අද මම අරන් ආවෙ 2002 අවුරුද්දෙ තිරගත වුන ලස්සන සිංදු තියෙන බොහොම ජනප්‍රිය වුන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Khiladi, Baazigar, Daraar, Soldier, Baadshah, Chori Chori Chupke Chupke, Ajnabee, 36 China Town, Race පලවෙනි සහ දෙවෙනි චිත්‍රපට, Kis Kisko Pyaar Karoon, Machine චිත්‍රපටි අධ්‍ය…

අද මම අරන් ආවෙ 2002 අවුරුද්දෙ තිරගත වුන ලස්සන සිංදු තියෙන බොහොම ජනප්‍රිය වුන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Khiladi, Baazigar, Daraar, Soldier, Baadshah, Chori Chori Chupke Chupke, Ajnabee, 36 China Town, Race පලවෙනි සහ දෙවෙනි චිත්‍රපට, Kis Kisko Pyaar Karoon, Machine චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු අබ්බාස් සහ මස්තාන්. 1998 දි තිරගත වුන A Perfect Murder කියන චිත්‍රපටිය ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නෙ. රංගනයෙන් දායක වෙන්නෙ Bobby Deol, Akshaye Khanna සහ Amisha Patel. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Himesh Reshammiya. ගීත ගායනයෙන් Udit Narayan, Alka Yagnik, Shaan, Kavita Krishnamurthy, K.K., Sunidhi Chauhan, Kumar Sanu, Sonu Nigam සහ Jaspinder Narula එක් වෙනවා.

කරන්, නැටුම් කණ්ඩායමක සාමාජිකයෙක්. කරන්ගෙ පෙම්වතිය ප්‍රියා. එයත් ඒ නැටුම් කණ්ඩායමේමයි. මේ කණ්ඩායම නැවක නර්ථනය සඳහා තේරීම් තරඟයකට සහබාගි වෙනවා. ඒත් ඒ තරඟෙන් දිනන්නේ වෙනත් කණ්ඩායමක්. හදිසියේම ඒ කණ්ඩායමේ නායකයව කරන් මරනවා. කරන් සහ ප්‍රියා ඇතුලු කණ්ඩායම එ තරඟයෙන් තේරෙනවා. ඒ වගේම ඔවුන්ගේ කණ්ඩායම නැවත් සමගම පිටත් වී යනවා.

මේ නැව අයිති වෙන්නෙ රාජ් සිංහානියා කියන බොහොම දක්ශ තරුණ ව්‍යාපාරිකයෙකුට. රාජ් ප්‍රියා දැක්ක දවසෙ ඉඳන් ඇයට ආදරේ කරන්න පටන් ගන්නවා. එය දැනගන්න කරන්, රාජ්ගෙ දේපොල හා මුදල් ලබාගන්න ප්ලෑන් කරනවා. ඒ ප්ලෑනෙ විදිහට ප්‍රියා රාජ්ව කසාද බඳිනවා. බැඳල මාසෙකින් දික්කසාද කරල ලොකු මුදලක් වන්දි විදිහට ඉල්ලගන්නයි ලෑස්ති වෙන්නෙ. මේ අතරෙ නැටුම් කණ්ඩායමේම සාමාජිකයෙක් වෙන හැරී මේ ප්ලෑන ගැන දැන ගන්නවා. හැරී හදන්නෙ කරන්ව බ්ලැක්මේල් කරල සල්ලි ගන්න. එතනින් එහාට කරන්ගෙ ප්ලෑන සාර්ථක වෙයිද කියල කතාව බලලම දැනගමු.

ඉතින් එක දිගට කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවෙ. තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

2,182 downloadsDownload Humraaz-2002.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,182 downloadsDownload Subtitles54 KB

11 comments

  1. Gishan

    Sinister 2 {2015) sub dennko.

  2. Isuru

    Thanks puluwannam Deewangee 2002 hindi film eka denna supiri film ekak

  3. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරි.

    90 දශකයේ හින්දි චිත්‍රපට සඳහා දිගටම උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි

  4. yohan

    thanks unlock 2020 zee5 original hindi film ekata sub dennako

  5. Dilum

    ඉස්සර පට්ට ආසාවෙන් සිරසෙ බලපු ෆිල්ම් එකක්.මං ලගදි hd rip එකක් download කරල තියන් හිටියෙ.සබ් එක්කම දැන් බලන්න පුලුවන්.අවුල තියෙන්නෙ dvd rip සබ් eka support කරයිද දන්නෙ නෑ.අවුලක් නෑ.කොහොමහරි බලමු. බොහොම ස්තූතියි සබ් එකට.

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට දහරා

  7. sampath53

    මම කරන්න හිතන් හිටිය එකක් ඔයා කලා නේද නංගි.නියමයි.ලස්සන ෆිල්ම් එකක්.
    අනිව බලනවා.උපසිරැසියට බොහොම ස්තුතියි.ජය වේවා!!!!

  8. Dean

    Subtitles not extract

  9. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P