Watch Trailer

Thuppaki Munai (2018) Sinhala Subtitles | තුන්වෙනි ලෝක යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

” මොනවද මහත්තයෝ අද කාලේ මේ වෙන්නේ..? “ අවුරුදු හයේ ගෑණු දරුවව අවුරුදු 24 කොල්ලා දූෂණය කරලා මරලා, හිරේ ඉඳලා ඇප පිට එලියට ආපු පුතා තමන්‍ව වදාපු අම්මව මරලා ඇයි තව අවුරුදු 16 ක කන් ඇහෙන්නේ නැති ගොළු ගෑණු දරුවෙක්ව 17 දෙනෙක් එකතුවෙලා මාස 7 ක් තිස්සේ තියාගෙන දූෂණය කරලා මරලා..! ඒ 17 දෙනාගෙන් හතරදෙනෙක්ම […]

” මොනවද මහත්තයෝ අද කාලේ මේ වෙන්නේ..? “

අවුරුදු හයේ ගෑණු දරුවව අවුරුදු 24 කොල්ලා දූෂණය කරලා මරලා, හිරේ ඉඳලා ඇප පිට එලියට ආපු පුතා තමන්‍ව වදාපු අම්මව මරලා ඇයි තව අවුරුදු 16 ක කන් ඇහෙන්නේ නැති ගොළු ගෑණු දරුවෙක්ව 17 දෙනෙක් එකතුවෙලා මාස 7 ක් තිස්සේ තියාගෙන දූෂණය කරලා මරලා..! ඒ 17 දෙනාගෙන් හතරදෙනෙක්ම වයස අවුරුදු 60 ටත් වැඩි අය..!

දැන් මේ මහ පොලොවේ මනුස්සකම,සංවරකම,හැදියාව ඒ කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ, ඒ සේරම මැරිලා ගිහින්..! අවුරුදු 17 කොල්ලා කරන වැරැද්ද වයස අවුරුදු 70 කෙනා කරනවා. ඇත්තටම මෙතන වරද තියෙන්නේ කොහෙද..? කොතනින්ද ඒක වෙන්නේ..? කොහොමද වෙන්නේ කියලා හොයන්න..!

ඒ කරුණු කාරණා වලට හේතු වෙන්නේ මොනවද කියලා ඉගෙන ගත්ත බුද්ධිමත් ඔයාලා තමයි තීරණය කරන්න ඕන..

පිහියෙන් බෙල්ල කපලා මිනී මරන හැටි.! ගෑණු පිරිමි එකට ඉන්න ඒවගේ ඉඳලා ගෑණියෙක් දරුවෙක් වදන හැටි පවා වීඩීයෝ කරලා ලොකේ පුරාම බෙදනවා.! ඉතින් අවුරුදු දෙකෙ පහේ දරුවො පවා ඒවා සෙල් ෆෝන් වලින් බලනවා..! දරුවන්ගේ දෙමව්පියන්ටවත් තමන්ගේ දරුවෝ මොනවද කර කර ඉන්නේ කියලා බලන්න වෙලාවක් නෑ එයාලා එයාලගේ වැඩ පස්සේ දුවනවා.මේ දේවල් බලා බලා ඉඳලා දරුවො වැඩිහිටියෝ උනාට පස්සේ අර හිතේ තැම්පත් වෙලා තියෙන දේවල් ප්‍රායෝගිකව අත්හද්‍රා බලන්න ගන්නවා..!

දැන් කියන්න බලන්න කවුද මිනී මරන්නේ..? කවුද මේ අනිත් වැඩ කරන්නේ..?

කවුද මේවට වඟකියන්න ඕන කියලා..?

තුන්වෙනි ‍ලෝක යුද්දේ අපි කාටවත් නොදැනි පටන් අරන් තියෙන්නේ..! ඒකෙන් බලපෑම් වෙන්නේ ගැණු උදවියටයි පොඩි දරුවන්ටයි.! මේකේ ඉන්න සතුරා අපිට බොහොම කිට්ටුවෙන් හිටියට අපට පේන්නේ නෑ මොකද ඌ ඉන්නේ ඔයලග‍ේ ගෙවල් ඇතුලෙමයි..!

“අනේ මම යනවා යන්න මහත්තයෝ….”

“පොදුවේ ගත්තම සිනමා නිර්මාණයක් කියන්නේ තමන්ගේ නිර්මාණාත්මක,කලාත්මක හැකියාවන් ප්‍රේක්ෂකයන් හමුවේ ප්‍රදර්ශණය කිරිමට, ඉතාමත් සුවිශේෂි හා තියුණු ලෙසින් රෑපරාමු පෙලකට හැඩගස්වා පෙන්වන අතරම තමන්ගේ වාණිජ අවශ්‍යතාද සපුරාගැනීමට යොදාගන්නා මාධ්‍යක්..! මේ මගේ පෞද්ගලික මතය, තවත් අයට මීට වඩා වෙනස් මත තිබෙන්නත් පුලුවන්.!

තවත් සමහරු මගේ මතයට විරුද්ධ වෙන්නත් පුලුවන් ඒ තම තමන්ගේ දැනුම් මට්ටම සහ අදහස් ප්‍රකාෂ කිරිමේ අයිතිය මත රඳාපවතින දෙයක්.! ඒක නරක වෙන්නත් පුලුවන් හොඳ ප්‍රතිචාරයක් වෙන්නත් පුලුවන්.! එසේනම් මම අපගේ බයිස්කෝප් සිංහලෙන් ප්‍රේක්ෂක ඔබ සැමට මේ මොහොතේදි දෙයක් කියන්න කැමතියි ඒ තමයි කලාවට කවදාවත් ජාති ආගම් භේද කුල භේද භාෂා භේද නෑ.

කොටින්ම කිව්වොත් නිර්මාණයක් කරන කෙනාගේ පෞද්ගලික අරමුණ මොකක්ද කියලා අපිට අවශ්‍යම නෑ කියන එකයි මගේ අදහස අපි බලන්න ඕන දේතමයි නිර්මාණය ඇතුලේ මොකක්ද තියෙන්නේ අපිට වැදගත් වෙන්නේ මොකක්ද..? අපේ දරුවන්ට සහොදරයින්ට අපි ආශ්‍රය කරන මිතුරන්ට දෙන්න පුලුවන් පණිවිඩේ මොකක්ද කියනදේ විතරයි.!

ඉතින් ඇතැම් චිත්‍රපට මා මුලින් කියපු කරුණු කාරණා ඉෂ්ට සිද්ද කරගන්න විවිධ උපක්‍රම යොදාගන්නවා අපි ඒගැන පසුවට කතා කරමු. මේ සිනමාපටයත් ත්‍රාසය හා ක්‍රියාද්‍රාමයන්ගෙන් පිරුණ සිනමා පටයක් නමුත් ඒවා සැබෑ ජීවිතය හා සසඳා ගැනීම බුද්ධිමත් ප්‍රේක්ෂක ඔබ සැම‍‍ගේ වඟකීමක්..!

මනුස්සයෙක්ට ජීවත් වෙද්දි තියෙන ලොකුම අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් කියන්න පුලුවන් ඒ…
තමන්ට තමන්ම අවංකව ඉන්න එකයි,හැදියාව ගතිගුණ එහෙම්ම තියාගන්න එකයි.!

හොය හොයා වෙඩි තියලා මරපු අපරාධකාරයන්ගේ ගාණ තුනක් වෙලා තිබ්බ එක තිස් තුනක් උනා..
ඒවා ගැන මං කවදාවත් ලොකුවට හිතුවේ නෑ.

මම ලඟ තියෙන්නේ එකම එක තර්කයක් විතරයි ඒ..
අපි කන හැම හාල් ඇටයකම අපේ නම ලියවිලා තියෙනව කියන එක ඇත්ත නම්.! මගේ තුවක්කුවේ තියෙන හැම උණ්ඩයකම අපරාධකාරයන්ගේ මුළු හඳහනම ලියවිලා තියෙනවා කියන එක.!

මගේ නම බිර්ලා බෝස්.!

මම ඔයාගේ වාර්තා ආරගෙනත් බැලුවා ඒක හරිම අමුතුයි
දුටු තැන වෙඩි තැබීම් 33 යි..වැඩ තහනම් 04 යි.ස්ථාන මාරුකිරීම් 11 යි.
ඇයි තව උසාවියට අපහාස කිරීම්..
වැදගත්ම දෙයක් කිව්වොත්..තාත්තා නෑ.අම්මත් දාලා ගිහින් ඉන්නේ.!
එහෙම නේද..?

ඉස්පිරිතාලේ ඉන්න ලෙ‍ඩෙක් සැත්කමක් කරද්දි මැරුණම ඒකට කියන්නේ මිනීමැරුමක් කියල නම් මම කරන්නෙත් මිනීමැරුම් තමයි..!
එහෙනම් මේ දැනුත් මිනියක් මරන්න තමයි මම රාමේෂ්වරම් වලට ආවේ.!

අවුරුදු 15 ක කෙල්ලක්ව දූෂණය කරලා මරලා මුහුදට විසිකරලා දාලා.. වාඩිවීගෙන කතා කර කර ඉන්න මට ඇති වෙලාවකුත් නෑ,
උසාවිය කියන්නේ තුවක්කුව, උණ්ඩ කියන්නේ තීන්දු වලට..

අවුරුදු 15 න් ඌට ලැබෙන්න යන දඬුවම මම ඌට විනාඩි 15 න් දෙනවා එච්චරයි වෙනස තේරුණාද..?

Thuppakki Munai එහෙමත් නැත්තන් තුවක්කු කට 2018 වසරෙ අවසානයේ දමිළ සිනමාවේ තවත් ගුණාත්මක සමාජයට පණිවිඩයක් දෙන Action, Thriller හා IMDB අගය 7.8/10 ක්ම හිමිකරගත් සිනමා නිර්මාණයක්..! 2018 දෙසැම්බර් මාසේ 14 වෙනිදා ලොවපුරා තිරගතකරපු මේ චිත්‍රපටය හොඳ ප්‍රතිචාර මැද්දෙහි ලංකාවේ පවා තිරගතවුනා. මම පෞද්ගලිකව දන්න විදියට ලංකාවේ ඇතැම් සිනමා හල් වලට මෙම චිත්‍රපටය සිනමා ශාලා හිමිකරුවන් විසින් ප්‍රදර්ශණය කිරිම සඳහා ඉල්ලා තිබුණත් නොලැබි ගොස්ද තිබුණා.

එසේනම් Adanga Maru 2018 දමිළ චිත්‍රපටයට පසුව මා විසින් ඔබ වෙත තිලිණ කරන මේ තවත් සුවිශේෂිවු තවත් සමාජයට වෙනස්ම ආකාරයකින් සිතීමට හා වෙනත්ම ආකාරයේ පණිවිඩයක් නිකුත් කරනා මෙම චිත්‍රපටය නැඹීමට දමිළ සිනමා රසික බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට ආරාධනා කරනවා.

ඒවගේම මේ අවස්ථාවේදි මෙම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරිමට අවස්ථාව සලසා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන සිසිල ප්‍රසාද් සහොට බෙහෙවින් ස්තුතිය පුද කරන අතරම මෙම උපසිරැසිය කඩිනමින් නිර්මාණය කිරිම සඳහා මූලික අඩිතාලමක් සාදා දුන් සහෝදර උපසිරැසි කරුවකු වන චන්දිම අමරසිංහ සොයුරා(සෑර්)ටද විශේෂ ස්තුතියි පිරිනමනවා. එසේනම් චිත්‍රපටයේ ඇති කතාව දෙසටත් අවදානය යොමු කරලා බලන්න..

බිර්ලා බෝස් කියන්නේ මුම්බායි නඟරයේ ඉන්න දක්ෂතම වගේම Encounter Specialist කෙනෙක් මෙයා එකම දවසේ කරපු Encounter කීපයක් නිසා මුළු මුම්බායි නඟරය වගේම එයාගේ යාළුවෝ හිතමිතුරො පවා කැලඹුනා. බිර්ලා බෝස්ගේ තුනෙන් පටන් ගත්ත Encounter ගාන 33 ක් වෙනකන් ඉහල ගියා.

ඉතින් මේවා මෙහෙම වෙනකොට ඉස්සෙල්ලාම මෙයාගේ අම්මා මෙයාව දාලා යනවා මිනීමරුවා කියලා හංවඩුගහගෙනම. ඊලඟට ආදරවන්තිය කොහොමින් හරි සිද්ද වෙච්ච Encounter එකක් නිසා විශේෂ කමිටුවක් විසින් මෙයාගේ වැඩත් තහනම් කරනවා. මේ විදියට කාලය අවුරුදු පහක්ම ගතවෙනවා.

වැඩතහනමට අහුවෙලා හිටියට දේවාලේ වහල තිබ්බට දෙවියන්නට නිදාගන්න බෑ වගේ නිලනොලත් විදියට මෙයා තමන් ගේ ඉහල නිළදාරින්ට සේවය කරනවා. දවසක් ඉහල පෙලේ ඇමති කෙනකුගේ නිර්දේශයෙන් බිර්ලා බෝස්ට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයම කම්පනය කරපු අවුරුදු පහලවක පාසල් දැරියක්ව දූෂණය කර මරාදැමීමේ සිද්දයක අපරාධකරුවාට ඔහුගේම ක්‍රමයට විසඳුමක් දෙන ලෙසට ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ඒ ඉල්ලීම බෝස් බොහොම කැමැත්තෙන් භාර ගන්නවා මොකද බෝස් ගේ ඒකායන පරමාර්ථය මහජනයා ආරක්ෂා කිරිම වගේම අපරාධකරුවන්ට නියම සහ ඉක්මණ් දඬුවම් දෙන එක හින්දා. ඉතින් මේ වැඩේට රාමේෂ්වරම් යන බෝස්ට මේ සිදුවීම නිසා බෝස්ගෙ ජීවිතේ බොහොමයක් කරුණු කාරණාවල ලොකු පෙරලියක් ඇතිවෙනවා.

බොස් සුපුරුදු ලෙසින් තමන්ගේ රාජකාරිය සිදුකරන්නට ගිය නමුත් ඔහුට දැනුන යම් යම් දේවල් කීපයන් නිසා ඔහු මේ පිලිබඳව සොයා බැලීමට තීරණය කරනවා. එතැන් පටන් හටගන්නවා වු පෙරලියන් හා සිදුවීම් ද්‍රාමයකින් යුත් මේ චිත්‍රපටය නරඹා රසවිඳ ඔබද යම් කිසි අර්ථයක් ගෙන අන්අයටත් පණිවිඩයක් වගේම ආදර්ශයක් ලබාදෙන ලෙසට ඉලලා සිටිමින් අදට මා සමුගන්නවා.

තමාගේ ක්‍රියාව ගැන විශ්වාසය තබන්නා තරම් ශක්තිමත් කෙනෙක්
මේ ලෝකේ තවත් නෑ කියලා
බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

19,846 downloadsDownload Thuppakki-Munai-2018.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

19,846 downloadsDownload Subtitles54 KB

86 comments

  1. Chamika madushan

    elzzz mcn supiri film ekak

    1. Muthuni

      Film eka ganne kohomada broooo

    2. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      baiscopedownloads සයිට් එකෙන් ගන්න

  2. ඔෂද ධනංජය

    ela...thanx sahoo

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. danushka.pallewatte

    machan download 1 damme nadda

  5. Eranda Malith 2.0

    Thanks mcn

  6. Malith456

    download link ekak dannako mcn

  7. sugath priyantha

    machan mari 2 hd awilla thiyenne.aketh sub aka puluvn nm ikmanata denna.
    thank you sub akata..

    1. SujanBro

      Mari 2 download link aka deyanko plzz...

  8. Kantha_DLA

    Request::
    King of Thieves (2018)
    Zero (2018)
    me films walata sub denawada... plzzz........

  9. skype

    download link please

  10. Muthuni

    Ko meke film eka nene eka ganne kohomada

  11. malithmadhushan45

    බොහොම ස්තුතියි අයියෙ සබ් එකට

  12. dtk

    hard work....thanks bro

  13. vas0303

    Thank you for the quick sub. all the best bro

  14. Lalani Maduwanthi

    Thank you

  15. Lalani Maduwanthi

    Chandra kannada movie eka ta subs dennako

  16. Kanchaka

    Thanks bro

  17. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro.

  18. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broooo sub ekata. Thawath supirima movie ekak.... maari 2 sub demuu. Jaya wewa...!

  19. Bandaramudiyansi

    Oya nm pattaa.supirima ewwa tama danna.thank brother

  20. CKD dass

    බෙහෙවින් ස්තුතියි සහොදරයා.ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! බුදු සරණයි!

  21. Bandaramudiyansi

    රතුපාටින් ලිපිය තියෙන එකට පස්සෙ කියල තියෙන කතාවට එකගයි.. වැදගත් වෙන්නෙ එකයි..

  22. Ayesh Prashan

    Thank You

  23. gihan perera

    පට්ට සහෝ...සුපිරි..හැඳින්වීම ත් පට්ට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  24. Nilush Angana

    Sub ekata thanx

  25. Nethmitpabasara

    Thank you so much subtitle ekata.. බුදුසරණයි!

  26. prabathsupun

    ෆිල්ම් එක බාන්න පුළුවන් ලින්ක් එකක් දාන්න බැරිද කැමරා කොපි සෙට් වුනාම එපා වෙනවා

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      baiscopedownloads.com අඩවියෙන් ගන්න.

  27. kelumchathuranga

    thanks

  28. damith_janaranjana

    Thanks bro

  29. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  30. N_R

    Thank You.

  31. wajira

    Thanks bro

  32. 0755967955

    Ela kiri machi. Thank you .
    ..maari 2 film eke sub ekath hadnna pluwnnam jaya wewa

  33. C lakmal

    thank u ,
    Maari 2 (2018) Tamil සබ් එක දෙන්න.

  34. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
    ජයවේවා ......

  35. Madura Lakshan

    Thank you sub ekata good luck

  36. arunasmunasinghe

    Thanks brother

  37. ranga11112

    thanks Tharidu saho...
    theruwansaranai

  38. prageeth

    thanks

  39. santhusha319

    thanks saho

  40. wasanthamax

    sub akata thanks!!!

  41. Kavinda083

    Sub ekata tanks .taxiwala 2018 sub dennako

  42. darshana100

    thanks machan frend tv series akata sub dapank ban

  43. BTC

    Sub ekata thanks bro..

  44. ushan

    oyata tnx godak sub ekata

  45. anushkawebnet

    thanx bro

  46. Aac3

    සබට ගොඩාරියක් ස්තූති බ්‍රෝ... දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  47. Kulanjana Maduranga

    subata thanks

  48. Rumesh dhanushka

    Thanks brother

  49. thilz

    thanks a lot

  50. D.Chamara

    bohoma sthuthi sahooo

Load more comments