Watch Trailer

Last Night (2010) | සමුගනිමු මේ රාත්‍රියේ

ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් එකට ආයිත් ලිපියක් ලියන්නේ. මේක මගේ දෙවැනි ලිපිය. පලවෙනි එකත් බලන්න ඇතිනේ Leap Year (2010) අද කියන්න යන්නෙත් ගිය සැරේ වගේම ආදරය තේමා කරගත්ත කතාවක් ගැන තමයි. සමහරු මේ වගේ ෆිල්ම්ස් බලන්නේ නෑ. මම නම් කියන්නේ මේ වගේ ෆිල්ම්සුත් ඉඳල හිටලා හරි බලන්න කියලා. මොකද ආදරය කරන්න කියන්න…

ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් එකට ආයිත් ලිපියක් ලියන්නේ. මේක මගේ දෙවැනි ලිපිය. පලවෙනි එකත් බලන්න ඇතිනේ Leap Year (2010) අද කියන්න යන්නෙත් ගිය සැරේ වගේම ආදරය තේමා කරගත්ත කතාවක් ගැන තමයි. සමහරු මේ වගේ ෆිල්ම්ස් බලන්නේ නෑ. මම නම් කියන්නේ මේ වගේ ෆිල්ම්සුත් ඉඳල හිටලා හරි බලන්න කියලා. මොකද ආදරය කරන්න කියන්නේ හරි සුන්දර දෙයක්නේ. ඔය කව්රු කව්රුත් ඒක දන්නවා ඇතිනේ. මොකද, ඕගොල්ලොත් කාට කාට හරි ආදරය කරලා ඇතිනේ, කරනවත් ඇතිනේ. 🙂

බයිස්කෝප් එක ඇවිල්ලා Last Night. ෆිල්ම් එකේ නම වගේම ෆිල්ම් එකේ ගෙතෙන කතාව පැය 48ත් වඩා අඩු කාල රාමුවක් අලලා නිමවුණු එකක්.

ම්ම්… මෙහෙමයි කථා නායිකාව තමා ජොආනා (Keira Knightley). Keira Knightley කියන්නේ මම ගොඩක්ම ආස කරන නිළියක්. Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ එලිසබත් ස්වාන්ගෙ චරිතය නිරුපණය කරන්නෙත් මෙයාම තමයි. ජොආනා ලේඛිකාවක්. ඇය විවාහ වෙලා ඉන්නේ මයිකල් (Sam Worthington) සමග. ඔහු නම් කරන්නේ ටයි කෝට් අඳින රස්සාවක්. දැන් බැඳලා ටික කාලයක් වෙනවා. පදිංචිය නිව්යෝර්ක්වල. මේ දෙන්න මයිකල්ගේ මිතුරන් සමග පුංචි සාදයකට යනවා. සාදයේදී ජොආනාට දකින්න ලැබෙනවා තම සැමියා මයිකල්, ලෝරා සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කරනවා. අහ්..! ලෝරා (Eva Mendes) කියන්නේ මයිකල් සමග එකට වැඩ කරන ලස්සන කාන්තාවක්. (ඇත්තම කියන්න ඕනි Eva Mendesට සිත් ඇඳ බැඳ ගන්න ලස්සන රූපයක් තියෙනවා හික්..හික්…) මයිකල්ම තමා ලෝරට රැකියාව ලබා දීලා තියෙන්නෙත්. ඔන්න ඔය සිද්දිය නිසා ජොආනා සහ මයිකල් අතර පුංචිම පුංචි හිත අමනාපයක් ඇති වෙනවා. මයිකල් නම් කියනවා එහෙම පලහිලව්වක් නැහැයි කියලා. කොහොම හරි මේ ප්‍රශ්නේ වැඩිය දුර දිග යන්නේ නැතිව විසඳ ගන්න මයිකල්ට පුලුවන් වෙනවා. ඊට පස්සේ දවසේ උදෙන්ම මයිකල්ට රැකියා කටයුත්තකට නගරයෙන් පිට යන්න වෙනවා ෆිලඩෙල්ෆියා වලට ඔහුගේ සගයන් වන ලෝරා සහ ඇන්ඩි සමග. ඔන්න යාලුවනේ දැන් තමයි කතාව පටන් ගන්නේ….. හේතුව, ඇලෙක්ස් (Guillaume Canet) ඇවිල්ලා නිව් යෝර්ක් වලට. ඇලෙක්ස් කියන්නේ කව්ද කියලා හිතා ගන්න පුලුවන්නේ. ඔව්… ඔව්… හිතුවා හරි ඔහු ජොආනාගේ පරණ පෙම්වතා. ඔන්න දැන් ජොආනායි ඇලෙක්සුයි නිව් යෝර්ක්වල. මයිකලුයි ලෝරායි ෆිලඩෙල්ෆියාවල.

මෙතනින් එහාට වෙන දේවල් දැන ගන්නනම් යාලුවනේ කතාව බලන්නම වෙනවා. අපි දන්නා සුපුරුදු love story එකමද නැත්තම් එකෙන් බැහැරව එතනින් එහාට ගිය ආදරයට අලුත් අර්ථ කථනයක් (ආදරය කියන්නේ එකිනෙකා වෙනුවෙන් කරන කැපකිරීමක්ද..?) ගැන මේ ෆිල්ම් එකෙන් කියවෙනවද නැද්ද කියලා ඕගොල්ලොම තීරණය කරන්න.

බයිස්කෝප් කණ්ඩායමට සදා ජය…. !!!

ලිපිය – යොහාන් ජයරත්න

24 comments

  1. Anonymous

    අද මම 1 :]

  2. chamila

    thanks

  3. AL1717

    Onna Ude Pandarama Banna kiyala hadanne
    Me Movie Ekath.

    Kathawa nam Hodai Wage..

    Thanks Wewwaaa

    Jaya Wewaaa

  4. රාම් රාජ්

    thanks

  5. isuru

    thanks

  6. Saranga

    thanks bro

  7. ??

    man nam adare karanne f**k eka paramarthayen echcharai mata wadagath nathuwa adare kannada banzla hik hik

  8. sanju

    thanx

  9. Dina

    Thanx yaluwa..

  10. Sha

    Ela Thankzzzzzzzz fil 1a dunnata :)

    Onna danawa down wenna :)

    Jayawewaaaaaaaaaaaaaaa :D

  11. Asabha

    Thankx................:D

  12. dinnu

    aniwa bami.jayawewa

  13. චා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං. සිංහල උප සිරස දැම්මා නම් තමයි හොඳ. ඒත් මටත් වෙලාවක් නැතිව ඉන්නකොට මම එහෙම කියනවා නම් වැරදියි.

  14. Nimesh

    thankss!!!

  15. අබා

    thanx

  16. terance piyanga

    oyalge me wada num elakiri. tawata karanta labewea

  17. Anura

    mamanam bawa hode thanks

  18. ishanka

    balama balamu komada kiyala.. sthuthi saho...

  19. Jayan Chamal

    ela ela balama balamu

  20. kamal

    nice experience,,,,,,,,ela tnkx

  21. Supitha

    Sinhala nathuwa therenne nathoo. Sinhala sub 1 hadala dennako

  22. Lalani Maduwanthi

    Ane subtitles dennako

  23. Anonymous

    කෝ බොල Subtitles

  24. Anonymous

    Ko