Watch Trailer

King Kong (1976) with Sinhala Subtitles | ගෝරිල්ලා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් අටවන උපසිරැසිය අරන් ආවා. ඔයාල කවුරුත් දන්න King Kong. හැබැයි මම හිතන්නේ ඔයාල ගොඩක් අය දන්නේ 2005 දි නිර්මාණය වෙච්ච චිත්‍රපටිය (බයිස්කෝප් එකෙත් ඒකට සිංහල උපසිරසි දීල තියනවා). ඉතාමත් සුළු පිරිසක් තමා මේ චිත්‍රපටිය ගැන දන්නේ. මේ චිත්‍රපටයේ නව නිර්මාණයක්…

King-Kong-(1976)

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් අටවන උපසිරැසිය අරන් ආවා. ඔයාල කවුරුත් දන්න King Kong. හැබැයි මම හිතන්නේ ඔයාල ගොඩක් අය දන්නේ 2005 දි නිර්මාණය වෙච්ච චිත්‍රපටිය (බයිස්කෝප් එකෙත් ඒකට සිංහල උපසිරසි දීල තියනවා). ඉතාමත් සුළු පිරිසක් තමා මේ චිත්‍රපටිය ගැන දන්නේ. මේ චිත්‍රපටයේ නව නිර්මාණයක් විදියට තමා ඒ ඔයාල දන්න 2005 දි නිර්මාණය වෙච්ච චිත්‍රපටය හැදෙන්නේ. ඒ කියන්නේ මේ තමා මුල. IMDb අගය 5.8 ගත්ත සුපිරි කලාත්මක චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව. පවුලේ සියලු දෙනාටම බලන්න පුළුවන් එකක් වගේම කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක්. පරණ උනත් ඒ කාලයේ තිබුන උපරිම තාක්ෂණය බාවිතයෙන් නිර්මාණය වෙච්ච එකක් හින්ද අලුත් චිත්‍රපටයක වගේම දර්ශන හොඳයි. අර ඇමරිකාවේ ගුවන්යානා වැදිලා විනාශ වෙච්ච ලෝක වෙළඳ මද්‍යස්ථානය මේ චිත්‍රපටයේ ඔයාට දැකගන්න පුළුවන්. මොකද අවසන් දර්ශනය රුගත වෙලා තියෙන්නේ එතන.   කතාව ගැන කියනවනම් තෙල් කොම්පැනියක් හොයා ගන්නවා මුහුද මැද්දේ දුපතක් මේ දක්වා පිටින් මිනිස්සු ගමන් නොකරන ලද. එයාල හිතන්නේ එකේ ඛනිජ තෙල් තියනවා කියල. ඉතින් ඒක ගැන හොයන්න ඒ දුපතට යන අතරේ එයාල වෙනින් නැවක් අනතුරට පත් වෙච්ච තැනකින් තරුණියකුත් බේර ගන්නවා. දුපතට ගියාම එයාල දකිනවා ඒකෙ ගෝත්‍රිකයන් ජීවත්වෙන බවත් එයාල තරුණියන් සුවිසල් ගොරිල්ලෙක්ට බිලි දෙනවා කියලත්. ඉතින්  කොහොමහරිඑයාල බේර ගත්ත තරුණියත් පැහැරගෙන ගිහින් බිලි පුජාවට තියනවා. ඉතින් මේ කණ්ඩායම එයා බේර ගන්නවා විතරක් නෙවි, මේ ගෝරිල්ලා අල්ලන් ඇමරිකාවට අරන් යනවා ප්‍රසංගයක් තියන්න. ඉතින් එතනින් ගෝරිල්ලා පැනලා යනවා. ඉතින් මොනවද වෙන්නේ ඌ ආපහු දුපතට යනවද මොනවද වෙන්නේ කියල බලන්න ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.   මම ඊළගට දෙන්නෙත් ටිකක් පරණ ඒත් කලාත්මක චිත්‍රපටයක්. මොකද මම දැක්කා ඔයාල ගොඩක් අය පරණ කලාත්මක චිත්‍රපටවලට කැමැත්තක් දක්වනවා කියල. ඉතින් මම ඔයාලට පුළුවන් විදියට මේ වගේ පැරණි චිත්‍රපට අරන් එන්නම් ඉඳල හිටලා හරි, මම ඊළඟට දෙන්න හදන එක වගේ. ඒක ටාර්සන් ගැන කියවෙන චිත්‍රපටයක්. ගොඩාක් අය මේක ගැන දන්නේ නැ. ඒ හින්ද ඒක අරන් එන්නම් ඉක්මනට. ඇත්තටම පරණ චිත්‍රපට කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ගොඩක් ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ සුද්දගේ ආච්චිගේ, ඒ කියෙන්නේ පොතේ ඉංග්‍රීසි බාසාවෙන්. යාරයක් විතර දෙබසක් දිග වගේම තේරුම් ගන්න අමාරුයි තුන් හතර පාරක් කියවනකම්.   හොඳයි ඔන්න මම ගියා,.එන්න බලන්නම් ඉක්මනට කොහොම හරි. ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා.

 

 

 බුදු සරණයි….!

King Kong (1976) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

741 downloadsDownload King.Kong_.1976.Baiscopelk.com_.rar45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

741 downloadsDownload Subtitles45 KB

19 comments

  1. Withanage Priyantha Dayakeerthi

    මම පුද්ගලිකවම "පැරණි වටිනා චිත්‍රපට" ප්‍රිය කරන්නෙක්. පසුගිය කාලේ මේ වෙබ් එකේ අපට බලන්න ඒවා නිර්මාණය වුයේ නැහැ. එහෙත් මෑතක සිට එම තත්වය තරමක් වෙනස් වෙලා සොයුරන් කීපදෙනෙක් අපේ පරපුරටත් සාධාරණයක් ඉටු කරන්න පටන් අරන්, ඒ ගැන ඇත්තෙන්ම සතුටුයි. මේ චිත්‍රපටය මීට පෙර නරඹා ඇතත් දැන් සිංහල උපසිරසි සහිතව නැවතත් බලනවා. ඒ ඔබේ කැපවීම නිසා. එයට ගොඩක් ස්තුතියි! නැවතත් මෙවැනිම පැරණි එකක් කරනවා කියලා තිබෙනවා. මේ අනුව අපේ පරපුරත් මේ වෙබ් එක පාවිච්චියට හුරුවේවි. ඔබට ජය...!

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    3. Chathuranga Dilip

      yalu mata meke link eka ewanna puluwanda mata meka baganna

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    1. Chathuranga Dilip

      yalu mata meke link eka ewanna puluwanda mata meka baganna

  3. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  4. Udara Damith B\K

    බොහෝම ස්තූතියි

  5. Aman

    hoyanna amarui bn

    1. අසංක ප්‍රදීප් රණතුංග

      ඔයාල හොඳටම දන්නා Y අකුරෙන් පටන් ගන්න සයිට් එකේ මේකේ වීඩියෝ පිටපත තියනවා.

    2. Withanage Priyantha Dayakeerthi

      උපසිරසි වේලාවන් නිවරදිවීම සඳහා අදාල වීඩියෝ පිටපතේ මෙගා බයිට් ගණනත් කොමෙන්ට් එකකින් දාන්න එතකොට සොයාගන්න පහසුයි.

    3. අසංක ප්‍රදීප් රණතුංග

      සහෝ , 720P ,1080P දෙකටම ගැලපෙනවා. ඔයාලට බය වෙන්න දෙයක් නැ. සීඩිස් හොදයි මට 4G වලින් බාගත කරන්න ගියේ විනාඩි 14 යි.

  6. රයන් ද සිල්වා

    සබ් එකට ගෝඩාක් ස්තූතියි සහෝ
    ෴ජය වේවා෴

  7. kavinda

    පරණ king kong ෆිල්ම් තව තියෙනවා පුරුවන්නම් ඒවා වලට සිංහල සබ දෙන්නකො .

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  8. Tharaka

    සබ්කා එකට බොහෝ ස්ලතූතියි! කාල භේදයක් නැතිව මමනම් පැරණි හෝ අළුත් ඕනෑම හොඳයි කියලා හිතෙන සිනමා නිර්මාණ බලනවා. විශේෂයෙන්ම මාත් ආසයි අපේ කාලයේ නොවන කවදාවත් දැකපු නැති චිත්‍රපටි නරඹන්න. ඇත්තටම ඒ ඒ කාල වල මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, සංස්කෘතිය ගැන යම් වැටහීමක් පරණ ෆිල්ම් බලද්දී ලබා ගන්න පුළුවන්. මම ඔයාගෙන් පුංචි ඉල්ලීමකුත් කරන්න කැමතියි සහෝ. මම ආසයි ලෝක ලෝක විනාශයන් ගැන ෆිල්ම් වලට. ඔයාට පුළුවන්නම් ඉදිරියේදී ලෝක විනාශයන් සම්බන්ධ මෙතෙක් බයිස්කෝප් එකෙන් නොදුන් පරණ චිත්‍රපට කිහිපයකට හරි සබ් කරන්න කියලාත් මම ඉල්ලනවා. ජය වේවා! බුදු සරණයි!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Asitha

    elama thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.