[box] අද මට විශේෂ දවසක්. ඒ තමා මේ මගේ සියවැනි සිංහල උපසිරැසිය දෙන දවස වීම. සිංහල යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් අවකාශයේ දීපු පළවෙනිම උපසිරැසිය දීලා අවුරුදු හතරක් කිට්ටු වෙන්න ගියපු කාලය තුළ දීපු උපසිරැසි ගාන නම් හොඳටම මදි වුණත් ක්‍රියාකාරීව හිටපු සීමිත කාලය හා සමඟ ගත්ත හම තෘප්තිමත් වෙන්න හැකියාවක් තියෙන…

අද මට විශේෂ දවසක්. ඒ තමා මේ මගේ සියවැනි සිංහල උපසිරැසිය දෙන දවස වීම. සිංහල යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් අවකාශයේ දීපු පළවෙනිම උපසිරැසිය දීලා අවුරුදු හතරක් කිට්ටු වෙන්න ගියපු කාලය තුළ දීපු උපසිරැසි ගාන නම් හොඳටම මදි වුණත් ක්‍රියාකාරීව හිටපු සීමිත කාලය හා සමඟ ගත්ත හම තෘප්තිමත් වෙන්න හැකියාවක් තියෙනවා. හැමදාම වගේ ස්තූතිය යන්න ඕනා කමෙන්ට් එකක් ගානේ මාව දිරිගන්වපු විවිධ ක්‍රමවලින් මට ස්තූතිය පළකරන හැමදෙනාටමයි.ඒ වගේම මාව සිංහල උපසිරැසියක් දාන්න වගේම ලිපි ලියන්න මේ අඩවියට සම්බන්ධ කර ගත්තු පොතේ ගුරාටත් විශේෂ ස්තූතියක් යන්න ඕනා. එදා වගේම අදත් අතින් කයිට් කරගෙන මේ අඩවිය කරගෙන යන එකටත්, හිට්ස් බලාගෙන ලිපිය එක තැනකත් උපසිරැසිය තව තැනකත් දාලා රස්තියාදු නොකරන එකටත් චිත්‍රපටි ගැන ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කතා නොකරන තැනක් වුණත් ලංකාවේ හොඳම අඩවි 100 ඇතුළෙත් රඳවාගන්න සමත්වීම ගැනත් පොතේගුරාට මෙන්ම සහෝදර ඇඩ්මින්වරුන්ටත් ස්තූති කරන්න කැමතියි. ඒ වගේම ලෝකෙට පේන්න බොරු පම්පෝරි නැතුව සහයෝගයෙන් උපසිරැසි දාන කන්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ගැනත් මම අතීශයින්ම තෘප්තිමත්.
ඒ වගේම මේ සිංහල උපසිරැසි 100 ඇතුළේ තියෙන්නේ මම 50% ක් හෝ ඊට වඩා වැඩි දායකත්වයක් දැක්වූ ඒවා පමණයි. නැත්තම් මම 100 පහුකරලා සෑහෙන කල්. 😛 මොකද මම හිතනවා උපසිරැසියක් මම කළා කියලා මගේ ගොඩට ගන්න නම් මම දහ පහළොස් දෙනෙක් ව එකතු කරගෙන ඒකේ පේළි 200-300 ක් කරලා ඒක මගේ උපසිරැසියක් කියාගන්න එක මම මටම කරගන්න බොරුවක් කියලා. මොකද දන්න අය දන්නවා උපසිරැසියක් කරගන්න පටන් ගත්තට ඒක ඉවර කරගන්න වෙලාව නැතිකොට පොඩි සප් එකක් දෙන්න කිව්වහම මම හැකියාවක් තිබ්බ වෙලාවක බෑ කියලා නෑ කියලා. හැබැයි අර ලයින් 200 කට මම මමත් උපසිරැසියක් කළා කියලනම් කියන්නෙ නෑ. ඉතින් එහෙම කරපු චිත්‍රපට මොනාද කියලා මෙතනින් හා රූපවාහිනී කතාංග මෙතනින් බලාගන්න පුළුවන්.

හොඳයි දැන් කතාවට බහිමු. ස්ටීවන් ස්පිල්බර්ග් කියන දක්ෂ අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ එබ්‍රහම් ලින්කන් කියන අපි කවුරුත් අහලා තියෙන ඇමරිකානු ජනාධිපතිවරයාගේ අවසාන මාස හතරයි. පිටු ගාණක් පුරා ලියවිය හැකි චරිතයක් වෙච්ච ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙතෙක් නොදැක්පු පැත්තක් මේ චිත්‍රපටයෙන් කියවෙනවා කිව්වොත් නිවැරදියි. ඒතමා ඔහු වහල් සේවය අවසන් කිරීම වෙනුවෙන් ගෙන ආපු දහතුන් වෙනි සංශෝධනය අනුමත කර ගැනීමට දරණ දේශපාලනමය උත්සාහය. ඒක ඔහුගේ චරිතය තරම් පිරිසිඳු උත්සහයක් නම් වුණේ නෑ. පහළ සෙනට් මණ්ඩලයෙන් අනුමත් වුණත් මන්ත්‍රණ සභාවෙන් අනුමැතිය ගැනීම පළමුවර ප්‍රතික්ෂේප වුණාට පසුව ඔහු එය අනුමත කර ගැනීමට දරණ උත්සහය තමා මෙයින් වැඩිපුර අවධානය යොමු වෙන කාරණය වන්නේ. එහෙ ඉතින් මෙහෙ වගේ විධායක බලය පාවිච්චි කරනවා අඩුයි නොවැ.
චිත්‍රපටය කොයිතරම් සුපිරිද කියලා මම කියන්න කොහොමත් අවශ්‍ය වෙන එකක් නෑ. මොකද ඒක මේ වෙද්දි ඉදිරියේ පැවැත්වෙන ඔස්කාර් සම්මාන 12 කට නිර්දේශවීම් ලබලා තියෙනවා. අපි එතකොට බලමු මේ චිත්‍රපටය කොපමණ සම්මාන සංඛ්‍යාවක් දිනාගනීද කියලා. ඊට අමතරව මේ වෙනකොට පහුගිය දා තිබ්බ Golden Globe සම්මාන උළෙලේදී හොදම නළුවා සම්මානයත් සමඟ සම්මාන 15 ක් ලබා තවත් නිර්දේශ වීම් 59ක් ලැබූ චිත්‍රපටියක්.
මේ කොපිය Screener කොපියක්. BR කොපියකින්ම බලන්න ඕනා අයට තව ටික කාලයක් ඉන්න වේවි. Screener කියන්නේ කැම් කියලා සමහර අඩවි වල අර්ථ දක්වන පණ්ඩිතයින්ට කියන්න තියෙන්නේ පොඩ්ඩක් හොයලා බලන්න කියලයි. wikipedia වේ මමම පරිවර්තනය කරපු ලිපියක් සිංහලෙන්ම ඇති. ඒක විශ්වාස නැතිනම් ඉතින් ඉංග්‍රීසි එක බලන්නකෝ. මේ දවස් වල සම්මාන උළෙලවල් පැවැත්වෙන බවත් මතක තියාගෙන ඒ ලිපි කියෙව්වොත් Screener කොපි එන්නෙ කොහොමද කියලා තේරේවි.
අවසාන වශයෙන් හැමෝටම කමෙන්ට් වලින් පිළිතුරු දෙන්න නොලැබීම ගැන සමාව ඉල්ලනවා. ඒ වගේම හැකි සෑම විටම හැම විද්‍යුත් ලිපියකටම ප්‍රතිචාර දක්වන්න උත්සාහ ගන්නවා. ඒ වගේම බයිස්කෝප් අඩවියේ හැම ලිපියකටම මම කමෙන්ට් එකක් අනිවා දානවා. හැබැයි ඒක දාද්දි සෑහෙන්න පරක්කු වෙලා ඇති. ඒ වුණත් අනිවා මම හැමෝටම කමෙන්ට් එකක් නම් දානවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
4,136 downloadsDownload Lincoln.20121.zip221 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
194 comments
was
දිෂාන්
ජය වේවා ජය වේවාග තවත් ගොඩාක් සබ් දෙන්න ලැබේවා බෝම පිං රොයිලි සහෝ
අපි වෙනුවෙන් කරන කැප කිරීමටNuwan
niyamaaaaaaaaaaaai ..............
obata jaya wewaa ................vee
ඇත්ත මචං තනිකරම කියන්න දෙයක් නෑ තවත් සබ් දෙන්න ලැබේවා හදවතින්ම පතනවා!
:)
geeth
all the best machan oya aniwa machan api dannawane aththa :)
rkkasun
මෙච්චර අපට සිංහල උපසිරැසි දලා දන්නට ඔයාට රොයිලි අයියේ බොහොම ස්තූතිය
අපට තවත් සිංහල උපසිරැසි දෙන්න හොදේ......!!!!!!lasidu
සබ් නම් බයිස්කෝප් බයිස්කෝප් නම් රොයිලි කතා 2 කක් නෑ
nalin sameera
Good luck
ධනුෂ්ක ලක්මාල් | ධනා
උණුසුම් සුභපැතුම් සහෝ.
ලිපියත් ලස්සනට ලියලා තියෙනවා.
මෙතැකින් නොනැවති තව තවත් ඉදිරියට මේ වගේ ගුණාත්මකතාවයෙන් ඉහල උපසිරැසි අපට ලබාදෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අනිවා දෙන්න ඕනා හොදේ..
අහිසක හිත්නේ.
නැවතත් කියනාවා සුභ පැතුම් සහෝදරයා.
tharanga
ඔයා ගැනත් මේ සයිට් එක ගැනත් අපි එදා ඉදලා හොදට දන්නවා...කියන්න දෙයක් නෑ ඔයාල සෙට් එක පටන් ගත්ත වැඩේ කොච්චර දියුණු වෙලාද මගේ උණුසුම සුභ පැතුම්!!!
dilan
patta macho digatama karagana yamu 100ta subapathum
සමන් කළුබෝවිල
උණුසුම් සුබ පැතුම් රොයිලි අයියා.... දහස් වෙනි එකටත් සුබ පතන්න ඉක්මනින්ම ලැබෙන්න ඕනේ. (එතකොට අපිටත් ෆිල්ම් ගොඩාරියක් සබ් එක්කම බලන්නත් පුළුවන් නේ. :)) ජය. :D
$..Creative EYE..$
i wish u bro.........
eranga
scr දුන්න ඒවා මචං පට්ට කොලිටි බන් කවුද කැම කියන්නේ,,,හික්ස්..... :)
ඔන්න මගේ උණුසුම් සුභ පැතුම්
das07
Congratzzz brooo..... :) :)
පැතුම් අරෝශන වනිගසේකර
100 වන උපසිරසියට උනුසුම් සුබ පැතුම් රොයිලි සහෝදරයා
ඇත්තටම උපසිරැසි යොදනව කියන්නෙ තමන්ගේ kaalaya,කාලය,දනය වගේම ශ්‍රමය වැය කරලා කරන දෙයක්
මම උපසිරැසි යේදීම ගැන නොදන්නව උනාට ඒ යතාර්තය පිලිගන්න මැලි වෙන් නෑඒ වගේම රොයිලි සහෝගේ උපරිරැසි වල ගුනාත්මක භාවය
ඒ කියන්නෙ අර්තයට හානී නොවී ලබා දීම අපි හැමෝම මහත් ඉහලින් සලකනවාමම ලගදි මේ අඩවියට ආවත් මෙහි ඇති වටිනා කම එක් දිනකින්ම තේරුම් ගත්තා
කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව ඔබ කරනා මේ සේවයට චිත්‍රපටි රසියකයෙක් ලෙස මා හිස නමා ආචාර කරනව
ඉදිරියටත් උනාත්මක චිත්‍රපටි ලබා දීමට හැකියාවද ප්‍රාර්තනා කරනවා
lk
pattamaaa 100 ta 1000 k denna labeywa!
indikson
සෑහෙන කාලෙකට පස්සෙ බයිස්කෝප් එක පැත්තෙ ආවෙ. සයිට් එක ගොඩක් දියුණු වෙලා. බයිස්කෝප් සයිට් එක මෙතනට ආවෙ රොයිලි අයියගෙ දායකත්වය නිසා. රොයිලි නැත්තං අද මේ සයිට් එක මෙතන නෑ. 100 වන උපසිරසි ගැන්වීමට මගෙන් සුබ පැතුම්.
චරිත පොල්ගස්දෙණිය
හෙට විභාගේ වුනත් රොයිලි අය්යගේ 100 වෙනි උපසිරැසිය කියලා දැක්කම සයිට් එක පැත්තේ එන්නම හිතුනා ....... :D
රොයිලි අය්යාට ශුභ පතනවා සියවෙනි උපසිරැසියට.....!!!
මට තාමත් මතකයි රොයිලි අය්යා පනස් වෙනි උපසිරැසිය දීපු දවස.
එදා ඉදන් මෙච්චර ඉකමනට ෆිල්ම් 50 කට සබ් දාපු එකනම් හිතා ගන්නවත් බෑ.....!!
පට්ට පට්ට පට්ට පට පට පට පට.............
~ජය වේවා බයිස්කෝප්~-HacKrisH-
සබ් 1000ක්ම දෙන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අපගේ උනුසුම් සුබ පැතුම්...:)
“චූටී මල්ලි”
<<<<<<<<<>>>>>>>>>
<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>මට හිතුනා මේක තමා සීන් එක කියලා තෑග්ගක් දෙන්න තියෙනවා කියන කොටම එල එල මචන්
කවුරු මොනා කිව්වත් ඔයා තමා සිංහල උපසිරැසි වැඩ්ඩා
ආයෙ කතා 2ක් නෑ
100ක් නෙමෙ 1000ක්ම කරන්න ඔබගෙ ඔය දෑතේ ඇගිලිවලට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවාositha
:) pataammmmmmm machan.... :)
was
මේ සයිට් එකේ පටන් ගැනීම කොච්චර වෙනසක් කලාද ... අත්තටම අද ෆිල්ම් නිවී සැනසිල්ලේ තේරෙන භාෂාවෙන් බලන්න ලැබුනේ මේ සයිට් එක නිසා අපි ඔබලාට නය ගැතියි සදා......
naleen
elama kiri film akak samaga 100 k sub dunna akama madiya jaya
චමිඳු සඳකැලුම් (චමියා)
සුපිරි සහෝ... අපෙනුත් සුභ පැතුම් රොයිලි...!!!
හැමදාම හොදම බයිස්කෝප් වලට සබ් දෙන්නේ අපේ රොයිලි නේන්නම්...!!!me
Thanks
wall e
ඔහොම යන් මචෝ පට්ට
Madusanka
Mage unusum suba pathum machan. thawa thawath sub denna enargy labewa. Good luck
d2dinu
මගේ උණුසුම් සුබ පැතුම්. ශතකයක් සම්පූර්ණ කරනවා කියන්නේ පොඩි වැඩක් නෙමෙයි.කාලය වශයෙන් සැළකුවත් ඔබ විශාල කාලයක් මේ වෙනුවෙන් කැපකරල තියෙනවා.මම මගේ ආචාරය ඔබට පුද කරනවා.රෝයිලි ජයවේවා!
h[A]s
උපරිමයි අනර්ගයි වැඩේ........ :)
Lakshan Mendis
Baiscope වෙබ් අඩවියේ රොයිලි සහෝදරයා ගේ ශතවන උපසිරස වෙනුවෙන් දෙයක් කියන්න හිතුන...මුලින්ම හදවතින්ම සුබ පතන්න කැමැති අය්යේ මෙතෙක් කාලයක් මේ වගේ වැඩක් අය්යල කරගෙන ආව එකට..තමන්ගේ කාලය,ශ්‍රමය,වැය කර ගෙන මුදලට තම ශ්‍රමය වැය නොකරමින්,හුදෙක්ම පොඩි දෙනාගේ හිත සුවට ගැති නොවෙමින් මුළු මහත් ලංකාවේම හිත් වලට දැනෙන්න අය්යල වැඩකෙරුව.. රොයිලි සහෝදරයා ගේ ශතවන උපසිරස වෙනුවෙන් වැය කල කාලය,ශ්‍රමය අප අගය කල යුතුයි..නැවත වරක් අය්යට සුබ පතමින් ඉදිරියටත් වැඩකටයුතු සාර්ථකව කර ගෙන යාමට ශක්තිය ලැබෙන්න කියල බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම ප්‍රර්ථනා කරනවා..ජය වේවා..
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
mage suba pathum royly saho.....maxxa porak thamai ithin//....
darshana
mulu hadawathinma suba pathanawa oyata,,,,,,,, thawa thawath me wage nirmaana karanna shakthiya lebewa.....@ tnxxxxxxxxxxxx godak
Anushka Lakmal
අප වෙනුවෙන් මේ කරගන්නාවු දෑ හි ආනිසංශයෙන් ලබන ආත්මෙ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වි ඉපදෙවායැයි මා විශ් කරමි :D
කැළුම්
අනිවා ලොවෙත් නෑ රොයිලි මේක නම් නියම වැඩක් 100 ලියනවා කියන්නේ ඇඩෙනවා නේ
තවත් අපි වෙනුවෙන් සබ් දාන්න ශක්තිය වාසනාව ලැබේවා!!!!!එරංග දර්ශන විජේතුංග
උපසිරැසි ශතකයට හදවතින්ම සුබ පතනවා අයියේ. අපි වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් මගේ හද පිරි ප්‍රණාමය පුද කර සිටිනවා! බොහොම ස්තුතියි!
mihin ලංකා
මතකය අමතක කරන යුගයක එදා මෙන්ම ලග සිටි සගයා බයිස්කෝප් සහ රොයිලි ඔබට ජයම පතමි
Dilan
නියමයි සහෝ... ඔන්න ඉතින් උණුසුම් සුභ පැතුම්.. තව තවත් දිගු ගමනක් යන්නට,ශක්තිය ධෛරිය ලැබේව..!!! කියල ප්‍රාර්ථනා කරනවා...!!!
ජය වේවා...!!!gjey
ellllllllAAAAAAAAZZZZZZZZZZ THANKZZZZZZZZ
hh
maxxxaa 100 ta suba pathum
දිදුල Kd සිල්වා
නියමයි රොයිලි අයියේ... ආයෙ කතා දෙකක් නෑ.. සබ් 100ක් කරනව කියන්නෙ.. පිස්සු කොරවෙන වැඩක් කියල වැඩේට බැහැල තියන අපි හොඳට දන්නව. ඉතින් ඔයා අද මේ පසු කරපු කඩඉම ගැන ආයෙ කතා දෙකක් නෑ.. ඔයාල මහන්සිවෙලා සබ් හදල හැමෝටම නොමිලේ ලබා දෙන්නෙ ඇඟේ පතේ අමාරුවට නෙමෙයිනෙ. ඉතින් ඒනිසා ඒ උපකාරයට උපහාරය දක්වන්න තියන එකම ක්‍රමය තමයි කමෙන්ට් කියන්නෙ. තමන් මහන්සිවෙලා කරන වැඩේ ගැන කවුරු හරි ප්‍රතිචාරයක් දැක්වුවම දැනෙන සතුට වචනෙන් කියල ඉවර කරන්න බෑ.
තමන්ගෙ කාර්‍යබහුල ජීවිතේ සුළු විවේකයක් ලැබුනම අනුන් වෙනුවෙන් යමක් හිත සතුටෙන්, ලෝභ නැතුව කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද.... ඒ අතරෙ මේ පෝස්ට් එක දැක්කම අවංකවම හදවතින් සතුටු වන අය වගේම ඇහැට කටු අනිනව වගේ දැනෙන මිනිස්සුත් ඇති. ඉතින් ඒ වගේ අය තමයි හුඟක් වෙලාවට ඔබ වගේ අයගෙ දියුණුවට තවත් වේගවත් කරන්නෙ. අර අපේ ජනප්‍රිය ගායක සේනානායක වේරලියද්ද කියල තියෙන්නෙ "පෙරුම් පුරනා බොසතුන්ටත් මාර සෙන් සිටියෝ..ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාධාවෝ.." කියල.
ඉතින් ඔයාගෙ සියවන ප්‍රජා සත්කාරයට මෙලෙස හිස නමා ආචාර කරන අතර ෆිල්ම් එකත් බාන්න දාන ගමන්ම මම සමුගන්නම්.. ඔයාට ජයෙන් ජයම වේවා෴
අකිලයා
100 ට හදපිරි සුභ පැතුම් රොයිලි..........තවත් සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා :)
අසංක
මගෙත් උණුසුම් සුභ පැතුම්! කියන්න දෙයක් නෑ ඉතින් සයිට් එක ගැන...පම්පෝරි නැති එක කියන්නම ඕනේ..වැඩ විතරයි එදා ඉදලා..ඇත්ත කතාව මචෝ
සබ් දෙන්නට තවත් යෝධ ශක්තිය ලැබේවා!චමීදේවා
මගේ උණුසුම් සුභ පැතුම් මචෝ...!
ෆිල්ම් එකක් හොයනකොට අහම්බෙන් වගේ බයිස්කෝප් එක ඇහැ ගැටිලා උඹේ සබ් එකක් එක්ක තමා මුලින්ම සිංහල උපසිරැසි සමඟ ෆිල්ම් එකක් බැලුවේ මම. එදායින් පස්සේ උඹව අඳුනාගෙන මටත් කීපයකට හෝ සබ් දාන්න ගුරුහරුකම් දුන්නේ උඹ. දැනට අන්තර්ජාලයේ සිංහල උපසිරැසි කලාවේ සෑහෙන දෙනෙකුට ගුරා උඹනේ. ඉතින් ඒ ගුරු ගෞරවයත් තියාගෙන උඹට තවත් 100 ක් හැකි ඉක්මනින්ම අපට දායාද කරන්නට හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම පතනවා මචෝ...!
chamath cafe
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මේක පට්ට ෆිල්ම් එකක්..අනිවා 100 ක් නේ ජයම වෙන්න ඕනේ මචෝ උබට
Dushan
බොහොමත්ම ස්තූති ROYLY සහෝ 100 වෙනි sub එකට. ඔබට sub 100000000 දීමට ශක්තිය දෛර්යය වාසනාව ලැබේව කියා එක සිතින් ප්‍රාර්ථනා කරමි.....ජයවේවා BaiscopeLk......
pubudusupun
මගෙත් උණුසුම් සුභ පැතුම් රොයිලි අයියේ. මම සබ් දාන්න පටන් ගත්තු දවස් වල රොයිලි අයියගේ සබ් බලලා මමත් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා. මට තාමත් අයියා තරම් ලස්සනට නම් සබ් දාන්න බැහැ. ඒත් මම අයියගෙන් ඉගෙන ගත්ත දේවල් වෙනුවෙන් මම අයියට පින් දෙනවා. :D
DilanH
එල එල රොයිලි අයියා හද පතුලින්ම සුබපතනවා
RICHI
GOOD LUCK BAISCOPE & THANKS ROYLY AIYA...
අමීර
Thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට මගේ උණුසුම සුභ පැතුම් ජයම වේවා 1000 කම දෙන්න ලැබේවා!!!!