ඇක්ෂන් එක්ක රොමෑන්ස් තියෙන චිත්‍රපටියක් බලමුද! හැමෝම බලන්න ආස කැටගරියක් තමයි ඒ. පෞද්ගලිකවම මාත් හරි ආස කැටගරියක් ඒක. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ 2021 වර්ශයේ තිරගත වූ ලස්සන ආදර කතාවක ෆුල් පැකේජ් එකක් ගැන. මේ චිත්‍රපටය 2018 වර්ශයේ නිකුත් වූ RX100 නම් තෙළිඟු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් බව මුලින් කියල…

ඇක්ෂන් එක්ක රොමෑන්ස් තියෙන චිත්‍රපටියක් බලමුද! හැමෝම බලන්න ආස කැටගරියක් තමයි ඒ. පෞද්ගලිකවම මාත් හරි ආස කැටගරියක් ඒක. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ 2021 වර්ශයේ තිරගත වූ ලස්සන ආදර කතාවක ෆුල් පැකේජ් එකක් ගැන. මේ චිත්‍රපටය 2018 වර්ශයේ නිකුත් වූ RX100 නම් තෙළිඟු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් බව මුලින් කියල ඉන්න ඕනේ. හිතනවා ඔයාලා හැමෝම වගේ මේ හරිම දුෂ්කර කාලයේ සනීපයෙන් නිරෝගීව ඇති කියල. 2021 වර්ෂය නම් ඉවරයි, 2022ට පය තියල අපිට මේ අවුරුද්දේවත් සිනා මුසුවෙන් ජීවිතය ගත කරන්න හැකියාව ලැබෙන්න පුළුවන් වෙන්න කියල ඔන්න මාත් ප්‍රාර්ථනා කරනවා. කොවිඩ්-19 වෛරසය හමුවේ දාහස් දුෂ්කර මැද්දකට මුහුණ පාන්න වුණු හැමෝමට කණගාටුව ප්‍රකාශ කරන ගමන් තමුනුත් පරිස්සම් වෙලා අපිත් පරිස්සම් වෙලා මේ ගමන් යමු කියන සිතුවිල්ලත් එක්ක අපි අද චිත්‍රපටය ගැන කතා කරමු එහෙනම්.

ත්‍රෛයිලෝක විජය ප්‍රතයක් රෝල් කර කටේ ගහගෙන එහි නියම සැනසීම විඳිමින් තමන් එක සිතින් ආලය කළ තරුණියව සිහි කරමින් සිටින දරදඬු තරුණයෙක්. මෙවැනි චරිතයක් තමයි අපිට මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන නළුවා වන අහාන් ශෙට්ටිගෙන් දැකගන්න පුළුවන් වෙන්නේ. අහාන් ශෙට්ටි කියන්නේ කවුද කියල දන්නේ නැති අයට මෙම ලාබාල තාරුණ්‍යා ගැන මම වචනයක් කියන්නම්. ඔයාලා දන්නවා වෙන්න ඕනේ මම කියන්න යන මේ නළුවා ගැන නම්. අහල තියෙනවද සුනිල් ශෙට්ටි ගැන? අවුරුදු 25කට වැඩිය සිනමා ක්ෂේත්‍රයේ වෙසෙන මේ නළුවා නොදන්නා පිරිසක් නැති තරම්. චිත්‍රපට 100කට පමණ වැඩියකට තම රංගන දායකත්වයෙන් සහයෝගය ලබා දී ඇති මේ නළුවාගේ පුතා, අහාන් ශෙට්ටි තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විදියට කටයුතු කරන්නේ. අහාන් ශෙට්ටිගේ ප්‍රථම චිත්‍රපටය වන්නේද මෙම Tadap චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන නිළිය වශයෙන් කටයුතු කරන්නේ ටාරා සුතාරියායි. ඇය මීට පෙර Student of the Year 2 හා Marjaavaan යන සාර්ථක ලෙස තිරගත කෙරූ චිත්‍රපට දෙකෙහි තම රංගන දායකත්වයෙන් සහයෝගය දක්වා ඇත.

හින්දි චිත්‍රපටයේ මෙන්ම තෙළිඟු චිත්‍රපටය නිර්මාණය වන්නට එක් තරුණයෙකුගේ සත්‍ය සිදුවීමක් හේතු කොට තියෙන බව කියල ඉන්න ඕනේ. මේ කතාව ඇත්තටම මතුවන්නේ හයිද්‍රබාදයේ ඉපදුණු තරුණයෙක් වන ශිවාගෙන්. 2014 වර්ෂයේදී මියගිය ශිවාට එවිට අවු: 33ක වයසැති තරුණයෙකි. මේ හින්දි රීමේක් එකේ රඟපාන ඉශානා චරිතය ලෙස ශිවාද, රමීසාගේ චරිතයට හේතු වන්නේ ශිවාට එම සිද්ධියට මුහුණ දීමට මුල දුන් තරුණියගේ චරිතයයි. අන්තර්ජාලයේ එම තරුණියගේ පිංතූර නැත. එයට හේතුව ඇයගේ චරිතය ඝාතනය විය හැකි වීම නිසා සැළකිය හැක. මෙහි කතා රසස්වාදය වැඩි කිරීමට මෙම කතාවට තව චරිත හා රසවත් සිදුවීම් එකතු කිරීමට රචකයන් හේතු කොට ගෙන ඇත. ශිවාගේ පිංතූරයක් මෙම චිත්‍රපටයේම වගේම මෙම හින්දි චිත්‍රපටයේ නැවත නීර්මාණයක් වන්නට හේතු වූ තෙළඟු චිත්‍රපටයේ අවසානයේද දැක ගැනීමට හැකිය. චිත්‍රපටයේ දැක හැක්කේ ඔහුගේ සත්‍ය ජීවිත කතාවද එහෙත් එහි සමහර තැන්හි චිත්‍රපටයේ රසස්වාදය වැඩි කිරීමට යොදා ඇති බව චිත්‍රපට නිර්මාණකරුවන් පවසා ඇත.

– සත්‍ය සිදුවීමට මුහුණ දුන් ශිවා නම් තරුණයා –

2019 වර්ශයේදී සදිඩ් නාදියද්වාලා නිවේදනය කරල තිබුණා RX 100 යන තෙළිඟු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් කීරිමට හා එයට සුනිල් ශෙට්ට්ගේ පුතාවන අහාන් ශෙට්ටිවත් හා නිළිය ලෙස ටාරාවත් යොදාගන්න බව. මෙහි අධ්‍යක්ෂකවරයා වන මිලාන් ලුත්‍රියා වැඩ මුළුවකදී දැක තිබෙනවා අහාන් ශෙට්ටි හා ටාරා අතර වෙනමම චෙමිස්ට්‍රියක් (සංයෝගයක්) ඇති බව. මස්සූරියේදී චිත්‍රපටයේ පළමු රූ ගත කිරීම ආරම්භ කොට ඇති අතර 2021 මාර්තු මස 10 වෙනිදින චිත්‍රපටයේ රූගත කිරීම අවසානයට ගෙන ඇත. Tadap චිත්‍රපටය 2021 දෙසැම්බර් මස තුන් වෙනි දින ලොවපුරා සිනමාහල් වල තිරගත කොට ඇත. මෙහි සංගීතය සඳහා ප්‍රීතම්ගේ කණට මිහිරි සුසංයෝගය එකතු කරල තියෙනවා. ඒවගේම චිත්‍රපටය බලනකොට ඔයාලට තේරෙවි සංගීතය කියන එක අවශ්‍ය තැනට හරිම තැනදි එකතු කරල තියෙනව විදිය.

තවත් විශේෂ කරුණක් ලෙස එක් කළ හැක්කේ චිත්‍රපටය සඳහා යොදාගෙන ඇති මොටර්-බයිකයයි. මේ බයික් එක Vardenchi වර්ගයේය. චිත්‍රපටය සඳහාම මෙය වැඩි දියුණූ කොට ලබා දී ඇත. මෙම කම්පැනියෙන් සුනිල් ශෙට්ටි හට විශේෂ සත්කාරයක් ලෙස ඔහුටඩ්ග රෝයල් එන්ෆීල්ඩයක් වැඩි දියුණු කොට ලබා දී ඇතිබව ප්‍රචාර මඟින් දැනගන්නට ලැබුණි. එහෙත් RX100 චිත්‍රපටය සඳහා යොදාගෙන ඇත්තේ YAMAHA වර්ගයේ බයිකයකි. සුනිල් ශෙට්ටි හට මෙම චිත්‍රපටය සඳහා වෙනම බයිකයක් අවශ්‍ය නිසාවෙන්ම අක්ෂයි වර්දේ නම් ව්‍යාපාරිකයාගේ කම්පැනියක් වන Vardenchiට මෙම බයිකට වැඩි දියුණු කිරීමට ලබා දි තිබුණි.

– Vardenchi ආයතනයේ කළමණාකරුවන් හා සුනිල් ශෙට්ටි –

සාර්ථක ලෙස තිරගත වුණු මේ චිත්‍රපටයේ බජට් එක ඉන්දියානු කෝටි 27ක ප්‍රමාණයක් වැය වී තිබුණු අතර මෙහි ලොව පුර තිරගත කිරීමෙන් කෝටි 34ක බොක්ස් ඔෆිස් එකක් ලබාගන්න හැකිවෙලා තියෙනවා. ඉතින් Disney+ Hotstar හරහා ජනවාරි මස 28 වෙනි දින ස්ට්‍රීම් කෙරුණු අතර ඔයාලට පුළුවන් ඉක්මනට මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසි ගේන්න ඔන්න මම කටයුතු කළා. එහෙනම් ලස්සන ට්විස්ට් එකක් තියෙනව මේ ආදර කතාව නරඹන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරගමන් පරිස්සමෙන් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා.!

විශේෂ ස්තූතිය :- මයුර සුරාජ්

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.

14,808 downloadsDownload Tadap-2021.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

14,808 downloadsDownload Subtitles52 KB

40 comments

  1. Naveen Mbr

    සබ් එකට ස්තූතියි!

  2. DMT SANJEEWA

    bro daddy fillm akkata sub denna puluwanda

  3. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Asanka

    ලිපියේ මුල් පේලි 2,3 කියවද්දි ෆුල් කික් එකක් ආවා කාලෙකින් සුපිරියක් තමයි කියලා හැබැයි rx 100 යේ remake එකක් කිව්වා විතරයි ඒක නැතිවුනා ඇයි rx 100 බැලුවනේ(remake බලලා වැඩක් නෑ නෙ)
    කොහොමවුනත් තෑන්ක්ස් සහෝ ඉක්මනින්ම සබ් එක ගෙනාවට, rx 100 නම් සුපිරිම ෆිලුම බලපු නැති අය අනිවා බලන්න මේකවත්....
    අලුතින් ආපු අනිත් ඉන්දියන් ෆිල්ම් (මලයාලම් ,තෙලුගු,කන්නඩ) ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු බයිස්කෝප් !

  5. නිර්මාල් විමුක්ති

    නියමයි පසිඳු අයියේ...
    ඉක්මනටම ගෙනල්ලා...
    සුපිරියක් තමයි ඈ

  6. Anonymous

    සබට බොහොමත් ස්තූතියි මචෝ....

  7. Arawinda Sunimal

    thanks enakam balan hitiye jayawewa..........

  8. Kushan

    Sub akta thanks

  9. BeMax

    Thnx mcn. Bs

  10. Sameera

    සබට ස්තූති....
    හැබැයි...
    BRO DADDY
    AKHANDA
    ELLAM SHERIYAKKUM
    SKY LAB
    මේවා එනකන් තමයි බලන් ඉන්නෙ ඉතින්...

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  12. Naveen

    උපසිරසියට තුති

  13. Anonymous

    ඉන්දියන් එකකට මුලින්ම සබ් එකක් දුන්නේ කාලෙකින් බයිස්කෝප් එකෙන්

  14. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  15. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  16. Samith

    Thanks brother

  17. Anonymous

    තෑම්ක්ස් බොම්ක

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  21. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  22. Anonymous

    තැන්කු වේවා
    Bro daddy එකත් සබ් දෙන්නකො

  23. oshanda

    එල කොල්ලෙක්... නියමයි

  24. Anonymous

    Thanks jayawewa....!

  25. Anonymous

    Patta

  26. Shehan Lakmal

    Hell Hath No Fury 2021 sub 1a dennko

  27. Anonymous

    ඉක්මනින් සබ් එක ගෙනාවට ස්තුතියි

  28. Redrux

    Thnkz bro

  29. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. නියමෙට තිබුන සබ් එක.

  30. Anonymous

  31. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  32. Anonymous

    The great indian murder tv series ekata sub dennako

  33. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  34. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Prasad Perera

    Rex100 නම් සුපිරියක්. මේකත් එහෙම ඇති. ස්තූතියි බ්රෝ

  37. sayu

    ek villain returns ekata sub dennako

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  39. Anonymous

    aney how to download film

  40. Shehan

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි