[box] “මෙම දේශයේ කෝටි සියයක් පමණ වූ ජනතාව නිදියන්නේ…. අපි අවදියෙන් ඇතැයි කියන විශ්වාසයෙන්…” විකියාගේ ඉල්ලීම පරිදි පට්ට අමාරුම වැඩකට අත ගැහුවා. හමුදා ෆිල්ම් එකක් කරන්න. මේක කරන්න ගිහින් මම පට්ටම විදියට අනා ගත්තා කිව්වොත් වැරදි නැහැ. මොකද මෙහි තියෙන හමුදා වචන නිසා. අනික මම දන්නවා මම කරපු වැරදි වැඩිපු…
“මෙම දේශයේ කෝටි සියයක් පමණ වූ ජනතාව නිදියන්නේ….
අපි අවදියෙන් ඇතැයි කියන විශ්වාසයෙන්…”
විකියාගේ ඉල්ලීම පරිදි පට්ට අමාරුම වැඩකට අත ගැහුවා. හමුදා ෆිල්ම් එකක් කරන්න. මේක කරන්න ගිහින් මම පට්ටම විදියට අනා ගත්තා කිව්වොත් වැරදි නැහැ. මොකද මෙහි තියෙන හමුදා වචන නිසා. අනික මම දන්නවා මම කරපු වැරදි වැඩිපුරම තියෙන ෆිල්ම් එක තමයි මේක.
හරි, 2004 නිකුත් උන මෙහි ප්රධාන චරිතයට පණ පොවන්නේ රිතික් රෝෂන්, ප්රීති සින්ටා සහ අමිතාබ් බච්චන් කියන අය. මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්නා නළුවෙක් වෙන Dil chahtha hai, Zindagee milegi na dobara, Don 1, Don 2, Rock On! වගේපට්ටම ෆිල්ම් ටිකක් කරපු ෆර්හාන් අක්තාර් විසින්. ඒ වගේම සංගීතය ශංකර්, ඉශාන්, ලෝයි යන තුන්දෙනාගෙන්. තව මෙය imdb හි 7.7 ක අගයක් අරගෙන ඇති අතර 2004 Filmfare Awards හි හොඳම නළුවා, හොඳම අධ්යක්ෂනය සහ හොඳම කතාව සදහා නිර්දේශ ලබලත් තියෙනවා.
ෆිල්ම් එකේ පෝස්ටර් එකේ පොඩි තේමා පාඨයක් තිබුනා. ඒක තමයි,
ඔහුට එය දැන ගැනීමට අවුරුදු 24 ක් සහ අඩි 18000ක් ගත විය…”අරමුණ”
ඉන්නවා එක කොල්ලෙක් කරන් කියලා, පට්ටම කම්මැලියෙක්. කිසිම දෙයක් ගැන, අනාගතේ ගැන වගකීමක්වත් හැගීමක්වත් වුව්මනාවක්වත් නැති. හැබැයි ගොඩක් පෝසත් කොල්ලෙක්. එයාටම ඉන්නවා තව පෙම්වතියක් රෝමි කියලා. නමුත් එයා නම් හැමදෙයක්ම නිසියාකාරව, වගකීමකින්, කරන්න ඕන මොකක්ද කියන එක හොද හැටි දන්නා කෙල්ලෙක්. ඉතින් ඔහොම කල් ගෙවෙද්දී තමන්ගේ යාළුවන් තමන්ගේ අනාගතේදී මොනවද කරන්නේ කියල කතා බහ කරද්දී, මොහුට කිසිම අනාගත සැලැස්මක් නැති නිසාත් තම එක් යාලුවෙක් හමුදාවට බැදෙනවා කීව නිසාත් මොහුත් හමුදාවට යාමට තීරණය කරනවා. හමුදා විභාගයට පෙනී සිටින ලෙස දන්වා ගෙදරට ලිපිය ආ පසු තම යහළුවා හමුදාවට යාමට ප්රතික්ෂේප කරනවා. කරනුත් එම තීරනේම සිටි මුත් තම පියා සමග ඇති වන බහින් බස් වීමක් නිසා හමුදාවට යාමට තීරණය කරනවා. හමුදා පුහුණුවීම් සහ දඩුවම් ඉවසීමට නොහැකි වන කරන් වැඩි දවස් නොගිහින් හමුදාවෙන් පනිනවා. ඉන්පසු ගෙදරට පැමිණෙන ඔහුව තම දෙමාපියන් විසින් සහ පෙම්වතිය වන රෝමි විසින් කරන් වැඩකට නැති නිකමෙක් ලෙස අවතක්සේරු කරනවා. ඒ වගේම ඔහුගේ පෙම්වතිය රෝමි, ඔහු පරාජිතයෙක් ලෙස සලකා ඔවුන්ගේ සම්බන්දය නවත්වනවා. ඉන් දුකට පත් වන කරන් නැවත හමුදාවට බැදෙනවා….ඊට පස්සේ තමයි යුද්ධය පටන් ගන්නේ… ඒ ටික ඉතින් ඔයාල බලයි කියල හිතනවා.
තව මේකේ සින්දු ටිකත් මාරම ලස්සනයි වගේම ලස්සන තේරුමක් තියෙන ඒවා…
එහෙනම් ජය වේවා!!!
රන්දීර වීරකෝන් සොයුරා විසින් කළින් පල කර තිබූ ලිපිය
කාලෙකට පස්සෙ තමයි මේ හින්දි චිත්රපටයක් ඔබ වෙන ගෙන එන්නෙ..ප්රසිද්ද නළු නිළි දෙපලකගෙ රංගනයෙන් හැඩ වුනු ලස්සන කතාවක් තමයි මේක..මේ ලිපිය කියවල ෆිල්ම් එක බලනවද නැද්ද කියල තීරණය කරන්නකෝ..මෙන්න කතාව..
කරන් (Hrithik Roshan) නගරබද පොහොසත් පවුලක දගකාරයෙක් ලෙස ජීවිතය ගත කල ඔහුට තම ජීවිතයේ අරමුණක්, ඉලක්කයක් නොවීය,ඔහුගේ පියා සල්ලිකාරයෙකි ,අයියා ඇමරිකාවේ හොදින් ජීවිතය ගතකරයි.කරන් කිසිදු අරමුණක් නොමැතිව අධික නිදහසකින් යුක්තව කාලය ගත කරයි ..කරන්ගේ පෙම්වතිය රෝමි (Preity Zinta) ඔහුට වඩා ඉතා වෙනස්, වාර්ථාකාරිනියක් වීමට සිහින දකින්නියක්ය.
තම පෙම්වතියගේ කීමෙන් පසු තමන්ට අරමුණක් සොයා යන ඔහු තම මිතුරා ඉල්ලුම් කල හෙයින් තමන්ද හමුදාවට යායුතු යයි සිතා ඉල්ලුම් කරන අතර මිතුරා නොයන අතර මොහුට හමුදාවට යාමට සිදුවෙයි.ටික කලකින් හමුදාව ව්පාවී හමුදා පාසලන් පැන යන කරන්ට පියා හා පෙම්වතිය නිකමෙකු යනුවෙන් බැන වදී .එයි කලකිරුනු ඔහුගේ සිතට පැමිනෙනුයේ දැඩි චිත්ත ශක්තියකි.
ඔහු නැවතත් හමුදාවට යන්නේ විශිෂ්ධයෙකු වීමට සිතාගෙනය. එතැන් සිට දිගහැරෙන මේ කරන් නම් තරුණයාගේ කථාව ඔබත් නරඹන්න.ඉගනීමට දේ බොහෝය…….
1dbcfea29a71a162ac9de9f99c66bb6d10466f10 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,347 downloadsDownload Lakshya.2004.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
51 comments
mihin ලංකා
chami
thnxxxxxxxxxxxxx
elakiri
එළකිරි ෆිල්ම් එකක් මේක නම් අනිවා බලන්න ඕනේ
උදාර
නියමයි සහෝ වැදගත් ෆිල්ම් එකක්, බලන්න ඕනේ. ජය
Isuru
thanks so much
ccnp
Thanks
Jinna
thank you.............
jeewantha
bohoma pin machan...digatama hindi awata subs demu
Tharindu
මරු මරු.
naleen
maxxama machan ela
tharanga
සුපිරි කතාවක් අපේ ජිවිත වලට ගන්න දෙයකුත් තියෙන ෆිල්ම් එකක් සබ් එක්කම ගෙනාපු එකට බොහොම පින් ,
upali
ela ela ela ela
ositha
thnxz saho hindi nam hewa thama apita
amilatk
jayen jaya!!!
danuka
ela ela... maxxa...
was
අඩේ මේක මට මග අරිලානේ.ලොකු දෙයක් හේවා සබ් දුන්න එක. ජයම වේවා!
shann
බොහොම පින් වැදගත් ෆිල්ම් එකක්
එරංග
එලස් බාමි අනිවා/
quik
thanks
ranga
gr8 :D
Dilan
එල එල
hh
ela :D
charith
wow
දිනිඳු සම්පත්
උදේ පාන්දර ආපු sms එකේ තිබුන නම දැක්කම මම හිතුවේ මේක සිංහල එකක්ද කියලා.. නම කියවෙන්නේ “ලක්ෂය“ කියලනේ...
;)ශාන් විමුක්ති [වීමා]
අඩේ ඇයි බන් මේක අද දුන්නෙ
හිත කැඩෙනවනෙ බන් ආසිරියෝ.. :(
අදනම් ලිපිය හොදට තියන්ව බන්, සබ් එක හොදද නැරකද කියල බලලම කියන්නම්කො කොලුවෝ...
එහෙමනම් මං එනකොට තව පස්ට පහරවල් පහ හයකටවත් සබ් දාල තියහන්
මාවත් හින්දි පික්චර් පික්සෙක් කරපන්කො පුළුවන්නම්
"ඉන්නවා එක කොල්ලෙක් කරන් කියලා, පට්ටම කම්මැලියෙක්"
මේ මමද මන්ද බන්, මටත් එය දැන ගැනීමට අවුරුදු 24 ක් සහ අඩි 18000ක් ගත වෙයිද දන්නෙ නෑ බන් :P
ජයෙන් ජය වේවා හේවා!! ;)@දිනිදු
සිරා බන් නම සිංහල එකක් වගේ තම, කොහොමද සිංහල ෆිල්ම් එකකට සිංහලෙන්ම සබ් දුන්නොත්? :PkanthaDLA
thanks bro...jayaweewa...
නලියා
ස්තුතියි හේවා සහෝ
සමීර කරුණාරත්න
අගෙයි අගෙයි බොහොම තුතී සහෝ පට්ට අමාරු වැඩක් අවසාන කරාට....
ss
මේක මගෙ ලග තිබුනා ඒත් තාම ලබන්න බැරිවුනා,
දැන් සබ්එකත් එක්කම බැලුවැහැකි,
ගොඩක් ස්තූතියි සබ් වලටmudiya / මුදියා
ලස්සන කතාවක්නෙ.සිංහල නැතුව මේව බලල වැඩක් නෑනෙ.ඒකට තමයි අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එක තියෙන්නෙ.අනික ඉතිං හින්දි නම් හේවා තමයි.නියමයි සහෝ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!
දිමුතු තරංග ඉලුක්කුඹුර
හොඳ කතාවක් වගේ,ඔන්න මමත් ගත්තා. ස්තුතියි සහෝ,ජයවේවා.
කැලුම් ගුණසේකර
ස්තුතියි ලුණුවිල සහෝ.
kdn
ado patta
“චූටී මල්ලි”
මේක ගැන මන් කලින් අහලා තිබ්බා
දැන් බලන්න ඔනි
සබට තෑන්ක්ස්
ඔබට ජය....කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි............
lakmal
im the 600 And This Movie Im Watching For 11th Time Thanks For Giving The Sinhala Sub ..Keep The Good Work UP..CHeers :)
Akalanka Yapa
නියමයි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. පට්ටම කතාවක්. ජය෴෴ :P :P
Uraj Deemantha
එල එල.... සුපිරි සෙට් එකක් ඉන්නවත් එක්ක...... :)
Ruchcha
ela ela. kalekin rithikge ekak beluwe ne. niyamai aahh!! :)
රෙහාන් චානක
මාත් දැන් තම බලල ඉවර කරේ සුපිරියි හොදේ
සබට බොහොම තැන්කූ වේවාsasanka
patta macham me vage eva thava denna
රාම් රාජ්
බැලුවා වගේ මතකයි නමුත් ලියලා තියෙන විදියට බලන්න ආසයි.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍sarange
tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxx. i proud of u.
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ...
prasad
thanks sub walata
Naween
සබ් ඒකට තෑන්ක්ස් සහෝ...
canon camera repairs
I'm so happy to read this. This is the type of manual that needs to be given and not the accidental misinformation that's at the other blogs. Appreciate your sharing this greatest doc.
barthelotp
Thanks HL Good Job
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Lakshya (2004) | අරමුණ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/Lakshya-555x250.jpg)
සුපිරිම කතාවක් මේක ජයම වේවා මේවා තමා වටින්නේ කට්ට කාල දැම්මත් :)