ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසු එක් වෙනි උපසිරැසිය අරගෙන ආවා. මම දැනට දෙමින් පවතින සුපර් මෑන් කතා මාලාවේ පස්වන කොටස වගේම සුපර් මෑන් හා සම්බන්ද හතරවන චිත්‍රපටය. Action, Adventure, Family ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටය IMDb 3.6 වැනි සුළු අගයක් ගත්තත් ලිබර්ටි ප්‍රතිමාව බේරා ගැනීම වැනි දර්ශන සහිතව මෙම ච…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසු එක් වෙනි උපසිරැසිය අරගෙන ආවා. මම දැනට දෙමින් පවතින සුපර් මෑන් කතා මාලාවේ පස්වන කොටස වගේම සුපර් මෑන් හා සම්බන්ද හතරවන චිත්‍රපටය. Action, Adventure, Family ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටය IMDb 3.6 වැනි සුළු අගයක් ගත්තත් ලිබර්ටි ප්‍රතිමාව බේරා ගැනීම වැනි දර්ශන සහිතව මෙම චිත්‍රපටය නිර්මාණය වෙච්ච කාලයේ තිබුන තාක්ෂනය උපරිම බාවිතයෙන් නිර්මාණය කරන ලද එකක් කියුවොත් නිවැරදියි.
කතාව කෙටියෙන් කියනවා නම් සුපර් මෑන් විසින් සිර ගෙයට යවන ලද ලෙක්ස් ලුතර් හිරෙන් පැනල අසාමාන්‍ය බලයක් තියන මිනිසෙක් නිර්මාණය කිරීම සහ ඔහු ලවා සුපර්මෑන්ට පහර දීම මුලිකවම සිදුවෙනවා. ඊට අමතරව ඇමරිකාව සහ රුසියාව අතර පරමාණු යුද්දයක් ඇතිවෙන්න යනකොට එයට මැදිහත්වීම, ඩේලි ප්ලනට් පත්තරේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් චිත්‍රපටය සම්පුර්ණ කරනවා. ඔයාලට චිත්‍රපටය බලලම තීරණය කරන්න කියල කියනවා..
මේ චිත්‍රපටයට පසුව මෙම කතාමාලාවේ තවත් කොටසක් නිර්මාණය වෙන්න නියමිත වෙලා තිබුනත් චිත්‍රපටයේ අයිතිය ගැන වෙච්ච ගැටළු හින්ද එය නිර්මාණය වෙන්නේ නැ. ඒක හින්දා මේ චිත්‍රපට මාලාව මෙතනින් අවසන් වෙනවා. මම ඊළඟට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ මම දැනට දෙමින් ඉන්න ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. ඉතින් එකත් අරන් ඉක්මනට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
බුදු සරණයි…!
Superman (1978) | සුපිරි මිනිසා 1
Superman II (1980) | සුපිරි මිනිසා 2
Superman III (1983) Supergirl (1984)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
185 downloadsDownload Superman.IV_.1987.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
23 comments
mithun
mithun
මෙ චිත්‍රපටය හැමොටම ප්‍රයොජනවත් චිත්‍රපටයක් වෙයි එච්චරම ලස්සනයි මෙච්චර සයිඩ් එකෙ චිත්‍රපට දිල ඇයි එක උපසිරැසි ගන්වන්න බැරි වෙල තියෙන්නෙ කියල හිතාගන්න බෑ තවමත් බ්ලුරෙ කොපි එකෙ හොදට seed තියේ එ දවස් වල dvd වල බලපු චිත්‍රපටයක් ඔය මෙක උපසිරැසි ගන්වනව න්ම් ගොඩක් සතුටු වෙයි ගොඩක් වටි බ්‍රො
වජිර රත්නායක
හැත්තෑ එක් වැනි උපසිරැසියට සුබපැතුම්
Web-බුවා
හා. හැරෙන පරක්කුවට අනිකත් දීලා. ඔබතුමා superman ට වඩා සුපිරි. :lol
ජය! :)kavinda
thank you
praneeth madu
bohoma stuti saho
withanage priyantha
අසංක සොයුර උපසිරසියට ස්තුතියි! මීට පෙර මෙය මා නරඹන ලද සිනමාපටයක්, දැන් ඔබේ උපසිරසි සමඟ නැවත නරඹන්නට පුළුවන්.
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..අසංක ප්‍රදීප් රණතුංග
පහල කමෙන්ට් කරන ලද mithun සහෝදරයා ඇතුළු චිත්‍රපට ඉල්ලන ලද සියලුම යාළුවන්ට..
ඔයාලගේ සියලු ඉල්ලීම් මම අමතක කරලා නැහැ. තව චිත්‍රපට දෙකකින් පසු ඔයාලගේ ඉල්ලීම් කිහිපයක් දෙන්න තමා හිතන් ඉන්නේ. එයාල අතරට වෙබ් බුවා, ඉෂාන් මදුෂ, රොමේෂ් නිලන්ත, තාරක, සහ මිතුන් ඔයාත් ඇතුලත්. ඉතින් ඔයා මේ කියපු එකත් සෙට් එක එක්කම දෙන්න බලන්නම්.
සියලුම කමෙන්ට් කරන යාලුවන්ට ස්තුතියි. ඔයාල ඉල්ලන ඔක්කොම චිත්‍රපට මම අනිවාර්යයෙන් සටහන් කරගන්නවා කියල නැවත වතාවක් කියන්න කැමතියි...
බුදු සරණයි..!
Web-බුවා
ස්තූති වේවා සහෝ! වචනෙත් වටිනවා. නිහතමානීත්වය හිස් මුදුනින් අගය කොට සලකනවා. :)
සහෝ මට පොඩි අවුලක් තියේ. හිතනවා ඔබතුමා මේ ගැන දන්නවා ඇති කියලා. සහෝ අපි folder එකක්, එහෙම නැත්නම් ඕනම file එකක් rename කරද්දී ඇයි ? \ : * ? ” |
මෙන්න මේ ලකුණු ටික සහය දක්වන්නේ නැත්තේ? මොකක්හරි ක්‍රමයක් තියෙද ඒ ටික unlock කරගන්න. අඩු තරමේ මේක වත් (":") මේ ලකුණවත්. මොකද ඒක ගොඩක් වටිනවා film series එහෙම rename කරද්දී, මේ වගේ, :DHARRY POTTER [2001]
HARRY POTTER :DEATHLY HALLOWS PART 2 [2011]
CAPTAIN AMERICA [1990]
CAPTAIN AMERICA :THE WINTER SOLDIER [2014]https://s17.postimg.org/52vkk5hvj/Folder_Rename_Bugs.png
ජය! :)
mithun
කියමනට බොහොම ස්තුතියි සහෝ පුලුවන් නම් මෙ ඉල්ලිම ඉක්මනට දෙන්න එක great ෆිල්ම් එකක් බලම් ඉන්නව සහෝ
අසංක ප්‍රදීප් රණතුංග
මේකයි සහෝ හේතුව. අපි බාවිතාකරන මෙහෙයුම් පද්දති (වින්ඩෝස් වගේ) වල විධාන වලට ඔය ලකුණු යොදාගන්නවා. උදාහරණයක් විදියට හිතන්න ෆයිල් එකක පාත් එකක් ගැන කතා කරනවා කියල.
ඔය ස්ලෑශ් නැත්නම් ඇල ඉර හාර්ඩ් ඩ්‍රයිව් සහ ෆෝල්ඩර් වෙන්කරන්න ගන්නවා.
ප්‍රශ්නාර්ථ ලකුණ ෆයිල් නේම් එකක එක කැරැක්ටර් එකක් හඳුන්වන්න ගන්නවා
තරු ලකුණ ෆයිල් නේම් එකක ඕනෑම අකුරු ප්‍රමාණයක් හඳුන්වන්න ගන්නවා
ඔය ඩබල් කමා එක ඕනෑම දත්තයක් ටෙක්ස්ට් එකක් ලෙස හඳුන්වන්න ගන්නවා
සේපරේටර් සහ ඩබල් ඩොට් වින්ඩෝස් පද්දතියේ විවිද ස්ථාන වල විධාන වලට ගන්නවා.අන්න ඒ හින්ද තමා මේ සලකුණු නමක් විදියට දෙන්න ඉඩ දෙන්නේ නැත්තේ. මොකද විධාන අවුල්වෙනවනේ. ඔයාට බාවිතා කරන්න තියන හොඳම ලකුණ තමා ඔය අඩු කිරීමේ ලකුණ විදියට තියන එක.
මිට අමතරව සමහර පරිගණක වැඩසටහන් වල ඩොලර් මාක් එක සහ හෑශ් ලකුණ පවා යොදාගන්න දෙන්නේ නැ. ඔය SQl එකට උදාහරණයක්.
Udara Damith B/K
වරහන් දාගන්ඩ එතකොට හරි
HARRY POTTER (DEATHLY HALLOWS PART 2) [2011]Web-බුවා
පැහැදිලි කිරීමට ස්තූති වේවා bro! මට ඕක තිබ්බ පට්ට ලොකු ගැටළුවක් කාලෙක ඉඳන්. දැන් පැහැදිලයි ඒ මොකද කියලා. :D මාත් ඔබතුමා කියන "-" mark එක තමා ගොඩක් වෙලාවට use කරන්නේ, ":"ඊට වඩා සුපිරි වගේ කියලා හිතුන හින්දා තමා ඒක unlock කරන්න ක්‍රමයක් හොයාගන්න හැදුවේ. මේ විස්තර ඇහුවා විතරයි බොක්ක cool වෙලා ගියා. මොන කෙළියකින් හරි ඕක unlock වෙලා මාත් ඕවා use කරලා windows command අවුල් වෙලා අනිවා 1TB විතර movies එකතුවකට විහිං කෙලවෙනවා. එහෙම උනානම් බාපන්කෝ ඉතිං ආයේ මුල ඉඳලා. එච්චර කරුමක්කායෙක් නෙවේද කොහෙද! :D
ජය :)
Web-බුවා
ඒකත් නරකම නෑ වගේ bro. :D :mrgreen: :D :mrgreen: :D
ජය! :)
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා!Web-බුවා
ස්තූති වේවා සහෝ! වචනෙත් වටිනවා. නිහතමානීත්වය හිස් මුදුනින් අගය කොට සලකනවා.
සහෝ මට පොඩි අවුලක් තියේ. හිතනවා ඔබතුමා මේ ගැන දන්නවා ඇති කියලා. සහෝ අපි folder එකක්, එහෙම නැත්නම් ඕනම file එකක් rename කරද්දී ඇයි ? \ : * ? " |
මෙන්න මේ ලකුණු ටික සහය දක්වන්නේ නැත්තේ? :( මොකක්හරි ක්‍රමයක් තියෙද ඒ ටික unlock කරගන්න. :D අඩු තරමේ මේක වත් : මේ ලකුණවත්. මොකද ඒක ගොඩක් වටිනවා film series එහෙම rename කරද්දී, මේ වගේ,HARRY POTTER [2001]
HARRY POTTER :DEATHLY HALLOWS PART 2 [2011]
CAPTAIN AMERICA [1990]
CAPTAIN AMERICA :THE WINTER SOLDIER [2014]Web-බුවා
ඔහ්! කෙළින්න ඉෂාන් bro ට නෙමේ riply කරේ. sorry හොඳේ. වැරදී කෙනාට riply එක වැටුණේ. ඒක 100% ආදාළ අසංක සහෝ ට :D
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
බොහොම ස්තූතියි බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
බොහොම ස්තූතියිHashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) Old is goldනෙ ;)
ජය වේවා.!Arawinda Sunimal
thanks..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

විස්වාස කරන්නත් බෑ මම ඔයව හිතින් මතක් කල සහෝ මෙ දැන්..ඔය කලින් ලබාදුන්න සුපර් ගර්ල් එකට කොමෙන්ට් එකක් දාන්න හැදුවෙ ඔය එක දකි කියල එතකොට තම මෙ දැන් මෙක දැක්කෙ.
මෙකයි කරන්නෙ සහෝ .පොඩි ඉල්ලිමක් කරන්නයි ඔනෙ. මම හිතින් හිතුව ඔයාට තම මෙක කියල බලන්න ඔනෙ කියල old චිත්‍රපට ඔය දෙන නිස එවල රසය ඔබ දන්න නිස
Please me film ekata sinhala upasirasi ganwNna bro Flight of the phoenix (2004) please bro meka supiri film ekak අන්තිම හරියෙ දැනෙන හැගීම, හරි කලාතුරකින් ලැබෙන්නේ චිත්‍රපටයකින්.. එච්චරම සුපිරි කාලෙකා කලින් බලපු . මතක් වෙල සයිඩ් එකෙ සර්ච් දුන්න බට් චිත්‍රපටයෙ ටොරෙන්ට් එක විතරයි තියෙන්නෙ සබ් නෑ. මට ඔයව මතක් උනෙ .බ්‍රො පුලුවන් නම් උපසිරැසි ගන්වන්න හිතනව ඔ මගෙ ඉල්ලිම ගැන බලයි කියල සහො
ඔය මෙතුවක් ගෙනපු චිත්‍රපටවලට ස්තුතියි