ඔන්න මගේ යාළුවනේ,මගේ දෙවෙනි උපසිරසියත් අරන් ආවා. මුලින්ම මං දුන්නෙ DUS හින්දි ෆිල්ම් එකට සබ් නෙ. ඒකට ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර හම්බුනා. කමෙන්ට්ස් කරපු නොකරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මගේ දෙවෙනි සබ් එක විදියට අරන් ආවෙත් හින්දි ෆිල්ම් එකක්. පෞද්ගලිකව මං හින්දි ෆිල්ම් බලන්න ආස කෙනෙක්. සමහරවිට පොඩි කාලෙ…

ඔන්න මගේ යාළුවනේ,මගේ දෙවෙනි උපසිරසියත් අරන් ආවා. මුලින්ම මං දුන්නෙ DUS හින්දි ෆිල්ම් එකට සබ් නෙ. ඒකට ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර හම්බුනා. කමෙන්ට්ස් කරපු නොකරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මගේ දෙවෙනි සබ් එක විදියට අරන් ආවෙත් හින්දි ෆිල්ම් එකක්. පෞද්ගලිකව මං හින්දි ෆිල්ම් බලන්න ආස කෙනෙක්. සමහරවිට පොඩි කාලෙ ඉදන් බලපු නිසා වෙන්න ඇති. අද අරන් ආවෙ හොල්මන් ෆිල්ම් එකක්. සුපිරිම සුපිරි එකක්. මේ ෆිල්ම් එකේ හොල්මන් තියෙනව වගේම, ලස්සනම ලස්සන ආදර කතාවක් තියෙනවා. සමහරවිට මේක බලල ඉවරවෙද්දි ඔයාලගෙ ඇස්වලට එක කඳුළක් හරි ඇවිත් තියේවී. ඒ වගේම හොඳට බයවෙන්න පුළුවන් හොල්මන් ෆිල්ම් එකක්. ඒවගේම හොද ආදර කතාවක්.
ෆිල්ම් එක ගැන ගැන කියන්නම් දැන්. හැමෝම ආසයි තමන්ගේ ආදරය හැමදාටම තමන්ගේ කරගන්න. පෞද්ගලිකවම මමත් ආසයි ඒකට. ඔයාලත් එහෙම වෙන්න ඇති. 2004දි එළියට ආපු මේ ෆිල්ම් එකේ නම Krishna Cottage. මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න Shobha Kapoor, Ektha Kapoor. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Santram Varma. Music කරලා තියෙන්නේ Vishaal – Shekhar, Anu Malik. ෆිල්ම් එකේ ඉන්නේ අපි කවුරුත් දන්න, Salman Khanගෙ මල්ලි, Sohail Khan. Jai Ho ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරෙත් එයානේ. රේටින්ග් නම් 4.6 ක් ලැබිලා තියෙනවා. ඒත් මට පුදුමයි. මේවගේ ලස්සන ෆිල්ම් එකකට අඩු රේට් එකක් හම්බුනේ ඇයි කියල. මේක බලපු අය ඒ මං කිව්ව දේ පිළිගන්නව ඇති.
කතාව ගැන දැන් මං කියන්නම්. ෆිල්ම් එක පටන් ගන්නේ පොතක් එළි දක්වන උත්සවයකින්. ඒ පොත කොටස් 9 1/2 ක් තියෙන පොතක්. ඒ පොතේ තියෙන භයානක කමක් නිසා කොලේජ් එකේ ප්‍රින්සිපල් ඒක ගබඩා කාමරෙට දාලා වහනවා. කතාව පටන් ගන්නෙ ඊටපස්සේ.මානව්, ශාන්ති කියලා ආදරය කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ගිවිසගන්න ඉන්නෙ. එයාලගෙ යාළුවො ඉන්නව කබීර්, ආක්ශෙ, ටල්ලි, නුපූර්. දිශා කියල කෙනෙකුත් ඉන්නවා මේකෙ. අර පොත කියවන කබීර්, නුපූර් දෙන්නවම කවුරුහරි ආත්මයක් මරනවා. පස්සෙ ටල්ලිත් මැරෙනවා. කවුද කියල කිව්වොත් අගයක් නැතිවෙනවා. ඇති නේ දැන්? තව කිව්වොත් ෆිල්ම් එක බලන්න ඕන නෑනේ. විනාඩි 130ක් පුරා ආදරය, භීතිකාව රැගත් මේ ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරධනා කරනවා.
යන්න කලින් මේකත් කියන්නම්. ගොඩක් ඉස්සර මේක සිරසෙ ගියා. ඉස්සර සතියෙ දවස් වල දවල් 1.30 ට සිරසෙ හිංදි ෆිල්ම් ගියානෙ. මං නම් ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්නේ ෆිල්ම් බලන්න. මං වගේම එහෙම බලපු අයත් ඇති. මං බලපු සුපිරිම හොලමන් හිංදි ෆිල්ම් එකක් නිසා මේකට සබ් කරන්න හිතුණේ. පෞද්ගලිකවම මං ගොඩක් ආස සින්දුවක් තියෙනවා අන්තිම හරියේ. මං තවත් සබ් එකක් අරන් ආයිත් එන්නම්. මං ගොහින් එන්නම් එහෙනම්. තෙරුවන් සරණයි!
96c9d904a8a45034db3ff288f7e4c89821c442d7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,049 downloadsDownload Krishna.Cottage.2004.baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilumR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලුම් RaNDika (DiL) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලුම් රන්දික
Subtitles
39 comments
ජයනි
sisiya
ඒ කාලේ මාත් බැලුවා... සුනා සුනා ලම්හා ලම්හා... ඒ සින්දුවට අදටත් මම කැමතියි... මහගෙදර කරනුත් ඉන්නවා ඕකේ.
isuru Priyantha
මාත් බලපු සුපිරිම හින්දි ෆිල්ම1ක් තමයි මේක..සබ්1ත tnx සහෝ
Ayesh
Mamanam Balala Thiyeno.. Pattai.. Sub Ekata Thank You..
Mayura Suraj
kiwwath wage pattama film ekak saho. aththamai, anthima hariyedi matath duka hithuna... horror gathiya mul hariyedi supiriyata thibila pahu weddi e gathiya tikak adu wela yanawa. man hithuwe naha, kawuruhari mekata sub dai kyl. bohoma sthuthiy saho. suna suna lamha lamha, one of best touching songs ever :-)
Kalindu
thank
thiliya
bohoma sthuthi saho..lassana film 1k.. Pulwannam "my girl and i. 2005" korean movie 1 sub dennako.. Jaya wewa :)
thilina
appata siri apahu balanna venva ehnm ona ehnm math balnvooooooooooo.:D
වරුණ රංගජිත් (වරූ)
thanks bro
Lakshyan
Thanks!!
නලින්
සිරසේ 1:30 යේ ෆිල්ම් සෙට් එක නොබලපු එකෙක් මේ ලංකාවේ ඉන්න බැහැ බං!
ස්තුතියි දිලුම් සහෝ
ජය වේවා!
Kulanjana Maduranga
pattai..subata thanks DILUM saho..Good work.thawa sub krnna shakthiya labewa.jayen jaya…………
Thanu
Math baluwa, mathaka nathi hinda ayeth balanawa. Thanx sub 1ta
Poshitha
තුන් හතරපාරක් බලපු පට්ට ෆිල්ම් එකක්..... සින්හල සබ් එකත් එක්ක දැන් අයෙත් බලන්න පුලුවන්...Thanks
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)පසිඳු සහෝ
පිස්සු ෆිල්ම් එක ඈ............. අනිවා බලන්න .... සුපිරි
kavinda gamage
ස්තුතියි දිලුම් සහෝ
jack
නියමයිනේ...
ස්තුතියි සබ් එකට.yasitha
meka e dawas wala patta asawen balapu film ekak..dethun paarakma baluwa..nobalapu un nam aniwa balaapalla...supiri horror wagema love storiyak..
හර්ෂ ලහිරු
නියමයි මාත් බලලා තියනවා :P
සබට බොහොම ස්තුතියි :P“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..........shashi
aththatama meka lassana film 1k.raaz wagema hodai,apahu balanna asawen hitiye...thank you sub 1ta...........
ලක්ෂාන් නිලංක
aniwa machan oya niyamai....tikak parana unath patta films....digata,a mewage ewa demu.....
Rnaga
thanks machan........... math oka sirase yadde baluwa... film 1ka dala thiyenawa dakkama ayeth ballanna hithuna......... sub walata thanks machan.........
tiron
thankzzzzzzzzzzzzzz.niyama movie ekak. meke kathawa mata kawadhawath amathaka wenne ne.
යශෝධ
බලපු ලස්සනම ෆිල්ම් එකක්. ගීත ටිකනම් පට්ටම ගති. බොහෝම ස්තූතිය සහෝ උපසිරසට.. ජයම වේවා.... අනිවා බානවා.. එලස්ස්ස්
sasanka
patta machan supiri film ekaka mamath podi kale sirase mejka baluva me vage prana films thava denna jaya veva
දිලුම් රන්දික
කමෙන්ට්ස් වලට තැන්කූ..3වෙනි සබ ත් එවලා තියෙන්නේ..දැම්මම බලන්නකෝ..
රොයිලි
බොහොම ස්තූතියි දිලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viduranga
Godak Sthuthi Dilum. Kalin Ekath baluwa. meka eetath wada hondata athi kiyala hithanawa
DSA
math iskole gihin dada bada gahala gedara awa sirase hindi fillms dapu kale. mekath athi wenakan balala thiyenwa eth gaththa. ayeth balanda. thanx
HimEshCrEeD
අර සින්දුව නිසාම ආයෙත් ඔන්න බලනව සුපිරි සබත් එක්කම බොහෝ සුක්‍රියා
Ama
බොහොම ස්තූතියි!!!!!!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි,ජයවේවා.
පසිඳු සහෝ
ela macho
hasith
math oka e kale baluwa. aye balanna nama mathaka nathuwa hitiye. suna suna song eka lassanai.
P.K
I've watched this movie so many times..Love it....Thanx for the sub saho...
Amalka Himeshan
Thanks
I_am_sadeep
Thanks bro sub ekata.. math meka e dawas wala sirase baluwa.. dan aye balanna hithuna.. eka RAAZ film ekata passe awa supirima ekak..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu :)