Watch Trailer

The Silenced (2015) with Sinhala Subtitle | මුණිවත [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද කස්ටියට? ”veteran” film එක බලන්න ඇති කියලා හිතනවා.බැලුවෙ නැත්තම් බලන්න සුපිරි film එක කියලා බලපු අය දන්නවා.ඒ වගේම ලැබෙන ප්‍රතිචාර වලටත් ස්තූතියි.හුගක් ඉල්ලීමුත් ලැබෙනවා උත්සහ කරන්නම්,වෙලාව තියෙන විදියට දෙන්නම්.හොඳයි ඉතින් මම අදත් ආව එළකිරි වගේ film එකක් අරගෙන. නම ‘‘The Silenced”. ”…

The Silenced (2015)
ආයුබෝවන්! කොහොමද කස්ටියට? ”veteran” film එක බලන්න ඇති කියලා හිතනවා.බැලුවෙ නැත්තම් බලන්න සුපිරි film එක කියලා බලපු අය දන්නවා.ඒ වගේම ලැබෙන ප්‍රතිචාර වලටත් ස්තූතියි.හුගක් ඉල්ලීමුත් ලැබෙනවා උත්සහ කරන්නම්,වෙලාව තියෙන විදියට දෙන්නම්.හොඳයි ඉතින් මම අදත් ආව එළකිරි වගේ film එකක් අරගෙන. නම ‘‘The Silenced”. ”Silenced” නමින් තවත් චිත්‍රපටයක් තියෙනවා 2011. ඔයා download කරද්දි 2015 එක බා ගන්න හොදට බලලා. 2011 එකත් බයිස්කෝප් වෙබ් අඩවියෙ තියෙනවා. මේ චිත්‍රපටිය ”hot young blood” film එකේ හිටපු ‘park bo young’ ගෙ තවත් ලස්සන කතාවක්.මේ චිත්‍රපටිය 2015 ජූනි මස 18 තමයි ඉස්සරලම තිරගත උනේ.imb අගය 5.6 ක් උනත් නියම චිත්‍රපටියක්. mystery/thriller/Horror ගණයට වැටිලා තියෙන මේ චිත්‍රපටිය විනාඩි 99 ක් පුරා දිව යනවා.ඕනෙම කෙනෙක්ට බලන්න පුලුවන් බය නැතුව…… කතාව ගැන ටිකක් කියනවනම්,

වර්ෂ 1938 කොරියාව තිබුනෙ ජපනුන්ගෙ යටතේ.ඒක නිසා කොරියන් අය පවා භාවිත කලේ ජපන් නම් තමයි.Ju-ran (Shizuko) එහෙම නැත්තම්  ‘park bo young’ කියන්නෙ තරුණ නමුත් අසනීප ගෑණු ළමයෙක්.කතාව පටන් ගන්නෙ ලොකු කැලේකින් වට උන ඉස්කෝලෙකට මෙයා මාරු වෙලා යනවා.ගෑණු ළමයි විතරයි ඉන්නෙ.එහෙට යන්නෙ ඉගෙන ගන්නම විතරක් නෙමෙයි අසනීපෙට නැවතිලා බෙහෙත් ගන්නත් එක්කමයි.ඒ ඉස්කෝලෙ ඉන්න අනිත් සමහර ගෑණු ළමයිනුත් අසනීප අය.ඒ වගේම මෙයා දැන ගන්නවා මෙයා එන්න කලින් මෙයාගෙම නම තියෙන ළමයෙක් ඉදලා තියෙනවා මේ ඉස්කෝලෙ.එයාගෙ නම තමයි Shizuko කියලා මෙයාට දීල තියෙන්නෙ.ටික දවසක් යනකොට මෙයාට ශාරීරිකව සනීප වෙන්න ගන්නවා Yeon-deok කියන මෙයාගෙ යාලුවටයි මේ ඉස්කෝලෙ බලා ගන්න කෙනාගෙ විශේෂ සත් කාරකම් වලටයි ස්තූති වෙන්න.මේ ඉස්කෝලෙන් අවුරුද්දකට හොදම ළමයි දෙන්නෙක් තෝරලා ටෝකියෝ යවනව කියල තමයි හැමෝම දන්නෙ.ඒ වගේම හැමෝටම ඕනෙ ටෝකියෝ යන්න.ඒත් මෙයාට තේරෙනවා ඉස්කෝලෙ ළමයි එක එක්කෙනා ගානෙ අතුරුදහන් වෙන්න ගන්නවා කියලා වගේම මෙයාගෙ ශරීරයටත් අසාමාන්‍ය වෙනස්කම් වෙනවා කියලා. ඒ වගේම ඉස්කෝලෙ අමුතු අමුතු දේවල් දකින්නත් හම්බෙනවා.Ju-ran (Shizuko) පටන් ගන්නවා මොකද මේ වෙන්නෙ කියලා හොයන්න.එතකොට…

මම මේ කතාවෙ හොදම හරිය කිව්වෙ නෑ.මේ ඉස්කෝලෙ මොකද වෙන්නෙ,මෙයාලව ඇත්තටම ටෝකියෝ යවනවද,කවුද මෙයාගෙ නම තිබුන අනිත් ළමයා,එයාට මොකද උනේ,ඇයි ළමයි අතුරුදන් වෙන්නෙ,මේ ඉස්කෝලෙ තියෙන අභිරහස මොකක්ද,නැත්තන් ඇත්තටම හොල්මන් තියෙනවද කියලා ඔයාලම බලන්න.තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරන් ඉක්මනින්ම එන්නම්…කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා චිත්‍රපටිය බලලා…මම චාමල් කැලුම් අතපත්තු.

බුදු සරණයි!
බායි!

The Silenced (2015) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Silenced 2015 DVDRip 400MB Ganool

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,398 downloadsDownload The.Silenced.2015.Baiscopelk.com_.rar22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

2,398 downloadsDownload Subtitles22 KB

21 comments

  1. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති සහෝ නැවත උපසිරැසියකින් හමු වෙමු

  2. රයන් ද සිල්වා

    තෑන්ක්ස් සහෝ
    ෴෴ජය වේවා෴෴

  3. chathura

    thanks chaamals

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  4. praneeth madu

    tnx

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ.ජය

  7. Tharaka

    සබට තෑන්ක්ස්! ජය වේවා!

  8. kavinda

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා .

  9. Sadeesh Mendis

    2464038E7CF3DB50B108304DDF7D7F10BE0EF3D9

    1. d

      thnq mchn

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sahan

    sabta thanx copy 1a 400 mb 1a quailtyda bn?

  13. Amila Mudalige

    Thanks saho

  14. Indika

    Ad ලෝකයක් වෙලා දැන්, click කරත් ඇඩ්ස්, scroll කරත් ඇඩ් ලෝඩ් වෙනවා, comment කරන්න ගියත් ඇඩ් එනවා.

  15. madu

    Thank you

  16. Ranidu

    silence 2016 movie eke sub eka onaaaaaaaaaaaaaaaa

  17. malith

    Ela ela z

  18. ricadodamien

    Thank U Chamal brother & baiscope team for the sub, all the best to baiscope team.......

  19. Lakshansilva18

    Veteran ekanam patta eth meka patta boring