වොල්වරින් කිව්වම නොදන්නේ කව්රුද, ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් තමයි වොල්වරින් කියන්නේ. X Man චිත්‍රපට මාලාව සමඟ ඉදිරියට පැමිණි මේ චරිතය ඒ හැම එකකම වාගේ ප්‍රධාන චරිතයක් රඟ දැක්වුවා. X-Men (2000), X2 (2003), X-Men : The Last Stand (2006), X-Men Origins : Wolverine (2009) සහ X-Men: First Class (2011) තමයි…

වොල්වරින් කිව්වම නොදන්නේ කව්රුද, ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් තමයි වොල්වරින් කියන්නේ. X Man චිත්‍රපට මාලාව සමඟ ඉදිරියට පැමිණි මේ චරිතය ඒ හැම එකකම වාගේ ප්‍රධාන චරිතයක් රඟ දැක්වුවා. X-Men (2000), X2 (2003), X-Men : The Last Stand (2006), X-Men Origins : Wolverine (2009) සහ X-Men: First Class (2011) තමයි මෙතුවක් කලකට X men ලේබලය යටතේ අපේ රසාස්වාදය වෙනුවෙන් දිග හැරුනේ. ඒ වගේම සතුටුයි කියන්න එකක් හැර අනෙක් සෑම චිත්‍රපටයකටම අපේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා දී තිබෙනවා. එහි 2009 වසරේ තිරගත වු X-Men Origins : Wolverine නම් චිත්‍රපටයට අද හවස වෙනකොට ඔබට එහි උපසිරස අපේ වෙබ් අඩවියෙන් ලබාගන්න හැකි වේවි.
යකඩ නිය සහිත මේ නොමියෙන මිනිසාට තියෙනවා තම ඇඟ තුල අපූර්ව හැකියාවක්. ඒ ඕනෙම දෙයකින් තමන්ව සුව කරගැනීමේ හැකියාව. මෙවර ඒ හැකියාව ඔහුට කරදරයක් වෙලා. මොකද අවසානයේ අපි දැක්කේ වොල්වරින් අතින් ඔහුගේ පෙම්වතිය වූ ජීන් මියයනවා. ඒ සමඟම මේ අපූරු මිනිසා ඔහුගේ මේ සටන් කාමී දිවියෙන් ඉවත් වෙලා තනිව වනගත ජිවිතයක් ගෙවනවා. එතනින් තමා මේ කතාවේ ආරම්භය. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය James Mangold විසින්. රංගන දායකත්වය වෙනදා වගේම මේ චරිතය අපේ හිත තුල දෙවනත් කරන්න තරම් හැකියාවක් සහ පෞර්ෂයක් ඇති සුපිරි නළු Hugh Jackman විසින්. ඒ වගේම මෙහි තව නව චරිත වගයක් එලි බහිනවා. ඒ චරිත වලට රංගනය සපයන්නෙත් අලුත් නිළියන් කිහිප දෙනෙක් Tao Okamoto, Rila Fukushima යන ජපාන නිළියන් සමඟ Svetlana Khodchenkova නැමති රුසියානු නිළිය රංගනය සපයනවා තවත් දුෂ්ඨ චරිතයකට. මේ උපසිරැස නිර්මාණය කරනකොට මේ චිත්‍රපටය තවමත් තිරගත වෙනවා. කැමරා පිටපතක් උපයෝගී කරගෙන මෙහි උපසිරැස නිර්මාණය කලේ මේ කතාවට තියෙන ආසාවම නිසා. මේ වනවිට ජාත්‍යන්තර ලකුණු දර්ශකය 7.1 ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඒ වගේම පළමු සතිය තුල වාර්තා ගත ආදායමකුත් හොයලා තියෙනවා. මේ වනවිට චිත්‍රපට නිෂ්පාදන පිරිවැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල එනම් අදවන විට 2013 අගෝස්තු 8 වනවිට අදායම ඩොලර් මිලියන 102ක් ලෙසිනුයි වාර්තා වෙන්නේ. මේ විස්කම කරලා තියෙන්නේ සති දෙකකින් එනම් 2013 ජුලි 26 තිරගත කිරීම අරඹලා සති දෙකක් වගේ ඉතාමත් කෙටි කලක් තුල. එහෙනම් මම කියන්නම් මෙවර වොල්වරින් සූදානම් වෙන්නේ මොකටද කියලා.
මතක ඇතිනේ ජපානෙට ඇමෙරිකාව පරමාණු බෝම්බ දැම්මා 1945 අගෝස්තු 6 සහ 9 දින වලදී හිරෝෂිමා නාගසාකි කියන නගර වලට. මේ කාලේදී වොල්වරින් ජපාන සිරකරුවෙක් නාගසාකි වල තියෙන හිර කඳවුරක. ඒ අවස්ථාවේ තමා නාගසාකි වලට පරමාණු බෝම්බ දමන්නේ. මෙසේ පරමාණු බෝම්බ වැටෙන අවස්ථාවේදී ඔහු එක්තරා ජපාන සෙබලෙකුගේ ජීවිතය බේරා ගන්නවා. මම මුලින් කිව්වා වගේ තම පෙම්වතියගේ මරණයෙන් පසු වනගත වූ වොල්වරින් එහෙමත් නැතිනම් ලෝගන් හොයාගෙන කෙනෙක් එනවා ජපානෙන්. එතනින් තමා කතාවේ ආරම්භය. මේ එන කෙනා එන්නේ ඇර 1945 දී වොල්වරින් විසින් බේරාගත් කෙනාගේ පණිවිඩයකට. ඒ ඔහු මිය යන්න පෙර කල උදව්වට ස්තුතිය ප්‍රකාශ කරන්න. එත් එහි යටි අරමුණ එයමද? මෙවර වොල්වරින් හට මුහුණ දෙන්න වෙන අභියෝගය කුමක්ද? ඒ සියල්ල ඔබට බාරයි එහෙනම්. මේ වගේ උපසිරසක් සමඟ නැවත මුණ ගැහෙනතුරු ඔබ සැමට ජයෙන් ජය!!
අමතක උනානේ කියන්න, අන්තිමට ඊළඟ X-Men චිත්‍රපටය ගැන ඔන්න ඉඟියක් දීලා තියෙනවා නොවරදවාම බලන්න. නාමාවලිය පටන්ගෙන ටික වෙලාවකින් තමා ඒ ගැන යන්නේ. තවත් ලොකු කේස් එකක් වෙන්ටයි යන්නේ. 😉
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
20,423 downloadsDownload The-Wolverine-2013.zip188 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
149 comments
was
eranga
apita nam 1 wennama wenne na :(
ධනු
bohoma thaks smeera saho direct ekekuth dunnu eka.e vagema thanks ape hasantha aiyatath
Rashmika
Hall එකෙන් බලපු මුල්ම 3D Film එක..එහෙ සබ් තිබ්බෙ නැනෙ..දැන් ආයි බලනවා..Thanks Lot saho!!!
isuru
patta macho
ositha
meyka pattama akkak aniwa balanwa x man tika mulin balanna one
udara
elakiri saho niyamai
ganidu
තැන්ක්ස් වේවා!!!
tharanga
මේක එනකම් උන්නේ පට්ට නේ මචෝ
chamath cafe
එල එල හසන්ත ජය!!!
ccnp
Thanks
bandula
niyamai meyke hoda copy anakam hitiye
Thilina Nimantha
Enakal hitiye... thank ah.
Tharindu
super bro
vee
maxxa kollo
Hasitha prasad
මේක නම් එලම ෆිල්ම් එකක් තැන්ක්ස් සහෝට
jeewantha
tQ machan
mihin ලංකා
අනිවා අදම බලනවා ඔන්න බාන්න දැම්ම තුති!
shann
සබ් වලට පින් අම්මෝ මේක එනකම් හිටියා කාලයක්
Amila
පට්ට පට පට හසන්ත
Pubudu Supun
මේක එනකල් ආසාවෙන් බලාගෙන හිටියේ. බොහෝම ස්තුතියි :D
yasomal
txz lot
panditha sasika
niyamayine hasanatha saho
quik
thanks
Navinda
එළකිරි!
mahesh
x men mula idalama balanna one kathwa therum ganna dan subs thiyenawanen :)
chami
thnxxxxxxxxx
උදාර
ගින්දර ෆිල්ම් එකක් මේක
rashim
thxxxxx lot machanla ubalage subs patta
sasika
enakam unne awa ga,an deela hoda copy aka
eranga
patta film akak jaya wewa!!!
Sujith
thnx bro!! :)
නලින්
ස්තුතියි හසන්ත අයියා!
මෙක ආපුගමන් වෙඩිවගේ දුන්නට!
ජය වේවා!
zumo man
elazzz thnxzzz
ranga
niyamai saho
h[a]s
නියමයි නේ සහෝ
Ishan
Thanx....
shani
තෑන්ක්ස්.
මම මේක දෙනකම් ගොඩක් ඉවසගෙන හිටියා.
ඔයාලා අනිවාර්යෙන්ම මේක දෙන බව දන්න හින්දා.සචිත උදාර
මෙයා එනකන් තමා බලාගෙන හිටියේ, බොහොම ස්තූතියි සහෝ.
hasun
Ammmooooooooooooooooooo athi yantham ........
Balagenama hitiye meka enakam........
Thnx Saho........ (y)prabath
niyamai malli thanks
Amil
තැන්ක්ස් හසන්ත අයියා සබ් එකට...
හසන්ත අයියා සබ් දුන්නොත් ඉතින් සුපිරි චිත්‍රපටියකට තමයි....isurox
mama meka enakal balan hitiyeee
fatta
thanks!!!!!!!!!!!!!!jack
නියමයි මචෝ. පට්ට
#ChalinduDeshan (කිනා)
යකෝ මේක ඇවිත් පැය කීයද :O
එලනේ අයියේ ඈ...
දැං ඉතිං බැලිල්ලක් තමයි.
ජයවේවා!danu
patta akak ne
Ishara
tnx mchn meka denkn hitiye
me
Thanks
දිනේෂ් ගමගේ දෙල්ලව
ගොඩක් ස්තුතියි සහෝ.. ජය..
Rukshan
thanks bro...
සංජය
thankx hasantha saho..
ප්‍රදීප් ඉරේෂ්
සීඩර්ස්ලා මදි වගේ දැනෙන්නේ නැත්ද..........කොහොම උනත් එල බඩ්ඩක් තමයි මේ චිත්තරපටිය...ජය වේවා හොඳේ...
Advertisement

පට්ට මම 1 මේක එනකම් උන්නේ