Watch Trailer

Last Days in the Desert (2015) Sinhala Subtitle | මා සමඟ මගේ සටන [සිංහල උපසිරැසි]

සියලු දෙනාටම ආයුබෝවන්! මේ මගේ තෙවන උපසිරසි ගැන්වීම. මෙයට පෙර උපසිරසි ලබා දුන් Malicious (Malizia) 1973 සලරුව බැලූ සහ එම උපසිරසිය වෙනුවෙන් අදහස් දැක්වූ සියලු දෙනාටම හද පිරි ස්තූතිය පිරි නමමි. ඉතිං මෙවරත් මා ගෙන එන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට යා හැකි වෙනස්ම සිනමාවක්. Last Days In The Desert (2015) සලරුව බය…

සියලු දෙනාටම ආයුබෝවන්! මේ මගේ තෙවන උපසිරසි ගැන්වීම. මෙයට පෙර උපසිරසි ලබා දුන් Malicious (Malizia) 1973 සලරුව බැලූ සහ එම උපසිරසිය වෙනුවෙන් අදහස් දැක්වූ සියලු දෙනාටම හද පිරි ස්තූතිය පිරි නමමි. ඉතිං මෙවරත් මා ගෙන එන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට යා හැකි වෙනස්ම සිනමාවක්.

Last Days In The Desert (2015) සලරුව බයිබලය ස්පර්ෂිතව නිර්මිත වූවක්. බයිබලයේ අලුත් ගිවිසුමෙහි මතෙව් 4:1-11, මාර්ක් 1:12-13 සහ ලූක් 4:1.13හි ඇතුළත් ජේසුස් වහන්සේ පාලුකරයේ දින 40ක් නිරාහාරව සිටීම සහ ඔහුව යක්ෂයා විසින් පරීක්ෂාවට ලක්කිරීම යන සිදුවීම් මෙම සලරුවට මූලික ආභාෂය වෙලා තිබ්බත් ඒ බයිබල් කතාව මෙහි නෑ. එකී සිදුවීමට සමගාමීව සිදු වූ පරිකතාවක් ඔස්සේ තමයි මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ.

ඒක හින්දා මාත් මේ සලරුව, බයිබලය සමඟ මිශ්‍ර කර සාකච්ඡා කරන්න උත්සාහ කරන්නෙ නෑ. මොකද එහෙම ආගමික මතවාදීව බැලුවොත් සිනමා සහෘදයෙකුට කතාව මග හැරෙන්න පුළුවන්. බයිබල් කතාව අවශ්‍ය නම් බයිබලය අරන් බලන්න පුළුවන්. ඒත් මේ චිත්‍රපටය ඊට වඩා වෙනස් පරිමාණයක කියවීමක් දක්වා අපව සියුම්ව රැගෙන යනවා. විවිධ සංකල්ප රූප සලරුව පුරාම මනාව මිශ්‍රව පවතින්නේ චිත්‍රපටය කතාවක් ලෙස මතුපිටින් රස විඳින්නෙකුට එම මතුපිට රසය විඳ ගැනීමට බාදාවක් නොවන අයුරින්. එසේ වුවත් චිත්‍රපටයේ සැඟවුණු යටිපෙළ ඔස්සේ කියවෙන කතාව අල්ලගන්න නම් මේ සිනමාව මනෝමීයව විඳින්නම වෙනවා.

මං සිනමා විචාරකයෙක් නෙවෙයි. ඒත් “යෙෂුවා” කියන්නෙම පුරාවෘත්තයක්. ආගමික මිනිසෙක් වීමට නම් මනසෙ අවිඥානිකව පවත්නා සාමාන්‍ය පෘතජන මිනිස් සිතුවිලි කොපමණ නම් ජය ගත යුතුද? ඉමක් නොපෙනන ඒ කාන්තාරය අඳුරු අවිඥානික මනසද? යෙෂුවා සහ යක්ෂයා එකම අයෙකු ලෙස රූපණයෙන් මතුවන තමා‍ගේ ආශාවන්, විශ්වාසයන් පිළිබඳව තමා සමඟම සිදු කරන අන්තරාවලෝකන අරගලයෙන් ජය ගන්නේ කවුරුද? කාන්තාරයේ ජීවත්වෙන පියා, මව සහ පුතාගෙන් යුතු පවුලේ චරිත මගින් රූපිත සංකල්ප රූප කෙබඳුද? අනෙක් අතට දෙවියන්…. දෙවියන්ගේ සැලසුම මොකක් වෙන්න ඇත්ද? එයාට තවත් පුත්තු ඉන්නවද? තමාගේ සතුට වෙනුවෙන් දෙවියන් එක මොහොතකින් නැවත ලෝකය මුල සිට ඇරඹීමට තීරණය කරන්නේ නම් මේ ගෙවෙන්නේ ලෝකයේ කී වැනි කාල රේඛාවද? එතකොට මෙතෙක් කල් ජීවත් වෙමින් පොදි ගහපු ආත්මාර්ථකාමී මිනිස්සු….! අනේ මන්ද… පිස්සු වගේ නේද?

ඉතිං එහෙනම් සාවධානව රස විඳින්න, මේ සිනමා සිතුවම. යම් අතපසුවීමක්, අඩුපාඩුවක් සිදුව තිබුණහොත් කමා වී ඒ පිළිබඳව දැනුම්වත් කරමින් උදවු කරන්න කියලත් කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම මේ උපසිරසිය පළ කිරීමෙන් සහ හැමවිටම උදව් කරමින් සහය වූ “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවියටද මගේ නිර්මල ස්තූතිය පල කරනවා.

මම, මනෝජ් මධුශංක කුරුප්පු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,035 downloadsDownload Last-Days-in-the-Desert-2015.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මනෝජ් මධුශංක කුරුප්පු ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-07-05

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,035 downloadsDownload Subtitles21 KB

11 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට Primal Fear, K-Pax ෆිල්ම් දෙකටත් සබ් දෙන්න පුළුවන්ද

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Anonymous

    බෝරින් ෆිල්ම් වෙනුවට Malicious 1973, වැනි සරල ඒවා ගෙන එනවානම් කොතරම වටිනවාද?

  4. Pramukmili

    Thanx bro......

  5. Bihandu nethmika

    අයියෙ stand up කියල 2019 ආපු ෆිල්ම් එකක් තියෙනව ඒකෙ සබ් හදල එවන්නකො

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  8. Anonymous

    Thanks Brother

  9. Dewadithya

    Thanks for sub!

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... br

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.