ඔයාට පේනවද අර ඉර බැහැගෙන යනවා? ඒත්… ඒ ඉර අපිට පොරොන්දුවක් වෙනවා… වරද්දන්නෙ නැතුව හෙටත් පායනවා කියලා! ඒ වගේම… ඒ පොරොන්දුව කඩන්නේ නැතුව, එයා හැමදාමත් ඉර පායානවා! මොකද වෙන්නේ, එයා එයාගේ පොරොන්දුව කඩලා… ඉර පෑව්වෙ නැත්නම් එහෙම? අපි හැමෝටම කළුවරට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ වගේම… අපි ගාවත් ආලෝකයක් තියෙනවා.…

ඔයාට පේනවද අර ඉර බැහැගෙන යනවා?
ඒත්…
ඒ ඉර අපිට පොරොන්දුවක් වෙනවා…
වරද්දන්නෙ නැතුව හෙටත් පායනවා කියලා!
ඒ වගේම…
ඒ පොරොන්දුව කඩන්නේ නැතුව,
එයා හැමදාමත් ඉර පායානවා!
මොකද වෙන්නේ,
එයා එයාගේ පොරොන්දුව කඩලා…
ඉර පෑව්වෙ නැත්නම් එහෙම?
අපි හැමෝටම කළුවරට වෙලා තමයි ඉන්න වෙන්නේ.
ඒ වගේම…
අපි ගාවත් ආලෝකයක් තියෙනවා.
අපිට ඕනේ ඒ ආලෝකය හැමදාමත් ඒ විදියටම අපි ගාව තියාගන්න නම්,
කවදාවත් පොරොන්දුවක් නම් කඩන්න එපා!
මොකද…
පොරොන්දුවක් කියන්නේ විශ්වාසයක්!
ඒ විශ්වාසය නිසයි අපි හැමෝම ජීවත් වෙන්නේ!
පොඩි කාලේ පොඩි පොරොන්දුවක් කැඩුවාම මෙන්න මෙහෙම තමයි මගේ අම්මා මට කියලා දුන්නේ. අපි පොරොන්දු වුනේ පොඩි පොරොන්දුවක් වෙන්න පුළුවන්. හැබැයි, ලොකු හෝ පොඩි වේවා, ඒ වෙච්ච පොරොන්දුව රකින්න බැරි නම් ඔයා කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැ කියලයි මගේ අම්මා මට කියලා දීලා තියෙන්නේ.
කාලය ගෙවිලා ගියා. ජීවිතේ ගොඩක් වෙනස්කම සිද්ධවුණා. අම්මත් මගේ ජීවිතෙන් සමුඅරන් සෑහෙන කාලයක් වුණා. ඒත්, එදා ඒ අම්මා කියලා දීපු දේ තාමත් මගේ හදවතේ දුවනවා. කවදාවත් හිතපු නැති විදියට මටත් පොරොන්දුවක් වෙන්න සිද්ධවුණා. මගේ ජීවිත කාලෙට මං වෙච්ච අමාරුම වගේම ලොකුම පොරොන්දුව.
භාරත් වන මා…
පූර්ණ විශ්වාසය හා පක්ෂපාතීත්වය දරමින්,
ආඥාපනත විසින් ස්ථාපිත….
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට…
ඉන්දියාවේ පරමාධිපත්‍යය හා අඛණ්ඩතාව සුරකින බවට,
මේ අවස්ථාවේ දිවුරා පොරොන්දු වෙමින්,
ආන්ද්‍ර ප්‍රදේශයේ මහ ඇමති ලෙසින්,
මාගේ රාජකාරී කටයුතු කැපවීමෙන් ඉටු කරමින්,
බියෙන් සහ පක්ෂපාතීත්වයයෙන් තොරව,
සෙනෙහසින් හෝ වෛරයෙන් තොරව,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අනුගමනය කරමින්,
මහජනතාව ආරක්ෂා කරමින් ඔවුනට යුක්තිය ඉෂ්ටකරන බවට,
දෙවියන්ගේ නාමයෙන් දිවුරා පොරොන්දු වෙමි!
දේශපාලන මඩ ගොහොරුවෙන් වල් වැදී ගිය සමාජයක්… නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක නොවන… බහුතරයක් මිනිසුන් සතුන් මෙන් හැසිරෙන… දේශපාලඥයින් තම මඩිය තර කර ගැනීමට ඕනෑම ආකාරයක ජඩ, පහත් ක්‍රියාවක් එළිපිට කිරීමට තරම් බියක් සැකක් නැති වාතාවරණයක… වැරදි නිවැරදි කිරීමට දඬුවම් නියම කල විට එයට කෝපය පළකරන රට වැසියන්, දේශපාලන නායකයන් සිටින රටක,… කෝටි සියය ඉක්මවන ජනගහණයකින් යුතු රටක වගකීම් සහගත හෝ වගඋත්තර බැඳිය යුතු කෙනෙකු නැති කල… රටක් ජාතියක් අයාලේ යෑම අරුමයක්ද?
තව කෙනෙක්ගේ මඩ හෝදන්න යනවා නම්, අනිවාර්‍යයෙන්ම අපේ ඇඟේ මඩ ගාගන්න බලාගෙන තමයි අපි යන්න ඕනේ. ඒ වගේ තමයි, යුග ගණනාවක් තිස්සේ දේශපාලනයෙන් බැට කෑ මිනිසුන් සිටින රටක, තවත් මිනිසුන් දේශපාලනයෙන් මෝහයට පත්වී සිටින රටක, තම තමන්ගේ වාසිය වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේද නොසලකමින්, එකාවන්ව ජනතාව තලා පෙලා දමන්නා වූ දේශපාලන නායකයන් සිටින රටක, මේ වල් වැදී ගිය රට යලි ගොඩනගන්න, යළිත් ඉපැරණි ශ්‍රී විභූතියෙන් විරාජමානව බබලන්නට නම්, අනිවාර්‍යයෙන්ම මේ දේශපාලන මඩ ගොහොරුවට බැහැලා මඩ ඇඟේ ගාගන්න වෙනවා. ඒත්, ජනතාව සිතන්නේ වෙනත් ආකාරයකට නම්, ඒ ජරාජීර්ණ වූ දේශපාලන මඩ ගොහොරුවේ ජනතාවට ගිලීමට ඉඩ දී පසෙකට වී බලාසිටිනවා හැර අන් කුමක් කරන්නද?
මේ ප්‍රාන්තයේ මහ ඇමති විදියට,
මාස අටයි, දවස් දහතුනක් මං හිටියා.
පොඩි කාලයක් නම් නෙමෙයි.
ඔයාලගේ අතට මාස අටකට බලය ලැබුණොත් එහෙම,
කරන්න පුළුවන් මොනවද කියලා දන්නවද?
ට්‍රැෆික් නීති හරි, වෙනින් මොකක්හරි නීතියක් හරි,
පිළිපදින්නේ නැතුව අක්‍රමවත්ව ජීවත් වෙන අපේ මිනිස්සුන්ව…
මෙහෙම කරනකොට හික්මීමක් සහිත අය කරන්න පුළුවන්.
වහලා දාන්න ඔන්න මෙන්න තියෙන,
රජයේ පාසල් වල අතීත ශ්‍රී විභූතිය,
මෙහෙම කරනකොට ආපහු ගේන්න පුළුවන්.
කිසිම ගුණාත්මක භාවයක් හරි වගකීම් සහගත භාවයක් හරි නැති,
කොන්ත්‍රාත්කාරයෝ, නිලධාරීන් සහ දොස්තරලා,
මෙහෙම කරනකොට පාලනය කරන්න පුළුවන්.
මේ නීති-රීති තියෙන්නේ අපිට නෙමෙයි, ජනතාවට විතරයි කියලා,
නීතිවිරෝධී ක්‍රියා වල නිරතවෙන දේශපාලන නායකයෝ…
වැරදුණා! සක්කිලි මෝඩයෝ!
උන්ව අපිට බයකරලා තියාගන්න පුළුවන් කොහොමද කියලා දන්නවද?
මෙහෙම කරනකොට!
බලයට ආපු ගමන්ම,
තමන් බලයට ආවේ ජනතාවට සේවය කරන්න කියල අමතක කරලා,
ඒ මිනිස්සුන්ටම තර්ජනය කරගෙන ඉන්න මැර නායකයන්ට…
උන්ගේ තැනදීම පාඩමක් උගන්වන්න පුළුවන්…
මෙහෙම කරනකොට!
නගර වල ඉන්න අය කාලාන්තරයකින් අහපු නැති විදියේ…
ගම් වල මිනිස්සුන්ගේ දුක් ගැනවිලි,
ගමේ සීමාව පහුකරන්නේ නැතුවව
ඒ මිනිස්සුන්ට එතනදීම විසඳුමක් ලබාදෙන්න…
මේ වගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී බලයකින් කරන්න පුළුවන්කම තියෙනවා…
මෙහෙම කරනකොට!
බලයට පත්වෙලා මාස අටයි, දවස් දහතුනකින් මෙච්චර දෙයක් කළා නම්,
අවුරුදු පහක හරි දහයක හරි කාල සීමාවකට මං බලයේ හිටියා නම්,
කොච්චර පුදුම සහගත දේවල් කරන්න තිබ්බද?
මේ හැමදෙයකින්ම ඔයාලට වැඩක් වුනේ නැහැ කියලා මං දන්නවා.
මගේ පෞද්ගලික ජීවිතේ වෙන දේවල් තමයි
ඔයාලට වැඩියෙන්ම වැදගත් වෙන්නේ කියලා මං දන්නවා!
මං ගැනයි, මගේ පෙම්වතිය ගැනයි…
ඔයාලා මේ සතිය තිස්සේ දක්වපු උනන්දුව, උද්යෝගය,
ඔයාලගේ ප්‍රශ්න වලදීත් ඒ විදියටම පෙන්නුවා නම්,
ඔයාලගේ ජීවිත…
මෙහෙම කරනකොට වෙනස් කරන්න තිබ්බා!
එහෙමත් නැත්නම්,
ඔබතුමන්ලට උවමනාව තියෙන්නේ වෙනසක් නැතුව ජීවත්වෙලා ඉන්න නම්,
ඔබතුමන්ලා එක්ක හැමතිස්සෙම ඉන්න කියලා,
ඔබතුමන්ලා ජන්දෙන් පත්කරගත්ත දේශපාලන නායකයෝ,
මේ විදියට දිගටම ඔබතුමන්ලාගේ ජීවිත කාලකන්ණි කරාවි!
කල යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද කියලා…
ඔබතුමන්ලට බාරයි…!
2018 වර්ෂය තෙලිඟු සිනමාව පැත්තෙන් කොහොමද කියලා කවුරුහරි ඇහුවොත් එහෙම, මං උදාහරණ දෙකක් දෙන්නම්. පළවෙනි එක තමයි, Rangasthalam (2018). දෙවැනි එක තමයි, මේ Bharat Ane Nenu චිත්‍රපටය. ඇතැම් බොලිවුඩ් නිර්මාණ තමන්ගේ නිෂ්පාදන මුදල පවා සොයාගැනීමට අපහසු තත්වයක පසුවෙව්වී, බොක්ස් ඔෆිස් ජයකෙහෙලි නැංවීමෙන් පමණක් සෑහීමකට පත් නොවුණු මේ සිනමා නිර්මාණ ද්විත්වය සිය විජයග්‍රාහී ගමන නිමාකරනු ලැබුවේ, එදා මෙදා තුර ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලැබූ හොඳම චිත්‍රපට නාමාවලියට සිය නාමයන් ඇතුලත් කරගනිමිනි.
විශේෂයෙන්ම, මේ Bharat Ane Nenu චිත්‍රපටය ගැන කියනවා නම්, මේ වර්ෂයේ අප්‍රේල් මස 19 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, නිෂ්පාදනය වුනේ ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ සාමාන්‍ය මුදලකින්. නමුත්, මේ සටහන ලියවෙන මොහොත වනවිට, 2018 වර්ෂයේ ඉන්දියාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපට අතුරින් දෙවැනි වැඩිතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව වාර්තා කරනුයේ, ඉන්දියානු රුපියල් කෝටි 240 ඉක්මවන දැවැන්ත මුදල් කන්දරාවක් තමන් සන්තක කරගනිමිනි. (දෙමල භාෂාවෙන් තිරගතවීම ආරම්භ වීමෙන් පසු සහ, සැටලයිට් රූපවාහිණි විකාශන අයිතිය ලබාදීමෙන් අනතුරව) දැනට මේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව දෙවැනි වන්නේ, Padmaavat (2018) චිත්‍රපටය සඳහා පමණි. (ඉදිරියේදී මෙම වාර්තා බිඳී යා හැකිය) ඒ වගේම, කලින් කිව්වා වගේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා වලින් පමණක් තම ගමන නිමාකරපු චිත්‍රපටයක් නෙමෙයි මේක. මේ සටහන ලියවෙන මොහොත වනවිට 9000 කට ආසන්න IMDB මනාප සංඛාවකින් 8.8 ක් වැනි අති දැවැන්ත අගයක් කරා ලඟා වෙන්න මේ සිනමා නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, එදා මෙදා තුර ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන ලද හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 177 වෙනි ස්ථානය සිය නමට වෙන්කර ගැනීමට පවා මෙම අති විශිෂ්ඨ සිනමා නිර්මාණයට භාග්‍ය උදා වුණා.
Srimanthudu (2015) සහ Janatha Garage (2016) වගේ තෙලිඟු සිනමා නිර්මාණ ඔබට මතක ඇති කියලා තියෙනවා. ඔව්, ඒ සිනමා නිර්මාණ දෙක අධ්‍යක්ෂණය කරපු Koratala Siva තමයි මේ විශිෂ්ඨ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ, මහේෂ් බාබු වගේ තෙලිඟු සිනමාවේ දැවැන්ත චරිතයක් මෙවැනි විශිෂ්ඨ සිනමා නිර්මාණයක් කරා මෙහෙයවලා, මුරුගදෝස් වැනි දැවැන්තයින් හට පවා කල නොහැකි වූ දැවැන්ත අභියෝගයක් මේ Koratala Siva ජයගන්නේ, මුළු මහත් ලෝකයක්ම විශ්මයට පත්කරමින්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ, ලංකාවේ සමහරුන්ගේ මතයට අනුව නම් මහේෂ් බාබු කියන්නේ ඕවරැක්ටින් නළුවෙක්. ඒ අයට කියන්න තියෙන්නේ චිත්‍රපටය නරඹන්න. එදා මෙදා තුර සිය චිත්‍රපට ජීවිතය තුල අති විශිෂ්ඨම රංගනයක නියැලෙමින්, මහේෂ් බාබු නම් රංගධරයා මේ සියල්ලටම ඒ අයට මනාව පිළිතුරු සපයාවි. ඒ වගේම, ඉන්දීය සිනමාවේ තවත් දැවැන්ත රංගන ශිල්පියෙකු වන Prakash Raj මෙම චිත්‍රපටය සඳහාද සිය රංගන කෞශල්‍යය මැනවින් ලබාදෙනු ලබනවා. M. S. Dhoni: The Untold Story (2016) තුල රංගනයෙන් දායක වූ Kiara Advani ප්‍රධාන නිළියගේ භූමිකාව සඳහා පණ පොවනු ලබනවා.
මං හිතන්නේ, තවත් අමුතුවෙන් මේ ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තෙලිඟු සිනමා රසිකයෝ මේ අවුරුද්දේ බොහොම උනන්දුවෙන් බලාගෙන ඉඳපු චිත්‍රපටයක් කියලා හොඳටම දන්නවා. එහෙනම්, දැන් ඉතිං අරගෙන බලන්නයි තියෙන්නේ. සමහරවිට තෙලිඟු චිත්‍රපට නරඹන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම්, ඉන්දියානු චිත්‍රපට නරඹන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒත්, වගකීමෙන් කියනවා, Amazon Prime වැනි සිනමා ක්ෂේත්‍රයේ ලෝක ප්‍රසිද්ධ ආයතනයක් මගින් විකාශන අයිතිය ලබාගත් මෙම සිනමා නිර්මාණය, ඔබගේ ජීවිත කාලය තුල ඔබට නැරඹීමට ලැබුණු අති විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වනු නිසැකයි. මෙය මගහැර ගන්නවා කියන්නේ සැබවින්ම ඔබ කරගන්නෙ ඉමහත්වූ පාඩුවක්. අරගන්න… මනසින් නරඹන්න… නිසැකවම ඔබටත් යමක් හිතන්න ඉතුරු වේවි. මොකද කියනවා නම්, දේශපාලනය කියලා ලංකාව තුල තියෙන්නෙත් ඉන්දියාවට නොදෙවෙනි ජඩ ව්‍යාපාරයක්. පැහැදිළිවම මේ තමයි වෙනසක් කල යුතු කාලය. ඔබ පණ දීගෙන ඉන්න දේශපාලන නායකයින් කියාගන්නා බහුතරයක් තැනැත්තන්ගේ සැබෑ ස්වරූපය ඔබට මැනවින් අවබෝධ වේවි. අවසානයේදී, “අනේ අපිටත් මෙහෙම නායකයෙක් හිටියා නම්…” කියලා නිසැකවම ඔබටත් හිතේවි. ගිහිං එන්නම්. ජය!
ප. ලි. – උපසිරැසි Proper HDRip සඳහා යාවත්කාලීන කර දුන් තරිඳු රුක්ෂාන් සොයුරාට විශේෂ ස්තුතිය.
—– සැබෑ නායකයෙකුගේ ගුණාංගය විය යුත්තේ,
නායකයෙකු අවශ්‍ය නොවන සමාජයක් බිහිකිරීමයි! —–

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය TamilMV Proper HQ True HDRip සහ TamilMV HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
40,533 downloadsDownload Bharat-Ane-Nenu-2018-New.zip173 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
132 comments
Krishan NiShalya
Thilina Chamara
බොහෝම ස්තූතියී සීසිල...
ishan910
baiscopedownloads wala link eka na
Anuja wickramasingha
thanks for the sub.......mchn
gihan perera
Good job bro.....balan hitapu film ekak maka...Well done...keep continue it...god bless you...
flyingpenguin
Thank you bro...
Prabodha Madhusankha Hettiarachchi
Thank broooo sub ekata. Film eke hoda copy apu gaman sub delaa supiri...
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
තරිඳු රසාංග
උපසිරැසියට ස්තුතියි සහෝ,අදම බලනවා.
TharakaWAS
Subata Thanks bro...!!!
jaya wewa....!!!!!!!!!!!!Eranga Sandaruwan
මහේශ් බාබුගේ ෆිල්ම් එකක් නොබලා කෝමද?
පට්ට.උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..nimanaka
thanks brother
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Tharindu_Vidusha
Sub eka niyamai...!!jaya wewa....digatama sub karamu..
pradeepdvd
සිංහල උපසිරැසියට ස්තූතියි
nirodha uthpala
Yakoo meka bokke admin kenekuge vadak ne ..eakenma down venna dalai comment eaka danne .thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
widuranga
elama sahoooo elama wadak....... sub ekata thanx bokka
widuranga
ela sahoooo elama wadak....... sub ekata thanx bokka
Dilruk lahiru
SUb එකට මෙච්චර ekmanata මේක blanna දුන්නට පින්
thimalF
patta machan
thimalF
thanx sub ekata
sadun J
සබ් එකට තෑන්ක්ස් සහෝ
මේක එනකන්මයි හිටියේ
සුපිරියක් තමයි !Gathsara Umesh
Ayye oya lipiy dakkm mek nobl inn khmd..
Exam athalagama..karann feyk ne..ret horen hri phone eknwath bala blnawa..oyanm ayye pattem raha awussnwa api okoogem..
Bhoom sthuuthiyi upasiresyat ayye...bhoom sthuuthiyi..Tharindu8
Thanks bro
Kawi Jayasinghe
thanx sub ekata
hdpradeep
Thanks Saho Sub Ekata. Jayawewa!!!
samanr23
බොහෝ ම ස්තූතියි...සිසිල බ්‍රෝ.......ජය......
7 Days in Entebbe (2018) බැලුවද ඔයා....
Tharindu_Rukshan_Perera
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට ..! මාවත් මතක් කරලා තියෙන්නේ
ශසිත් සඳරුවන්
මේක එනකල් බලාන උන්නේ..
අද බලනෝ...
සබට තුති සිසිල..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Kapila4499
thanks for sub broooo...........
oshanda
sub ekata thanks bro….!
Indika Panapitiya
elama
Amila89
ස්තුතියි.ජය වේවා
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. ආයේ ඉතිං සිසිල සහෝ කරපු උපසිරසයක් කියන්නේ පට්ටම ෆිලුමක් තමයි. උපසිරස ගන්නවා වගේම මේ වගේ දැන්වැන්ත නිර්මාණ ගැන අපි දැනගන්නෙත් සහෝලා සබ් කරන නිසා තමා. මොකද අපි උනත් මග හොයලා බලන්නේ හොලිවුඩ් නිර්මාණ ගැන තමා. ඉතිං බයිස්කෝප් නොතිබුනානම් උපසිරස විතරක් නෙමේ මේ වගේ හොද ෆිල්ම් කවදාවත් නොබලන්නත් ඉඩ තිබුනා!
ranga11112
Niyama film akak....thank you saho...
Ara N Madhu
Done
Ara
Stranger
thanks
DilanDilshan
ela elaa...jaya wewa broo..
Amila janaa
Meke hodama prper hq ekda HD rip ekada?
Kulanjana Maduranga
niayamai…aniwa bamk thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nuwandika Dil
Ela sisila.thada
ashi101
na peru surya me okkoma wartha kadai mata sure eke sub takhala dennako
Ayesh Prashan
Thank You
Kanchaka
Thanks bro
Vishnew
Sub aka dwn wenne na ne403 :(
සොයා ගත නොහැක..pls fixHeerath
Adoo matath ahemai bn kohomada meka gannae
Vishnew
Sub aka ganna ba...ikmnata hoda nakooo
Gandhaka Indrajith
Thanks for the subtitle
Chathura_Wasala
Thanks
gamini
oya film download karanne mokenda
rangika Kariyawasam
නියමයි සිසිල සහෝ.මග බලං උන්නේ.ජය වේවා සබ දුන්නට. නියමයි
Kovidu
සබට ගොඩක් ස්තූතියි සහෝ........
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Bharat Ane Nenu (2018) Sinhala Subtitles | ජීවිතය පරදුවට තබා හෝ පොරොන්දුව සුරකින්නම්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Bharat-Ane-Nenu-2018.jpg)


බොහොම ස්තූතියි ...
එනකන් මඟ බලාගෙන හිටපු සබ් එකක්
Good Luck..