බයිස්කෝප් කණ්ඩායම දිඟටම බොක්ස් ඔෆිස් වාර්තා අතරට ලක්වූ චිත්‍රපටි වලට සිංහල උපසිරැසිය අරගෙන ආවා නෙහ්. ඒ ආව ගමනේ තවත් බොක්ස් ඔෆිස් චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වා සාක්ෂි දැරීමටයි අද ආවේ. මේ අවුරුද්දේ නිකුත් වුණ හිට් බ්ලොක්බ්ලාස්ටර් එකක් වන වික්‍රන්ත් රෝනා. අහල ඉන්න අයත් ඉන්න පුළුවන්, මේක ගැන දන්නෙව…

බයිස්කෝප් කණ්ඩායම දිඟටම බොක්ස් ඔෆිස් වාර්තා අතරට ලක්වූ චිත්‍රපටි වලට සිංහල උපසිරැසිය අරගෙන ආවා නෙහ්. ඒ ආව ගමනේ තවත් බොක්ස් ඔෆිස් චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වා සාක්ෂි දැරීමටයි අද ආවේ. මේ අවුරුද්දේ නිකුත් වුණ හිට් බ්ලොක්බ්ලාස්ටර් එකක් වන වික්‍රන්ත් රෝනා. අහල ඉන්න අයත් ඉන්න පුළුවන්, මේක ගැන දන්නෙවත් නැති අය ඉන්න පුළුවන්. ඒත් නොදන්න ප්‍රමාණය අඩුවෙන්න ඕනේ පොතේ හැටියට. මොකද කන්න්ඩ සිනමාවේ බිහිවුණු තවත් පෙරළිකාරී චිත්‍රපටියක් තමයි වික්‍රන්ත් රෝනා කියන්නේ. මෑතකදී කන්නඩ සිනමාව පෙරළුව. K.G.F: Chapter 1 ගැන හැමෝම දන්නව නෙහ් ඉතින්. කේ.ජී.එෆ් එක නිසා සිනමා රසිකයන් බොහෝ දෙනෙක් කන්නඩ සිනමාවට ආදරය කරන්න ගත්තා. ඒ ආදර තවත් වැඩි කරන්න ඒ චිත්‍රපටියේ දෙවනි කොටසටද, මේ අවුරුද්දේ නිකුත් වුණු 777 Charlieටද හැකියාව හම්බවුණා. මෙම චිත්‍රපටිය සිනමාහල් වලට නිකුත් වෙන්න කලින් ඉඳන්ම ඉන්දියානු සිනමා රසිකයන් මේ චිත්‍රපටිය ගැන ගොඩක් කතාබහ වුණා. අනූප් භන්ඩාරි අතින් ලියැවුණු හා ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ සැකසුණු මෙම චිත්‍රපටිය කන්නඩ, හින්දි, මලයාලම්, දෙමළ හා තෙළිඟු කියන ඉන්දියානු භාෂා 5කින් නිකුත් වූවක්. IMDb දර්ශකයේ 9.6ක දර්ශකයක් මේ චිත්‍රපටියට හම්බවෙනවා. ඒවගේම තමයි මේ චිත්‍රපටියට හම්බවෙන ප්‍රතිචාර හා රිවීව්ස් කන්දරාව. ඩාක් ෆැන්ටසි, ත්‍රිලර් චිත්‍රපටි බලන්න ආස අයට ගොඩක් හොඳ චිත්‍රපටියක් කිව්වොත් හොඳයි කියන ගමන් අද එහෙනම් කතා කරමු 2022 හොල්ලපු වික්‍රන්ත් රෝනා ගැන.

මේකේ ප්‍රධාන නළුවට ඉන්නේ කවුද කියල දන්නවනේ. නමින් ඔහු සුදීප් සංජීව්. නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර රචකයෙක් හා ගායකයෙක් වන මොහු සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ Thayavva නම් 1997දී නිකුත් වුණු චිත්‍රපටයකින්. කන්නඩ සිනමාවේ විශාල පෙරළියක් කළ මොහු එතනින් ඔබ්බට දමිළ, තෙළිඟු, හින්දි චිත්‍රපටිවල පවා තම රංගන දායකත්වයෙන් යෙදී තියෙනවා. කන්නඩ ෆිල්ම් ෆෙයා ෆෙස්ටිවලහී හොඳම නළුවාට හිමි සම්මානය පිට පිට තුන්වරක් ලබාගෙන තියෙනවා. ඒ ඔහු විසින් රඟපෑ, Huchcha, Nandhi හා Swathi Muthu නම් චිත්‍රපටවලට. 2001 වසරේ තිරගත වූ Huchcha නම් චිත්‍රපටියේ ඔහුගේ රංඟනයට රසිකයන් විසින් මොහුට ‘කිච්චා සුදීප්’ කියන නම කියන්නට යෙදුණා. අදටත් රසිකයන් මොහුව හඳුන්වන්නේ කිච්චා සුදීප් කියල. 2008 වසරේ නිකුත් වූ Phoonk චිත්‍රපටයෙන් පළමු බොලිවුඩ් චිත්‍රපටයත්, 2012 වසරේ නිකුත් වූ Eega චිත්‍රපටයෙන් පළමු තෙළිඟු චිත්‍රපටයට තම රංඟන දායකත්වයෙන් සහය වූවා. පෞද්ගලිකව මට නම් පොරව සෙට් වෙන්නේ රාජ්මෝලිගේ Eega චිත්‍රපටියෙන්. දුෂ්ටයා විදියට කතාවේ චරිතේ රඟ දැක්වුවත්, ඒකට උපරිම සාධාරණයක් කරල තිබුණා කියල නම් විශ්වාසයි. මේ ව්දියට අවුරුදු ගණනාවක් මේ සිනමා ක්ෂේත්‍රයේ නළුවෙක් වගේම ඔහුගේ අනෙකුත් හැකියාවන් ගෙනුත් තම දායකත්වය දෙද්දී අද අපිට මොහු ගැන කතා කරන්න වෙන්නේ, ඔහුගේ මීළඟ චිත්‍රපටය වූ වික්‍රන්ත් රෝනා ගැන.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අනූප් භන්ඩාරි විසින්. මොහු තම වෘත්තීය ලෙස තෝරගන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට. ඒකේ නියැලෙන ගමන් කෙටි චිත්‍රපට කිහිපයක්ද නිර්මාණ කළා. අවුරුදු ගාණක් වැඩ කලද තම ආසාවට මුල් තැන දෙමින්, ඔහුගේ පළමු චිත්‍රපටය වන RangiTharanga කියන කන්නඩ චිත්‍රපටය, මොහුගේ සිනමා අධ්‍යක්ෂණ දිවියේ හැරවුම් ලක්ශ්‍ය බවට පත් වෙනවා. ලොවපුරා සිනමාහල් රැසක තිරගත වුණු පළමු කන්නඩ චිත්‍රපටය, නිව් යෝක් බොක්ස් ඔෆිස් වාර්තා ලැයිස්තුවට ආ පළමු කන්නඩ චිත්‍රපටය හා දින 50ක් තිස්සේ ඇමරිකාව තුළ තිරගත වූ පළමු කන්නඩ චිත්‍රපටය ලෙස මොහුගේ මෙම ප්‍රථම අධ්‍යක්ෂණය විශිෂ්ට නිර්මාණයක් වී සම්මාන සඳහාද උරුමකම් කියනවා. එසේ තම ප්‍රථම චිත්‍රපටය විශිෂ්ට හැරවුමක් කරගත් ඔහු සිනමා රැසක් අධ්‍යක්ෂණය කොට කිච්චා සුදීප් සමඟ වැඩ කරන පළමු චිත්‍රපටය ලෙස වික්‍රන්ත් රෝනා මීළඟ හැරවුම් ලක්ශ්‍ය බවට පත් කරගන්නවා. සුදීප් හා අනූප් දෙදෙනා කතා කරගත්තේ ඔවුන්ගේ මීළඟ චිත්‍රපටිය වන Billa Ranga Bashaa කියන චිත්‍රපටයට වැඩ කරන්න, එහෙත් අනූප්, සුදීප් වෙත ගෙන ආ වෙනත් පිටපතක් නිසා ඒකට මුල් තැන දෙන්න දෙන්නාම තීරණය කළා. මුලදී සුදීප් මේකට නවකයින්ට ප්‍රධාන චරිත දී චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය පමණක් දෙන්න හිතන් හිටියත්, පිටපත් කියවූ පස්සෙ එය වෙනස් කොට ඔහුම ප්‍රධාන රංගනයෙන් දායක වෙන්න කැමැත්ත ප්‍රකාශ කොට තිබුණා.
මෙම චිත්‍රපටිය පටිගත කරන්න පටන් අරගන්නේ හයිද්‍රාබාද් වලදී 2020 මාර්තු 2 වෙනිදා. මුලින්ම මේක නම් කරල තිබුණේ, Phantom කියල. පසුකාලෙක මේකේ නම වික්‍රන්ත් රෝනා විදියට වෙනස් කරන්නට යෙදුණා. ඉන්දියාවේ ඇති වූ දෙවෙනි කොවිඩ් රැල්ලත් එක්ක මේ චිත්‍රපටියේ රූගත කිරීම් ටික කාලයකට නතර කරල තිබුණත් 2020 ජූලි වල ෆ්ල්ම් කෲ එක ආයෙම රූගත කිරීම් පටන් ගැණුනා කියල ප්‍රකාශකොට තිබුණා. මේ චිත්‍රපටියේ චරිත ගැන ගත් කළ උඩ සඳහන් කළා වගේ ප්‍රධාන නළුවා වශයෙන් කිච්චා සුදීප් වගේම අනූප් භන්ඩාරිගේ සොහොයුරා වන නිරුප් භන්ඩාරි, නීතා අශෝක්, රවිශන්කර් ගෞඩා, මුධුසුදාන් රාවෝ හා වසූකි වයිබව් කියන රංඟන ශිල්පීන් යොදාගෙන තිබුණා. ඒවගේම විශේෂ චරිතයක් ලෙස ජැක්ලීන් ෆර්නෑන්ඩස් මෙම චිත්‍රපටියේ රක්කම්මා යන චරිතයට හා සින්දුවකට විශේෂ ආරධාති රංඟන දායකත්වයක් ලබාදී තිබුණා. තවද චිත්‍රපටියේ එක තැනක ඡායාරූප ශිල්පියෙකුගේ චරිතයට මෙහි අධ්‍යක්ෂක අනූප් භන්ඩාරි සහභාගි වී තිබුණා. නිෂ්පාදනයෙන් මන්ජුනාත් ගෞඩාගේ Shalini Arts හා අලන්කාර පාන්ඩියන්ගේ Invenio Origin සමාගම් දායක වී තිබුණා. මේ චිත්‍රපටියේ කැපී පෙනෙන දේවල් විදියට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ, ඇස් සනීප කරන දර්ශන හා කණට මිහිරි සින්දු ටිකක්. සංගීතයෙන් මේ චිත්‍රපටියට සහය දීලා තියෙන්නේ සංගීත අධ්‍යක්ෂක අජනීශ් ලෝක්නාත් කියන සංගීතකරුවා. සුදීපා හා ඔහු එකට එකතු වී කරන පළමු චිත්‍රපටියද මේකයි.
2022 වර්ශයේ පෑන් ඉන්දියා වාර්තා තැබූ චිත්‍රපටි ලෙස K.G.F: Chapter 2, RRR, Radhe Shyam, වික්‍රන්ත් රෝනා හා Major යනුවෙන් හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි සීක්වල් චිත්‍රපට පෙළක් එවි කියල සුදීප් මාධ්‍ය සාක්ච්ඡාවකදී ප්‍රකාශ කළත් එය නිල වශයෙන් තහවුරු වුණේ නෑ. අනූප් භන්ඩාරි සමඟ කරන සුදීප්ගේ මීළඟ චිත්‍රපටිය වන්නේ Billa Ranga Baashaaය. මෙම චිත්‍රපටියෙන් පසුව අනූප්ට නිදහසක් ලබාදෙන බව සුදීපා දන්වා දෙමින් තමයි සීක්වල් එකක් කරන්න හිතන් ඉන්නවා කියල කිව්වේ. එම චිත්‍රපටියටත් මේ කණ්ඩායමම ඇතිබව මාධ්‍ය සාක්ච්ඡාවේදී දෙදෙනාම ප්‍රකාශ කළා. ඒකත් මේ වගේ ත්‍රිලර් එකක් කියල තමයි කියන්නේ. චිත්‍රපටිය කොච්චර හොඳ වුණත් ඕනම දේකට ගරහන කොට්ඨාසයක් කොහෙත් ඉන්නවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටියටත් එක එක ආකරයේ අදහස් මතභේද නඟන්නට පටන්ගත්තා. චිත්‍රපටිය ලබපු හොඳම රිවීව් එක තමයි සර් රාජ්මෞලිගේ රිවීව් එක. ඔහු එහි ප්‍රකාශ කර සිටියේ “මේ වගේ චිත්‍රපටියක් කරන්න ධෛර්යයක් හා ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒක ඔබ කළා හා එය සාර්ථක වූවා. චිත්‍රපටියේ අන්තර්ගත කතාව අනර්ඝයි, මම හිතුවේවත් නැති දෙයක් කතාවේ වුණේ. ඒක නියමයි. ඒවගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගුඩ්ඩිගේ යාළුවා බාස්කර්ව”. මේ දේ එයාලා ලබපු තවත් ජයග්‍රහණයක් කියල කියන්න පුළුවන්. සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත අධ්‍යක්ෂකවරයෙක්ගෙන් මෙවැනි දෙයක් අහන්නට ලැබෙනවා කියල ඒක විශේෂයි. ඒ විතරක් නෙවෙයි ඉන්දියානු රංඟන ශිල්පීන් බොහෝමයක් හා චිත්‍රපට විචාරකයන් කිහිපදෙනෙක්ම මේ චිත්‍රපටිය ගැන ධණාත්මක අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට තිබෙනවා දැකගන්න පුළුවන් වුණා. පහත පිංතූරයෙන් ඔයාලට රාජමෞලි සර්ගේ ඒ රිවීව් එක ට්වීට් කරල තියෙන විදිය බලාගන්න පුළුවන්.
චිත්‍රපටිය සිනමාහල් සඳහා නිකුත් වූයේ 2022 ජූලි 28 වෙනි දින. කර්නාටක වල දර්ශන තල 450ක්, කොල්කටාහි දර්ශන තල් 87ක් සමඟ දර්ශන තල 3000කට වැඩි ප්‍රමාණයක 3D තාක්ෂණය ඔස්සේ වික්‍රන්ත් රෝනා තිරගතවූවා. මෙසේ සාර්ථක ගමන් මඟක් යෑමට පටන්ගත් මෙය කෙළවර වූ තැන කාටත් හිතාගන්න බැරි වුණා. මුලදී කෝටි 15ක බජට් එකකින් මෙය සෑදීමට කටයුතු ගෙන තිබුණද පසුව කෝටි 95ක් පමණ වියදම් වී තිබුණා. බොක්ස් ඔෆිස් එක ගැන කතා කළොත් පළමු දින මෙය සිනමාහල් වල තිරගත වීමෙන් කෝටි 35ක් ලබාගන්නට හැකියාව හමුවූවා. දවස් හතරක් තුළ කෝටි 100 කඩයිම පසු කීරිමිට මෙම චිත්‍රපටියට හැකියාව හම්බවුණා වගේම පළමු සතිය තුළ කෝටි 158ක් හා දෙවෙනි සතිය අග භාගයේදී කෝටි 200 සීමාවද පසු කරන්නට මෙම චිත්‍රපටියට පුළුවන් වුණා. එවැනි අවස්ථාවක් ලබාගන්න ගන්නට පුළුවන් වුණු තුන්වෙනි කන්නඩ සිනමාපටය ලෙසට වික්‍රන්ත් රෝනා පත්වූවා. පළමු හා දෙවැන්නේ පසුවූයේ K.G.F: Chapter 1 හා K.G.F: Chapter 2 චිත්‍රපට දෙකයි. Zee News තුළින් මෙය දින 27ක් තුළ ලොව පුරා සිනමාහල් වල තිරගතකොට කෝටි 210ක මුදලක් සොයාගැනීමට හැකියාව ලබාගත් බව දන්වා සිටියා.
We are blessed by all your appreciation tweets for VikrantRona
Book your tickets now: https://t.co/lgKI89wYi7
⁰#VRonJuly28 @KicchaSudeep @anupsbhandari @JackManjunath @Asli_Jacqueline#VRin3D #VikrantRona #VikrantRonaInCinemas pic.twitter.com/ej0huPVoiZ
— VikrantRona (@VikrantRona) July 28, 2022
මේ චිත්‍රපටියේ හින්දි භාෂාවෙන් බෙදාහැරිමේ අයිතිය උතුරු ඉන්දියාවට Salman Khan Films හා PVR Pictures හට පවර තිබුණා. චිත්‍රපටියේ කේරළා බෙදාහැරීම් අයිතින් දුල්කර් සල්මාන්ගේ Wayfarer Films සමාගමටත් තමිල්නාඩු බෙදාහැරීම් අයිතින් සී ස්ටුඩියෝස් සමාගමටත් පැවරී තිබුණා. මෙහි කන්නඩ භාෂාවේ සැටලයිට් අයිතින් සී කන්නඩ හා සී5 ලබාගත් බව එහි ප්‍රධානි රාඝවේන්ද්‍ර හුන්සූර් මහතා ඔහුගේ නාලිකාගේ වැඩසටහනකදී දන්වා සිටියා. මෙම චිත්‍රපටිය ඩිජිටලි සැප්තැම්බර 2වෙනි දින නිකුත් වන නිල වශයෙන් සී5 ඔස්සේ ප්‍රකාශ කළා. ඉතින් මේකේ කතාව මොකක්ද කියල මම පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ. ලිපිය කියවල හයිප් එක අරන් මේ ත්‍රිලර් චිත්‍රපටිය නරඹන්න එන්න කියල ආරාධනා කරනවා. මේ චිත්‍රපටියේ උපසිරසි ගන්වා ලීමට අවසර දුන්න ඇඩ්මින් මඩුල්ලේ තිසර නියෝ අයියටත් ස්තූති කියනවා. තවත් මේ වගේ ලස්සන චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන එන්නම් කියන පොරොන්දුවෙන් ගිහින් එන්නම්. ❤
…ගර ගර ගර ගග්ගර ජර්බා
පිර නල්කුරි නෙත්තර පර්බා…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL / HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
19,514 downloadsDownload වික්‍රන්ත්-රෝනා-2022-AKA-VR-1.zip105 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු මධුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
- #2022
- #Anup Bhandari
- #Editor's Pick
- #Indian Box Office Hits
- #John Mahendran
- #MaxxA
- #Must Watch
- #Neetha Ashok
- #Nirup Bhandari
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Sudeep
- #Vikrant Rona (2022)
- #You Decide
- #පසිදු මධුමාල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
50 comments
Anonymous
යුරාන් ධනුක (දනුවා)
අම්මෝ සුපිරි පසිඳු මල්ලි
උපසිරසියට බොහෝම ස්තූතියිBimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Kushan
Sub akta thanks
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaaaaa
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට ඒ වගේ හොඳ විස්තරයකුත් ලියලා තියෙනවා!
Anonymous
කවුරුත් Paradise Highway (2022) එකට sub දෙන්නේ නැද්ද?
Amila Gihan
Supiri, Thank you so much
මිනුල
බයිස්කෝප් එකෙන්ම බලාපොරොත්තුවෙන් හිටපු සබ් එකක්
ඉක්මනින් සබ් එක දුන්නට තෑන්ක්ස්මයුර
සබට තෑන්ක්ස් මචෝ.
වැඩි වැඩියෙන් සබ් ගේන්න සිත් පහල වේවා.Anonymous
පිස්සුනේ
Samith
Thanks brother
Das
මෙන්න ලිපි..ෆිල්ම් එකටම ගැලපෙන සුපිරිම ආර්ටිකල් එකක්..
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Naveen
උපසිරසියට තුති
Idunil Weerasinghe
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
dulan
ස්තුතියි !
Anonymous
Patta
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks for sub
Rumesh
තැන්ක්ස් සහෝ
කන්නඩ Fan
සබ වැටෙනකන් බලන් හිටපු ෆිලුමක්
තැන්ක්ස් බයිස්කෝප් මුලින්ම , ගුනාත්මකම සබක් දුන්නට
සියලුම දෙනා නරබන්න ලස්සන ෆිලුමක්Anonymous
me film aka download karaganna puluwan link akak denawasa machan
සඳරු අයියා
baiscopedownloads .co / vikrant-rona-2022-aka-vr/
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙනවා ලින්ක් ඔක්කොම
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
bunny
Thanks buddy
oshanda
තෑන්ක්ස් මල්ලි...
Redrux
Thnkz bro
Neo
Thanks brother
Keep it upSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
කන්නඩ ෆිල්ම් තව තවත් දෙන්නකෝ
Jevan
Thanks brother
Anonymous
සබට තැන්ක්ස් මචෝ
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි සහෝදරයා! ;-)
Sheron
Maxxa Fantasy Movie after long time ..Great Entertaining ..Thanks brother for sub ..keep going ..
Anonymous
එලකිරි සුපිරිකිරි
Rajitha
සබ් එකට තැන්ක්ස් සහෝ
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Malka Jayathilina Revo
උපසිරසියට තුති....
ජය වේවා........viraj
thanks......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Vikrant Rona (2022) [720p] [WEBRip] [YTS.MX] sub plz
gihan
උපසිරසියට බොහෝම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි පසිදු සහෝදරයා සිංහල උපසිරැසියට..ජයවේවා !!
jack
හොද ඇති බලන්න ඕන සබට ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vikrant Rona (2022) AKA VR Sinhala Subtitles | කමරොට්ටු ගම්මානේ මිනීමැරුම් අභිරහස! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/වික්‍රන්ත්-රෝනා-2022-AKA-VR.jpg)


තැන්ක්ස් පසියා