ඔන්න යාළුවනේ මේ පාර ඔයාලට තවත් සුපිරි සිනමා සිතුවමක් සිංහල උපසිරැසිත් එක්කම අරගෙන ආවා. අපේ යාලුවන්ට මේ වගේ සුපිරි චිත්‍රපටියකට උපසිරැසි ලබා දීම මග ඇරුනා කියලා දැනගත්තම මට පුදුමත් හිතුනා. IMDb දර්ශකයේ 6.2/10ක ඇගයීම් ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 52වෙනි තැ…
ඔන්න යාළුවනේ මේ පාර ඔයාලට තවත් සුපිරි සිනමා සිතුවමක් සිංහල උපසිරැසිත් එක්කම අරගෙන ආවා. අපේ යාලුවන්ට මේ වගේ සුපිරි චිත්‍රපටියකට උපසිරැසි ලබා දීම මග ඇරුනා කියලා දැනගත්තම මට පුදුමත් හිතුනා. IMDb දර්ශකයේ 6.2/10ක ඇගයීම් ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 52වෙනි තැන රැඳී සිටින්නට වරම් ලැබීමට තරම් සුපිරි චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත සියල්ලක්ම රඟ දක්වන්නේ සුපිරි නළු නිලියන් පිරිසක් විසින්. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතය වන මිචෙල්ගෙ චරිතය රඟපාන්නේ Total Recall (2012) චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ Colin Farrell විසින් වන අතර ප්‍රධාන නිලිය වන චාලට්ගෙ චරිතය රඟ දක්වන්නේ Pirates of the Caribbean චිත්‍රපටි මාලාවේ එලිසබෙත්ගෙ චරිතය නිරූපණය කල Keira Kinghtley විසිනුයි. ඒ වගේම ප්‍රධාන හතුරාගෙ චරිතය වන ගැන්ට් මහත්තයගෙ චරිතය රඟ දක්වන්නේ Robin Hood කතා මාලාවේ විල් ස්කාලට්ගෙ චරිතය රඟ දැක්වූ Ray Winestone විසිනුයි. 2010 නොවැම්බර් 26 එක්සත් රාජධානියේ තිරගත වීම ඇරඹුන මේ සුපිරි සිනමා සිතුවම බ්‍රිතාන්‍ය සිනමා උළෙලේ සම්මානයක් සඳහාද නාම යෝජනා ලබා තියෙනවා.
කතාවේ හැටියට මිචෙල් කියන්නේ සාපරාධී ක්‍රියාවක් හේතුවෙන් හිරේට ගිය පුද්ගලයෙක්. ඔහු හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ ඔහුට රැකියාවක් කිරීම සඳහා අවස්ථාවක් උදා වෙනවා. ඒ රැකියාව තමයි රඟපෑමෙන් විශ්‍රාම ගත් චාලට් නැමති සුපිරි නිලියකගේ ආරක්ෂකයා වීම. රඟපෑමෙන් විශ්‍රාම ගත්තට චාලට් ට එච්චරම වයසක් නැහැ. ඒ වගේම ඇය ලන්ඩනයේ ඉතා සුරූපී සහ සුප්‍රසිද්ධ නිළියක්. ඇය සිනමා දිවියෙන් විශ්‍රාම ගත් හේතුව කවුරුත් දන්නෙ නැහැ. ඒ නිසා එක්සත් රාජධානියේ ඉන්න පැපරාසියන්ගෙන් මේ චාලට් ට ගැලවීමක් ඇත්තෙම නැහැ. ඇතැම් අවස්ථා වලදී ඇයට නොහොඹිනා වචන පවා මෙම පැපරාසීන් පවසනවා. ඒ නිසා චාලට් ගේ ඇතුලටම වෙලා ඉන්න කෙනෙක්. ඇගේ සැමියා ඉන්නෙත් ඇගෙන් සෑහෙන්න දුර ඈත. ඇගේ සහයට ඉන්නේ ජෝර්ඩාන් නැමති සේවකයා පමණයි. (මේ ජෝර්ඩාන්ගේ චරිතය රඟපාන්නේ හැරී පෝටර් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් රඟ දක්වපු නළුවෙක්.) ඉතින් චාලට් ගේ ආරක්ෂකයා හැටියට වැඩ කරන්න එන මිචෙල්ට ක්‍රමක්‍රමයෙන් චාලට් ගැන ආදරයක් ඇති වෙනවා.
ඒ අතරේ මිචෙල්ගෙ හොඳම යාළුවෙක්ට වයස 16ක පමණ තරුණයෙක් පහර දීම නිසා ඔහු මිය යනවා. මේ තරුණයා ගැන හොයාගෙන යන මිචෙල් නවතින්නේ ගැන්ට් නැමති දරුණු පාතාල නායකයෙක් ගාව. මිචෙල්ට දැනගන්න ලැබෙන විදිහට අර තරුණයා ගැන්ට් ගෙ ගෝලයෙක්. ගැන්ට් මිචෙල්ට කියනවා ඒ කොල්ලා ගැන අමතක කරලා තමන්ට වැඩ කරන්න කියලා. හැබැයි මිචෙල් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඒකට ලොකුම හේතුව තමයි චාලට්. ඉතින් තමන්ගෙ යෝජනාව ප්‍රතික්ෂේප කරපු නිසා ගැන්ට්ට අවශ්‍ය වෙන්නේ මිචෙල්ව පවුල් පිටන්ම නැති කරලා දාන්නයි.
ඉතින් යාළුවනේ.. මිචෙල්ගෙ ආදරයට චාලට් මොන විදිහට ප්‍රතිචාර දක්වාවිද? චාලට්ව පැපරාසින්ගෙන් ආරක්ෂා කරගන්න මිචෙල්ට පුලුවන් වේවිද? තමන්ගෙ යෝජනාව ප්‍රතික්ෂේප කරන මිචෙල්ට විරුද්ධව ගැන්ට් මහත්තයා මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීවිද? ඒ ක්‍රියාමාර්ගයට මිචෙල් මොන විදිහට ප්‍රතිචාර දක්වාවිද? මිචෙල් තමන්ගෙ යාලුවව මරපු අර තරුණයාව හොයා ගනීවිද? චාලට්ගෙ සේවකයා වන ජෝර්ඩාන් මිචෙල්ව මොන විදිහට පිළි ගනීවිද? මිචෙල්ගෙ ආදරේට ජෝර්ඩාන් උදව් කරාවිද? නැත්නම් වල කපාවිද? ගැන්ට් හා මිචෙල්ගේ ඝට්ටනය මොන විදිහට කෙලවර වේවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. හැමෝටම ජයවේවා!!!
325 MB කොපිය මෙතනින් බාගන්න c97bab7193db8f2c138c09bd58242d9601747651 700 MB කොපිය මෙතනින් බාගන්න 588e7db13d493c262207264497e42f1dcd6eb84f 1.4 GB කොපිය මෙතනින් බාගන්න f59b0a4e0ef9f16ea68328eeab8bb52b57747f97 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,758 downloadsDownload London-Boulevard-2010.zip189 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
43 comments
#ChalinduDeshan (කිනා)
#ChalinduDeshan (කිනා)
:D ආය මොන කතාද?! එක තමා.
නියමයි නියමයි.
චිත්‍රපටිය බලල නෑ.
හොඳම චිත්‍රපටි වලින් 52වෙනියට තියෙනවා කියන්නෙ ඉතිං
ආය කතා කරන්න දෙයක් නෑනේ.
ස්තූතියි මචං.
ජයවේවා!
lk
thanks saho
nipuna prasad
bohoma pin dindidu saho digatama hoda awa demu
ccnp
Thanks
kalinga
බොහොම පින් දිගටම දෙමු
wow
wow,maru :D
Saman Prasad (Black Cobra)
ela ela... thanx
rusuru | රුසිරු
නියමයි සහෝ මේක නම් පට්ට වගේ
hh
thanks dinidu thawath hoda awa demu
mihin ලංකා
බොහොම පින්
Hasitha prasad
එලෙත් එල පට්ට පට්ට
Ashain
elai wage...thanx saho !
yasomal
niyama wali thiyena film akak patai thawath subs denna
f_live
සුපිරි ඇති
bandula
bohoma pin :P thawath supiri akak wage
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela දිනිදුවෝ...
මැක්සම ෆිල්ම් එකක්...
ඔයා ගේන්නෙම එව්වා..
අනිවා බෑමක් තමයි ඉතින් අනික මේ නළුවත් පට්ට...
ඔන්න එහෙනම් බාන්න දැම්මා...
ජය වේවා..හර්ෂ ලහිරු
පට්ට දිනිදුවා කොර පාරක් වගේ
අනිවා බෑමක් තමයි ජය :PWishvanath
me torrent eke (300MB) seed nane.
jack
පට්ට මචන්.
දිල්ෂාන් කාලිංග
සුපිරි පහරක් වගේ,,,
ස්තුතියි දිනිදුවෝ මේක අරන් ආවට.
බාන්න දැම්මා ඕන්.
:-)sp පියමල්
ඔයා හොඳයි කියනවනම් අනිවා හොඳ ඇති,thanks දිනිදු අයියේ
wimukthi
snatch(2000) එකටත් sub දාල දීපන්කො මචෝ
නලින්
දිනිදු අයියා නියමයි..
ජය වේවා!!
namika
මචා ඇක්ශන් බේරෙන සුපිරි පාරක් වගේ. ලිපියෙන්ම හිතා ගතෑකි බයිස්කෝප් එකේ තරම.
ලබා දුන් උපසිරසියට බොහොම ස්තූතියි!
ජය වේවා කියාගෙනම ඔන්න බානවෝ!Achintha sameera
දිනිඳු සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට.පට්ට ෆිල්ම් එකක් වගේ,බලමුකෝ එහෙනම් මොකද්ද කියලා
nalaka
ඔය දෙන ෆිල්ම් කොහොමත් පට්ට පතුරු තමයි තැන්ක්ස් සහෝ
me
Thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
මේක සුපිරි කතාවක් වෙන්න ඕනි 52වෙනි තැන කියන්නේ, නියමයි සහෝ,ජයවේවා.
සංජය
බොහොම් ස්තුතියි දිනිඳු සහෝ..
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...danushka
thanks saho,,,jaya wewa!!!
panduka
thank you soo much broo
“චූටී මල්ලි”
එල එල
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය....................රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔච්චර කියන එකේ නොබලා කොහොමද? මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
ගමයා
ඕන් බාන්න දැම්මා..
ජයවේවා!Chami
Thanks...
mudiya / මුදියා
දිනිඳුව දුන්න නම් ඇඬෙන්නම ඇති.
නියමයි හොඳේ.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!gihan
ගොඩක් ස්තුතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Isu DP
Good Film
ප්‍රසාද් කන්දමුල්ල
හොඳ ෆිල්ම් එකක් වගේ,,,,, සබ් එකට ගොඩාක් ස්තුතියි....මචෝ,,,,,,,,,,
Chathinka Pinipun
බොහොම ස්තූතියි සබ් එකට..❤️
London Fields 2018 එකටත් සබ් දෙන්නකො ඉක්මනටම..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම එක