යාළුවනේ තරහ වෙන්නෙපා අද නම් මම ඔයාලව කවුරුත් ජීවිතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නෙ. මෑත කාලයේ මං බලපු මං බලපු හොඳම හොරර් ෆිල්ම් එක මේක. මේකට මං සිංහල උපසිරැසි ගන්වා අවසාන වන තුරුත් ඉංගීසි උපසිරැසියක් ඇවිත් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ සිනමා පටයක් පරක්කු කරන එක හරි නැහැනේ. ඒක නිසා මම මේකෙ ද…

යාළුවනේ තරහ වෙන්නෙපා අද නම් මම ඔයාලව කවුරුත් ජීවිතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නෙ. මෑත කාලයේ මං බලපු මං බලපු හොඳම හොරර් ෆිල්ම් එක මේක. මේකට මං සිංහල උපසිරැසි ගන්වා අවසාන වන තුරුත් ඉංගීසි උපසිරැසියක් ඇවිත් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ සිනමා පටයක් පරක්කු කරන එක හරි නැහැනේ. ඒක නිසා මම මේකෙ දෙබස් වලට සවන් දෙමින් ලොකු මහන්සියක් දරල තමයි මේක ඉක්මනටම ඔයාලට දෙන්නෙ. මම හොරර් සිනමා ලෝලියෙක් නිසා දැන් මම හොරර් ෆිල්ම් බලලම වැඩිය බය වෙන්නෙ නැහැ. හැබැයි මේක බලද්දි නම් මම ඇත්තටම බය වුණා. 🙂
මේ සලරුවේ IMDB අගය කිව්වම ඔයාල මම කිව්ව දේවල් පිළිගනියි. යාළුවනේ මේ සිනමා පටයට IMDB අගය 7.7 ක් තියෙනවා. ඉතින් මේ සුපිරි වැඩේ කරල තියෙන්නෙ හොරර් සිනමා ලෝකය හොල්ලපු james Wan කියන අධ්‍යක්ෂකවරයා. මතකද ඔයාල බලපු Saw (2004), Insidious (2010), Dead Silence (2007) කියන සිනමා පට. අන්න ඒවා අධ්‍යක්ෂණය කලෙත් මේ අධ්‍යෂකවරයාම තමයි. ඉතින් මේක ගැන මට තවත් ඔයාලට වර්ණනා කරන්න උවමන නැහැ. මං දැන් පොඩ්ඩක් කථාවේ වටපිටාව කියන්නම්. තව දෙයක් කියන්න ඕන මේ සලරුවට පාදක වෙල තියෙන්නෙ 1971 වකවානුවේ වුණ සත්‍ය සිදුවීමක්. ඒක නිසා හැමෝටම මේක නරඹන්න කියල මම ආරාධනා කරනවා.
රොජර් සහ කැරොලියන් කියන තරමක් මැදි වයසේ පසුවන යුවලක්. ඔවුන් තමන්ගේ දරුමල්ලන් සමග පිටිසර බද නිවෙසක් මිලදී ගෙන එහි පදින්චි වීමට යනවා. ඔවුන්ට ඉන්නෙ සුළුපටු පවුලක් නෙමෙයි. ළමයින් 5 දෙනක්ම ඉන්නව. ඔවුනගේ නම් තමයි සින්ඩි, නැන්සි, ඒප්‍රිල්, ක්‍රිස්ටියන්, සහ ඇන්ඩ්‍රියා. නිවෙසට ඇතුල් වෙන පළමුවෙන දවසේ පටන් මේ පවුලට මුහුණ පාන්න වෙන්නේ හිතගන්නවත් බැරි ජීවිතේ එපා කරවන සිදුවීම් මාලවකටයි. මුලින්ම මේ ගෙදර වෙනස දැනෙන්නේ මේ පවුලේ සුරතලා වන සෙයිඩ් කියන බල්ලට. සෙයිඩ් දිගින් දිගටම බුරන්න ගන්නව අසාමාන්‍ය විදියට. නමුත් ඒට පහුවෙනිදාම අවාසනාවන්ත ලෙස ගෙදර වත්තේ ගසක් යටින් සෙයිඩ්ගේ මිනිය හම්බවෙනවා මොවුන්ට. ඒ වගේම රෑට මේ ගෙදර අයට කවදාවත් නිදගන්න නම් හම්බවෙන්නෙ නැහැ. සින්ඩි හැමදාම ඇවිදින්න ගන්නව. ක්‍රිස්ටියන් නිදාගෙන ඉන්නකොට කවුරුහරි කකුලෙන් ඇදලා දාන්න හදනවා. එතකොට ඒප්‍රිල්, රෝරි කියල කෙනෙක් එක්ක තනියම කතකරනවා. ඒ වගේම තමයි මේ ගෙදර ඔරලෝසුවල කොච්චර වෙලාව හැදුවත් 3.07 ට වෙලාව නවතිනව. ඉතින් මේ පවුලේ අයට මේ ගෙදර ඉන්න එකත් එපාවෙලා. ඒක නිසා ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන දෙන්නෙක් වන එඩ් වෝරන් සහ ලොරේන් කියන දෙදෙනාගේ උදව් ලබා ගන්න මොවුන් තීරණය කරනවා. මෙතන ලෝරේන් කියන කාන්තවට තියෙනව අමුතු විශේෂ හැකියාවකුත්. ඉතින් මොවුන් අනාවරණය කරගන්නවා මීට අවුර්දු 100 කට එහ වැළලී ගිය මේ නිවසේ සිදුවුණු අදුරු සිදුවීම් පෙළක්. ඇත්තටම මොවුන් පසුපස හභා එන මේ ශාපය මොකක්ද? මේ පවුලට මෙයින් ගැලවීමට හැකිවේද? ඒ ගැන හොයන්න ආපු වොරන් හා ලෝරේන් යුවලට කුමක් වෙයිද? ඒක දැන ගන්න එක ඔබට බාරයි.
ඉතින් යාළුවනේ මම මේක ගොඩක් මහන්සි වෙලා කරේ ඉක්මනටම ඔයාලට දෙන්න ඔන නිසා. ඒ නිසා හැමෝම කොමෙන්ටුවකින් සංග්‍රහ කරල යන්න අමතක කරන්නෙපා. ආහ්හ්… තවත් එකක් මේක රෑට තනියම බලන්න එපා කියලත් මම අවවාද කරනවා. එහෙනම් මම ගියා.
බයිස්කෝප් එකට ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය DVD / WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
76,948 downloadsDownload The-Conjuring-2013-2.zip153 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
201 comments
Keshan
anil
DDSameera
PATTA..PATA PATA...Menna man eka..!! thanks !!!
amilatk
jayen jaya!!!
lk
loweth na meyka anakam unne aniwa supirima athi
naleen
meyka patta akak
f_live
සුපිරි මචං
දිනිඳු සම්පත්
අම්මෝ.. තවත් හොල්මන් එකක්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ජයවේවා!!yasas
me thiyenne balagenama unne akak maru
dimuthu
oh yeh dan balanwa tx
sds
box office akakne kollane aniwa supirima wenna epai
quik
thanks
chamath cafe
මේ තියෙන්නේ පට්ටම එකක් බස්සලා ජය වේවා!
isuru
ela macho
geeth
film aka out wenakam hitiye math jaya! baiscope teem
waruna
loweth na macho
vee
maxxa piyumal meywa nam aniwa balanwa
tharanga
දැන් නම් බලන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ
පිස්සු හැදෙයි
ජය!
උදාර
එල මචෝ
ccnp
Thanks
isuru samarasinghe
thxz
Amila
මමත් මේකේ හොද කොපි එනකම් උන්නේ මේ තියෙන්නේ ආව ගමන් බඩු
sasika
unu unu dilms godai thxz baiscope oyalage mey wade nisa thamai api issara idalama hodata films balanne :D
කැළුම්
ඔන්න මමත් ගත්තා එහෙනම් ජය වේවා යුශාන්
wow
wow,,,maru :D
“චූටී මල්ලි”
එල එල මචන්
brrip එක ආවාම ඒකටත් අප්ඩේට්ටු පාරක් දියන් මහත්තයෝ
සබට තුති
ඔබට ජය.......eranga
niyamaiiiiiiiii macho
නලින්
නියමයි යුෂාන්.. මෙක නෙට් එකට ආපු ගමන් මමත් බැලුවා. බලලා සබ් කරන්න අහානකොට ඔයා දිලා කිව්වා.! ඇත්තටම මේ පට්ට කථාවක්.
ඩයලෙග්ස් අහා සබ් කරපු එකෙන් තවත් ගූනේ වැඩි.
ජය වේවා!!
anil
supiri wage
හර්ෂ ලහිරු
පට්ට පටපට මේක බාන්නත් බයයි බයයි වගේ
මෙදා පාර ලේසිම ක්‍රමයටනේ සබ් දාලා තියෙන්නෙ...
ස්තුතියි සහො ජයdinuk
meke bluray rip eka nadda macho
jayashan
ela mchn piumal...
Janitha Udayanga
Elama kiri...
Insidious hadapu buwa nam aniwa supirima horror 1k wenna ati. thank you so much bro!!!සමීර කරුණාරත්න
මේක මම බලන්නම හිතාගෙන උන්න එකක්. බොහොම ස්තුතියි සහෝ....
Ushan Piumal
ස්තුතියි ...... මොකද්ද සහෝ මට හෙට අනිද්දා වදින ශාපය ඔයා මංසලේ කියලා තියෙන
uda
හෙහ් හේ...
ඒකනම් ඉතිං වැදුණහමම දැනගත්තැකි සහෝ! මේ වගේ යක්ෂ කතා දෙනකොට බොහොම පරිස්සම් වෙන්ඩ ඕනෑ. මොකද මේ යක්ෂ බලවේගවල ශාපය සදා නොනැසෙන එකක් නිසා, මේවාට යාන්තමින් හෝ ගෑවුණොත්, ඒ අයට කොයි විදිහට බලපාවිද කියන එක ගැන වගකියන්ඩ බෑ කිසිකෙනෙකුට! :O
kesara
thanks machan sub ekata
NCJD
මෙච්චර මහන්සිවෙලා හදපු උපසිරසක් එක්ක නොබලන්නේ කවුද. දැන්ම බානව.
sp පියමල්
මෙදා පාරනම් අනිවා බය වෙයි වගේ,ඔන්න ගත්තා,thanks
hiru
alama thamai
lakmal
superb................
me
Thanks
sarath
thanks .usan
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
kanthaDLA
Thanks very much...http://yify-torrents.com/browse-movie wala
honda films thiyanawa.aluth ewa..
old films ehemath thiyanawa... english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks again...wasanaweewa..pinsiduweewa...තාරු
asawenma balan hitapu film 1k thanks baiscope.
dushman
podi illimak sahooo
SAW film set 1 tath sub karanna patan gamuko
ea set 1 sub nathiwa thiyana eaka loku aduwak wage matanam hithenne
puluwannam loku deyak
owa balana set 1 kuth innawa sahoooo
thnks sub 1 taආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචන් පට්ට වැඩක් කරලා තියෙන්නේ...
මම වැඩිය හොල්මන් එව්වා නම් බලන්නේ නැහැ..මොකද කියන තරම් ෆිල්ම් එක ගතියක් නැති නිසා..බලපු ගොඩක් ඒවා එහෙම උනා..
ඒත් මේකේ ට්‍රේලරේ බැලුවම හිතුනා පට්ටම එකක් වගේ..
අනික නම නොදන්නවා උනාට මම අආසා නිලියක් ඉන්නෙත්..
එහනම් ඔන්න බාන්න දාලා තියෙන්නේ...
ජය වේවා..කේ.යූ.ජී. උදාර
මාත් මේක බැලුවා.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.......Ayesh Fernando
එල මචං.ගොඩක් thank කරනව මෙ වගේ film එකක් අපට දුන්නට.
good luck ;-)namika
යුශාන් සහෝ නියමයි හොඳේ! බලනකොට ඇඟේ මයිල් කෙලින් වෙන ඒවට මමත් මාරම ආසයි! insidious තමයි මම බලපු නියම ෆිල්ම් එක. මේකත් ඊට දෙවනි නැතුව ඇති.
හොරර් බලන ඔයත් බය වුණා කිවුවනේ.
මේකෙ 720p වගේ ලින්ක් එකක් නැද්ද?
කොහොම වුණත් වැඩේ නියමයි!
සබට බොහොම ස්තූතියි!tharindudoo
අනේ මචන් මේකේ trailer එක බැලුවත් බය වෙනවා බං.
උඹට බොහෝම ස්තූතියි කොල්ලෝ!!!!!!!!!!!!Nilanka
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එල මචං ගොඩක් ස්තුතියි :D