ප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් ඉස්මතු වී පෙනෙන්නේ නෑ.යම් කිසි රටාවක් අනුගමනය කරමින් මිනීමැරීම…


ප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් ඉස්මතු වී පෙනෙන්නේ නෑ.යම් කිසි රටාවක් අනුගමනය කරමින් මිනීමැරීම, මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා කෘෘර වදහිංසා දීම හා ඉන්පසු ඝාතනය කිරීම, ඔවුන් විසින් සිදුකල එම අපරාධය හසුනොවන ආකාරයට සැලසුම් සහගතවීම ආදී ක්‍රියාවන් සිදුකර ආත්ම තෘප්තියක් ලබන මෙවන් පුද්ගලයින්ව එක් පැතිකඩක විකෘති මානසික ආබාධ තත්වයන්ගෙන් පෙලෙන අය ලෙස හඳුන්වන්නට පුළුවන්. මොවුන් ඇත්ත වශයෙන්ම සමාජයට බරක් මෙන්ම අහිංසක ජනයාගේ ආරක්ෂාවටද දැඩි අවදානමක් ගෙන දෙනවා. එසේ නම් යම්කිසි පුද්ගලයෙක් මෙවැනි විකෘති මානසික ආබාධ සහිත අයෙක් බවට පත්වන්නේ කෙසේද? මෙය වෙනත් ස්ථානයකදි මනෝ විද්‍යාත්මක සාධක සමඟින් ගැඹුරින් සාකච්ඡා කල හැකි සංවාදයට විවතෘ මාතෘකාවක්. පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උපතින් නොව ඔහු කරන ක්‍රියාවන්ට අනුවය. ඔහු කරන ක්‍රියාවන් යහපත් ඒවාද අයහපත් ඒවාද යන්න තීරණය වන්නේ එම පුද්ගලයා ජීවත්වන පරිසරය අනුව සහ ඔහුගේ ජීවිතයට ඉඳුරාම බලපෑමක් එල්ලකල හැකි අනෙකුත් පුද්ගලයින් අනුව යැයි. ඈත අතීතයේ විසු ශාස්තෘවරුන් පවා දේශනා කර තිබෙන බව ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. එම නිර්නායක ද්විත්වයට අනුව ගත් කල විකෘති මානසික ආබාධයට පත්වූ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලබන අයහපත් ක්‍රියාවලට වඟකිව යුත්තේ ඔහු පමණක්මද? මොවුන්ට අප අනුකම්පා කල යුතුද? දඬුවම් දීම පමණක්ම කල යුතුද?
සිනමාපටය තුල ගැබ්වී තිබෙන කතාවෙහි සමාජයට නිකුත් කරනු ලබන වැදගත් පණිවිඩයක් තිබෙනවා. මෙය සිනමාපටයකට ආවේණික වූ ප්‍රේක්ෂකයාට ලබාදෙන තෘප්තිය ඉතා ඉහල මට්ටමකින් තබාගෙන චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගේ අභිප්‍රායත් සාර්ථක කරගන්නා අතරම මෙම වැදගත් පණිවිඩය සිය ප්‍රේක්ෂකයින් හට ලඟා කිරීමට මෙහි රචනය සිදුකල Alfred Prakash සහ රචනය මෙන්ම අධ්‍යක්ෂණයද පවා සිදුකල නවක සිනමා අධ්‍යක්ෂ Vignesh Raja සමත්ව තිබෙන බව අවිවාදයෙන් යුතුව කිවයුතු කරුණක්. මෙම සිනමාපටයට අදාල මාගේ සමාලෝචනය මෙතැනින් නිමාකොට සිනමාපටයේ අනෙකුත් තොරතුරු වෙත යොමුවෙනවා.
පොලිස් අධිකාරිවරයා :- කවුද මේක ඉස්සෙල්ලාම දැක්කේ?
පොලිස් කොස්තාපල්වරයා :- අපේම කෙනෙක් සර්. රෑ මුර සංචාරේ යන ගමන් දැකලා.
පොලිස් අධිකාරිවරයා :- මොකද මෙච්චර කළුවර? ලයිට් දෙකක් තුනක් දැම්මනම් හරි නේද?
පොලිස් කොස්තාපල්වරයා :- සර් තාම කරන්ට් වයර් අදින ගමන්.
පොලිස් අධිකාරිවරයා :- හරි හරි ඉක්මන් කරනවා.
පොලිස් අධිකාරිවරයා :- මැරිලා ඉන්න කෙල්ල කවුද කියලා අඳුරගත්තද?
පොලිස් කොස්තාපල්වරයා :- අපි බලන ගමන් සර්.
පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ආවාද?
පොලිස් කොස්තාපල්වරයා :- මඟ එන ගමන් සර්.
පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ඇවිල්ලත් නෑ. තාම ලයිට් වලට වයර් ඇදලත් නෑ.
පොලිස් අධිකාරිවරයා :- ඒත් තමුසේ සේරටම කලින් මට කතා කරලා මාව ගෙන්නුවා. චික් විතරක්.
පොලිස් කොස්තාපල්වරයා :- සර්, මීට දවස් තුනකට කලින් අර වැඩට යන කෙල්ලක්ව මරලා දාලා තිබුණා මතකද?
පොලිස් අධිකාරිවරයා :- ඔව්, ඒ අර තූවාකුඩි ගම පැත්තෙනේ.
පොලිස් කොස්තාපල්වරයා :- ඔව් ඒ සිද්ධිය තමයි සර්.
පොලිස් අධිකාරිවරයා :- ඒක මොකටද ඕයි දැන් මතක් කරන්නේ?
පොලිස් අධිකාරිවරයා :- ඒ සිද්ධිය දැකලා දවස් දෙකක් යනකල් මට පාඩුවේ නිදාගන්නවත් බැරුව හිටියේ.
පොලිස් කොස්තාපල්වරයා :- සර් මේ කෙල්ලවත් මරලා තියෙන්නේ ඒ විදියටමයි.
පොලිස් කොස්තාපල්වරයා :- ඔළුව පිටිපස්සට ඇදලා, අත් දෙකේ ගැට ගහලා, ඉස්සරහින් බෙල්ල කපලා දාලා.
පොලිස් කොස්තාපල්වරයා :- මේ මිනිමැරුම් දෙකම කරලා තියෙන්නේ එකම මිනිමරුවා සර්.
සුබ දවසක් වේවා! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි. සුපුරුදු ලෙසින් අදත් මේ වසරේ නිකුත් වුණු අනර්ඝතම ත්‍රාසය සහ කුතුහලය උපදවන දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අදත් මා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත මෙසේ පියනඟනවා. මුලින්ම මතක් කරලා දෙන්නම් මෑත ඉතිහාසයේදි දැක ගන්නට ලැබුණ ලොවපුරා සිටින දමිළ සිනමා රසිකයින් පමණක් නොව අනෙකුත් සිනමා රසිකයින් පවා මවිතයට පත්කල අපරාධ පරීක්ෂණ පාදක කරගත් කතාවකින් සමන්විත ත්‍රාසය සහ කුතුහලය උපදවනු ලැබු සියලු රසිකයින්පාහේ ඉතාමත් ආශාවෙන් රසවිඳි එම වර්ගීකරණයට සිනමාපට කිහිපයක් පහතින් දක්වන්නට පුළුවන්…
Thegidi 2014
Ratsasan 2018
Dhuruvangal 16
Thupparivalan
Imaikkaa Nodigal 2018
Theeran Adhigaaram Ondru 2017
Thadam 2019
අපරාධ පරීක්ෂණයන් පාදක කොටගෙන නිර්මාණය කෙරුණු මෙම සිනමාපට අතුරින් අවම වශයෙන් එකක් හෝ ඔබ නරඹා තිබේ නම් මේවාගේ තිබුණු රචනය, අධ්‍යක්ෂණය, සියුම් හා තියුණු ලෙසින් කතාව ගොඩැගීම, ඉතා අනර්ඝ තිර රචනය, තාත්වික දෙබස්, තාත්වික පසුතල සැකසුම, මනරම් පසුබිම් සංගීතය ආදි සිනමාපටයක් ඉතාමත් තාත්වික අන්දමින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඔවුන්ව මවිත කර මංමුලා කරන්නට යොදාගත්තාවූ ඒ සියලූම තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ඔබටත් හොඳ මතකයක් ඇති. මේවා මඟහැරුණු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම නරඹා සිටින ලෙසද මේ අවස්ථාවේදි මා නිර්දේශ කර සිටිනවා. ඒ තරම්ම මෙම සිනමාපට අල්පය දමිළ සිනමාවේ එවක දැඩි ලෙසින් කතා බහකට ලක්වූවා. මේ ලැයිස්තුවට නිතරඟයෙන්ම නවතමයෙන් එක්වීමට නියමිත මෙම සිනමාපටය තවත් සුවිශේෂි එකක් වෙනවා. ඒ තමයි මේ සිනමාපටය මෙහි අධ්‍යක්ෂකවරයාගේ කුළුදුල් සිනමාපටය වීම සහ මේ තුල….
- ගීත අඩංඟු නොවීම.
- සටන් ජවනිකා නොමැති වීම.
- ප්‍රේම ජවනිකා නොමැති වීම.
- කිසිදු ආකාරයක පසුගාමී ජවනිකාවක් නොමැති වීම.
ආදි කරුණු සුවීශේෂි කරණු ලෙසින් පෙන්වා දෙන අතරම මෙම සිනමාපටයත් දමිළ සිනමාවේ අපරාධ පරික්ෂණයක් පාදක කරගෙන නිර්මාණය වූ සිනමාපටයක් ලෙස යම් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනවා නොඅනුමානයි. ඉහතින් දක්වා ඇති මේ වන විටත් ලොවපුරා වෙසෙන දමිළ සිනමා රසිකයින් සහ සිනමා විචාරකයින් විසින් දක්වන ලද යහපත් ප්‍රතිචාරයන් මත Crime හා Thriller සුවිශේෂි වූ දමිළ සිනමාපට පෙළගැස්මට මෙම සිනමාපටයත් මේ මොහොත වන විටදි ඇතුලත් වී අවසන්. මේ වසරේ ජුනි මස 09 දින ලොවපුරා තිරගත කිරීමට දින කිහිපයකට මත්තෙන් මෙය මාධ්‍යවේදීන් සහ සිනමා විචාරකයින් හට විශේෂ දර්ශන වාරයක් ප්‍රදර්ශනය කරන්නට මෙහි නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර තිබුණා. එම නිසා මෙම සිනමාපටය නරඹන්නට මත්තෙන් පූර්ව ප්‍රචාරක පටයද නැරඹු බොහෝ ප්‍රෙක්ෂකයින් සිනමා විචාරකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ද ධනාත්මක අදහස් දැක්වීම් තුලින්ද දැනුවත් වෙමින් සිනමාපටය පිළිබඳව ඉස්පාසුවක් නොමැතිව බලාපොරොත්තු පොදි බැඳගෙන සිනමාහල් වෙතට පියනඟන්නට වුණා. ප්‍රේක්ෂකයින්ගේ එම බලාපොරොත්තු සඵල කරමින් ඉතාමත් ජයග්‍රාහි ලෙසින් දසදෙසින් ධනාත්මක ප්‍රතිචාර ලබාගනිමින් සිනමාපටය තිරගත වූ අතර මුළු ඉන්දියාව පුරාම දිනෙන් දින දර්ශන වාරගණන වැඩිකරමින් තිරගතකර දින කිහිපයක් ඇතුලත වාර්තාගත ආදායමක් ලබාගෙන Blockbuster ලේබලයද ඉතා පහසුවෙන් අලවා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වුනා.
සිනමාපටය සඳහා ලැබුණු ධනාත්මක ප්‍රතිචාර කිහිපයක්….

මෙම සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Vignesh Raja ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වූවත් ඔහු සිය දක්ෂතාවය මනා ලෙසින් විදහාපෑමට එම හේතුව කිසිදු අයුරකින් ගැටළුවක් බවට පත්කරගෙන නොමැති බවද විශේෂයෙන් සඳහන් කල යුතුමයි. එහි සත්‍ය අසත්‍යභාවය සිනමාපටය නැරඹු පසු ඔබටත් අවබෝධ වේවි සහ ඔබත් පුදුමයට පුදුමයට පත්වේවි.
මෙහි ප්‍රධාන චරිතයන් මෙහෙයවන Sarathkumar සහ Ashok Selvan යන නළුවන් දෙදෙනා තම චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ඨකරමින් මනා අවබෝධයකින් යුතුව රඟදක්වනවා දැකගත හැකි අතර, කැමරාකරණය සහ සංස්කරණයද සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයින්ව ඇද බැඳ තබාගන්නට හැකි අයුරින් ඉහලම මට්ටමකින් සිදුකර තිබෙනවා.
අවසාන වශයෙන් චිත්‍රපටයේ කතාව පිළිබඳව නම් කිසිවක් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කරන්නට සූදානම් නෑ. මෙම සිනමාපටය නරඹනවාද නැද්ද යන්න තීරණය කරන කෙනෙකුට ඉහතින් දක්වා ඇති තොරතුරු හොඳටම ප්‍රමාණවත් යැයි කියා සිතනවා. ඇතැම් විට මෙම ලිපියේ කිසිම පිළිවෙලක් නැතිවෙන්නත් පුළුවන් ඒයට හේතුව මාගේ ජිවිතයේ තිබෙන දැන් කාර්යබහුලත්වය. එසේ ලිපියේ අඩුපාඩුවක් ඇත්නම් එයටත් සමාව අයදිනවා. සිනමාපටයේ තිබුණු විශේෂත්වයම, මොනතරම් වැඩ රාජකාරි අතරතුර වුණත් බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳගෙන සිටිනා අපගේ ආදරණීය රසිකයින් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කර ගෙන ඒමට මා හට ලොකු අභිප්‍රේරණයක් වුණා. සිනමාපටය නරඹා ඔබගේ වටිනා අදහස් උදහස්ද දැක්වීමට කාරුණිකව වන ලෙසින් ඉල්ලා සිටිමින් ‘එන්න තවත් අපරාධමය අභිරහසක් අනාවරණය කරනා අයුරු කුතුහලයෙන් බලා සිටින්නට’ යැයි ආරාධනාද කරමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
32,435 downloadsDownload Por-Thozhil-2023.zip150 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Must Watch
- #Offbeat
- #Por Thozhil (2023) Sinhala Sub
- #Por Thozhil (2023) Sinhala Subtitles
- #Por Thozhil Sinhala Sub
- #Por Thozhil Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subtitles
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
Hashan
Rukshan
සබ් එකට තෑන්ක්ස්.
ඔයාල මේක අනිවාර්යයෙන්ම දේවි කියල හිතුවා. වෙන කාගෙන්වත් ගත්තෙ නෑ.විමා
සබට බොහොම ස්තුතියි මචෝ.
රොම්බ සන්තොෂමා :DPrabuddha
thank you sooomuch for sub..
Maveerana 2023 tamil movie sub plz..හේමන්ත
ස්තුතියි තරිදු......
ගොඩන් ස්තුතියි....
ඔබේ කාර්යය සුලු දෙයක් නෙවෙයි.Nuwan Asela
Niyamai aiya thanks sub ekata
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි තරිදු .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sujith
ෆිල්ම් එකත් සුපිරි.
සබ් එකත් සුපිරි.
ලිපියත් සුපිරි.
බොහොම ස්තූතියි සහෝ...amal
ela kiri brother
Gathsara Umesh
Thanks for sub
viraj
thanks...........
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Perera
Good work...bro
baiscopelk ishu
Sub ekata thnx brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jack
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Por Thozhil (2023) Sinhala Subtitles | වියරු ඝාතකයා සොයා…. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/1686gree280861862-picsay3211.jpg)
Thank you very much for the sub❤️❤️