උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
යාළුවනේ තරහ වෙන්නෙපා අද නම් මම ඔයාලව කවුරුත් ජීවිතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නෙ. මෑත කාලයේ මං බලපු මං බලපු හොඳම හොරර් ෆිල්ම් එක මේක. මේකට මං සිංහල උපසිරැසි ගන්වා අවසාන වන තුරුත් ඉංගීසි උපසිරැසියක් ඇවිත් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ සිනමා පටයක් පරක්කු කරන එක හරි නැහැනේ. ඒක නිසා මම මේකෙ ද…

යාළුවනේ තරහ වෙන්නෙපා අද නම් මම ඔයාලව කවුරුත් ජීවිතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නෙ. මෑත කාලයේ මං බලපු මං බලපු හොඳම හොරර් ෆිල්ම් එක මේක. මේකට මං සිංහල උපසිරැසි ගන්වා අවසාන වන තුරුත් ඉංගීසි උපසිරැසියක් ඇවිත් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ සිනමා පටයක් පරක්කු කරන එක හරි නැහැනේ. ඒක නිසා මම මේකෙ දෙබස් වලට සවන් දෙමින් ලොකු මහන්සියක් දරල තමයි මේක ඉක්මනටම ඔයාලට දෙන්නෙ. මම හොරර් සිනමා ලෝලියෙක් නිසා දැන් මම හොරර් ෆිල්ම් බලලම වැඩිය බය වෙන්නෙ නැහැ. හැබැයි මේක බලද්දි නම් මම ඇත්තටම බය වුණා. 🙂
මේ සලරුවේ IMDB අගය කිව්වම ඔයාල මම කිව්ව දේවල් පිළිගනියි. යාළුවනේ මේ සිනමා පටයට IMDB අගය 7.7 ක් තියෙනවා. ඉතින් මේ සුපිරි වැඩේ කරල තියෙන්නෙ හොරර් සිනමා ලෝකය හොල්ලපු james Wan කියන අධ්‍යක්ෂකවරයා. මතකද ඔයාල බලපු Saw (2004), Insidious (2010), Dead Silence (2007) කියන සිනමා පට. අන්න ඒවා අධ්‍යක්ෂණය කලෙත් මේ අධ්‍යෂකවරයාම තමයි. ඉතින් මේක ගැන මට තවත් ඔයාලට වර්ණනා කරන්න උවමන නැහැ. මං දැන් පොඩ්ඩක් කථාවේ වටපිටාව කියන්නම්. තව දෙයක් කියන්න ඕන මේ සලරුවට පාදක වෙල තියෙන්නෙ 1971 වකවානුවේ වුණ සත්‍ය සිදුවීමක්. ඒක නිසා හැමෝටම මේක නරඹන්න කියල මම ආරාධනා කරනවා.
රොජර් සහ කැරොලියන් කියන තරමක් මැදි වයසේ පසුවන යුවලක්. ඔවුන් තමන්ගේ දරුමල්ලන් සමග පිටිසර බද නිවෙසක් මිලදී ගෙන එහි පදින්චි වීමට යනවා. ඔවුන්ට ඉන්නෙ සුළුපටු පවුලක් නෙමෙයි. ළමයින් 5 දෙනක්ම ඉන්නව. ඔවුනගේ නම් තමයි සින්ඩි, නැන්සි, ඒප්‍රිල්, ක්‍රිස්ටියන්, සහ ඇන්ඩ්‍රියා. නිවෙසට ඇතුල් වෙන පළමුවෙන දවසේ පටන් මේ පවුලට මුහුණ පාන්න වෙන්නේ හිතගන්නවත් බැරි ජීවිතේ එපා කරවන සිදුවීම් මාලවකටයි. මුලින්ම මේ ගෙදර වෙනස දැනෙන්නේ මේ පවුලේ සුරතලා වන සෙයිඩ් කියන බල්ලට. සෙයිඩ් දිගින් දිගටම බුරන්න ගන්නව අසාමාන්‍ය විදියට. නමුත් ඒට පහුවෙනිදාම අවාසනාවන්ත ලෙස ගෙදර වත්තේ ගසක් යටින් සෙයිඩ්ගේ මිනිය හම්බවෙනවා මොවුන්ට. ඒ වගේම රෑට මේ ගෙදර අයට කවදාවත් නිදගන්න නම් හම්බවෙන්නෙ නැහැ. සින්ඩි හැමදාම ඇවිදින්න ගන්නව. ක්‍රිස්ටියන් නිදාගෙන ඉන්නකොට කවුරුහරි කකුලෙන් ඇදලා දාන්න හදනවා. එතකොට ඒප්‍රිල්, රෝරි කියල කෙනෙක් එක්ක තනියම කතකරනවා. ඒ වගේම තමයි මේ ගෙදර ඔරලෝසුවල කොච්චර වෙලාව හැදුවත් 3.07 ට වෙලාව නවතිනව. ඉතින් මේ පවුලේ අයට මේ ගෙදර ඉන්න එකත් එපාවෙලා. ඒක නිසා ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන දෙන්නෙක් වන එඩ් වෝරන් සහ ලොරේන් කියන දෙදෙනාගේ උදව් ලබා ගන්න මොවුන් තීරණය කරනවා. මෙතන ලෝරේන් කියන කාන්තවට තියෙනව අමුතු විශේෂ හැකියාවකුත්. ඉතින් මොවුන් අනාවරණය කරගන්නවා මීට අවුර්දු 100 කට එහ වැළලී ගිය මේ නිවසේ සිදුවුණු අදුරු සිදුවීම් පෙළක්. ඇත්තටම මොවුන් පසුපස හභා එන මේ ශාපය මොකක්ද? මේ පවුලට මෙයින් ගැලවීමට හැකිවේද? ඒ ගැන හොයන්න ආපු වොරන් හා ලෝරේන් යුවලට කුමක් වෙයිද? ඒක දැන ගන්න එක ඔබට බාරයි.
ඉතින් යාළුවනේ මම මේක ගොඩක් මහන්සි වෙලා කරේ ඉක්මනටම ඔයාලට දෙන්න ඔන නිසා. ඒ නිසා හැමෝම කොමෙන්ටුවකින් සංග්‍රහ කරල යන්න අමතක කරන්නෙපා. ආහ්හ්… තවත් එකක් මේක රෑට තනියම බලන්න එපා කියලත් මම අවවාද කරනවා. එහෙනම් මම ගියා.
බයිස්කෝප් එකට ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය DVD / WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
77,042 downloadsDownload The-Conjuring-2013-2.zip153 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 100
- Downloads
- 774.3K
- Readers' rating
- No reviews yet

Subtitles
- #2013
- #Editor's Pick
- #Hayley McFarland
- #Lili Taylor
- #MaxxA
- #Patrick Wilson
- #Ron Livingston
- #Shanley Caswell
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Conjuring
- #Vera Farmiga
- #You Decide
- #යුශාන් පීයුමාල්
Part of the Conjuring collection — every film in order.
201 comments
Keshan
sasika
unu unu dilms godai thxz baiscope oyalage mey wade nisa thamai api issara idalama hodata films balanne :D
නලින්
නියමයි යුෂාන්.. මෙක නෙට් එකට ආපු ගමන් මමත් බැලුවා. බලලා සබ් කරන්න අහානකොට ඔයා දිලා කිව්වා.! ඇත්තටම මේ පට්ට කථාවක්.
ඩයලෙග්ස් අහා සබ් කරපු එකෙන් තවත් ගූනේ වැඩි.
ජය වේවා!!
හර්ෂ ලහිරු
පට්ට පටපට මේක බාන්නත් බයයි බයයි වගේ
මෙදා පාර ලේසිම ක්‍රමයටනේ සබ් දාලා තියෙන්නෙ...
ස්තුතියි සහො ජයJanitha Udayanga
Elama kiri...
Insidious hadapu buwa nam aniwa supirima horror 1k wenna ati. thank you so much bro!!!uda
හෙහ් හේ...
ඒකනම් ඉතිං වැදුණහමම දැනගත්තැකි සහෝ! මේ වගේ යක්ෂ කතා දෙනකොට බොහොම පරිස්සම් වෙන්ඩ ඕනෑ. මොකද මේ යක්ෂ බලවේගවල ශාපය සදා නොනැසෙන එකක් නිසා, මේවාට යාන්තමින් හෝ ගෑවුණොත්, ඒ අයට කොයි විදිහට බලපාවිද කියන එක ගැන වගකියන්ඩ බෑ කිසිකෙනෙකුට! :O
kanthaDLA
Thanks very much...http://yify-torrents.com/browse-movie wala
honda films thiyanawa.aluth ewa..
old films ehemath thiyanawa... english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks again...wasanaweewa..pinsiduweewa...dushman
podi illimak sahooo
SAW film set 1 tath sub karanna patan gamuko
ea set 1 sub nathiwa thiyana eaka loku aduwak wage matanam hithenne
puluwannam loku deyak
owa balana set 1 kuth innawa sahoooo
thnks sub 1 taආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචන් පට්ට වැඩක් කරලා තියෙන්නේ...
මම වැඩිය හොල්මන් එව්වා නම් බලන්නේ නැහැ..මොකද කියන තරම් ෆිල්ම් එක ගතියක් නැති නිසා..බලපු ගොඩක් ඒවා එහෙම උනා..
ඒත් මේකේ ට්‍රේලරේ බැලුවම හිතුනා පට්ටම එකක් වගේ..
අනික නම නොදන්නවා උනාට මම අආසා නිලියක් ඉන්නෙත්..
එහනම් ඔන්න බාන්න දාලා තියෙන්නේ...
ජය වේවා..namika
යුශාන් සහෝ නියමයි හොඳේ! බලනකොට ඇඟේ මයිල් කෙලින් වෙන ඒවට මමත් මාරම ආසයි! insidious තමයි මම බලපු නියම ෆිල්ම් එක. මේකත් ඊට දෙවනි නැතුව ඇති.
හොරර් බලන ඔයත් බය වුණා කිවුවනේ.
මේකෙ 720p වගේ ලින්ක් එකක් නැද්ද?
කොහොම වුණත් වැඩේ නියමයි!
සබට බොහොම ස්තූතියි!tharindudoo
අනේ මචන් මේකේ trailer එක බැලුවත් බය වෙනවා බං.
උඹට බොහෝම ස්තූතියි කොල්ලෝ!!!!!!!!!!!!
එල මචං ගොඩක් ස්තුතියි :D