මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Stay (2005) දෙලොවක් අතර…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන පට…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Stay (2005) දෙලොවක් අතර…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන පට්ටම ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 7.6 ක් rotten Tomatoes වර්ගීකරනයේ 72% එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 27ක් සහ නිර්දේශවීම් 51 ක් ලබාගත්තු සුපිරිම තායිවාන ෆිල්ම් එකක්. තව දෙයක් 2008 අවුරුද්දේ පැවැත්වුන Golden Globes සම්මාන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ වෙන්නත් මේ සිනමා සිත්තමට පුලුවන් උනා. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 157ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, ඉවර උනාට පස්සෙ හද පතුලට ඊයම් බරුවක් ගිලා බැහැලා වගේ හදවත සංවේදී කරවන ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක. ඒ වගේම දෙවෙනි ලෝක යුද්ද කාලෙ ගැන ෆිල්ම් බලන්න කැමති අය නං මේ ෆිල්ම් එක දැනටමත් බලලා ඇති.
දෙවෙනි ලෝක යුධ සමයේදී හොන්ග් කොන්ග් සහ චීනයේදී සිදුවූ සත්‍ය සිදුවීමක් මූලික කර ගනිමින් චීන ජාතික කතුවර Eileen Chang විසින් රචිත Lust, Caution නම් කෘතිය පාදක කර ගනිමින් 2007 අවුරුද්දෙදි ඒ නමින්ම ෆිල්ම් එකක් හැදෙනවා. මේකේ කතාව ගැන මම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක බලලා මිසක් කියවලා රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක් නොවෙන නිසා. ඒත් මේ කතාවට පාදක උන සැබෑ චරිත වලට ගරු කිරීමක් විදියට මම පොඩි දේවල් ටිකක් කියන්නම්. දෙවෙනි ලෝක යුධ සමයේදී ජපානය වෙනුවෙන් රාජකාරී කල රහස් නියෝජිතයෙක් සහ ඔහුව ඝාතනය කරන්න එන දේශප්‍රේමී විමුක්ති සංවිධානයක ඔත්තුකාරියක් වටේ තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම දිවෙන්නෙ. ජපාන රහස් නියෝජිතයගේ සැබෑ නම Ding Mocun. ඔත්තු කාරියගේ සැබෑ නම Zheng Pingru. ෆිල්ම් එකේ හැටියට නම් යී මහත්මයා සහ වොන්ග් චියා චී. පහලින් තියෙන්නෙ එයාලගේ සැබෑ සහ ෆිල්ම් එකේදි ඒ චරිත නිරූපණය කරපු Tony Chiu-Wai Leung ගේ සහ Wei Tang ගේ චායාරූපයක්.

ඇය සිය ප්‍රථම ප්‍රේමයට පන වගේ ආදරය කලා…
ඔහු සිය සිත පතුලේ සගවාගත් ප්‍රේමයට පන වගේ ආදරය කලා…
ඇය ඇගේ වෛරයට පන වගේ ආදරය කලා…
ඔහු පමා වී ලැබුන ප්‍රේමයට පන වගේ ආදරය කලා…
එබැවින්,
ඇය ඔහුම වී…
ඔහු ඇයම වූ කල…
ඇය කවුද කියා…
ඔහුට වැටහෙනු ඇත…
මේ ෆිල්ම් එක NC-17 යටතේ වර්ගීකරණය කරපු ෆිල්ම් එකක්. සරලවම කිව්වොත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක්. ඒ නිසා හුගාක් රට වල මේ ෆිල්ම් එක ප්‍රදර්ශනය කරන්න දුන්නේ කොටස් සෑහෙන්න සංස්කරණයකට ලක් කරලයි. ඒ නිසා අන්තර්ජාලයේ විනාඩි 157ක සංස්කරණය නොකල පිටපතක් සහ විනාඩි 147 ක සංස්කරණය කල පිටපතක් වශයෙන් පිටපත් දෙකක් හොයා ගන්න පුලුවන් වෙයි. හැබැයි මේ සබ් එක හැදුවේ සංස්කරණය නොකල විනාඩි 157ක ධාවන කාලයක් සහිත සම්පූර්ණ පිටපතටයි. ඒ නිසා ඩවුන්ලෝඩ් කර ගන්නකොට විනාඩි 157ක සංස්කරණය නොකල සම්පූර්ණ පිටපතම ඩවුන්ලෝඩ් කර ගන්න මතක තියා ගන්න. ඒ වගේම ඒ දර්ශන දිහා කලාත්මක ඇහැකින් විතරක්ම බලනවා නං හොඳයි. මොකද ඒ දර්ශන පෙළ කළාත්මකව රූගත කරන්න විතරක් පැය 100 කට වඩා ගත උනා කියලා අධ්‍යක්ෂකතුමාම කියලා තිබුනා. ඒ වගේම ඒ නිරූපණයන් නිසා නවක නිළියන් 10 000කට අධික ප්‍රමාණයක් අතුරින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය විදියට තෝර ගත්තු Wei Tang ව චීනය තුල අසාදු ලේඛනගත කරන්නේ චීනය තුල ඇගේ රංගන දිවියට තිත තබමින්. ඒ වගේම එක රැයකින් ඇය පෙනී සිටි සියලුම වෙළඳ දැන්වීම් ඇතුලු සියලු නිර්මාණ චීන රජය විසින් තහනම් කරනු ලැබූ අතර චීන ජනමාධ්‍ය විසින් දිගින් දිගටම ඇයට එරෙහිව විවිධාකාරයේ චෝදනා එල්ල කරමින් දෝෂාරෝපණයන් එල්ල කරනු ලැබූවා.
ජපාන රහස් නියෝජිතයෙක්…
නිහඬ ඝාතකාවියක්…
සය මිතුරු හවුලක්…
යටිබිම්ගත විප්ලවකාරීන්…
දේශප්‍රේමීන්, දේශද්‍රෝහීන්…
සතුරන්, මිතුරන් සහ පාවාදෙන්නන්…
අතුරින් දිවෙන තුන්කොන් ආදර අන්දරය…
අවසරයි නරඹන්න ” ආදරනීය ඔත්තුකාරිය… “
තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ අදක්ශතාව හින්දා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි.
ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,475 downloadsDownload Lust-Caution-2007.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
41 comments
Prabodha Madhusankha Hettiarachchi
Warunaw
keep it up bro thanks
Thilankadissanayake
ස්තුතිය සහෝ .ලිපියත් නියමයි.
Sameera alwis
Thank you machan sub 1t.Jaya wewa.
යුරාන් ධනුක
උපසිරැසියට බොහෝම ස්තූතියි
ලිපිය ලස්සනට ලියලා තියෙනවා සහෝ
ජය...!!! :DHemantha De Silva
ස්තුතියි හසිත...
දැනුවත් කළාටත්....dulakshinarmada
ස්තුතියි
ජයෙන් ජයKulanjana Maduranga
subata thanks saho
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Chanmatara
උපසිරැසියට ස්තූතියි සහෝදරය.
බලමු..
Movie එකindika75
thanks..
Ravi28
Thanks bro
thilina8821
පට්ට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
lipiyatayi sub ekatati thanks saho..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anuruddha Udaya
thanks
AsithaDilruwan
ela saho thanks
හසිත මධුෂාන්
කමෙන්ට් එකක් දාල යන්න නතර උන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි....!
pushpakumara
thanks bro
MadusankaMunasinghe
thanxxx
akalankagayan
Thnx.......
cmtwap
කාලෙකින් පස්සෙ මම බැලුව සුපිරිම ෆිල්ම් එකක්. සබ් එකට ගොඩාක් ස්තූතියි...
Madusara
bohoma sthuthiyi....
jaya wewaa!Amalka Himeshan
Thanks sub ekata
jagath55
Thanks
prasakr
උපසිරැසියට බොහෝම ස්තූතියි
neelanethra
thanks bro
bLack_sNow
Thanks bro sub ekata. digatama karagena yanna suba patanawa
Gayan Chathuranga
thanks bro!
ricadodamien
Thank U Hasitha brother & baiscope team for the sub, beautiful movie. all the best to baiscope team...........
TMK
thanks
Buddhika Vajira
Thnx bro,,,, lipiye aulak ne lesatama thiyenavoooo
supun upeka
hadawathimma subha pathanawa..kiyanna wachana na.. etharamma lassanata sub eka karala thibuna..
Rukshan37
Ela ela
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Dewadithya
Thanks for sub!
ravinatha
Thank you very much for the subtitle! :)
srgtd321
Thanks Machan...
shashi
sbt godk thanks machn
elmදුමින්ද ලක්ෂාන්
ස්තුතියි සබ් එක දුන්නට ඒ වගේම ඇත්තටම ලස්සනයි ඹයාගේ සටහන
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Godak sthuthi bro sub ekata...