2020 කොරෝනා සමයේ සිනමාශාලා මගහැරලා OTT මාධ්‍යයෙන් එලිබැහැපු Khuda Haafiz (2020) චිත්‍රපටය කාටවත් අමතක නැතුව ඇති. විද්‍යුත් ජම්වාල් ඉන්න චිත්‍රපටයක් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැනේ. මිනිහා ඉන්නේ මොන චිත්‍රපටියෙද, ඒකෙ ක්‍රියාදාම ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දේකුත් නැහැ. හැබැයි මේ Khuda Haafiz කියන්නේ…

2020 කොරෝනා සමයේ සිනමාශාලා මගහැරලා OTT මාධ්‍යයෙන් එලිබැහැපු Khuda Haafiz (2020) චිත්‍රපටය කාටවත් අමතක නැතුව ඇති. විද්‍යුත් ජම්වාල් ඉන්න චිත්‍රපටයක් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැනේ. මිනිහා ඉන්නේ මොන චිත්‍රපටියෙද, ඒකෙ ක්‍රියාදාම ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දේකුත් නැහැ. හැබැයි මේ Khuda Haafiz කියන්නේ මිනිහගේ ක්‍රියාදාම වගේම රංගන හැකියාවත් යම් මට්ටමකට එලියට දීපු චිත්‍රපටයක් කියලා නම් බලපු හැමෝම සාක්ෂි දේවි.
ඉතින් ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න සමතයකට පත් කරන්න හිතාගෙන විදෙස් ගත වෙච්ච තමන්ගේ ආදරණීය බිරිඳගේ හදිසි අතුරුදහන් වීම ගැන හොයන්න යන කතන්දරයක් තමා Khuda Haafiz චිත්‍රපටියේ තිබුණේ. බලපු අය දන්නවා ඇති මොන මොන බාධක කම්කටොළු වලටද සමීර්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා. කොහොමහරි මේ හැමදේම ජය අරගෙන හැමදේම විසඳගෙන තමන්ගේ ප්‍රිය බිරිඳ නාර්ගිස්ව ආපහු ගෙදරට එක්කන් එන්න සමීර්ට පුළුවන් වෙනවා. පළමු චිත්‍රපටය අවසානයේදි හැමෝටම හිතෙන්න ඇති “ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ” නේද කියලා.
ඒත් ඒක එහෙමම නෙමෙයි කියලා අපිට පෙන්නනවා මේ දෙවැනි කොටස එළිදැක්වීමෙන්ම. තමන් විදෙස් රටකින් බේරගෙන ආපු තමන්ගේ ආදරණීය බිරිඳ නර්ගීස් දැන් කලින් හිටපු කෙනා නෙමේ නේද කියලා සමීර්ට හිතෙන්න ගන්නවා. නර්ගීස් හිටියේ මානසිකව හොඳටම වැටිලා. පිටරටදි විදේශිකයන් ඇයට සිදුවෙච්ච අතවර නිසා ඇය ජීවත් වුණේ ලොකු කම්පනයකින්. හිටි ගමෙන් ගැස්සිලා නින්දෙන් ඇහැරෙනවා. සමීර් එක්ක එකට නිදාගත්ත කාලයක් ඇයට මතක නෑ. කාමර දෙකක වෙන වෙනමයි එයාලා කාලය ගත කළේ. ළඟකදි ඇය හිනා වෙලා නෑ. මේ හැමදේමත් එක්කලා දෙන්නගේ පවුල් ජීවිතය නම් හොඳින් නෙමේ ගෙවුනේ. දෙන්නම එකම ගමනකට එකට පිටත් වුණා නම් ඒ ගියේ මනෝ වෛද්‍යවරයව හම්බවෙන්න විතරයි.
ඉතින් මේ ගතවෙන නීරස ජීවිතේ කෙළවරකට ගෙනියන්න ඕන කියලා සමීර්ට හිතෙනවා. නර්ගිස්ට සිද්ධ වෙලා තියෙන මේ බිඳවැටීමෙන් ඇයව ගොඩගන්න නම් ඒ දෙන්නට දරුවෙක් හිටියොත් හොඳයි කියලයි සමීර් තීරණය කළේ. ඒත් නොහිතපු විදිහට ඒකටත් ලොකු බාධාවක් එල්ලවෙනවා. හැබැයි ටික කාලෙකින් කවුරුත් නොහිතපු විදිහට එයාලගේ ජීවිතේට අලුත් අමුත්තියෙක් එකතු වෙනවා, ඒ වෙනස්ම විදිහකට. දෙන්නගේ ගෙදරට සතුට ගලාගෙන එන්න ඔන්න මෙන්න තියෙද්දි පුරුදු විදිහටම දෙවියන් ඇවිල්ලා සමීර්වයි නර්ගීස්වයි ආයෙත් පරික්ෂාවකට ලක් කරනවා. එළියේ ඉන්න රාක්ෂයෙක් ඇවිදින් එයාලට තිබ්බ එකම සතුට පැහැරගෙන යනවා. ඉතින් මේ හැමදේම රැකගන්න සමීර්ට ආයෙමත් තමන්ගේ ලේ හොල්ලගෙන අලුත් ගමනක් යන්න වෙලා තනියමම. බලමු මේ ගමන කොහොම යන්න වෙයිද කොතනින් කෙලවර වෙයිද කියලා.
ඉතින් Khuda Haafiz Chapter 2 Agni Pariksha (2022) චිත්‍රපටිය, පළමු සිනමාපටය වගේ නෙමේ සිනමාශාලා වල පහස ලබන්න වාසනාවන්ත වෙනවා. ඒත් මේ දවස් වල බොලිවුඩය ලබලා තියෙන නරක කාලේ හින්දම කෝටි 20කට වඩා අඩු ආදායමක් තමා මෙයාලා ලබාගත්තේ. අනිත් චිත්‍රපටි එක්ක බලද්දි ඒකත් ලොකු ගාණක්. ඉතින් හැමදේකින්ම පස්සේ පහුගිය සිකුරාදා මේ චිත්‍රපටිය අන්තර්ජාලය හරහා නිකුත් වෙනවා. චිත්‍රපටිය ගැන කිව්වොත් නම් සාමාන්‍ය මට්ටමේ සාම්ප්‍රදායික එකක් මට නම්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ ලබාගෙන තියෙන 8.2ක දැවැන්ත අගයත් හොඳටෝම වැඩියි කියන්ටෝන. ඒත් ඉතින් විද්‍යුත් ජම්වාල් සහ මේකේ ඉන්න ප්‍රධාන දුෂ්ටයා වෙනුවෙන්ම එක සැරයක් මේක බැලුවට පාඩුවක් නම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කියන්න ඕන, මේ කතන්දරේ ඉවර වෙන හැටියට නම් අපිට Khuda Haafiz Chapter 3 එකකුත් බලන්න සිද්ධවෙයි වගේ.. කාලයට ඉඩදීලා බලාගෙන ඉමුකෝ.
ඉතින් පලවෙනි කොටසට උපසිරැසිය අරගෙන ආපු සුභාෂිනී අක්කව ආදරෙන් මතක් කරන්න ඕන. මේකටත් උපසිරැසිය ගේන්න හිටියේ එයා වුණාට හදිසි වැඩක් වැටුණු නිසා මේක මං ගත්තා. එහෙනම් කැමති අය බලන්න ගන්න. අපි සමුගන්නවා. ජයවේවා.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
20,216 downloadsDownload Khuda-Haafiz-Chapter-2-Agni-Pariksha-2022.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
38 comments
dulan
Kushan
Sub akta thanks
Pasindu Madumal
සබට තුති වේවා සහෝ ❤️
සුභාෂිණී මල්ලව ආරච්චි
වැඩ කටයුතු ගොඩක් අතරෙ මේ උපසිරසිය බාර අරන් කළාට ගොඩක් ස්තූතියි මල්ලි. ❤️
Anonymous
Patta
Naveen
උපසිරසියට තුති
D.ravi
Ammoo Thanks broooo..blgenama hitiye mekenma danakal❤
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
විද්‍යුත්ගේ ෆයිට් ටික දැක්කත් ඇස් දෙකට සනීපයි
Anonymous
Thanks for sub
Rumesh
තැන්ක්ස් සහෝ
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
bunny
Thanks buddy
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Chaminda
Thanks Bro sub 1ta digatama sub karnna hakiwewa❤️❤️❤️❤️
Redrux
Thnkz bro
oshanda
thanks malli
Neo
Thanks brother
Keep it upSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
තැන්ක්ස් බ්‍රදර්
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Jevan
Thanks brother
Anonymous
සබට තැන්ක්ස් මචෝ
Pramod
Thank you brother
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sheron
Thanks brother for sub ..keep going ..
Anonymous
එලකිරි සුපිරිකිරි
Rajitha
සබ් එකට තැන්ක්ස් සහෝ
Malith samarawickrama
Thanks saho sub ekata
viraj
thanks.......
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Chämàrá Sâmpáth
මුල් එක වැඩිහරියක්ම ඩ්‍රාමා එක්ක හොද ප්ලොට් ට්වීස්ට් එකක් තිබ්බත් මේකෙ ඇක්ෂන් ටිකක් වැඩියි වගෙ. හැබැයි ඉතිං සීක්වල් එකක් විදිහට මරු.
සබ් එකට බොහොම තුති ආ..
පීනිස්
හෑ යකඩෝ මෙයා..
එරංග සඳරුවන්
අඩේහ්.. දෙකත් ඇවිල්ලා නේ..
උප සිරැසියට බෝම ස්තුතියි..
ජයින් ජයම වේවා..Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි !