ඔන්න ඉතිං අපේ උපසිරැසි කරුවන් හත් දෙනෙක්ම පසුකරපු කඩඉම මේ කොලුවත් පසුකරන්නයි හදන්නේ. ඔව්, මේ මගේ 50ස් වෙනි උපසිරැසිය. මගේ පළවෙනි උපසිරැසිය වුනේ Kick Ass පළවෙනි කොටස. ඒ 2013 අවුරුද්දේ ජූනි 7 වෙනිදා. අද මේ පනස් වෙනි උපසිරැසිය දෙන්න මට ගත වුන කාලය මාස හතර හමාරක්. ඉතින්, බයිස්කෝප් එකට මුලින්ම එකතු වුන…
ඔන්න ඉතිං අපේ උපසිරැසි කරුවන් හත් දෙනෙක්ම පසුකරපු කඩඉම මේ කොලුවත් පසුකරන්නයි හදන්නේ. ඔව්, මේ මගේ 50ස් වෙනි උපසිරැසිය. මගේ පළවෙනි උපසිරැසිය වුනේ Kick Ass පළවෙනි කොටස. ඒ 2013 අවුරුද්දේ ජූනි 7 වෙනිදා. අද මේ පනස් වෙනි උපසිරැසිය දෙන්න මට ගත වුන කාලය මාස හතර හමාරක්.
ඉතින්, බයිස්කෝප් එකට මුලින්ම එකතු වුන දවසේ ඉදන්ම නිතරම කෝල් දීලා, බර බරේ දාලා 😀 මෙච්චර දුරකට මාව අරගෙන ආවේ අපේ ‘විකියා’ සහෝදරයා. ‘මචාං හොඳ චිත්‍රපටියක් ආවා’ 😀 අනේ අප්පේ ඉතිං කී දාහක්නං ෆෝන් කෝල් වලට වියදම් ඇත්ද මං අහන්නේ. ඒ ගැන මතක් කරන්න ඕනමයි. මොකද මම චිත්‍රපටි මට ඕන ඕන විදිහට දෙන්න ගියානම් තවමත් මම සමහරවිට උපසිරැසි දහයක්වත් නොදෙන තත්වයකට පත්වෙලා ඉන්න තිබුනා. වාසනාවකට එහෙමනම් උනේ නැහැ. ඉතිං ඒ වගේම මතක් කරන්න ඕන මේ ආපු දුර එන්න තවත් එක හේතුවක් උනේ උපසිරැසි බාගත කරගත්, කමෙන්ට් වලින් දිරි දුන්, ගල් මල් චෝදනා හැම දෙයක්ම ඉඳිරිපත් කරපු අපේ සහෝදර සහෝදරියන්ටයි. ඇත්තටම හිතෙනවා වෙන නිකං විනෝදාංශ තියෙන අතරේ හැමෝටම වැඩක් වන, උපකාරයක් වන මේ වගේ විනෝදාංශයක් මට ලැබුන එක ගැන ඇත්තටම සතුටුක්. මේ හරහා ගොඩක් මිත්රයන්ව අඳුරගන්න ලැබුනා. ඒ වගේම අපේ උපසිරැසි කණ්ඩායමවත් මතක් කරන්න ඕන. යම් අවස්ථාවකදී මට උපසිරැසියක් කරගන්න බැරිවුනහම හසන්ත සොහොයුරා උදව් කරා, ඒ වගේම අපේ උදා සොහොයුරත් මට කරගන්නම බැරිවෙලාවක උපසිරැසියක් වෙනුවෙන් ලිපියක් ලියලා දුන්නා. ඒ වගේම තවත් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. අපේ වාසල සහෝ. මට උපසිරැසියක් හොයාගන්න බැරිවුනහම කැත නැතිව උපසිරැසිය හොයලා දුන්නේ ඔහුයි. ඒවගේම අනිත් උපසිරැසි කරුවන්ටත් මේ වෙලාවේ ඇත්තටම ස්තූතිවන්ත වෙනවා. ඒ අතරට ඉංග්‍රීසි චිත්‍රපට අටක්, තෙළිඟු හා දමිළ චිත්‍රපට හතරක්, හින්දි චිත්‍රපට එකොලහක් සහ රූපවාහිණී කතා විසි හයකට සිංහල උපසිරැසි ලබා දීලා තියෙනවා.
ඉතින් කියන්න තියෙන්නේ, සමහර වෙලාවට නියමිත වෙලාවට උපසිරැසිය දෙන්න බැරිවෙනවා. ඒ හිතාමතලා කරන පරක්කු කිරීමක් නිසා නෙමෙයි. යම් යම් වැඩ රාජකාරි, නැත්නම් මොනවහරි තාක්ෂණකි දෝෂයක් ඇතිවුනොත් විතරයි ඒ පමාවීම සිද්ධ වෙන්නේ. චිත්‍රපටියක් මගේ දෝෂ නිසා සම්පූර්ණයෙන්ම වාගේ ඉවරයක් කරලා තිබුන උපසිරැසි ගොනු කිහිපයක්ම මට නැවත සකස් කරන්න වුනා. ඒ අත්දැකීමනුත් නැතිවාම නෙමෙයි 😀 මේ ලඟදිත් එහෙම තව දෙක්ක වෙලා තියේ. අපේ විකියානං ඒ ගැන දන්නවා නොවෑ 😀 පුලුවන් වෙලාවට උපසිරැසියක් ගෙනත් දෙන්නම්.ඉතින් කියන්න ගොඩක් දේවල් නැහැ. තාම අර්ධ ශතකය වාර්තා කරා විතරයිනේ. සතුටුයි ඇත්තටම. බොහොම ස්තූතියි මාව දිරිපත් කරපු හැමෝටම.
එහෙනම් අද කතාවට බහිමු 😀 කවුරුත් බලාගෙන හිටියනේ මේ පිටසක්වල ජීවියෙකුගේ බලෙන් මානසික මට්ටම අඩු කොල්ලෙක්ට ලැබුන බලය ඒ කොල්ලගෙ දරුවට ලැබිලා කරපු විස්කමේ තුන්වෙනි කොටස වෙනුවෙන්. ඔන්න මේ අරගෙන එන්නේ විස්කම තමයි. මේ වෙනවිට IMDb දර්ශකයේනම් 7.8ක ඉහළ අගයක් මේ ක්‍රිෂ් බයිස්කෝප් එකට ලැබිලා තියෙනවා. ඉතින් නිෂ්පාදනය සහ අධෂයක්ෂණයනම් රිතික් රෝෂන්ගේ දයාබර පියාණන් වන රාකේෂ් රෝහන්. 2003 වසරේදී තිරගත වූ Koi… Mil gaya චිත්‍රපටියේ සාර්ථකත්වය මත 2006 වසරේදී Krrish දෙවන කොටස නිපදවූවා. මෙම තුන්වන කොටසේ රධාන භූමිකාවලට වලට පණපෙව්වේ රිතික් රෝෂන්, විවේක් ඔබ්රෝයි, ප්‍රියන්කා චොප්රා සහ කන්ග්නා රානත් විසින්. ක්‍රිෂ් 3 චිත්‍රපටියේ නිශ්පාදන පිරිවැය විදිහට සටහන් කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 15වත් 23ත් අතරයි. ඒ වගේම මෙම චිත්‍රපටිය 3D තාක්ෂණයෙන්ද යුක්ත වන බව කියලා තිබ්බත්, අවසානයේදී අධ්‍යක්ෂක රාකේෂ් රොෂාන් පවසා සිටියේ 2D ආකාරයෙන් පමණක් මෙම චිත්‍රපටිය ඉදිරිපත් වන බවයි. ලොව පුරාම මෙම චිත්‍රපටිය නොවැම්බර් මස 4 වෙනිදා තිරගත කරන්න හිතාගෙන හිටියත් නොවැම්බර් 1 වෙනිදා තිරගත වීමට ආරම්භ විය. සිනමාශාලා 4000ක මෙම චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ විය. 3600ක් හින්දි භාෂාවෙනුත් අනිකුත් 600 අනිත් භාෂාවලිනුත් වශයෙන්. දකුණු ඉන්දියාවේ පමණක් සිනමාශාලා 750ක ප්‍රදර්ශණය කරනු ලැබුවා.
ඒවගේම චිත්‍රපටියේ පළවෙනි ට්‍රේලර් එක නිකුත් කලේ අගෝස්තු පස් වෙනිදා. පළවෙනි දවසෙම ඒ ට්‍රේලර් එක බලමු සංඛ්‍යාව මිලියන 2.3ක්. ඒ Jab Tha Hai Jann චිත්‍රපටිය පළවෙනි දවසේ ට්‍රේලර් එක බලමු සංඛ්‍යාව මිලියනයක් වන දේ කඩකරමිනි. යූටියුබ්හි ක්‍රිෂ් 3වෙනි චිත්‍රපටිය ඉන්දියාවේ සති දෙකක් ඇතුලත වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් (මිලියන 12) නරඹපු හින්දි සිනමා පටය බවට පත්වුනා. Thor සහ Avengers යන චිත්‍රපට වලය වාර්තා බිඳදමමින් මෙම සිනමාව ඉදිරියට ඇදුනා. ඒ වගේම Krrish 3 චිත්‍රපටියේ ගේම් එකකුත් පරිගණක, ටැබ්ලට් වලට සහ ස්මාර්ට්ෆෝන් වලට නිකුත් කරලා තියෙනවා. චිත්‍රපටිය ප්‍රදර්ශණය කිරීමට පටං ගෙන මේ දවස් හතර තුල පමණක් ඇමරිකානු මිලියන එකොලහක් හොයලා තියෙනවා. ඒ වගේම පළවෙනි දවසේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5ක්. ඔය විස්තර කිව්වා ඇති. චිත්‍රපටිය ගැන පොඩ්ඩක් බලමු.
කතාව ගෙතෙන්නේ රෝහිත් මෙහෙරා කියන විද්‍යාඥයා වටේට. ඒ කියන්නේ ක්රිෂ්ණන්ගේ (ක්‍රිෂ්) තාත්තා.
වෛද්‍ය සිද්ධාන්ත් ආර්යාගෙන් බේරගෙන ක්‍රිෂ්ණාගේ තාත්තා රෝහිත්ව ආපහු එක්කරගෙන එනවා. ක්‍රිෂ්ණා හිතාගන්නවා සතුරන්ට සහ අහිංසකයන්ට උදව්වක් වශයෙන් සටන් වදින්න. දැන් ක්‍රිෂ්ණා ප්‍රියාව විවාහ කරගෙන සතුටින් කාලය ගත කරනවා. යම් කිසි දෙයක් නිසා රෝහිත්ගේ බුද්ධිය පාවිච්චි කරලා යම් කිසි අපූර්ව විද්‍යාත්මක සංඝටකයක් නිර්මාණය කරනවා මුළු ඉන්දියාවම බේරගන්න යම් සිදුවීමකින්. ඒ දේ නිසා ක්‍රිෂ් හැමෝගේම ආරක්ෂකයා, ගැලවුම් කාරයා බවට පත්වෙනවා.නමුත් ඔවුන් නොදන්න යම් කණ්ඩායමක් යම් කිසි ආකාරයක නපුරු ක්‍රියාවක නිතර වෙනවා. එම කණ්ඩායමේ ප්රධානියාත් රෝහිත් වගේම බුද්ධිමතෙක්. ඔහු නොයෙක් ආකාරයේ නිර්මාණයන් කරනවා. ඔහුගේ හමුදාව තමයි සත්තවයන්ට මිනිසු DNA කලවම් කරලා නිපදවාගත්ත අය. ඉතින් මොහුගේ එකම බලාපොරොත්තුව තමයි මුදල් උඵයන එක. ඒ නිසා යම් වෛරසයක් නිර්මාණය කරනවා. නමුත් මේ වෛරසය සුවකරන්න අවශ්‍ය ප්‍රතිවෛරසය තියෙන්නෙත් ඔහු ලඟම විතරයි. ඒ ඔහුගේ රුධිරය තමයි ඒකට අවහ්‍ය කරන පිළියම. මොහු යම් රටකට වයිරසයෙන් පහර දීමෙන් අනතුරුව ඉන්දියාවටදස පහර දෙන්න ගන්නවා මේ වෛරසය මගින්. නමුත් ඔහු නොසිත විදිහට මේ රෝහිත් ඒ වෛරසය විනාශ කරලා දානව. ඉතිං මේ දේට හේතුව මොකක්ද කියලා දැනගන්න මේ විරුද්ධ කණ්ඩායමේ නාක කාල්ට උවමනා වෙනවා. ඔහු ක්‍රිෂ්ගේ ගෙදරට ඔහුගේ හමුදාව යවනවා. එහිදී ප්‍රියාව අල්ලාගනු ලබන අතර ප්‍රියා විදිහට කාල්ගේ කණ්ඩායමේ කෙනෙක් වෙස් මාරු කරගන්නවා. ඉතින් මේ වෙස් මාරුව නිසා කාටවත් ඒ ප්‍රියා නෙමේ කියලා අඳුරගන්න බැරිවෙනවා. ඉතින් මේ සිඳුවීම කොහොම වේවිද?! රෝහිත් කොහොමද මේ ප්‍රතිවෛරසය නිර්මහාණය කරේ?! කවුද මේ කාල් කියන්නේ?! ඇයි ප්‍රියාව අරගෙන යන්නේ?! මොකක්ද ඒකට හේතුව?! ක්‍රිෂ් ප්‍රියාව ගලවාගන්නේ කොහොමද?! ක්‍රිෂ්ට මොනවා වෙයිද?! රෝහිත්ට මොනවා වෙයිද?! වෛරසයට මොනවා වෙයිද?!
හැමදාම කියනවා වගේ විස්තර කියන්න මං ඉතිං දක්ෂ නෑනේ 😀 තව දෙයක් කියන්න ඒන. මේක CAM කොපියක් නොවෙන බවට. මේක SCREEN කොපියක්. DVD කොලිටියට කිට්ටුවට තියෙනවා කියන්න පුලුවං. රේටින්ග් අනුව ඕඩියෝ එකට 8/10, වීඩියෝ එකට 7/10 වගේ දෙන්න පුලුවං. මෙතනින් ඔයාලට මෙහි රුප රාමු බලාගන්න ඇහැකි 1 ,2 ,3 ඒ වගේම උපසිරැසියේ ගීත වලටනම් උපසිරැසි අඩංගු වෙන්නේ නැහැ. සමහරක් තැන් වලටත් උපසිරැසි අඩංගු වෙන්නේ නැහැ. හැබැයි සම්මතයකට ගත්තොත්නම් චිත්‍රපටිය රසවිඳින්න පුලුවන් තරමට උපසිරැසි ගැන්වීම කරලා තියෙනවා. ඒ වගේම අලුත් හොඳ කොපියක් ආපු ගමන් ඒකට උපසිරැසි සහ චිත්‍රපටිය යාවත්කාලීන කරන බවටත් මතක තියාගන්න. මේක දෙන්නේ ගොඩක් අයගේ ඉල්ලීම මතයි. බලන අය බලන්න. නොබලන අය හොඳ කොපියක් ආපුවහම බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජයවේවා!!
400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න b6a3c67f72e41fa31675af45d065fcb48f2cbebd 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 5a4efc4b6cd356ca2f7f8dc31322a4f7aad17858 1.5 GB (DVD) කොපිය මෙතනින් බාගන්න a6993ef3410336a41f4e91551ca77ff6f671d700 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
23,566 downloadsDownload Krrish-3-2013.zip193 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
286 comments
was
#ChalinduDeshan (කිනා)
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
isuru samarasinghe
මැක්සා මචෝ මේක බලන්න බාගෙන උන්නේ නියමයි ඒ වගේම සුභ පතනවා
quik
thanks
lakshitha viraj
WELDONE KINA maru maru..(Y)
(Y)
(Y)
ikamanata 100 kadaimath pasu karamu...........sahAN
PATTA thanks
kasun viraj
50 ට සුබ පැතුම් කිනෝ ඔහොමම 100 ත් ගහලා 1000 ත් ගහමු :D
Thisal
tku wewa elz ikmntma duna gud luck
lk
bohoma pin machan meyka balannam one
vee
maxxa maxxa machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට මචෝ...මගෙත් උණුසුම් සුභ පැතුම්...මේකා 50 ගැහුවේ අඩු පන්දු සංඛ්‍යාවකට නොවැ..
අඩුම පන්දු සංඛ්‍යාවකින් 50 ගැහීමේ වාර්තාව හිමි වෙන්න ඕනේ උබට නේද බං...
මට සැකයි උබ මනුස්සයෙක්ද නැත්නම් ටයිපින් මැෂින් එකක්වත්ද කියලා..
පට්ටම බන්න්දයක් ගෙනත් තියෙන්නේ 50ත නේද? මමනම් ලොවෙත් හොද බාන්ඩයක් එනකම් ඉන්නවා..කොහොම වතත්..ඔන්න මචන් ආයේ සුභ පතනවා හාල්ෆ් සෙන්චරියට හොදේ..සෙන්චරියත් ඔහොම ගියොත් මේ අවුරුද්දෙම ගහයි වගේ නෙහ්...
එල එල කොල්ලෝ...
ජය වේවා..charlie
ela.thanks
yasas
50 ta suba pathum
isuru
thankssss lot digatama subs denna labeywa!!! 50ta suba pathum!!!
THILAN
niyamai kalinma dunnata thanx
sasanka
patta film eka macho denakan balan hitiye
jeewantha
ahh niyamayi man meyka bagena req dala thibbe ela ela
mihan
අර්ධ ශතකයට සුභ පැතුම් !
ganesh
good luck
panditha sasika
PATTA PATTA HODE
දිනිඳු සම්පත්
මමත් ඔන්න මුළු හිතෙන්ම සුභපතනවා කිනෝ!මම හිතන්නෙ උඹ තමයි අඩුම කාලෙකින් වැඩිම උපසිරැසි ගානක් දීපු එකා. තව මාස 3-4කින් 100ත් පන්නන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පට්ට ෆිල්ම් එකක්නේ 50ට ගෙනල්ලා තියෙන්නේ. ඔන්න මමත් බාගන්නවා. ජයවේවා!!!;)
Ashan ravihansa
ane machan thankz goadak kiyanda vashan na mata
siraj
සුපිරියි සහෝ . 50 වෙනි වැඩේට සුබ පැතුම්.
miraj
ela kollooo,suba
sds
gindara machan ohomma 100 gahamu
කේ.යූ.ජී. උදාර
මාස හතර හමාරක් වගේ කෙටි කාලයකින් මේ වගේ දුරක් එන්න ලැබුණු එක ගැන ඇත්තටම සතුටුයි චලිඳු. දිගට ම මේ ගමන යන්නට ඔබට ශක්තිය ලැබේවා!!!
වෙනද වගේම සිංහල සබට බොහොම ස්තූතියි සහෝ..............ganidu
තැන්ක්ස් වේවා!!!
Rajitha
patta machooooooooooo ela kiri jaya wewaaaaaaaaaaa. hadawathinma suba pathanawa
harsha
loweth na kina 50 ha gahalane ela ela speed qulity sub dana kenek man dakapu :D 100 th gahamu mehemma
නිරෝෂ්
congatz chalindu..
tharanga
පට්ට උණුසුම් සුභ පැතුම් !!!!
supun
meka enakan balan hitiye thanks........
“චූටී මල්ලි”
හප්පේ උබත් ගැහුවා එහෙනම්
අධ ශතකෙ, නොගහා තියෙයි ඈ
ඉතින් දඩිබිඩි ගලා සබ් දෙන කොට
50 වෙනි ලකුන රැස් කරන් තියෙන්නෙත්
ආයි එසේ මෙසේ
පන්දුවකට පහර දිලා නෙමෙ සුපිරිම පන්දුවකට පහර දිලා
මේක ඇවිත් බන් තාම දින 4 නෙ
අනේ මන්දා මෙහෙම උනොත්
කට්ටිය ෆිල්ම් හදන එක නවත්තයිද දන්නෙත් නෑ ඇයි යකඩො හෝල් එකෙ යන්න කලින් නෙට් එකෙත් යනවනෙ
කට්ටිය කියන්නෙ නම් මේක චෙන්නයි එක්ප්‍රස් එකෙ ආදායම් වාර්තාව කඩයි කියලා මන් නම් කියන්නෙ එහෙම වෙන්න එපා
මොකො ශාරුක් මගෙ කැමතිම නෙ හෙහ්.....
මම නම් හොද එකක් ඉන්නවා කොල්ලො හොදේ
තව මාස 3,4ක් යනකොට ශතකෙත් බලාගත හැකියි වගෙ.
එහෙනම්
හැමදාම වගෙ සබට තුති
ඔබට ජය කිනා...........geeth
ginadara film aka 50ta jaya wewa
ශාන් විමුක්ති [ විමා]
මැක්සා කිනෝ මැක්සා
මම ඉතින් උබටකලින්ම විශ් කොලානේ
වේගවත්ම අර්ධ ශතකය වගේම වේගවත්ම ශතකයත් ගහපන් කීනෝ ඔහොම්මම
සමස්තයක් විදියට ගත්තහම දැන් උබේ සබ් ගානත් සියයට ලග ඇති නේද
ඔහේ කමක් නැහැ බන්
එව්වා අමතක කරලා දුර ගමනක් යමු අපි එක්කලා
එහෙනම් කිනෝ උබට නැවත වරක් විමාගෙන් උණුහුම් සුබ පැතුම් ;)
ජය!#ChalinduDeshan (කිනා)
ඒ පරණ කතා අමතක කරමු සුදූ ඈ මේ වගේ අලුත් තැනකදී :D
uda
අමතක කරලමු පැරණි කතා...
එක්වෙමු .... දියුණ පතා... :P
rasika
maxxa paharak macho niyamai dan banna damma
නලින්
නියමයි චලිදුවෝ..
බලපංකෝ එකෙත් හැටි.. ක්රිෂුත් රිලිස් වුනේ උඹ 49ක් ගහලා තියෙද්දි.
හරියට නෙට් එකට රිසිල් කරපු උන් උඹ දිහා බලන් හිටියා වගේ.. :D
කොහොමෙන් කොහොම හරි උඹ පනහා පැන්න එකට සුබම සුභ පතනවා කිනෝ..! ඔය වෙගෙන්ම සීයයත් ඇරලා දාපිය..!!
ජයෙන් ජයම වේවා!
ns
සුභ පැතුම්.....
tharanga
පට්ට මචෝ සුපිරි පොරක් උබ වෙඩි වගේ සබ් දෙන කට්ටිය ටීම් පිටින් බස්සන්කොට තනිව ගේම් එක සුපිරියට ගහන සුපිරි පොරක්
100 ය ගහමු ඉක්මනට
ජය වේවා!!!!
Pubudu Supun
මගෙනුත් උණුසුම් සුභ පැතුම් කිනෝ. මම හිතන විදිහට උඹ අඩුම කාලෙකින් වැඩිම උපසිරසක් දීමේ වාර්තාව තිබ්බා. නියමයි මචෝ. තව මාස දෙක තුනකින් 100 පන්නමු. :D ජයෙන් ජය
hm
good work macho
විමුක්ති
ela brother good luck :D
Thiran Kavinda
එල සහෝ එල...හාෆ් සෙන්චරියට සුබ පැතුම්...සෙන්චරියත් ඉක්මටන ගහන්න ලැබේවා කියලා හදවතින්ම් සුබ පතනවා :D
chamath cafe
Thanks 50 ta
Lakmal
50ට සුබ පැතුම් සහෝ ඉක්මනටම 100 ක් කරන්න හැකි වේවා!!!!!!
danika
thanks macho digatama subs denna
wow
wow,,,maru :D
samith
උණුසුම් සුභ පැතුම් මචෝ
asiri
gr8 macho 50 ta cgrtzzzzz
kalana
all the best kina
සමීර චතුරංග
නියමයි සහෝ..ඔය හැල්මේම දිගටම පනිමු....වේගවත්ම ශතකය ගහලා ෂහිඩ් අෆ්රිඩිගේ වාර්තාවක් කඩමු එහෙනම්..ජය ජය..එහෙනම් මගෙනුත් උණුසුම්ම සුබ පැතුම..ජයෙන් ජයම වෙන්න ඕනේ සහෝට...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Krrish 3 (2013) | සුපිරි වීරයා නැවතත් කරලියට (50) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Krrish-3-2013.jpg)


පට්ට 50 සුභ පැතුම් 100 ය ගහමු :)