සුබ දවසක් ඔබ සැමට. ඔන්න යාළුවනේ රූපවාහිනි කතාමාලාවක පරිච්ඡේද දෙකකට පස්සේ ආයෙමත් චිත්‍රපටයක් අරගෙන මේ එන්නේ. මේක මම කරන පළමු චීන චිත්‍රපටය. ඉතින් මේක මට කරන්න කියලා භාරදුන්න අසංක ප්‍රදීප් රණතුංග අයියාටයි තව වීශේෂයෙන් ස්තූති කළ යුතු චාමල් කැලුම් අයියටයි මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම වගේ ක…

සුබ දවසක් ඔබ සැමට.
ඔන්න යාළුවනේ රූපවාහිනි කතාමාලාවක පරිච්ඡේද දෙකකට පස්සේ ආයෙමත් චිත්‍රපටයක් අරගෙන මේ එන්නේ. මේක මම කරන පළමු චීන චිත්‍රපටය. ඉතින් මේක මට කරන්න කියලා භාරදුන්න අසංක ප්‍රදීප් රණතුංග අයියාටයි තව වීශේෂයෙන් ස්තූති කළ යුතු චාමල් කැලුම් අයියටයි මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා.
හරි මුලින්ම මේකේ විස්තර ටිකක් කියන්නම්. මේක 2016 සැප්තැම්බර් 15 චීනයේදි නිකුත්වුණ චිත්‍රපටයක්. IMDB දර්ශකයේ ඡන්ද 72කින් 5.9ක් ගත්ත චිත්‍රපටයක්. මේකෙ ඡන්ද ගණන අඩු මේ චිත්‍රපටය එතරම් ජනප්‍රිය වුණ චිත්‍රපටයක් නෙමේද කොහෙද. ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oxide Pang Chun මහත්මයයි. මොහු චිනයේ හොඳ අධ්‍යක්ෂකවරයෙකි. ඒ මන්ද මොහ චිත්‍රපටි ගණනාවක් නිර්මාණය කරලා තියනවා. උදාහරණ ලෙස කිව්වොත් Detective Gui (2015), Out of Inferno (2013), Conspirators (2013). මොහුගේ ජනප්‍රියම චිත්‍රපටි ලෙස The Eye (2002), Bangkok Dangerous (2008) පෙන්වාදිය හැක.
හි ප්‍රධාන චරිතය ලෙස Liu Ye රඟදක්වනවා. මොහුගේත් අලුත් චිත්‍රපටි දෙකකුයි ජනප්‍රිය දෙකකුයි මම සඳහන් කරන්නම්. The Founding of an Army (2017), The Bombing (2016) අලුත් චිත්‍රපටි දෙක ලෙසත් Lan Yu (2001), Curse of the Golden Flower (2006) ජනප්‍රිය චිත්‍රපටි දෙක ලෙසත් දැක්වේ.
Wang Luodan මෙහි ප්‍රධාන කාන්තා චරිතය ලෙස රඟදක්වයි. ඇය The Secret (2015), To the Fore (2015), Rise of the Legend (2014) යන චිත්‍රපටිවල රඟපා ඇත.
Tony Yang මෙහි ප්‍රධාන උප චරිතයක් ලෙස රඟදක්වනවා. මොහු ලුවෝඩොන්ග් චරිතයට පණපොවයි. මොහුත් චීනයේ ජනප්‍රිය නළුවෙකි. 2017 වසර තුළ චිත්‍රපට 4ක් එලිදැක්වීමට නියමිතව ඇත. Cold War 2 (2016), Phantom of the Theater (2016) දැක්විය හැක.
දැන් වීඩියෝ එක පැත්තට පොඩ්ඩක් හැරෙමු. මෙම චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නෙ ඇමරිකාව විසින් චිනය අල්ලාගනියි. අනතුරුව චීනයේ ස්වේච්චා සේවක හමුදාව ඒ සඳහා යොදවයි. චිත්‍රපටයේ තාත්ත්වික බව ඒ අයුරින්ම රැකගෙන නිර්මාණය කළ චිත්‍රපටයක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ මොකද පැරණි බව කාලයට අනුව මැනවින් නිර්මාණ කර ඇති නිසායි. ඉතින් ඔය යුද්ධය අතරේ මේ ස්වේච්චා සේවක කණ්ඩායමේ නායකත්වය හොබවන්නේ Liu Ye ය. මොහු හිතවත්ම කිහිපදෙනෙක් මේ යුද්ධය අතරේදී නැතිවෙනවා. අන්තිමේදි ඉතුරු වන්නේ මොහු හා ලුවෝඩොන්ග් පමණයි. තවද චිත්‍රපටය අතරේ පෙම් හබ, ඒ හින්දා ඇතිවන ආරවුල් හිත් අමනාපකම් එහෙම ඇතිවෙන අවස්ථා මේ චිත්‍රපටයේ තියනවා. යුධ, ආදර යන වර්ග දෙක එයින් සම්පූර්ණ වෙලා තියනවා. නමුත් මේක අයිතිවෙන්නේ ඉතිහාස හා යුධ යන ගණයටයි. ඉතින් චිත්‍රපටය අවසානය දක්වා නොනවත්වා බැලිය හැකි චිත්‍රපටයක්. අවසානයේ දුක්ඛදායි අවස්ථා බොහොමයක් ගැබ්ව තිබෙනවා. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.
මගේ මීළඟ උපසිරැසි ගැන්වීම එකලොස්වෙනි උපසිරැසි ගැන්වීමයි. එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමුයි කියන ගමන් මම නවතිනවා. ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා.
!!!!! ජය වේවා !!!!!
Good Luck & Good Bye Baiscopelk
See You @ Next Baiscope Sub
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴
Due to copyright issues, we do not provide any torrent links.
My War 2016 Mandarin HC 720p WEBRip 900 MB – iExTV
මෙම ලබා දී ඇති උපසිරසි WEP පිටපත් සඳහා අදාළ වේ.
3,272 downloadsDownload My-War-2016.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
20 comments
Sanindu Lakkitha
රුවන්
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shan
COOK UP A STORM plz me film akata sub dendako
chamalkalum
නියමයි බ්‍රෝ... ඔහොම යමු! ජය!
pubudu
supiri film ekak thanks
dinu
rememory (2017)
අසිත
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!sumed
සබ් එකට ස්තූතියි සහෝ..
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිලින චාමර
බොහොම ස්තූතියි සබට,
The game Change(2017) පුලුවන්නම් මේකටත් සබ දෙන්නChamara
Thanks saho.............!!!!
Chaminda madusanka
Thanks Sub Ekata Saho. Puluwannam Dunkirk (2017) ekata Sub Denawada Plz....
malith
Ela ela
damith_janaranjana
THANKS bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~