Watch Trailer

Lake Bodom (2016) AKA Bodom Sinhala Subtitles | බොඩම් විල් තීරයේ අභිරහස් ඝාතන [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ, ඔයාලා දන්නවනේ මේ වෙද්දි අපේ රට බොහෝම අර්බූදකාරී තත්වයක තමයි තියෙන්නේ. මේ වෙද්දි හැමෝගෙම ජීවිත කලින් තිබුනට වඩා ගොඩක්ම වෙනස් වේගෙන ඉන්නේ. ඉතිං මේ වෙලාවෙත් අපිත් එක්ක ඉන්න රසිකයන්ව අමතක නොකර හදිසියෙම ලැබුන විවේකයෙන් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් ආවා. මම මේ චිත්‍රපටය ඊයේ ත…

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ, ඔයාලා දන්නවනේ මේ වෙද්දි අපේ රට බොහෝම අර්බූදකාරී තත්වයක තමයි තියෙන්නේ. මේ වෙද්දි හැමෝගෙම ජීවිත කලින් තිබුනට වඩා ගොඩක්ම වෙනස් වේගෙන ඉන්නේ. ඉතිං මේ වෙලාවෙත් අපිත් එක්ක ඉන්න රසිකයන්ව අමතක නොකර හදිසියෙම ලැබුන විවේකයෙන් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් ආවා. මම මේ චිත්‍රපටය ඊයේ තමයි අහම්බෙන් නැරඹුවේ, මේකට උපසිරසි නැති එක අඩුපාඩුවක් කියලා හිතුන නිසා උපසිරසි ගන්වන්න අවසර ඉල්ලගත්තා. මේ ෆිල්ම් එක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ෆින්ලන්තයේ නිර්මාණය කරපු එකක්. ඔයාලා Wrong Turn වගේ ෆිල්ම් බලලා තියෙනවනම් මේකෙත් ඒවගේ කතාවක් තියෙන්නේ. 2016 වසරේ Horror / Slasher වර්ගීකරණය යටතේ තමයි මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ. IMDb 5.2 ක අගයකුත් කුණු තක්කාලිහි 90% අගයක් ගන්නත් මේ සලරුව සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Taneli Mustonen නම් අධ්‍යක්ෂවරයෙක්. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය උන එකක් කියලා මම කලින් කිව්වනේ. ඒ සත්‍ය සිදුවීම ගැන මට හොයාගන්න පුළුවන් උන තොරතුරු පහලින් දැම්මා කැමති අය කියවලා බලන්න.

1960 බොඩම් ඛේදවාචකය

ෆින්ලන්ත අපරාධ ඉතිහාසයේ වඩාත්ම කුප්‍රකට සහ අදවන විටත් නොවිසඳුණු මිනීමැරුම් නඩුවක් ලෙස බොඩම් විල අසල සිදුවුන මනුෂ්‍ය සංහාරය හඳුන්වන්න පුළුවන්. 1960 ජූනි 5 වන දින බොඩම් විල අසලදී 15 හැවිරිදි මයිලා බියෝක්ලන්ඩ්, අන්ජා මැකී යන ගැහැණු ළමයින් දෙදෙනා සහ 18 හැවිරිදි සෙපෝ බොයිස්මන් යන තරුණයා කූඩාරමක් තුළ මිය ගොස් සිටියදි සොයා ගනු ලැබුවා. පසුව මරණ පරීක්ෂන වලින් අනාවරණය වූයේ ඔවුන් නිදා සිටියදී ඔවුන්ගේ හිසට පිහියකින් ඇනීමෙන් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනය නිසා ඇති වූ කම්පනය හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවටයි. එම යෞවනයන් තිදෙනාට අමතරව සිටි හතරවැනි තරුණයා එවකට 18 හැවිරිදි වියේ පසුවූ නීල්ස් ගුස්ටාෆ්සන් නැමැත්තෙකි. ඔහුව මුහුණේ අස්ථි බිඳීම් සහ කැපුම් තුවාල සහිතව කූඩාරමෙන් පිටත සිටියදී සොයා ගත් අතර මේ බිහිසුණු අපරාධයෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ එකම පුද්ගලයා වූයේ මොහු පමණයි. මේ අපරාධය පිළිබඳව පුළුල් විමර්ශනයන් සිදු වුවත් කිසි දිනෙක සත්‍ය අපරාධකරු හඳුනා නොගත් අතර ඝාතකයාගේ අනන්‍යතාවය පිළිබඳ විවිධ න්‍යායන් වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් උනා. 2004දී මෙම ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට එම සිදුවීමේ වින්දිතයෙකු වූ නීල්ස් ගුස්ටාෆ්සන්ව අනපේක්ෂිත ලෙස අත්අඩංගුවට ගනු ලැබූවත් ඊළඟ වසරේ ඔහු වැරදිකරුවෙකු නොවන බවට තීරණය උනා.

බොඩම් විල

සිදුවීමට මුහුණ දුන් යෞවනයන්

1960 වසරේ සිදු වූ පරීක්ෂන අතරතුර එකම දිවි ගලවා ගත් පුද්ගලයා වූ “නිල්ස් විල්හෙල්ම් ගුස්ටාෆ්සන්” ඔහුගේ සාක්ෂි දීමේදී පැවසුවේ කළු ඇඳුමින් සැරසුනු, දීප්තිමත් රතු පැහැති ඇස් ඇති පුද්ගලයෙක් ඔවුන් වෙත පැමිණ පහර දුන් බවටයි. ඝාතකයා කූඩාරම තුලට පැමිණ වින්දිතයින්ට පහර නොදුන් අතර, කූඩාරමෙන් පිටත සිට පිහියකින් සහ ගලක් වැනි හඳුනා නොගත් මොට ආයුධයකින් කූඩාරමේ පැති වලින් මොවුන්ට පහර දී ඇත. මිනීමැරුම් සිදු කල ආයුධ කිසි දිනෙක සොයා ගැනීමට නොහැකි වූ අතර ඝාතනයට ලක් වූ අයගේ යතුරුපැදිවල යතුරු ඇතුළුව රහස් පරීක්ෂකයින්ට ප්‍රහේලිකාවක් වූ තවත් භාණ්ඩ කිහිපයක්ම ඝාතකයා රැගෙන ගොස් තිබුනා. මේ සිද්ධිය ගැන දැනගත්ත වෙලාවේ පොලිස් නිලධාරීන් ඉතාම අකාර්යක්ෂමව සහ අදක්ෂ ලෙස හැසිරීම නිසා සාක්ෂි බොහෝමයක් විනාශ වූ බවට පසුව පොලිසීයට චෝදනා පවා උනා. අපරාධ ස්ථානයට පොලිස් නිළධාරීන් මෙන්ම සාමාන්‍ය ජනයා විශාල ප්‍රමාණයකට ඇතුල් වන්න ඉඩ දීම නිසා ඔවුන්ගේ අඩි සටහන් මගින් සාක්ෂි රැසකට බාධා කිරීම් වෙලා තිබූ බවට පසුව අනාවරණය උනා.

වින්දිතයන් සිටි කූඩාරම

දිවි ගලවා ගත් නීල්ස් ගුස්ටාෆ්සන්ගේ කට උත්තරයකට අනුව බොහෝ මහජන සැකය යොමු වූයේ බෝඩම් විල් තීරයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් ජීවත් වූ හාන්ස් අස්මාන් වෙතයි. ගුස්ටාෆ්සන් දුන් කට උත්තරයේ තිබු මිනීමරුවාගේ විස්තර ඇසුරෙන් අඳින ලද පොලිස් කටු සටහනට හාන්ස්ගේ පෙනුම ඉතාමත් සමාන වූ නිසා මේ සැකය තවත් ත්‍රිව උනා. නමුත් මේ මිනීමැරුම් සිදු වූ රාත්‍රියේ හාන්ස් ජර්මනියේ සිටිබවට සාක්ෂි හමුවූ නිසා පොලීසිය තවදුරටත් හාන්ස් අස්මාන් පිළිබඳ සැලකුවේ නෑ. කෙසේ නමුත් 1960 ජුනි 6 වන දින උදෑසන ඔහු ෆින්ලන්තයේ හෙල්සින්කි හි රෝහලක ලේ වැගිරෙන ඇඳුම් සහිතව සිටි බවට පසු කලෙක තොරතුරු ලැබුනත් පොලීසිය එය නොසලකා හැර තිබුනා. නීල්ස් ගුස්ටාෆ්සන් සහ හාන්ස් අස්මාන් හැරෙන්නට වෙනත් කිසිදු පුද්ගලයෙකු මේ ඝාතන සම්බන්ධයෙන් සැක කිරීමට පොලීසිය අපොහොසත් වූ අතර මේ සාහසික ඝාතන අදටත් නොවිසඳුණු අභිරහසක් ලෙස ලෝක අපරාධ ඉතිහාසයේ තැන්පත් වෙනවා.

කටඋත්තරය අනුව අදින ලද කටු සටහන සහ හාන්ස් අස්මාන්

ඉතිං ඕක තමයි බොඩම් ඛේදවාචකයේ කතාව ලිපිය දිග වෙන නිසා පුළුවන් තරම් විස්තර සංක්ෂිප්ත කරලා තමයි දැම්මේ. ඔයාලා වැඩි විස්තර දැනගන්න කැමතිනම් Bodom Lake Massacre කියලා අන්තර්ජාලයේ සොයලා බලන්න මීටත් වඩා දේවල් දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් කතාව ගැන වැඩිය කියන්නේ නෑ. 1960දී සිදු උන ඛේදවාචකය ගැන උනන්දු වෙන පාසල් සිසුන් 4 දෙනෙක් 2016දී බොඩම් විල අසලදි ලබන අද්භූත සිදුවීමක් තමයි මේ චිත්‍රපටයෙන් නිරූපනය කරන්නේ. ඉතිං ඔයාලා මේ ෆිල්ම් එක නරඹලා අදහස් කොමෙන්ට් කරගෙන යන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මට මේ උපසිරසිය නිර්මාණය කරන්න ඉඩ ලබා දුන්න එල්. සී ද මැල් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් ඉක්මනින් තවත් උපසිරසියක් අරගෙන එන්නම් ජය වේවා !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,312 downloadsDownload Lake.Bodom_.2016.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

3,312 downloadsDownload Subtitles21 KB

19 comments

  1. Anonymous

    එලකිරි බන්
    මන් නම් ආසම ජාතියේ ෆිලුමක්

  2. Kushan

    Sub akta thanks

  3. indika 75

    thanks..

  4. Bimsara Yashan(ඔලිව)

    ලිපිය කියෙව්වාම අරගෙන බලන්නම හිතුන. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම විස්තරාත්මක ලිපියටත් බොහොම ස්තූතියි...!

  6. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  9. Anonymous

    Thanks for sub

  10. Rajitha

    තැන්ක්ස් සහෝ

  11. Naveen

    උපසිරසියට තුති

  12. Malith samarawickrama

    Thanks saho sub ekata

  13. හිෂාන් සමරසිංහ

    Thanks for the Subtitle file.

    Direct download Link(s);

    Bodom.2016.FINNISH.1080p.BluRay.x265-VXT.mp4 (1.31 GB): https://uptobox.com/kxazdsaqmw1y

  14. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  15. නල්ලා

    මේ ටයිප් එකේ පරන ෆිල්ම් තව දෙන්න යුරාන් සහෝ
    පට්ටයි මේ ෆිල්ම් ටයිප්
    මිස්ට්‍රි ටයිප් එකේ පරන ඒවත් පට්ට

  16. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥fr

  17. Sachi nipunsala

    Ending eka explain karala dennako kauruhauri. net eke kohevath na

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!