ආයුබෝවන්! මේක පරණ එකක් කියල දැක්ක ගමන් අතාරින්න එපා. ඒවගේම මේ මගේ දෙවන උපසිරසි ගැන්වීම. පළමු උපසිරසිය වූ Love In The Time Of Cholera 2007 සිනපටය බලපු සහ එම උපසිරසිය වෙනුවෙන් අදහස් දැක්වූ ඔක්කොටම ස්තූතියි. Malizia කියන්නෙ ඉතාලියානු සිනමාත්මක කියවීමක්. ඒවගේම IMDBවල 6.5ක ප්‍රතිචාරයක් ලබා ගැනීමට සමත්…

ආයුබෝවන්! මේක පරණ එකක් කියල දැක්ක ගමන් අතාරින්න එපා. ඒවගේම මේ මගේ දෙවන උපසිරසි ගැන්වීම. පළමු උපසිරසිය වූ Love In The Time Of Cholera 2007 සිනපටය බලපු සහ එම උපසිරසිය වෙනුවෙන් අදහස් දැක්වූ ඔක්කොටම ස්තූතියි. Malizia කියන්නෙ ඉතාලියානු සිනමාත්මක කියවීමක්. ඒවගේම IMDBවල 6.5ක ප්‍රතිචාරයක් ලබා ගැනීමට සමත් වූවක්.
විවිධ චිත්‍රපට උළෙලවල් නියෝජනය කරල තියෙන මේ සලරුව 1973දි තිරගත වීම ආරම්භ කරල තිබුණට එකෙ කතා තේමාව සදාකාලිකයි. මං එහෙම කියන්නෙ ජීව විද්‍යාත්මක සංක්‍රාන්ති වකවානුවක ඉන්න යෞවනයෙකුගේ ශාරීරික හා ලිංගික සංවර්ධනයත් එක්ක වෙනස් වෙන මානසික හා චිත්තවේග පිළිබඳ විවිධ අත්දැකීම් අප කාටත් පොදු නිසා. කොහොම උනත් ඒ අලුත් වෙනස්කම් ගැන ගවේෂණය කරන යෞවනයෙක් ගාව තියෙන්න පුළුවන් විවිධාකාර ආශාවන් අතරෙන් ලිංගිකත්වය ගැන කුතුහලය සුවිශේෂියි. ඒ වගේම ලිංගිකත්වයට සම්බන්ධ ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණ සංකල්ප විශේෂයෙන් පිරිමි දරුවෙක් නතුවන ඊඩිපස් සංකීර්ණය සහ ඒ තුළ තම මව හෝ වැඩිමහල් කාන්තාවක් සමඟ හෝ ඇති කර ගැනීමට පෙළඹෙන ශුංගාරාත්මක සම්බන්ධය ගැන සඳහන් නොකරම බෑ. අනික් අතට විවිධ සංස්කෘති අනුව විවිධාකාර වුවද කෞමාරකාමුකත්වය වගේ ලිංගික අපගමනත් සමාජයේ දැකිය හැකි මානව චර්යාවන්. මේ වගේ මිනිසාට අවිඥානිකව මිනිස් මනසෙ අරගල කරන ඒ මානසික ලාලසාවන් සියුම්ව චිත්‍රණය කිරීමට මේ සලරුව උත්සාහ කරල තියෙනවා. ඒ සඳහා ඒ ඒ අවස්ථාවන්ට මනාව ගැලපෙන සංගීත රාවයන්ද යොදා ගැනීමට සමත් වී ඇති බවයි මගේ හැඟීම.
මේ සිනමා පටයෙ කතාව ගලා යන්නෙ යෞවනයෙක් වෙච්ච නිනොට්සු සහ ඔහුට වඩා වයසින් වැඩි තරුණියක් වෙච්ච ඇන්ජෙලීනා මුල් කරගෙන. මේ යෞවනයා තමා තුළ ඇතිවන්නා වූ ලිංගික කුතුහලයන් කොයි වගේ හසුරුවා ගනීද?…. තමාගේ හිත පැහැරගත් වැඩිමහල් තරුණිය කෙරෙහි ඇතිවන ආදරය මුසු බැඳීම කෙසේ වේවිද?… එය රාගයක් හෝ කුතුහලයක් හෝ පමණද?…. තමාගේම පියාත් තමාගේම අයියාත් එම තරුණියව දිනා ගැනීම සඳහා තමාගේ තරගකරුවන් ලෙස එන්නේ නම් නිනෝ කොපමණ අසරණ වේවිද? ඒ තුළ ඔහු කෙසේ නම් හැසිරෙයිද?… තමා ආදරය කරන තරුණියව තම පියා විසින් විවාහ කර ගැනීමට සැරසෙන්නේ නම් නිනෝගේ ආදරයට කුමක් වේවිද?… නිනෝ කෙසේ තම ආදරයෙන් ජය ගනීද?… සලරුවේ අවසාන දෙබස වන නිනෝ විසින් ඇන්ජෙලීනාට පවසන වදන් තුළ සැඟවී පවත්නේ ආදරයද රාගයද නැතහොත් මාතෘත්වයද?.. ඒ සියල්ල සමඟින් ගින්නෙන් කොහොමද ඇත්තටම සීතල උපදින්නෙ කියල දැන ගන්න ඕනෙ නම් ආරාධනවා කරනව මේ සුවිශේෂී සලරුව නැරඹීමට…!
ඒ වගේම මෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන කීපයක්ම පවතින බැවින් පවුලේ සියලුදෙනාට එකට හිඳ නැරඹීම ගැටලු සහගත විය හැකි බව විශේෂයෙන් මතක් කළ යුතුමයි.
අවසාන වශයෙන් වසර 12කට පමණ ඉහතදී මේ සලරුව මට සොයා දුන් “මංජුල” මගේ මිතුරාටද උපසිරසිය පළ කිරීමෙන් හා හැමවිටම උදව් කරමින් උපරිම සහය දැක් වූ “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවියටද මගේ හදපිරි ස්තූතිය.!
මම, මනෝජ් මධුශංක කුරුප්පු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Malizia – Laura Antonelli පිටපත සඳහා පමණක් අදාළ වේ.
10,277 downloadsDownload Malicious-1973.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මනෝජ් මධුශංක කුරුප්පු ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-07-05
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මනෝජ් මධුශංක කුරුප්පු
Subtitles
46 comments
Isuru
Priyantha Dayakeerthi
Malicious (1973) YIFY යනුවෙන් google තුළ ටයිප් කර සර්ච් කරන්න.
මනෝජ්
Malizia - Laura Antonelli [ITA 1973] වශයෙන් සර්ච් කරල බලන්න. (752mb)
Priyantha Dayakeerthi
Malicious (1973) YIFY යනුවෙන් google තුළ ටයිප් කර සර්ච් කරන්න.
Buddhika Lakmal
Thanks ayye
W T Ajith
ඔබේ මෙම සිංහල උපසිරසියට ස්තුතියි, මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න ඩවුන්ලෝඩ් කළා. විස්තරය කියවුවාම බලන්නට තීරණය කළා. මෙවන් වටිනා ඒවා තවත් ගේන්න. පරණ එකක් නිසා වඩාත් වටිනවා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Shaggy
බොහොම ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Hm
සබ් එකට ගොඩක් ස්තුතියි
Anonymous
Mn meka pereda download kara sinhala sub thibbe nathu hinda
Anonymous
English sub dagana baluwa italian ekak hinda sinhala sub ekka balanda thibuna nan hondai mata ending eka therune na hariyatama
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Rich
Sub ඒක mach වෙන්නෙ නෑ නේ br ඒකට
yeshu
3F886E8C125855C8CFB5E13C465CEFEFA715B6A3 හෑෂ් එකට බලන්න
Bandara
Thanks lot Manoj Bro..Old is Gold
නිරෝෂ්
ස්තුතියි.ජයවේවා
Suranjan
Thanks jayawewa.....!
Daminda Gamage
anivaryen balanawa.me download karanagaman.sthuthiy
D P Gamage
හොඳ සිනමාපයක් වෙන්න ඕන, ඩවුන්ලෝඩ් කළා. නරඹලාත් අදහසක් දක්වන්නම්. මෙවැනි ෆිල්ම් සොයාගෙන තවත් ගේන්න. 60, 70 දශකවල ඒවා නම් වඩාත්ම හොඳයි. ඒ මන්ද අලුත් ඒවා දිනපතා ලැබෙනවා. ස්තුතියි ඔබට!
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි සහො.
මෙවැනිම පැරණි බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් තියනවා. බටහිර සිනමාවේ මුල් යුගයේ අතිශයින් ජනප්‍රිය වුණා. පුලුවන් නම් ඒකටත් සබ් දෙන්න. දුර්ලභ ෆිල්ම් එකක්.
Baby Doll - 1956
Priyantha Dayakeerthi
මම මෙය ඩවුන්ලෝඩ් කළත් තවම බැලුවේ නැහැ. මෙවැනි ඒවාම තවත් ගේන්න. පැරණි සිනමාපට රසිකයෙක් හැටියට මම මේවා නරඹන කෙනෙක්. ඔබගේ සිංහල උපසිරසියට ස්තුතියි. පහළ කමෙන්ට් එකක් තිබෙනවා සබ් එක බ්ලුරේ එකට ගැලපෙන්නේ නැහැ කියලා. "මනෝජ්" ඒ ගැන විස්තරයක් දාන්න. ලින්ක් එක නොවේ, එහි විස්තරය පමණක්.
මනෝජ්
බ්ලූරේ කොපියට අවුලක් තියෙනවා වගේ. සබ් එකේ නමින් තියෙන පිටපතට (752mb) තමා ඒක හරියටම ගැලපෙන්නේ. මං දැක්ක පහල ඒකෙ හෑෂ් එකත් දාල තියෙනවා. ස්තූතියි. ගැටලුව ගැන දැනුම් දුන්නට සහෝ.
Anonymous
meka banne kohomada mata hoyaganna bari una
Anonymous
baiscopedownloads.co එකට ගිහින් ෆිල්ම් එකේ නම සර්ච් කරන්න
Anonymous
hariyata set wenne nahane sub eka
indika75
thanks..
Anonymous
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ
Bluray copy එකට නම් සබ් එක ගැලපෙන්නේ නෑ. හරි කොපි එක baiscopedownload එකට අප්ලෝඩ් කරනවනම් ලොකු දෙයක් මචන්මනෝජ්
පහළ කමෙන්ට්ස් වල හෑෂ් එක තියෙනවා. ඒ කොපියට සබ් ගැලපෙනවා. ඉහළ ඔයා දීල තියෙන විසඳුමත් අගෙයි. ස්තූතියි සහෝ.
isuru srinath sjs
baiscopedownloads. co එකට නිවැරදි පිටපත දැන් upload කරලා තියෙන්නෙ.ඒකෙන් ගන්න.කිසිම අවුලක් නෑ දැන්..
Anonymous
Malizia - Laura Antonelli [ITA 1973] torrent
Google search karannaPriyantha Dayakeerthi
ඉහත දක්වා ඇති විස්තරය අනුව ලැබෙන මෙගා බයිට 732 වීඩියෝව හරියටම ගැළපෙනවා. මම ඩවුන්ලෝඩ් කර බැලුවා.
Priyantha Dayakeerthi
ඉහත දක්වා ඇති ගූගල් සර්ච් එක හරහා ලැබෙන මෙගා බයිට් 752 ක් සහිත වීඩියෝව හරියටම ගැළපෙනවා. නරඹලා කමෙන්ට් එකක් නැවත දමන්නට සිතුනේ, සිනමාලෝකය තුළ මා දුටු "හොඳම සිනමාපටයක්" මෙය. මේ පිටුවට පැමිණෙන ඔබට මෙය බලන්නට මමත් යෝජනා කරනවා. කිසිම අලස ගතියක්නොදැනෙන කලාත්මක සිනමාපටයක්, එයට "මනෝජ් සොයුරාට" අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මෙවැනි සිනමාපට සොයාගන්නටත් ලොකු වෙහෙසක් ගන්න වෙනවා ඇති. සයුර මේ ආකාරයේ ඒවා තවත් ගේන්න. ස්තුතියි ඔබේ වෙහෙසට!!!
මනෝජ්
ස්තූතියි.! සහෝ..
ab
sub ekata sthuthii
muditha gayan
Thnzzzzzzzzz
Anonymous
18+ නිසාම නොවෙයි සුපිරි සිනමාපටයක්. තව මෙවැනි එකක්ම ගේන්න.
Dewadithya
Thanks for sub!
Dananjaya
Malicious.1973.720p.BluRay.x264.AAC-[YTS.MX].mp4
0.94 gb තිබුනා...
මේකට මේ සබ් එක හරියට සෙට් වෙන් නෑ...Dananjaya
Malicious.1973.720p.BluRay.x264.AAC-[YTS.MX].mp4
0.94 gb තිබුනා...
මේකට මේ සබ් එක හරියට සෙට් වෙන් නෑ...
Yts සයිට් එකෙන් ෆිල්ම් එක ගත්තේ...Anonymous
පහළ කමෙන්ට්ස් බලන්න. පිළිතුරු ලැබේවි.
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Chalana
Good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Download කරන්න තැනක් දන්නවද, මම මේ film එක මීට කලිනුත් හෙව්වා හොයාගන්න බැරි වුනා.