මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” In Order of Disappearance (2014) නිහඬ ඝාතකයා…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. Kantha DLA සහෝගෙ ඉල්ලීමකට අනුව මේ පාර උපසිරැසියක් ක…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” In Order of Disappearance (2014) නිහඬ ඝාතකයා…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
Kantha DLA සහෝගෙ ඉල්ලීමකට අනුව මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 6.5ක් rotten Tomatoes වර්ගීකරනයේ 71%ක් ලබාගත්තු සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන සුපිරිම සිනමා සිත්තමක්. කෙටියෙම්ම කිව්වොත් මිනිත්තු 117 ක් පුරාවට ඉහලට ගත්තු හුස්ම ආපහු පහලට දාන්න අමතක කරවන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ 2000 අවුරුද්දේ අගෝස්තු මාසෙ 12 වෙනිදා බැරන්ට් මුහුදේදී සිද්ද උන රුසියානු Kursk සබ්මැරීන් ඛේදවාචකය අලලා ” Robert Moore “ විසින් රචිත ” A Time to Die “ කෘතිය පාදක කරගෙනයි. මේ ෆිල්ම් එකේ කතාව ගැන කියන්න උත්සාහ කරන එක මහම අමාරු වැඩක්.
2000 දශකයේ මුලු ලෝකෙම හොල්ලපු මේ සිදුවීම ගැන නං නොදන්න කෙනෙක් නැතුව ඇති. මේ සිද්ධිය වෙනකොට පුටින් ජනාධිපතිපති වෙලා යන්තං මාස 8යි. බංකොලොත් වෙලා හතරගාතෙන් වැටිලා හිටිය රුසියාව අවුරුදු 10කට පස්සේ ලෝකෙටම පේන්න නාවික අභ්‍යාසයක් කරන්න සූදානම් වුනා. ඒ පුහුණුවට සහභාගී උන න්‍යෂ්ටික සබ්මැරීනයක් උන Kursk එකේ ඉදලා පුහුණු ටෝර්පිඩෝවක් නිකුත් කිරීමට කරපු උත්සාහයේදී ටෝර්පිඩෝ ආවරණයේ වෙල්ඩින් තියපු තැනක තිබුන කුඩා සිදුරකින් උන කාන්දුවක් නිසා ටෝර්පිඩෝව සබ්මැරීනය තුලදීම පුපුරා යනවා. ඊට මිනිත්තු කීපයකට පසුව ගබඩා කර තිබූ ඉතිරි යුධ අවි සියල්ලමත් රිච්ටර් පරිමානයේ 4.2ක දැවැන්ත පිපිරුමක් සනිටුහන් කරමින් පුපුරා යනවා. ඒත් සමගින්ම සබ්මැරීනය එහි සිටි නාවිකයන් 118 දෙනාම සමගින් බැරන්ට් මුහුදු පතුලේ සැගව යනවා. නමුත් පිපිරුමෙන් සබ්මැරීනයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශයට පත් උනත් පසුපස කොටසේ සිටි නාවිකයන් 23දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් උනා. නමුත් ඔවුන් සියලු දෙනාම සබ්මැරීනයේ 9වෙනි කුටීරයේ කුඩා ඉඩක සීමිත ඔක්සිජන් සහ ආහාරත් සමග මුහුදු පතුලේ සිර වෙනවා.
එයින් පස්සෙ ඇරැඹුණේ ලෝක ඉතිහාසයේ මිනිස් ජීවිත ඇපයට තියා ගනිමින් සිදුකල ලැජ්ජා සහගතම දේශපාලනික බල සංග්‍රාමයකුයි. රුසියානුවන්ට නාවිකයින්ව බේර ගන්න අවශ්‍ය උන නවීන තාක්ශණික උපකරණ තිබ්බෙ නෑ. ඒ වගේම එයාලට බටහිර රටවල් වලින් උදව් ඉල්ලන්නත් බෑ ලැජ්ජාව නිසා. ඒක නිසා රුසියානුවන් කලේ බොරු මාධ්‍ය හමු තියමින් නාවිකයින් මියයනතුරු කල් මරන්න උත්සාහ කරපු එක. ඒ වගේම ඒ මාධ්‍ය හමු වලදී ප්‍රශ්න අහන නාවිකයින්ගේ පවුල්වල සාමාජිකයන්ව රහසේම අඩපන කරලා ශාලාවෙන් එළියට දාන එක. ( කෑගහන අයට හොරෙන්ම එන්නතක් විදලා එලියට අරන් යන සත්‍ය දර්ශන ඇතුලත් වීඩියෝවක් යූටියුබ් එකේ තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකෙත් ඒ සිදුවීම අන්තර්ගතයි. ) මේ අතරතුරේදී බටහිටර රටවල් වලට ඕනෙ උනේ ලැබුන චාන්ස් එකෙන් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම බිම දා ගන්න. සබ්මැරීනයේ හිර උන නාවිකයින්ව බේරගෙන මුලු ලෝකෙටම පේන්න හිත හොද වීරයගෙ චරිතෙ රගපාන ගමන්ම රුසියාවට ලෝකෙම ඉස්සරහා රිදෙන්න ටොක්කක් අනින්න. කොහොම උනත් දේශපාලනික කඹ ඇදීමේ අවසානය වගේම විනිශ්චයත් ඉතිහාසයටම බාරයි. මේ ෆිල්ම් එක ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක රසවිඳින්න. අනිත් එක මේක කරන්න බාර අරන් ටික දවසක් ගත උන නිසා හසන්ත සහෝගෙ අනතුරු ඇගවීමේ නලාවත් වදින ගමන් තියෙන්නෙ. ඒ නිසා තවත් ලියන්න වෙලාව ගන්නෙ නෑ. වැඩි විස්තර දැන ගන්න ආස කෙනෙක් ඉන්නවා නං පොඩ්ඩක් ගූගල් දෙයියගෙන් අහලා බලන්න. ඒ වගේම සමාවෙන්න ඕනෙ සිද්ද උන ප්‍රමාදයට.
තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. ඒ වගේම සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….
ඔබට ජය….!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
11,608 downloadsDownload Kursk.2018.zip92 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
130 comments
කවිනු වීරක්කොඩි
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
ෆිල්ම් දෙක බලලම කියන්නම් කොහොමද කියලා....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !හසිත මධුෂාන්
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ....!
සතියක් ඇතුලත දෙන්නම් කියලා සහෝට පොරොන්දු උනාට හදිසියේ වැටුන වැඩ ටිකක් නිසා පරක්කු උනා...
සමාවෙන්න සහෝ....!
madhawa chamuditha
නියම වැඩක් ...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata..
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....
SL Smart
නියම වෙලාවට film එක දුන්නෙ දැන්නම් බඩගින්නෙ හිටියත් දැනෙන්නෙ නෑ.thanx baiscope..ජය වේවා.!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....
ishan1653
Niyamai...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
Hiranhiru
ඇති යාන්තම් මේකට සබ් දීපු එක. බයිස්කෝප් එකේම කොමන්ටු ගානකින් මාත් මේක ඉල්ලුවා. බාගනිපු පිලුමත් මැකුවා සබ් නැතිව බලලා වැඩක් නැති නිසා. ගොඩක් ස්තුතියි..
ජයවේවා...!
සුබ අලුත් අවුරුද්දක් වේවා...!හසිත මධුෂාන්
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ....!
ප්‍රමාදයට සමා වෙන්න ඕනේ....
mwtbro
Ubal kiyana widiyt apit IDM unstall karl tama sub download krnn wenne..MEWA UBALGE AMMALGE NIITI WENN ATI NE
හසිත මධුෂාන්
සහෝට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දකුණු අත පැත්තේ උඩින්ම Contact US කියලා තියෙන තැනට ගිහිල්ලා ගැටලුව කියලා ඒකට විසඳුමක් බොහොම ලේසියෙන්ම ලබා ගන්න පුලුවන්...
Bandaramudiyansi
ඔයාගේ තෙරිම් අනර්ඝයි. ගොඩක් වටින හරයක් තියෙනවා ඔයාගෙ තෙරිම්.ස්තුතියි බලමු අරම්
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
පුළුවන්නම් Akira (1988),The Abyss (1989) සබ් දෙන්න.
සුභ අලුත් අවූරුද්දක් වේවා!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
හොද ෆිල්ම් දෙකක් වගේ....
මම බලලම කියන්නම් සහෝ....
Ranuka3
Supiri Bro..
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
Udaya Saman
නියමයි හසිත අයියේ..ඔයාගේ සබ් අනිවා බලනවා..පට්ටම ඒව තමයි....මේක ඩවුන් කරන් හිටියේ සබ කවද දෙයිද කියල බල බල? ඔන්න එහෙනම් අද බලනවා..ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!
ප්‍රමාදයට සමා වෙන්න ඕනේ....!
Dasun Anuraj
Happy New year!!!
Fatta Broo...
puluwanna time jumpers sub ekk dannoo....හසිත මධුෂාන්
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ....!
ටයිම් ට්‍රැවල් කියන්නේ මගෙත් ආසම සබ්ජෙක්ට් එකක්....
මම ෆිල්ම් එක බලලම කියන්නම් සහෝ....
Radeon
sub ekata thnx bn ohoma karagena yamu suba aluth awruddak wewa
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
සුබ අලුත් අවුරුද්දක් වේවා...!
Thimira Upeka
නියම වැඩක් සහෝ. සුබ පතනව. ඔයාල හැමෝටම සුබ නව වසරක්
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි.....!
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ....!
harshahjk
බොහෝම ස්තූතියි හසිත සබ අරගන්නවා. මේ සිද්දිය නොදන්න අය නම් ගොඩක් අඩු ඇති. මෝඩ දේසපාලුවන් තමන් ගේ ප්‍රතිරූප වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක කරන විගඩං වල අත් දැකීම් අපිට ඕනවටත් වඩා තියනවානේ. මේක අනිවාර්යයෙන් බලන එකක්. හසිත ඔබ ඇතුලු බයිස්කෝප්වාසී සියලු දෙනාටම ලැබුවාවු නව වසර සාර්තක වසරක් වේවා. ජයවේවා
හසිත මධුෂාන්
කර්ස්ක් අනතුර උන කාලේ මම ඉස්කෝලෙ යන පොඩි එකෙක්. ඒත් මට තාමත් මතකයි ඒ දවස් ගානෙම රෑ ප්‍රවෘත්ති බැලුවා අද මොකද වෙලා තියෙන්නෙ? හිරවෙලා හිටපු අයව බේරගෙනද කියලා? පොඩි එකෙක් උනත් ඒ කාලෙත් මට දේශපාලනික කඹ ඇදිල්ල නිසා ඒ අසරණ මිනිස්සු මැරෙන්න යනවා කියලා දුක දැනුනා...
බොහොම ස්තූතියි.....!
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ....!sanjeewa19761973
මෙතන අදහස් දක්වලා තියෙන කිසිමකෙනෙක් සත්‍ය සගවලා තමයි අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද මෙම සබ්මරීන් අනතුරින් ඉතිරිඋන අය බේරගන්න මුලින්ම නොර්වේ සහ අඑමරිකාව ඉදිරිපත් උනා ඔවුන්ගේ යටි අරමුණ උනී රුසියානු නාවිකයන් බෙරාගෙනීමට වඩා රුසියානු සබ්මැරීන් තාක්ෂනය ගැනීමයි, නමුත් පුටින් ජනාධිපති එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ යම් හෙයකින් එම තාක්ෂනය ඔවුන් අතට ගියානම් මුළු රුසියාවම දැවෙන්ත අනතුරකට නිරාවරණය වන බව තෙරුම්ගෙනයි
හසිත මධුෂාන්
ඒ කතාව එක්තරා දුරකට ඇත්ත. ඔය කතාව තමයි රුසියාව
එයාලගෙ පැත්තෙන් ලෝකාපවාදයෙන් බේරෙන්න කිව්වේ. ඒත් නාවිකයින් සිර වෙලා හිටපු 9වෙනි කුටීරය තිබුනේ සබ්මැරීනයේ පිටිපස්සටම වෙන්න ඒ වගේම හරියටම එතනින් හදිසි හුවමාරු දොරටුවක් පිහිටලා තිබුනා. රුසියානුවන්ට බොහොම ලේසියෙන්ම තිබුනා නෝර්වේ හෝ ඇමරිකානු ජීවිතාරක්ෂක කුඩා සබ්මැරීනයක් මගින් ඒ දොරටුව හරහා නාවිකයින්ව බේර ගන්න. වැඩිදුරටත් සැකයක් තියෙනව නං ජීවිතාරක්ෂක මෙහෙයුම නෝර්වේ හෝ ඇමරිකානු උපකරණ යොදාගෙන රුසියානු නාවික නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිද්ධ කරන්න. අවාසනාවකට වගේ අනතුරෙන් සතියකට පස්සේ අවසානයේ සිද්ද උනෙත් ඒකමයි. එකම වෙනස ඒ වෙනකොට ඒ මිනිස්සු ටික මැරිලා හිටපු එක විතරයි. පුටින් තව දවස් දෙකකට කලින් ලොකු කම අත ඇරලා උදව් පිලිගත්තා නං අදටත් ඒ මිනිස්සු ජීවතුන් අතර. මේ ෆිල්ම් එකෙත් පුටින්ව විවේචනය වෙන කොටසක් තිබුනත් රුසියාවෙන් එල්ල උන තර්ජන නිසා ඒ කොටස් ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙනවා.harshahjk
මට නම් රුසියාවට තියනවායි කියන තාක්ශනය ගැන ඒ හැටි විස්වාසක් නෑ (කොහොම උනත් ඒවා දැනගන්න යුද්දයක් නොඒවා කියල තමයි මම පතන්නේ ) S 300 තිබුනත් ඊශ්‍රායලය සිරියානු ඉලක්ක වලට ගහලා යනවා. ඉතින් මම නම් හිතන්නේ ඉතුරු උන මිනිසුන් බේරාගන්න තිබුන අවස්තාව මෝඩ දේසපාලුවෙක් නිසා විනාස වෙලා ගියා කියලා
sanjeewa19761973
මමනම් හිතන්නේ නැහැ රුසියානු තාක්ෂණයේ ඔබ හිතන තරම් ලොකු අවිශ්වශයක් තියෙනවා කියලා අපි හොදින්ම දුටුවා සිරියාවේ තියෙන ISIS ඉලක්ක වලට රුසියානු නාවික හමුධාවේ මිසල් නිවෙරධිම ඉලක්කයන් වලට එල්ල කරනවා ඒ බව පෙන්ටගනය බි බි බි ආයතන පවා තහවුරු කළා. ඔබ සධහන් කරන ආකාරයට s 300 ගුවන් ආරක්ෂක පද්දතියහෝ ඕනෑම ආරක්ෂක පද්ද්ධති තියෙන අවස්තාවක පරහධීම් සිධුවෙනවා. ගල්ෆ් ය්ද්දයේදී ඇමරිකානු ආරක්ෂක පද්ධති වලින් බෙරී ඉරාකගුවන් යානා පහරධුන් හෙටි සහ මිසයිල කුවේටයට එල්ල කරපු ආකාරය හොද නිධසුන්
sanjeewa19761973
රුසියාව ලෝක අපවාදයෙන් බීරෙන්න එහෙම කිවුවත් අපිනම් හොදාකාරයෙන්ම දන්නවා නොර්වේ සහ ඇමරිකානු රටවල් වල යටි අරමුනුගෙන . සාම සාකච්චා කාලයේ LTTe එකට සන්නිවෙධන උපකරණ යුධ උපකරණ තාක්ෂනය ලබාධුන් හෙටි ඒ සියලුම දේවල් ඔවුන්ගේ යටි අරමුණු නොවේද. ඉතින් මෙමෙ අවස්ථාවෙදිත් ඔවුන් කරන්නේ ඒ ටිකමයි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සුභ අලුත් අවුරුද්දක් වේවාහසිත මධුෂාන්
බොහොම ස්තූතියි.....!
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ....!
හෂාන්
උපසිරැසියක් එනකන් බලන් හිටපු ෆිල්ම් එකක්. බොහෝම ස්තූතියි උපසිරැසියට...!!!!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...!
සමාවෙන්න ඕනෙ ප්‍රමාදයට....
Hashan M. Priyadarshana
තෑන්කස් සහෝ සබ් එකට...
ජය වේවා...!!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...!
DBMadhushan
Thanks bro sub ekata. Puluwannam me film walatath sub denna balanna
1.Suspiria 2018
2.King of Thieves 2018
3.The Cloverfield Paradox 2018
4.Prospect 2018
5.Slaugherhouse rulez 2018
6.Instant Family 2018හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
හොඳ ෆිල්ම් සෙට් එකක් වගේ....
මම ෆිල්ම් ටික බලලම කියන්නම් සහෝ....
Janasanka
සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
බොහොම ස්තුතියි සහෝ...
උපසිරැසියට...
ඔබට ජය..!!!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...!
gayanmagee
thanks
harshani11112
ස්තුති හසිත සහො
තෙරැවන්සරණයි
ජයවේවා
බයිස්කෝප් හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවාgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවාgihan123
Sub akata pattama thankz mcho....jaya wewa...!!!!!
Amilperera
Thnks broo sub ekata
යුරාන් ධනුක (ධනූ)
උපසිරැසියට බොහෝම ස්තූතියි හසිත සහෝ...!!!
Thisara karunanayaka
Supiri filumak aran thiyanne
sub eakata thanks machoKulanjana Maduranga
subata thanks..keep it up...
aks
Thanks...
Raphaele
Thank you.
thilz
thanks
Tharaka
THANKS................
ishan1653
Great..
darshana100
thank u sahodaraya
Sisila ft Dilshan
Judwaa 1997 ෆිල්ම් එකට හරි kyaa cool hain hum 2005 ෆිල්ම් එකට හරි, සබ දෙන්නකො....
හසිත මධුෂාන්
හින්දි කොමඩි ෆිල්ම් දෙකක් නේද සහෝ....?
ෆිල්ම් දෙක බාන්න දැම්මා...
බලලම කියන්නං කොහොමද කියලා....
Lahiru Lakshan
thanks machn....
indika75
thanks..
Rumesh dhanushka
Thanks hasitha
Pri
Thanks bro
sujan1982
godak sthuthiy me chithra patiyata upasheersha dunnata.mama godakma kemathi widihe chithra patiyak.thawa thawath upasheersha laba deemata shakthiya, dhairyaya labewa...!!!
Tharindu07
Godak Thanks machan sub 1ta & Mahansiyata.....!!! Jayaweva...!!!
ushan
mojin the worm valley 2018 mekata sub denna plz
හසිත මධුෂාන්
හොද ෆිල්ම් එකක් වගේ නේද සහෝ... මම බලලම කියන්නං කොහොමද කියලා...
Dewadithya
Thanks for sub!
gihan perera
ස්තුතියි සහෝ....පට්ට ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
hmj
Sub ekata thanks saho.jaya wewa!!!
Sandaru
Thanks for sub.good luck bro
ravindu_1987
Thank you
Bandaramudiyansi
විනාඩි16ක් යනකල් විඩියෝ එක කුඩාවට පෙන්වන්නෙ.එ ආපු විදියද නැතිනම් මම අරගත්ත එක අවුලක්ද?
හසිත මධුෂාන්
මමත් දැන් තමයි සහෝ ඒක දැක්කෙ. මගෙ ගාව තියෙන කොපියෙත් එහෙම්මම තමයි සහෝ....
Nirosha Nirosha
thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Kursk (2018) Sinhala Subtitles | අවාසනාවට සත්‍ය කතාවක්….. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Kursk-2018.jpg)
අම්බෝ.. මේ අවුරුද්දේ බලපු හොඳම චිත්‍රපටියක්..!
දැන් ඉතින් ආයේ පාරක් බලනවා.. බොහොම ස්තූතියි උපසිරැසියට!!!
චිත්‍රපටිය ගැන දෙගඩියාවෙන් ඉන්න අයටයි කියන්නේ..
බයවෙන්නැතිව බාගන්න!!
ජය වේවා.. පුලුවන් නම් 2018 වර්ෂයේ තිරගත වුණු A Rough Draft සහ The Coach යන රුසියානු චිත්‍රපටි ද්විත්වයටත් උපසිරැසි ලබාදෙන්න.