Watch Trailer

Maigret: Night at the Crossroads (2017) with Sinhala Subtitles | ආභරණ වෙළෙන්දාගේ මිනීමැරුමේ අභිරහස [සිංහල උපසිරසි සමඟ] (18+)

ලෝක සාහිත්‍යයේ මෙතෙක් නිර්මාණය උන විශිෂ්ඨතම රහස් පරීක්ශකයා කවුද කියලා ඇහුවොත්… අනිවාර්යෙන්ම හුඟක් දෙනෙක් කියාවි සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කියලා. මොකද ඒ තරමටම ෂර්ලොක් හෝල්ම්ස් චරිතය ලෝකේ පුරාම ප්‍රසිද්ධයි, ඒ වගේම තමයි අපේ ලේ නහර වලටම ඒ චරිතය කා වැදිලා තියෙන්නේ. ලංකාවේ අපිට එතරම් හුරුපු…

 

ලෝක සාහිත්‍යයේ මෙතෙක් නිර්මාණය උන විශිෂ්ඨතම රහස් පරීක්ශකයා කවුද කියලා ඇහුවොත්… අනිවාර්යෙන්ම හුඟක් දෙනෙක් කියාවි සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කියලා. මොකද ඒ තරමටම ෂර්ලොක් හෝල්ම්ස් චරිතය ලෝකේ පුරාම ප්‍රසිද්ධයි, ඒ වගේම තමයි අපේ ලේ නහර වලටම ඒ චරිතය කා වැදිලා තියෙන්නේ.

ලංකාවේ අපිට එතරම් හුරුපුරුදු නැතත් ලෝකේ පුරාම ප්‍රසිද්ධ තවත් එක් රහස් පරීක්ශකයෙක් තමයි හර්කියුල් පොරෝ කියන්නේ. මේ හර්කියුල් පොරෝ චරිතය නිර්මාණය වෙන්නේ තවත් එක් විශිෂ්ඨ අභිරහස් කතා නිර්මාණකාරියක් උනු අගතා ක්‍රිස්ටිගේ පෑන් තුඩින්. ඉදිරියෙදි නිකුත් වීමට තියෙන කියන Murder on the Orient Express චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙත් අගතා ක්‍රිස්ටිගේ එනමින්ම තියෙන, හර්කියුල් පොරෝ මූලික කර ගත්තු නව කතාවක්.

කවුරු මොනවා කිව්වත් මේ දෙන්නා තමයි දැනට මේ ලෝකේ බිහි උන විශිෂ්ඨතම රහස් පරීක්ශකවරු දෙන්නා. මං හිතන්නෙ නෑ අනාගතයෙදි උනත් ඒ තත්වය වෙනස් වෙයි කියලා. මේ දෙන්නට අමතරව නිර්මාණය උන වෙනත් රහස් පරීක්ශක චරිත තිබුනත්, මම හිතන විදියට ඒ කාටවත් බෑ මේ දෙන්නගේ ලඟටවත් එන්න. මෙන්න මේ කාරණාවෙදි සමහර අය මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. ඒත් ඉතින් මගේ අදහස නම් ඒක තමයි.

ජූල්ස් මේග්‍රෙට්…. මං හිතන්නේ නෑ ඒ චරිතය ලංකාවේ අපේ අය අතර එතරම්ම ප්‍රසිද්ධයි කියලා. මම හිතන විදියට ෂර්ලොක් හෝම්ස් සහ හර්කියුල් පොරෝ දෙන්නා හා සම සමව නොවුනත් ඒ ලඟින් තියන්න පුළුවන් චරිතයක් තමයි ජූල්ස් මේග්‍රෙට් කියන්නේ. මේග්‍රෙට් නිර්මාණය වෙන්නේ බෙල්ජියන් ජාතික සාහිත්‍යකරුවෙක් උනු ජෝර්ජස් සිමෙනොන් විසින්. මේ චරිතේ පසුබිම ගැන කියනව නම් මේග්‍රෙට් කියන්නේ ප්‍රංශේ පැරිස් නුවර පොලිස් මූලස්ථානයේ ලොක්කා. ඔහුට විසඳන්න වෙන අපරාධ පදනම් කරගෙන තමයි කතා නිර්මාණය කරල තියෙන්නේ. වර්ශ 1931 සහ 1972 අතර කාලය තුල මේග්‍රෙට් පාදක කරගෙන නව කතා හැත්තෑ හයකුත්, කෙටි කතා විසි අටකුත් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ හුඟක් කතා පාදක කරගෙන ටෙලි නාට්‍ය, චිත්‍රපටි, රේඩියෝ නාට්‍ය නිර්මානය වෙලත් තියෙනවා.

2016 දි බ්‍රිතාන්‍යයේ ITV කියන නාලිකාව විසින් මේග්‍රෙට් චරිතය පාදක කරගෙන අලුත් TV Series එකක් නිකුත් කරා. මේ series එකේ මේග්‍රෙට් චරිතය රඟපන්නේ අපි කවුරුත් දන්න මිස්ට බීන් එහෙම නැත්තන් රෝවන් ඇට්කින්සන්. එක සීසන් එකකට කතා දෙකක් බැගින් තියෙන විදියට මේ වෙනකොට සීසන් දෙකක් නිකුත් කරලා තියෙනවා.

Series 1(2016);
Maigret Sets a Trap
Maigret’s Dead Man

Series 2(2017);
Maigret’s Night at the Crossroads
Maigret in Montmartre

මේ අතරින් Maigret in Montmartre කියන එපිය තාම රිලීස් කරලා නෑ. මම හිතුවේ Series 1 එකේ එපිසොඩ් දෙකටම සිංහල සබ් බයිස්කෝප් සයිට් එකේ තියෙනවා කියලා. ඒත් මට සිංහල සබ් හොයා ගන්න පුළුවන් උනේ Maigret Sets a Trap එපියට විතරයි. ඉදිරියෙදි ඒ එපියටත් සබ් කරලා දෙන්න බලන්නම්.

අද මං සබ් කරලා අරගෙන ආවේ Maigret’s Night at the Crossroads කියන එපිය. මේ එපිය නිකුත් උනේ 2017 අප්‍රේල් 16 වෙනිදා. කොහොමත් මේ series එක අයිති වෙන්නේ Crime, Drama, Mystery genre එකට නේ. මේ එපිය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Sarah Harding විසින්. රෝවන් ඇට්කින්සන් ඇරුනම Ben Caplan, Katherine Kanter, Robin Weaver, Wanda Opalinska, Tom Wlaschiha, Mia Jexen, Shaun Dingwall, Leo Staar, Kevin McNally ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ එපියෙ IMDb අගය 7.5.

මේ එපියේ තියෙන්නේ ආභරණ වෙළෙන්දෙක්ගේ සංකීර්ණ මිනීමැරුමක් ගැන මේග්‍රේට් පරීක්ශණ පවත්වලා ඒක විසඳන හැටි. මේ කතාවත් Murder on the Orient Express කියන අගතා ක්‍රිස්ටිගේ කතාවත් අතර පොඩි සමානකමක් තියෙනවදෝ කියලත් මට හිතුනා. කතාව ගැන ඊට වඩා වැඩි දෙයක් මං කියන්න යන්නෑ. ලිපිය දිග වැඩි නෑ කියලා හිතනවා.

හරි එහෙනම් තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

 

 

 

 

Maigret: Night at the Crossroads (2017)

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Maigret.2016.S02E01.Night.at.the.Crossroads.WEB-DL.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම ඉහත පිටපත සඳහා අදාළ වේ.

10,673 downloadsDownload Maigret-2017.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

10,673 downloadsDownload Subtitles48 KB

51 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. සුපුන්

    ගොඩක් ස්තුතියි සහෝ………මේ කරන සේවයට………… අනික් ටිකටත් සබ් දෙන්න.. Maigret Sets a Trap නියමයි..මේකත් හොද ඇති අනිවා.

  3. prabodha

    Wow. Niyamai bro thank u sub ekata...

  4. රුවින්ද සදරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    රහස් පරීක්ෂක කතානම් අනිවා බලනවා...
    අනිත් ෆිලුමටත් සබ් දෙන්න සහෝ
    #ජය වේවා

  5. ayesh

    ai me 403

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. Akalanka

    Thnx............

  8. අසිත

    elama saho thanks

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. kumara

    ලිපිය නම් සෑහෙන්න වටිනවා. Sherlock Holmes මහත්මයා ගැන කියවලා තිබුනට මෙයා ගැන ඇහුවෙ අදමයි. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. මේ series එකට දිගටම සබ් දුන්නොත් ගොඩාක් පිං. ජයවේවා.

  11. shan

    බොහොම ස්තුතියි sub එකට සහෝ.
    ඇත්තටම sherlock series එක තරම්ම hit නොවුනට බලපු අය නම් දන්නව ඇතිනේ කතාව කොහොමද කියලා.. :D
    ඒවගේම maigret series එකේ අනිත් කොටසටත් (season 1) මේ වගේම sub දෙන්න කියලා ඉල්ලනවා. :)
    ජය වේවා!

    1. shan

      කලින් කියන්න අමතක වුනා. :)
      ලිපියටත් බොහොම ස්තුතියි සහෝ.
      ජය වේවා!

  12. Jack

    නියමයි මචෝ....
    Maigret Sets a Trap එක බැලුවා.
    අනිත් ඒවාටත් සබ් එක දීපන් මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  13. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  14. thisal

    ස්තුතියි සබ් එකට.

  15. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    Maigret’s Dead Man කොටසටත් ඉක්මනට සබ් ඕනා සහෝ
    #ජය වේවා

  18. උදාර දිල්ශාන්

    සබ් එකට තෑන්කස් කල්හාර සහෝ
    මේක ටීවී සීරීස් එකක් කිව්වට එක කොටසක් විකාශය වෙලා අනික විකාශය කරන්න මාස 5 ක් විතර යනවනේ....
    දැනට විකාශය වූ කොටස් 3 න් තව එකකට විතරයි සබ් දාන්න තියෙන්නේ ඒකටත් ඉක්මනට සබ් දෙන්න කොල්ලෝ....

  19. nuwan

    meka film ekak neweida?

  20. චතුෂ තුෂර කුමාර

    මල්ලි Maigret’s Dead Man එකේ හොඳ කොපියක් නිකුත් වෙලා හුගක් කල්... පුළුවන්නං ඒකටත් සබ් දෙන්න...

  21. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  22. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  23. Balcksnow

    පට්ට thanks සහෝ

  24. rasanga

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  25. Nishal

    Thz mch..mch mehemma S01E02 sub ekath dapankooooo

  26. GD Dhanushka

    Sub walata thanks........
    "Maigret’s Dead Man" kiyana eke hondama copy thiyenawa ekata sub denna.

  27. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  28. D.Chamara

    niyami sahooo niyami thanks

  29. Chathumal

    ammooo supiri bn. ela mcn. digatma karapn

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Heshan

    Thanks saho..

  32. Madusunk

    ela thnx bro. me epiyeth sub 1 dapn bro
    maigret’s dead man

  33. Suranjaya

    කතාවනම් පට්ට..
    Maigret’s Dead Man මේකටත් සබ් එක දෙන්න සහෝ....

  34. Lushan Kuruppu

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරයා!
    Maigret’s Dead Man පුළුවන් ඉක්මනින් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා!

  35. Dulanga

    Thanks

  36. සෝමපාල

    Maigret’s Dead Man මේකටත් සබ් එක දෙන්න සහෝ…. Tnks :)

  37. tharangani

    hondama series ekak,thanx.death man eke sub karala nane?

  38. mindika

    Thanks!!!!!!!!!!!!!!!

  39. malith

    thank you

  40. Romesh

    Thanks & Happy New Year!

  41. tharindu.shihan

    thank you saho....................good luck

  42. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  43. Hiranhiru

    ගොඩක් ස්තුතියි..
    මේ රහස් පරීක්ෂක චිත්‍රපට ටික නම් මරු..
    දිගටම උපසිරැසි දෙන්න..
    තෙරුවන් සරණයි...!

  44. Virajperera

    tnx bro

  45. Virajperera

    tnx bro ela,,,

  46. kent parker

    thnks

  47. Shaggie

    Thnks mchn

  48. Anonymous

    Meke sub eka nene

    1. Ranga

      ෆික්ස් කළා.

  49. Nirosha Nirosha

    thank u