කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, 1996දී තිරගත වුණු Khamoshi: The Musical චිත්‍රපටය තමා මම මේ පාර අරගෙන ආවේ. Hum Dil De Chuke Sanam (1999), Devdas (2002), Black (2005), වැනි සම්මානනීය, ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සංජ…

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, 1996දී තිරගත වුණු Khamoshi: The Musical චිත්‍රපටය තමා මම මේ පාර අරගෙන ආවේ.

Hum Dil De Chuke Sanam (1999), Devdas (2002), Black (2005), වැනි සම්මානනීය, ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සංජේ ලීලා බන්සාලිගේ මුල්ම සිනමා සලරුව තමයි කාමෝෂි කියන්නේ. කතාව ලියා ඇත්තේ ද ඔහු විසින්.

මනීෂා කොයිරාළ, සල්මන් ඛාන්, නානා පටේකාර්, සීමා බිස්වාස්, හෙලන්, රඝුවිර් යාදව් රංගනයෙන් දායක වෙයි. මනීෂා මෙන්ම නානාගෙන් ද අද්විතීය රංගනයක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. එවර පැවතුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නිළිය ඇතුළු සම්මාන දහතුනකට ජනප්‍රිය අංශයෙන් නිර්දේශ වුණු අතර එය එවර එක් චිත්‍රපටයක් සඳහා ලැබුණු වැඩිම නිර්දේශ බවට පත්විය, ඉන් හොඳම ගායිකාව ලෙස කවිතා ක්‍රිෂ්ණමූර්ති සහ හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ශබ්දප්‍රයෝග සම්මාන ත්‍රිත්වය හිමිකරගත් අතර විචාරක අංශයේ හොඳම චිත්‍රපටය කාමෝෂි විය, විචාරක අංශයේ හොඳම නිළිය වුණේ කාමෝෂි වෙනුවෙන් මනීෂා කොයිරාළයි.

කතාව කිව්වොත්, ජෝසෆ් සහ ෆ්ලෙවි කියන්නේ ගෝආවල ජීවත් වෙන ගොළු බිහිරි යුවලක්, මේ යුවලගේ දියණිය වන ඇනීගේ කතාව තමා මේ චිත්‍රපටයේ දිගහැරෙන්නේ, ඇය තමන්ගේ ආශාවන් පසෙක ලා සම්පූර්ණ අවධානය යොමු කරන්නේ තමන්ගේ ගොළු බිහිරි දෙමාපියන්ට, අයගේ මිත්තණියගේ ආභාෂයෙන් ඇය සංගීතයට ප්‍රියයි, නමුත් තම මාපියන්ට සංගීතයට සවන් දෙන්න බැරි නිසා ඇය දෙලොවක් අතර තනි වෙනවා. ඔහොම කාලය ගෙවෙනකොට ඇයට රාජ්ව මුණ ගැහෙනවා… මේක සංවේදී, සංගීතමය කතා පුවතක්.

මේක සංගීතමය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ජතින් – ලලිත් දෙපලගේ සංගීතයෙන්, මජ්රූහ් සුල්තාන්පූරිගේ පද රචනයෙන් හැඩවුණු ජනප්‍රිය ගීත රැසක් මේ චිත්‍රපටයේ තිබෙනවා, මේ ගීත කවිතා ක්‍රිෂ්ණමූර්ති, අල්කා යාග්නික්, කුමාර් සානු, උදිත් නාරායන්, හරිහරන් වැනි විශිෂ්ට ගායක, ගායිකාවන් විසින් ගායනා කරනු ලබයි.

අනූව දශකයේ හින්දි සිනමාවේ සොඳුරු කතන්දරවලට ප්‍රිය කරන ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුත්තක් ලෙස මේක නිර්දේශ කරනවා.

එහෙනම් ආයෙත් කවදාහරි දවසක උපසිරැසියකින් මුණ ගැසෙමු… අදහසක් පළ කරගෙන යන්න.
ගිහින් එන්නම්.

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

2,032 downloadsDownload Khamoshi-The-Musical-1996.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,032 downloadsDownload Subtitles47 KB

9 comments

  1. ශාමල් මනෝජන්

    පිපාසයට පැන් පොදක් වගේ සහෝ.

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    තව 90 දශකයේ හින්දි චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි.

    සල්මන් ඛාන් ගේම,

    Baaghi - 1990
    Love - 1991
    Kurbaan - 1991 වැනි චිත්‍රපට සඳහා හැකිනම් උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි.

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. කැරීනා

    සබට බොහොමත්ම තුති.
    චලෝ ඉශ්ක් ලඩායේ
    ප්‍යාර් දිවානේ හෝතා ඒ ඒවටත් සබ් දෙන්න

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Pavith Wijesooriya

    Thanks

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Lasantharathnasirirox

    බොහෝම ස්තුතිය සසිත සහෝදරයා සිංහලයට..ජයවේවා !