අපි ගොඩක් අය අහල තියෙන ශ්‍රී ලංකාවේ නිපදවූ ඔස්කාර් සම්මාන හතක් දිනා IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණිගත කිරීමේ 126 ස්ථානයේ තිබෙන The Bridge on the River Kwai (1957) චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ David Lean ගේම තවත් ඔස්කාර් සම්මාන 07 ක් දිනා IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණිගත කිරීමේ 84 ස්ථානයේ රැඳීතිබෙන චිත්‍ර…

අපි ගොඩක් අය අහල තියෙන ශ්‍රී ලංකාවේ නිපදවූ ඔස්කාර් සම්මාන හතක් දිනා IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණිගත කිරීමේ 126 ස්ථානයේ තිබෙන The Bridge on the River Kwai (1957) චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ David Lean ගේම තවත් ඔස්කාර් සම්මාන 07 ක් දිනා IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණිගත කිරීමේ 84 ස්ථානයේ රැඳීතිබෙන චිත්‍රපටියක් තමා මම අද ඔයාලට ගෙනාවේ.
පලමු ලෝක යුද්ධයට සම්බන්ධ සත්‍ය සිදුවීමක් හා චරිතයක් පාදක කරගෙන නිමවුන චිත්‍රපටයකි. Thomas Edward Lawrence (T. E. Lawrence)යනු 1888-1935 අතර කාලයේ බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකි. පලමු ලෝක යුද්ධයට මැද පෙරදිගින් පාර කැපූ සිනායි හා පලස්තීන් දේශසීමා වල ඇති වුන යුද්ධයේදී අරාබිය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කල සොල්දාදුවෙකි. මේ සිනායි හා පලස්තීන් සංග්‍රාමයට මුල්වූයේ 1915 දී තුර්කීන් විසින් සූවස් ඇල ආක්‍රමණය කිරීමට තැත් කිරීමේදී ඊට එරෙහිව නැඟී සිටි අරාබීන් හා ඔවුන් අතර ඇති වූ සටනක ප්‍රතිඵලයක් ලෙසිනි. බ්‍රිතාන්‍ය හා ආරාබීන් එක්ව සටන් කල මේ සංග්‍රාමයට මෙන්ම තුර්කීන්ට එරෙහි අරාබි විප්ලවයේදී බ්‍රිතාන්‍ය විසින් යවනු ලැබුවේ මේ ලෝරන්ස් නම් සොල්දාදුවායි. මොහු යැවීමට හේතු වූයේ මේ කාන්තාර වාසීන් හා ඔවුන්ගේ පෙලපත් සම්බන්ධව ඔහුට යම් දැනුමක් තිබූ නිසාවෙනි. අරාබි ජාතික ෂෙරිෆ් අලී නම් පුද්ගලයාගේ උදව් උපකාරද ඇතිව තුර්කි හමුදාවට පහර දෙන ආකාරයත්, ඒ වගේම ඉහල නිලධාරීන්ගෙන් හා දේශපාලඥයින්ගෙන් ඔහුට කෙරෙන යම් යම් බලපෑම්වලට ඔහු මුහුණ දෙන්නේ කෙස්ද යන්නත් චිත්‍රපටය පුරාම දැකගන්න පුලුවනි. පලමු ලෝක යුද්ධයේදී අරාබිය වෙනුවෙන් වූ බ්‍රිතාන්‍ය මැදිහත්වීම වෙනුවෙන් ඔහු කල කීර්තිමත් සේවය ජාත්‍යන්තරයේ පැසසුමට ලක් විය.
ඉතිහාසගත සත්‍ය කතාන්දරයක්, චිත්‍රපටයක් විදිහට නැරඹීමේදී මේ ඉතිහාසගත තොරතුරු දැනගෙන බලනවානම් තමයි අපිට එය නැරඹීමේදී හොඳ කතා රසයක් ගන්න පුලුවන් වෙන්නේ. මේ සම්බන්ධව ඉතිහාසගත කරුණු තව ටිකක් හොයලා බලලම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන්නේ, එහෙම නොකලොත් චිත්‍රපටය නීරස එකක් යනුවෙන් හැඟෙන නිසා. The Authorised Biography of T. E. Lawrence යනුවෙන් මේ චරිතය පාදක කරගෙන පොතකුත් ලියවිලා තියෙනවා. T. E. Lawrence ගේ මරණයෙන් අවුරුද් 27කට පසුව1962 දී නිර්මාණය වුනු මේ Lawrence of Arabia චිත්‍රපටයේ ඔහුගේ සත්‍ය ජීවිත කතාව රඟ දක්වන්නේ Peter O’Toole නම් බ්‍රිතාන්‍ය නලුවා, ඔහුගේ මරණයත් 2013 දී සිදුවුනා. මෙහි රඟ පෑ ගොඩක් නලුවන් දැන් ජීවතුන් අතර නෑ. චිත්‍රපටියේ කාලය ගැන කියනවා නම් පැය 3කුත් විනාඩි 47ක කාලයක ධාවන කාලයක් සහිත Imdb දර්ශකයේ 8.4 ක් ගත් පලමු ලෝක යුද්ධය හා සම්බන්ධ දේශපාලනික හා ඉතිහාසගත සත්‍ය සිදුවීමක් පාදක කරගෙන David Lean විසින් අධ්‍යක්ෂණය කල මේ සලරුව ක්‍රියාදාම වලින් පිරුණ එකක් නොවන නිසා කැමති අයට අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා.
943 MB (BR) කොපිය මෙතනින් බාගන්න
b3f1ddfec7e4afc6e8f9163ce3cf2e9b825bceb6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
862 downloadsDownload Lawrence.of_.Arabia.1962.baiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
25 comments
Madusha
CHATHURA
NIYAMAI MAMAI MULINMA SUB EKA DWN KARE
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
වටිනාකියන පැරණි නිර්මාණ තව තවත් අරන් එන්න ලැබේවායි පතනවා :)Kulanjana Maduranga
niayamai…Great work.thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
sha
oh jesus...... :) i haven't watched movie long duration like this.... hey hey.. anyway thanks...
Dilshan
thanks sub ekata..
me wage ewath aniwaa denna ona..
eka eka ayage choice wenasne...ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට. වැඩිය කට්ටිය බලන්නෑ කියලා දැන දැනත් මේ වගේ සුපිරි කතා ගෙන එක අගය කරන්න ඔනේ.
දැන් තමයි ලංකාවේ ගහපු IMDb 250ට ගියපු එකක් තියෙනවා කියලා දන්නෙත්. :-D
ඔන්න එක බලලා. මේකත් බලනවා අනිවා.
මේ වගේ මග ඇරිච්ච සුපිරිම එවා දිගටම ගෙමු.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!එල්.සී. දමැල්
උපසිරසට තුති….
ජය….!නලින්
ස්තුතියි දමිත් සහෝ..
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. වටින කියන නිර්මාණයක්නේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P
Deex
hoyapu film ekak
goddak thanksනුවන්ත දුලාන්
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!කේ.යූ.ජී. උදාර
මේ වගේ වටින නිර්මාණ ඉස්සරහටත් සිංහලෙන් හැඩ කරමු......
මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ.indika
thn Q :)
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Don Herman
ඉතාම අපුර්ව සලරුවක්. මේ සලරුව නැරබිමේදී, අවුරුදු පනහකට කලින් මෙවන් සලරුවක් කෙසේ නිර්මාණය කළා දැයි සිතාගන්නත් අමාරුයි. ඒ තරම් දක්ෂ අන්දමට කාලය ශ්‍රමය සහ අති විශාල මුදල් කන්දරාවක් වැය කර තනා ඇති බවක් හොඳින් පෙනෙනවා. අද මෙන් තාක්ෂනය නොදියුණු කාලයකදී, සෑම රූගත කිරීමක්ම, තත්‍ය අන්දමට සිදුකර ඇති අකාරය ඉතා ප්‍රශංසනියයි . සමහර දර්ශන කෙසේ රූගත කළාදැයි සිතාගන්නත් අමාරුයි. මෙවන් වටිනා සලරුවක් අපහට ලබාදීම ගැන, දමිත් තරංග සොයුරාට නොවක් තුති. තවත් මෙවන් සලරූ ලබාදීමට ඔබට හැකියාව ලැබේවා යැයි පතනවා.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Vithanage Priyantha Dayakeerthi
අගනා නිර්මාණයක් බලන්න සලසා දුන්නාට ගොඩක් ස්තුතියි!
Varuna Niroshana Kamalawansha
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
nimal dissanayake
ලෝක සිනමාවේ සුපිරි ෆිලුමක්....
අපිට බලන්න සලස්සලා දුන්නාට
ඔයාට ගොඩක් ස්තුතියි,
දමිත්.madhusankha
Thanks bro...
sathyajith
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai mama 1st