ආයුබෝවන් හැමෝටම! ඔන්න ඉතින් මේ සතියෙත් තවත් රසවත් වෙනස්ම විදියෙ කොරියානු චිත්‍රපටියකට උපසැරසි අරගෙන මම ආවා.මං කලින්දුන්න ”Confession Of Murder” චිත්‍රපටියත් හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ සැරේ ගෙනාවෙ 2015 ඔක්තොම්බර් 22 තිරගත වීම ආරම්භ කල imdb 6.5 අගයක් ලබාගත් සහ ක්‍රියාදාම/අභිරහස් /ත්‍රාසජනක ගනයට…

ආයුබෝවන් හැමෝටම! ඔන්න ඉතින් මේ සතියෙත් තවත් රසවත් වෙනස්ම විදියෙ කොරියානු චිත්‍රපටියකට උපසැරසි අරගෙන මම ආවා.මං කලින්දුන්න ”Confession Of Murder” චිත්‍රපටියත් හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ සැරේ ගෙනාවෙ 2015 ඔක්තොම්බර් 22 තිරගත වීම ආරම්භ කල imdb 6.5 අගයක් ලබාගත් සහ ක්‍රියාදාම/අභිරහස් /ත්‍රාසජනක ගනයට වැටෙන ”The Phone” කියන චිත්‍රපටිය.
ඔයාලට නැති වුණ කෙනෙක්ව ආයෙම බේරගන්න දෙවනි අවස්ථාවක් ආවොත් ඔයාල ඒ වෙනුවෙන් මොනවද නොකරන්නෙ?මේ කතාවත් පටන්ගන්නෙ සාමාන්‍ය පවුලකින්.කෝ දොන්ග් හෝ (Son Hyun-Joo)කියන්නෙ නීතීඤ්න්ග්කයෙක්.. මෙයාගෙ බිරිඳ Jo Yeon-Soo(Uhm Ji-Won)දොස්තර කෙනෙක්.ඒ වගේම එක දුවෙක් ඉන්නවා.නීතියත් එක්ක වැඩ කරන නිසා මෙයාට නිතරම මරණ තර්ජන එනවා.(?)
2014 මැයි 16 වෙනිදා මෙයාගෙ ගෙදරට හොරෙක් එනවා. (හොරෙක්මද?) ඒ වෙලාවෙ ගෙදර ඉන්න බිරිඳව මේ හොරා මරනවා. අවුරුද්දකට පස්සෙත්මිනීමරුවව හොයා ගන්න බැරි වෙනවා. ඉතින් 2015 හරියටම මැයි 16 වෙනිදා කෝ දොන්ග් හෝට මෙයාගෙ බිරිඳගෙන් කෝල් එකක් එනවා. කිසිමදෙයක් නොවුණ විදියට නෝනා මෙයා එක්ක කතා කරනවා.මැරුණ කෙනෙක් කොහොම කතා කරන්නද? මෙයා ඉස්සරලම මේක කවුරුහරි විහිළුවටකරන දෙයක් කියල හිතුවත් මෙයාගෙ දුව ඉස්සරහම දුවත් පෝන් එකෙන් මෙයාට කතා කරනවා. ඊට පස්සෙ මෙයා විශ්වාස කරනවා මේ වෙන්නෙ කලින් අවුරුද්දෙ මේ දවසෙ වුණ දේමයි කියලා. මෙයා හිතනවා එදා වුණ දේනොවුණ නම් තවමත් බිරිඳ ජීවත් වෙයි කියල. නෝනට කියනවා ගෙදර යන්න එපා කියලා. නෝන විශ්වාස කරන් නෑ මෙයාව. ගෙදර යද්දි වාහනේ හැප්පෙයි වගේම දුම්රිය පලක ගින්නක් වෙයි කියලා කෝ දොන්ග් හෝ බිරිඳට කියනවා. ඒ වගේම ඒ විදියට වෙනවා. ඒත් කලින් වතාවෙ වාහනේහැප්පුනේ ඉස්සරහ වුණත් මේ වතාවෙ හැප්පෙන්නෙ පිටිපස්සෙන්. (මේ වෙලාවෙ කෝ දොන්ග් ලග තියෙන්නෙ ඒ වාහනේ කලින් වුණ තැල්මත් එක්කම) ඒත් අතීතෙ වෙනස් වෙනකොට අනාගතෙත් බලන් ඉද්දිම වෙනස් වෙනවා .වාහනේඉස්සරහ තිබුණ තැල්මත් පිටි පස්සට යනවා.
ඒත් මෙයාට බිරිඳ කතා කරොත් විතරයි පෝන් එක වැඩ කරන්නෙ මෙයා නෝනට ගත්තට වැඩ කරන්නෙ නෑ. මෙයා පෝන් එකෙන් නෝනට කතා කරලා ඒ වෙලාවෙ බේර ගන්නවා. ඒත් මේ හොරා නවතින් නෑ නෝනගෙ පස්සෙන්ම පන්නනවා. එතකොට දැනගන්නව මේක නිකන්ම හොරකමක් විතරක් නෙමෙයි වෙන හේතුවක් නිසයි මේ මිනිහා මෙයාල පස්සෙන් එන්නෙ කියලා. අතීතෙ ඔහොම වෙනස් වෙද්දි අනාගතේ මෙයාගෙ බිරිඳගෙ ඝාතනයට මෙයාවම සැක කාරයෙක් වෙනවා. පොලීසියෙන් පැනල යන අපරාදකාරයෙක් හැටියට පවා කෝ දොන්ග් හෝව නම් වෙනවා. දුවත් එක්කරෑ කෑමට එන්න බැරි වෙනවා කියන්න කෝල් කරාම දුව කියනවා අවුරුද්දකින් කතා කරල රෑ කෑම ගැන අහන්නෙ ඇයි කියලා. ඒ වගේම දුවත්හිතන්නෙ අම්මව මැරුවෙ තාත්තා කියලා. පොලීසිය මෙයාගෙ පස්සෙන් පන්නද්දි අර ඝාතකයත් මෙයා පස්සෙන් පන්නනවා.2015 මේක වෙද්දි මෙයාගෙ 2014 ඉන්න බිරිඳ එයාගෙ ඝාතකයගෙන් බේරෙන්න පැනල යනවා.
ඉතින් කතාව බලද්දි මං මොනවද මේ කියන්නෙ කියලා තේරෙයි.ලිපියෙන් නම් මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. කොහොම හරි කාලය අතර විය නොහැක්කක් වෙන චිත්‍රපටියක් මේක. බලන්න මෙයාගෙ මැරුණ බිරිඳ බේරගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම ඇයි මෙයාලව මරන්න කවුරුත්එන්නෙ කියන එකත්. මං හිතනව හැමෝම මේ කතාවට කැමති වෙයි කියලා. තවත් කතාවකින් හම්බෙමු.ගිහින් එන්නම්.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
The Phone (2015) DVDRip 450MB Ganool
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,700 downloadsDownload The.Phone_.2015.Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
18 comments
mithun
chamalkalum
Wenas widiye kathaane saho hamadaama geenne mama.. ee nisa kisi dekata baya wenna epaa.. nitharama comment karala sahayogaya dakwanawata godak sthuithi bro
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Lushan Kuruppu
ස්තූතියි සහෝ! හොඳ කතාවක් වගෙයි..
chamalkalum
Ur welcome bro
අසිත
elama saho thanks
Kaushal
ජය වේවා ..........
maheshbabu
oyage sinhala sub tikak pahadili madhiine bro.....poddak sarala karala sub danna....
chamalkalum
Koi film ekeda pahadili madi saho??issrahata thawath sarala karala dennam.. samawenna oonaa. Eth thank you comment ekata..
Kaushalya
Thank you Saho...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks...
ishanka
thnx
Hasith
tnx macho
malith
Thanks machan
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති puluwannam Bluray walata update karannako bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න සහෝ කතා දෙකක් නෑ ෆිල්ම් එක ගන්නව ඔය මෙ පාර ගෙනත් තියෙන්නෙ බලන්න අස කරන විදියෙ ෆිලුමක් වගෙ බලලම කොමෙන්ට් දෙන්නම් බොහෝ ස්තුතියි සිංහල උපසිරැසි ගැන්නුවට පුලුවන් නම් මෙ වගෙ එව දෙන්න ගන්නව අනිවාර්යයෙන් ලොව් ස්ටොරි නැතුව...