Watch Trailer

Lost Highway (1997) Sinhala Subtitles | යාතාර්ථයෙන් ඔබ්බට……. [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මං මේ වතාවේ උපසිරස රැගෙන ආවේ Crime / Mystery / Thriller යන වර්ග වල අයත් වෙනස්ම විදියේ සිනමා නිර්මාණයකට. ඇත්තටම මේක ඉතා සංකීර්ණ කතා තේමාවක් අන්තර්ගත තේරැම් ගැනීමට ඉතාමත් අපහසු චිත්‍රපටයක්. මං මෙච්චර කාලෙකට නරඹපු චිත්‍රපට අතරින් මේක තමා මං දැකපු දෙවෙනියටම වැඩිම සංකී…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මං මේ වතාවේ උපසිරස රැගෙන ආවේ Crime / Mystery / Thriller යන වර්ග වල අයත් වෙනස්ම විදියේ සිනමා නිර්මාණයකට. ඇත්තටම මේක ඉතා සංකීර්ණ කතා තේමාවක් අන්තර්ගත තේරැම් ගැනීමට ඉතාමත් අපහසු චිත්‍රපටයක්. මං මෙච්චර කාලෙකට නරඹපු චිත්‍රපට අතරින් මේක තමා මං දැකපු දෙවෙනියටම වැඩිම සංකීර්ණ චිත්‍රපටය. මීට වඩා ව්‍යාකූල බවක් දැනිලා තියෙනවනම් ඒ ඉතිං Donnie Darko චිත්‍රපටයේදී පමණයි. ඉතිං මට හිතුනා මේ ව්‍යාකූල චිත්‍රපටය වෙනුවෙන් උපසිරසක් ලබාදෙන්න.

1997 වර්ෂයේදි තිරගත උන මෙම චිත්‍රපටය ප්‍රකට හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන David Lynch විසින් ලියා, අධ්‍යක්ෂණය කරනු ලැබූවක්. ඇත්තටම David Lynch කියලා කියන්නෙ වෙනස්ම ආරකට, වෙනස්ම විදියේ කතා තේමා අන්තර්ගත සහ චිත්‍රපටය අවසානයේදි ප්‍රෙක්ෂකයාව සිතන්නට පොළඹවන විදියේ සිනමා නිර්මාණ බිහි කෙරෑ අධ්‍යක්ෂවරයෙක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරෑ Mulholland Drive (2001) කියන චිත්‍රපටයටත් මං මීට කලකට ඉහතදී උපසිරසි ලබාදුන්නා. එම චිත්‍රපටය නැරඹුවා නම්, අනිවාර්යෙන්ම කතාව අවසානයේදි මොකද්ද මේ උනේ කියලා හිතාගන්න බැරිවෙන්න ඇති. ඉතිං මෙම චිත්‍රපටය, එම Mulholland Drive චිත්‍රපටයටත් වඩා සංකීර්ණ කතාවක් අන්තර්ගත සිනමා නිර්මාණයක්. මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Bill Pullman, Robbert Loggia, Patricia Arquette යන නළු නිළියන්. එමෙන්ම මෙම චිත්‍රපටයට 7.6ක් වැනි ඉහල මට්ටමේ IMDB අගයක්ද හිමි වී තිබෙනවා.

ඇත්තටම මෙහි කතාව විස්තර කරන එක නම් කොහෙත්ම කරන්න බැරි වැඩක්. මොකද මේ කතාව ආරම්භ වන්නෙ කොතනින්ද, අවසාන වෙන්නෙ කොතනින්ද කියන එක හරියටම හිතාගන්න අමාරැයි. ඒ වගේම චිත්‍රපටය තුළ සිදුවන සිද්ධි දාමයන් හරිම ව්‍යාකූල ස්වභාවයක් පෙන්නුම් කරනවා. එමෙන්ම මෙය මනෝ විශ්ලේෂණය පැත්තට නැඹුරැ වුන චිත්‍රපටයක්. අධ්‍යක්ෂවරයා මෙහිදි උත්සහ දරා තිබෙන්නෙ අපරාධකරැවෙකුගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය ගැන විග්‍රහයක නියැලෙන්න. ඉතිං චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ, මෙම චිත්‍රපටය 18+ දේවල් ටිකක් වැඩිපුර අන්තර්ගත උන සිනමා නිර්මාණයක්. ඉතිං මෙය පවුලේ සැමට එකට නැරඹිය නොහැකි සිනමා නිර්මාණයක් බව කරැණාවෙන් සලකන්න. ඒ වගේම මෙම චිත්‍රපටය ඔබ පළවෙනි වතාවට නරඹනවා නම් අනිවාර්යෙන්ම කතාව අවසානයේදි මොකද්ද මේ උනේ කියලා කොහෙත්ම සිතාගන්නට බැරි වේවි. ඉතිං චිත්‍රපටය ගැන අදහසක් ලබා ගැනීමට නම් මනස වෙහෙසවන්නට සිදුවේවි. ඒ වගේම මෙම චිත්‍රපටය පුරාවටම විවිධාකාර සංකේත භාවිතා වෙනවා. ඉතිං චිත්‍රපටය තුළ සිදුවන එක පුංචි සිද්ධියක්, දෙබසක් ඇති මුළු කතාවෙම හරය කණපිට පෙරලන්න. ඉතිං චිත්‍රපටය නරඹද්දි ඉතාම සූක්ෂමව නරඹන්න කියලා ඉල්ලනවා. චිත්‍රපටය අවසානයේදි කතාවේ හරය ගැන කිසිම අදහසක් ආවේ නැති උනොත්, Youtube එකේ මෙම චිත්‍රපටය ගැන විග්‍රහ කර තිබෙන වීඩියෝ කිහිපයක් නරඹලා බලන්න. එය මෙහි කතාව තේරැම්ගැනීමට රැකුලක් වේවි.

මේක මගේ 31 වෙනි උපසිරසි නිර්මාණය. තවත් වටිනා සිනමා නිර්මාණයකට ඉක්මනින්ම උපසිරසක් රැගෙන ඒම බලාපොරොත්තුව පෙරදැරිව මං දැනට සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය පතමි !!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබාදී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/james-dc-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

James DC

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

32 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. gihan perera

    Well done bro....keep continue it....god bless you and thanks so much......

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Donnie Darko 2001 සබ් දෙන්න
    ජය වේවා!

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
    මම මේ දවස් වල ඔය කියපු Donnie Darko එකේ සබ් එක හදන්න පරිප්පු කනවා...
    මට හිතාගන්න පුලුවන් එතකොට මේක කොහොමට තියෙයිද කියලා....
    James DC සබ් දෙන ෆිල්ම් එකක් නම් අනිවා බෑමක් තමයි....

    1. James DC

      Donnie Darko එකට සබ් එක දෙද්දි සහෝ විනාඩි 133ක් තියෙන Director's Cut එකට දෙන්න. විනාඩි 113ක් තියෙන ඔරිජිනල් එක බැලුවහම නම් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.

  7. LimeGreenSoda

    thanksman

  8. Priyantha Dayakeerthi

    මා, ඔබ උපසිරසි නිර්මාණය කරන සිනමාපට තෝරාගෙන නරඹන රසිකයෙක්. මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි සොයුර!

  9. dagi1

    MENNA PATTA

  10. wathilak

    වෙනස් කතාවක් වගේ...ස්තුතියි උපසිරසියට

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Dewadithya

    Thanks!!

  13. sathira529

    උඹ(උඹ කියල කීවෙ ආදරේට හොඳේ)සබ් කරන ෆිල්ම්ස් මං අනිවා බලනවා. මේකෙ එදා ඉඳන්ම හිටපු සබ් සීය දෙසීය කරපු උන්දැලත් දැන් සබ් කරන්නෙ මහ එපා කරපු ෆිල්ම් වලට..ඒ වගේ ෆිල්ම් වලට සබ් කරාට කමක් නෑ,හැබැයි හොඳ ෆිල්ම් වලට සබ් දීල ඉවර උනාට පස්සෙ..මේ සයිට් එකේ ඉන්න සබ් කරන උන්ගෙන් සුපිරිම එකා තමයි උඹ..උඹේ එක සබ් එකක්,සබ් දෙන එක ෆිල්ම් එකක් බයිස්කෝප් එකේ දෙවිවරු කියල හිතන් ඉන්න සමහරු සබ් දෙන ෆිල්ම් 100කට වඩා වටිනවා..දිගටම මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙමු..පොඩි යෝජනාවක් කරන්නම්..Jacobs ladder පොඩ්ඩක් බලපන්.උඹ මේ වගේ මූවීස් වලට ආසයි නම් ඒකත් උඹට අල්ලලා යයි..සබ් එකට ආයෙමත් තෑන්ක්ස් හොඳේ..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. Indika Prabath

    denakan hitiye sub aka....thanks

  17. Chandika Fdo

    the town that dreaded sundown 1976 me movie eke sinhala sub denna plese

  18. malith

    Ela ela

  19. Charuka00

    මීළගට The Mirror 1975 by Andrei Tarkovsky movie එකට sub දෙන්න පුලුවන්නම්. බොහෝම ස්තුතියි.

  20. AsithaDilruwan

    Ela saho thanks

    1. Kaveen harshana

      මේ සබ් එක download කරන්න දෙන්නෙ නෑනෙ.ඇයි දන්නෙ නැ නේද

  21. jagath55

    Thanks

  22. tomster

    Tnx bro...inland empire ekatai blue velvet ekatath sub dennako ewat oya wgema supiri flms dekak

  23. chiran_z

    thawa film walata sub denna one ela wedak kranne. me film eka gena kiyala wedak nea. psycho peththa gena penwala dila tiyenwa hodatama. ela bro ela

  24. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

  25. Ara N Madhu

    thanks malli...meka kalin gaththaa..eth reply ekak thiyanna amathaka unaa....eththatama mongal wage thamai....

  26. sathyajith

    thanks for sub

  27. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  28. Rukshan37

    Ela ela

  29. Waruna Kamalawansha

    බලමු එහෙනම්... බොහෝම ස්තූතියි

  30. Shehan

    Sud eka download krnna ba delete or removed kyla wetenwane