ආයුබෝවන් කිව්ව ඔක්කොටම, ඔන්න මගේ දෙවනි සබ් එක අරගෙන ආව. පළවෙනි සබ් එක අරගෙන ඇවිල්ල ගොඩක් කාලෙකට පස්සෙ තමා ඔන්න දෙවනි සබ් එක අරගෙන ආවෙ. මගේ පළවෙනි සබ් එක Don (2007) තෙලුගු මූවි එක. බලපුනැති එකෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියල ආරාධනා කරනව. පළවෙනි සබ් එක කරන්න තෝරගත්තෙත් ටිකක් පරණ ෆිලුමක්, දෙවනි එකත් ඔන්න…

ආයුබෝවන් කිව්ව ඔක්කොටම, ඔන්න මගේ දෙවනි සබ් එක අරගෙන ආව. පළවෙනි සබ් එක අරගෙන ඇවිල්ල ගොඩක් කාලෙකට පස්සෙ තමා ඔන්න දෙවනි සබ් එක අරගෙන ආවෙ. මගේ පළවෙනි සබ් එක Don (2007) තෙලුගු මූවි එක. බලපුනැති එකෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියල ආරාධනා කරනව. පළවෙනි සබ් එක කරන්න තෝරගත්තෙත් ටිකක් පරණ ෆිලුමක්, දෙවනි එකත් ඔන්න පරණ ෆිලුමක්ම තමා. විශේෂයෙන්ම කියන්න ඕන මේ ෆිලුම තෝරගත්තෙ මගේ යාලුවෙක්ගෙ ඉල්ලීම නිසා.
මේක 2004 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් පට්ටම හින්දි ෆිලුමක්. සනී ඩියෝල්, සුනිල් ෂෙට්ටි, ජෝන් ඒබ්‍රහම්, සොහායිල් ඛාන් වගේ බොලිවුඩ්වල ගොඩක් දක්ෂ නළු නිළියන් සෙට් එකක්ම රංගනයෙන් දායක වෙන මේ ෆිලුම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අහමඩ් ඛාන්. ෆිලුමෙ මියුසික් කරල තියෙන්නෙ ඒ.ආර්. රහ්මන්. ගැන්ස්ටර්, ඇක්ෂන්, රොමෑන්ස් කැටගරිවලට අයිතිවෙන මේ ෆිලුම imdb 4.3/10 වගේ ලකුණු ප්‍රමාණයක් අරන් තියනව. රේටින්නම් ටිකක් අඩුයි වගේ තිබ්බට කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් හොද ෆිලුමක්.
කතාව ගැන කිව්වොත් අයියල මල්ලිල දෙගොල්ලක් අතර සිද්ධියක් තමා තියෙන්නෙ. අර්ජුන් රාන (සනී ඩියෝල්) කියන්නෙ පළාතෙ හිටපු ලොකුම ගැන්ස්ටර්(මැරය).මෙයාට ඉන්නව මල්ලි ( සොහායිල් ඛාන් – කරන් විදිහට) කෙනෙකුයි නංගි ( Nauheed Cyrusi – බින්ද්‍යා විදිහට) කෙනෙකුයි. මේ දෙන්නම මෙයාගෙම සහෝදර සහෝදරියො නොවුනත් අර්ජුන් තමන්ගෙ පණටත් වඩා මේ දෙන්නට ආදරෙයි. බින්ද්‍යා කියන්නෙ කවුද, කරන් කියන්නෙ කවුද කියල ඔයාලට ෆිලුම බලද්දි තේරෙයි. සන්ජු (සුනිල් ෂෙට්ටි) කියන්නෙ අර්ජුන් වගේ ලොකු සල්ලිකාරෙක්නම් නෙවෙයි. මෙයා මැකෑනික් කෙනෙක්. මෙයාගෙ මල්ලි තමා ශාහිල් (ජෝන් ඒබ්‍රහම්). අර්ජුන්ට දෙවනි නෑ සන්ජුත් ශාහිල්ට එයාගෙ පණටත් වඩා ආදරෙයි. ශාහිල්, කරන්, බින්ද්‍යා මේ තුන් දෙනාම ඉගෙන ගත්තෙ එකම කොලේජ් එකේ. කොහොමින් කොහොම හරි කාලයක් යනකොට කරනුයි, ශාහිලු යි දෙන්නම බින්ද්‍යාට ආදරේ කරන්න ගන්නව. ඒත් බින්ද්‍යා ආදරේ කරන්නෙ ශාහිල්ට. මේ ගැන කරන් දැන ගත්තම ශාහිල් එක්ක කොලේජ් එකේදි පොඩි ප්‍රශ්නයක් දාගන්නව. මෙතනින් තමා ඔක්කොම ප්‍රශ්න ඇතිවෙන්නෙ. මල්ලිලගෙ මේ ආදර කතාව නිසා අර්ජුනුයි සන්ජුයි අතර ගොඩක් ප්‍රශ්න ඇති වෙනව. අවසානෙ මොකක් වෙයිද? බින්ද්‍යව කාට හිමිවෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නනම් ඉතිං ෆිලුම බලන්නම වෙනව. අවසානෙදි නම් පොඩි දුකකුත් ඇති වෙනව. ඉතිං ආරාධනා කරනව ඔයාලට බලන්න මේ ලස්සන මූවි එක.
අමතක නොකර සබ් එක ගැන ඔයාට හිතෙන දේ කොමෙන්ටුවක්, වෝට් එකක් දාගෙනම යමු. එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු…….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
4,436 downloadsDownload Lakeer-2004.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයිකි වයිරස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මයිකි වයිරස්
Subtitles
43 comments
dinesh
dinesh
Death Fighter
Fabricated City
God Of War
London Heist
Max Payne Retribution
Origin Wars 2017
The Villainess 2017
Snatchedme serama 2017 movise mewata sub dipanko ban oya parana ewata sub denna eke owa tv wala giya dvd wala tiyenawa owata amuthuwen sub karanna ona naha ban.
osandha fdo
Wow...supiri film ekk micky.. old unath gold...mewa ekk blnkota dn ena hindi action mve monda bn..uba sub ekath hodtma krla ati kyla hitnwa bro.. deweni sub eka kiwwa ne.all the bst.digatma ymu ohoma..
Roshan
adeee thanx sahooo sabata..thnx a lot
Isuru
Thanks for sub puluwannam deewangee 2002, gupt 1997 film's walata sub denna supiri film deka thank you
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Aryan
මචන්, සබ් එකට නම් තෑන්ක්. මන් පට්ටම ආස ෆිලුමක්. හබැයි පොඩි වැරැද්දක් තියනවා. මේකේ බ්‍රින්ද්‍යා විදිහට Act කරන්නේ Nauheed Cyrusi. Apurva Agnihotri කියන්නේ Actor කෙනෙක්. ජය වේවා. තව තව සබ් දාපන් මචන්.
Micky Bro
වැරදීමක් වෙලා. බොහොම ස්තූතියි සහෝ ඒක පෙන්නුවට. මම නිවැරදි කරා.
---- මයිකි වයිරස් ----
Aryan
එළ බොක්ක එළ
Kasun Widusha
Elama Micko
Amalka
අඩෝ එලම බන් මන් කවුරූහරි මේකට සබ් දෙනකන් බලන් හිටියෙ දැන් ආපහු අවුරුදු ගානකට පස්සෙ සැනසිල්ලෙ සබ් එක්කම බලන්න පුලුවන්
kumara
මමත් ආශාවෙන් බලපු පිලුමක්. පට්ට පහරක්. ගොඩාක් ස්තූතියි මල්ලි.
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
shasith sandaruwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
වයිරස් එකක් පැතිරෙනවා වගේ ඉක්මනට සබ් දෙමු ආ... :P
ඔබට ජය!Salinda
ela bro ...
Oka Manasu (2016) Telugu sub denna ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
saho ”Fidaa (2017)” Telugu movie ekatath sub denna puluwanda?
Roshan
mcn mata link ekak diyankoooo
nipum
mama balapu hodama hindi film walin ekak
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~kumara
ජීවිතේට comment එකක් දාන්නෙ නැති පරයෙක් foam වෙලා. ඌට ගොඩාක් රිදිලා. අවංක අගයකිරීමක් නැති පර හැත්ත. අලුත් හරි පරණ හරි තමං කැමති නම් බලනවා නැත්තං නිකං ඉන්නවා. ඌ කියන්නෙ ඌට ඕනෙ විදියට සබ් දාන්න කියලා. අපි වෙනුවෙන් ඔයාලගෙ වටිනා කාලය වැය කරලා කරන සේවයේ අගයක් නැති හැත්ත.
osandha fdo
Respect bro... ube kathawata garu krnwa... eyla api wenuwen me dwl krnne.eylge kale nasti karn.api sub eka ban mve blnwa.. eth api dana cmnt eka e kollata watinwa.. ara wage kata karama uta sub dena ekath epawenwa...hithe sathutin api wenuwen karna de api agaya karnna oni.aluth unath parna unath filuma...
Aryan
ගනන් ගන්න එපා බන්
manul
film eke down karanna link ekek hoyala danna plzzz
Micky Bro
" baiscopdownlods " eken film eka baganna
Saman Kumara
link eka wada naaaaaaaaa
Micky Bro
sub ekada ganna bari. ai mokadda wenne.
Rajitha
Thanks machan......jayawewa......!
Row
Linl ekak dennako
Micky Bro
” baiscopdownlods ” eken film eka baganna
Kavishka Vikum
elama
samanmali
Lafzon Ki Kahani (2016),Half Girlfriend (2017) sub plz..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Row
Ane mata kauru hari seed thina link ekak dennko
Micky Bro
” baiscopedownloads” eken ganna puluwan HD DVDRip x265 eka
dhanushka
Lakeer – Forbidden Lines (2004) 1337x.to
Roshan
puluwan nm meka hd mp4 ekata hadala dennako sahoooo
Micky Bro
" baiscopedownloads" eken ganna puluwan HD DVDRip x265 eka
----- මයිකි වයිරස් ----
Roshan
seed adui mcn eke
you tube eken ganna berida?Micky Bro
Eke direct link thiynawane saho. Torrent ganna epa. Youtube copywalata sub eka wada karaida kiyala shuwar na
—– මයිකි වයිරස් —-
Roshan
derict bann be bn
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි.mn kemathima ekak.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

aluth film aththema nathda ban me paran ewatama sub denne