් ජය

  15. Anuja Wijesinghe

    Forever Malayalam Boxoffice King MOHANLAL !

  16. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....පට්ට හැඳින්වීම ක්....නියමයි....මොහාන්ලාල්ගේ මේ ෆිලුමට උපසිරැසි දෙනකන් හිටියේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

    1. Shehan putha

      Thanks ...jaya wewa !

  17. Subhashini88

    සබ් එක එනකල් ඇඟිලි ගැන ගැන බලන් හිටියේ.....❤️❤️❤️

  18. amilagihan12

    tHANKS BRAVOO

  19. Gathsara Umesh

    දෙයියනේ ලිපියේ තරම..
    Dc or Marvel මොවි එකක් කියවනව වගේ දැනුනේ...
    සබ් එකට බොහෝම ස්තූතියි සහෝදරයා..❤️

  20. Amilperera

    විස්තරේ නිසා ෆිල්ම් එක බලනවා.. සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ. බලල ඇවිල්ලම හොද නරක කියන්නම්

  21. Thilan Durage

    Ela..... Wisthara ekka dunna kiyanne patta... Digu gamanakatama aasiri aayeee... Api innawa... jayen jayama weewaa... bro... Budusaranay!

  22. Lahiri

    thankz saho

  23. ridmal

    Thanks brooo

    1. Dilsha ridmika

      Thanks for sub bro:-)

  24. buddhi_com

    Thank you sooo much for subtitles and wish you All the best !!!!!

  25. barthelotp

    Kevinu Congratulations ❤ ❤ ❤ ❤ සුපිරිම වැඩක් , සතුටුයි කිව්ව වගේම සබ් එක දුන්නට

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. buddhi_com

    Thank you sooo much for subtitles and wish you All the best !!!!! But film eka download karaganna bahane.

  28. geeganagamage

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    ලිපියත් නියමෙට ලියලා තියෙනවා. ඔබට ජය .

  29. GL Darshana Harsha Kumara

    Sub ekata Sthuthii !!! <3

  30. Uvindu Dilshan

    Sub ekata thankx brother

  31. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  32. prasanga sanjeewa

    thanks for sub

  33. Nilush Angana

    Sub ekata thanx

  34. Chokzi

    Elama....

  35. lahiru sadaruvan

    thank you so much brother

  36. C lakmal

    THANKS ,

  37. Aac3

    සබ් දෙනකන් බලන් හිටියේ සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට... පට්ට ලිපිය ඒකටත් ගොඩාරියක් ස්තූති... දිගටම සබ් දෙන්න මේ වගේ.. ජය වේවා !!!

  38. rangika Kariyawasam

    එහෙනම් ෆට්ටම පටපට ෆිලුම අරගෙන ආපු සහෝට බෝම තුති. සබ එනකම් ඇගිලි ගැන ගැන හිටියේ . නියමයි .බොම තුති

  39. D.Chamara

    bohoma sthuthi sahooo jaya ..

  40. Pradeepkumara

    Thanx saho

  41. madhucilu

    THanks saho

  42. kelumchathuranga

    thanks

  43. Supun Tharaka

    sub ekata thanks.

  44. Sanjeewa2010

    Pattaaaaaaaaaaa

  45. Dhanush Narangoda

    සබ පැත්තකින් තියමුකෝ ඒ විස්තරේ... පට්ට බ්‍රෝ

  46. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  47. Hemantha De Silva

    ස්තුතියි කවිනූ....
    පළමු පෝස්ටරේ දැකපු දවසෙ ඉඳන් බලන්න බලන් හිටපු මලයාලම ට දුන්නු උපසිරැසියට...
    ඒ වගේම විස්තරයට...

    ස්තුතියි බයිස් - ඉස්සෙල්ලම මේක දෙන්න දරපු උත්සාහයට හා ඒක කළාට.

    1. Malithsank

      ඇයි අපි වෙනුවෙන් මෙච්චර ඉක්මනට සබ් එක අරන් ආව සහෝදරයෝ වෙනුවෙන් ස්තූතියි මචාන්ස් කියලා වචනයක් සදහන් කරලා නොයන්න තරම් අකෘතඥය වෙන්න එපා කියලා ඉල්ලන්න කැමතියි මේ සුපිරි මලයාලම් ෆිලුම අපි වෙතට සිංහලෙන් රසවිදින්න අවකාශය සැලසූ ඔබසැමට මගේ හද පත්ලෙන්ම ස්තුතියි කියන්න කැමතියි !!!!

  48. Kavishna

    thnx bro...

  49. dsdkavishka

    Thenks bro

  50. darshana100

    thanks saho dirga vistarayata tawat thnks budusaranai

Load more comments