කොහොමද යාළුවනේ? මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත් කෙනෙක්. මේ තමා මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාලා ෆිල්ම් බලපු එක තමා කළේ. ඉතින් මටත් හිතුණා උපසිරැසි නිර්මාණයක් කරන්න ඕනේ කියලා. සමාවෙන්න ඕනේ වැඩේ පටන් අරන් මාස තුනක් විතර වෙනවා. ජොබ් එකත් එක්ක ඉතින් වැඩේ එක දිගට…

කොහොමද යාළුවනේ? මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත් කෙනෙක්. මේ තමා මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාලා ෆිල්ම් බලපු එක තමා කළේ. ඉතින් මටත් හිතුණා උපසිරැසි නිර්මාණයක් කරන්න ඕනේ කියලා. සමාවෙන්න ඕනේ වැඩේ පටන් අරන් මාස තුනක් විතර වෙනවා. ජොබ් එකත් එක්ක ඉතින් වැඩේ එක දිගට කරගෙන යන්න ලැබුණේ නෑ. පළවෙනි එක නිසා ටිකක් පරිස්සමට තමා වැඩේ කළේ. ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අරන් ආවේ 2003 වර්ෂයේ තිරගත වුණු Kangaroo Jack චිත්‍රපටය.
මේක Comedy, Adventure ගණයට අයත් වෙන චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David McNally විසින්. මේකෙ Jerry O’Connell (Jerry Maguire -1996), Anthony Anderson (Transformers -2007) හා Estella Warren (Planet of the Ape -2001) යන අය රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයට IMDB වලරේටින්ග්ස් 4.4ක් ලැබිලා තියෙනවා.
හොදයි දැන් කතාව පැත්තට හැරෙමු. කතාවෙ මුල් හරිය කෙටි කරලා කියන්නම්.මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ චාලි සහ ලුවිස් කියන කුඩා කාලේ ඉඳන් යාළුවො දෙන්නෙ ක් ගැන. චාලිගෙ තාත්තා නැතිවුණාට පස්සෙ අම්මා විවාහ වෙන්නේ පාතාලයේ නායකයෙක් එක්ක .එයා මේ දෙන්නට වැඩක් බාරදෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිහෙකුට සල්ලි පාර්සලයක් බාරදෙන එක. ඒකට යන අතර මගදි එයාලගෙ අතින් කැන්ගරුවෙක්ව හැප්පෙනවා.ඊට පස්සෙ වෙන දේවල් ටික කතාව බාගෙනම බලන්නකෝ.කාලෙකින් බලපු, හම්බුනු නියම comedy film එකක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. හොදයි යාළුවනේ එහෙනම් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජයවේවා!!!!
56e52a9e5f41663f1fba33dd48df21b8b4e7ba5b ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
973 downloadsDownload 201506182037baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ප්‍රබෝද්
Subtitles
16 comments
Thanu
කොස්තා
එල වැඩක් සහෝ.. තැංකූ සබ් එකට..
“චූටී මල්ලි”
tnx
isuru
පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ!
Ishan
Gud luck bro...
එල්.සි. දමැල්
අප්ච්චියේ පළවෙනි උපසිරසටම ගෙනැත් තියෙන්නෙ නියම කොමඩියක් නොව තරිඳු සහෝ...
මට මතකයි මම මේක පොඩි කාලෙ බැලුවා සී ඩී එකකින්...
මොනා උණත් එන මාසෙ සිංහල සබ් එක්කම ඩේටා අළුත් උණාම මේක අරන් බලනවාමයි...
උපසිරසට ස්තූතියි වගේම අඩවියට සාධරෙන් පිලිගන්නවා...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARINDU saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
thisal
comedy ptxxxxxxxxxxxx elxxxxxx තෑන්ක්ස් සහෝ!
indika
ජයවේවා……
පැතුමි ඉෂාර
මචො සබි එකට ස්තුතියි, පුලුවන්නම් මේ ෆිලුමටත් සබි එක දියන්කො... Polladhavan (2007) පුලුවන්නමි ලොකු දෙයක්
අසිත
මේක t.v එකේ බැලුවා.හොද කොමඩියක්.
කැලුම් ගුණසේකර
පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම්. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thawath comedyak... Thanx saho