Watch Trailer

Silver Linings Playbook (2012) Sinhala Subtitles | සදා ජයග්‍රහනය වෙතට…[සිංහල උපසිරැසි]

2012 දෙසැම්බර මාසෙ 25 වැනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ බයිස්කෝප් Matthew Quick ගේ “Silver Linings Playbook” නව කථාව පාදක කරගෙන David O. Russell විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ වගේම 85 වැනි වරට පැවැත්වුන ඔස්කාර් සම්මන උළෙලේදී සම්මාන 8ක් සඳහා නාමයෝජනා ලබා ගැනීමට සමත් වුනා, ඉන් 2012 වසරේ හොඳම…

2012 දෙසැම්බර මාසෙ 25 වැනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ බයිස්කෝප් Matthew Quick ගේ “Silver Linings Playbook” නව කථාව පාදක කරගෙන David O. Russell විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ වගේම 85 වැනි වරට පැවැත්වුන ඔස්කාර් සම්මන උළෙලේදී සම්මාන 8ක් සඳහා නාමයෝජනා ලබා ගැනීමට සමත් වුනා, ඉන් 2012 වසරේ හොඳම නිළියට හිමි සම්මානය තමන් සතු කරගන්න මෙහි ප්‍රධාන චරිතර නිරූපනය කරන Jennifer Lawrence හැකි වූ අතර ඇයට අමතරව Bradley Cooper, Robert De Niro, Jacki Weaver, Chris Tucker හා තවත් නළු නිළියන රැසකගේ රංගනයෙන් හැඩ වී තිබෙනවා. IMDB දර්ශකය තුල ලකුණු 8.0 වගේ ඉහල අගයක් ලාබාගන්නත් මෙය සමත් වෙලා තියනව .තවත් කතා ඕනෙ නෑනෙ චිත්‍ර පටයේ කතාව පැත්තට හැරෙමු එහෙනම්.

පැට් සෝල්ටානෝ කියන්නෙ උසස් පාසලක උගන්වන ගුරුවරයෙක්. එක දවසක් මෙයා පාසලෙන් කලින් ගෙදර එනකොට මෙයාට තමන්ගෙ ගෙදර තමන්ගෙ බිරිද වෙනත් කෙනෙක් සමග ඉන්නව අතටම අහුවෙනවා, පැට් අර හාදයට හොඳටම තඩි බානව. නමුත් අන්තිමට පැට්ව මානසික රෝහලකට ගිහින් තමයි වැඩේ නතර වෙන්නෙ. මාස 8ක් යනකොට අම්ම ගිහින් පැට්ව ගෙදර එක්කගෙන එනවා, නමුත් තාත්ත නම් ඒකට කැමති වෙන්නෙ නැහැ. පැට්ගෙ එකම අරමුණ ආයෙ කොහොම හරි තමන්ගෙ බිරිද එක්ක සාමදාන වෙන්න. නමුත් උසාවියෙන් නිකුත් කරපු තහනම් නියෝගයක් නිසා පැටට් නිකීගෙ ලගටවත් යන්න විදිහක් නැහැ. මේ අතරෙදි පැට්ට මුණු ගැහෙනවා ටිෆිනි කියල්ල ගැහැණු ළමයෙක්. එයාත් කරදර ගොඩක් පැටලිලා ඉන්න පැට් වගේම මානසික රෝගයකට බෙහෙත් ගන්න කෙනෙක්. ටිෆිනි කැමති වෙනව පැට්ගෙ ලියුමක් නිකීට ගිහින් දෙන්න, නමුත් ඒක වෙන්නෙ පැට් ටිෆිනිගෙ සහයකය විදිහට නැටුම් තරගයකට ආවොත් විතරයි ඉතින් පැට් බොහොම අකමැත්තෙන් වැඩේට් කැමති වෙනව…..

නැටුම් තරගයට මොනව වේවි ද? ටිෆිනි පැට්ගෙ ජීවිතයට කොහොම බලපෑමක් එකරයි ද? නිකී එක්ක පැට් ආයේ සාමදාන් වෙලා ජීවත් වේවි ද? මේ ඔක්කොම මම කිව්වොත් මේ වගේ උසස් සිනමා නිර්මාණයකට කරන අගෞරවයක් වෙනව ඒක නිසා ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියල.

මේ ලබා දීල තියන පිටපත් ඔක්කොම සම්මාන උළෙලවල් සදහා නිකුත් කරපු Scr පිටපත්. R5 යනුවෙන් තියෙන්නෙත් R5 කලාපය (රුසියානු) සඳහා නිකුත්කල Scr එකට ඉංග්‍රිසි Scr හඬපටය මුසු කර අන්තර්ජාලයට නිකුත් කල එකක්. නමුත් මේ පිටපත් නම් කරල තියෙන්නෙ Dvdrip කියල, ඒක බොරුවක්. සමහර තැන්වලදි එන දිය ලකුණුවලින් (Watermark) ඒක ඔප්පු වෙනව. (නමුත් ඒ දිය ලකුණු වලින් කිසිම හානියක නැහැ. මීට පෙර ලබාදුන්න Scr වගේම තමයි.) සමහර විට ඒක Dvdrip කියලම දීල තියනව සමහර තැන්වල. ඒකෙන්ම පේනවනේ Scr පිටපතේ ගුණාත්මක භාවය. නමුත් මේකත් අර Life of Pi (2012), Lincoln (2012), Les Misérables (2012) චිත්‍රපටි මුලින් දුන්න වගේම Scr පිටපත්. ඔයාල දන්නවනේ වෙනත් පිටපතක් ආපු ගමන් බයිස්කෝප් එක ඒකටත් උපසිරැස යාවත්කාල කරන බව. තව දුරටත් සැකයක් තියනව නම රොයිලි සහෝ පරිවර්තනය කරපු මේ ලිපිය බලන්නකො.

නැවත උපසිරැසක් සමග හමුවෙනකම් හැමෝටම ආයුබෝවන් කිව්ව. ආ කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,216 downloadsDownload Silver.Linings.Playbook.2012.2.zip286 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12

Subtitles

4,216 downloadsDownload Subtitles286 KB

79 comments

  1. Rashmika

    mama aka.thankzzzzzzzzzzzzzzz

  2. upali

    පට්ට කතාවක් නේ

  3. lasidu

    ඔය දෙන කොපියේ මට නම් කිසිම අවුලක් නෑ... බලන්න පුළුවන් නම් එච්චරයි නැද්ද.බලන්න බැරි උන් ඉන්නවා නම් හොද කොපියක් ආවහම් අප්ඩේට් කරන කම් උන්නා නම් හරි,

    ජය වේවා!!!!!

  4. Isuru

    thnxz machan mama asama nilayakne inne ...

  5. hh

    patta pahark wagey mona copiya dunnath api balanwa ban.apita 30" ganan wala scr na ne balanne 18' scr ake kalin bawa scr dvd rip wagey aniwa banwa jaya wewa

  6. rusuru | රුසිරු

    නියමයි මමත් බානවා. මේක දෙන කම් උන්නේ මේ කොපිය මන් ගාව තියේ

  7. quik

    thanks

  8. wow

    wow.... maru :D

  9. mihin ලංකා

    ජය වේවා මචෝ නියම ෆිල්ම් එකක් වගේ.

  10. chami

    mamath download karanwa.sameera thxz

  11. ganidu

    සුපිරි සුපිරි මේකත් දුන්න එක හොදා.කලින් දුන්න කොපි බැලුවා මචං ඒවා හොදටම තිබ්බා.
    මට නම් අවුලක් නෑ.මොන නම තිබ්බත් බලන්න පුළුවන් නම් එච්චරයිනේ :) ආයේ මොකටද නැද්ද :)

  12. ccnp

    Thanks

  13. naleen

    thx baiscope .lk

  14. Sandun

    patta patta Thanak u

  15. dj

    බොහොම තුති සහෝට අපි වෙනුවෙන් උන මහන්සියට ජය

  16. ositha

    elakiri kolla mona copy unath baiscope site ake denna elakiri copy :)

  17. tharanga

    කියන්න දෙයක් නෑ පට්ට ෆිල්ම් එකක් නේ සහෝ දීලා තියෙන්නේ. මමත් බානවා.

  18. chamath cafe

    ඔන්න මචං ජය වේවා කිවුවා.

  19. pubudu

    thnx saho

  20. g-a-n-d-u

    සුපිරි නේ රේටින් දැක්කහම පේනවා.මචං දිගටම සබ් දෙන්න.

  21. was

    වටිනා කතාවක් පාටයි.බාන්න දාන්න ඕනේ හෙට . ජයම වේවා

  22. elakiri

    එළකිරි මචං මොන කොපි දුන්නත් බයිස්කෝප් එකේ එන එන හොද එකට ආයේ හදලා දානවනේ.මේකට අකමැති නම් ඊගාව එක එනකම් ඉන්න .. හික්ස්... :)

    සබ් එකත් එක්ක මේක බලන්න ඕනේ නැත්තම අපිට ත්රෙන්නේ නෑ නේ මේ වගේ කතා..ඇක්ෂන් ඒවා නම් බලන් උන්නත් අල්ලගන්න හැකිනේ .

  23. venura

    niyamai :D

  24. zumo man

    ah elazz machan.thnxz mey wagey akaka subs dunna aka

  25. Ashain

    mn asama naluwek bradley cooper........meka denakn idiye.....thanx wewa

  26. Fernando

    supiri hode...

  27. eraNga

    නියමා.........යි සමි බලන්නම ඕනේ

  28. HarshA

    ela paharak wagey onna sahota pin deela math gannawo

  29. ranga

    oh... meyka nm hoda film akak wagey.Thanks baiscope teem

  30. kalinga

    ඔන්‍න‍ මාත් සබ් එක ගත්තා ෆිල්ම් එක කලින්ම ගත්තා. සුපිරි දිගටම සබ් දෙමු

  31. dineth

    elama meyka nam patta

  32. chandima

    thxxxxx

  33. nipuna

    patta kathawak wage banan damma

  34. Sara Yohani Epa

    thanx...........great job brother

  35. kapila

    maxxama thama aniwa balanna one

  36. akila

    නියමයි මචෝ තවත් හොද ඒවාට සබ් දෙන්න 007 එකත් ඉක්මනට දෙන්න

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මැක්සා මචෝ... බයිස්කෝප් ඒකෙන් මේක දෙනකම් මයි බලන් උන්නේ,,,, එල වැඩක් හොදේ... ජය වේවා

  38. නලියා

    නියමයි සමී..!
    ස්තුතියි වේවා සුපිරි නිර්මාණ
    උණු උණුවේම අපිට ගෙනවට

    ජය වේවා..

  39. “චූටී මල්ලි”

    එනකම් බලන් උන්නෙ
    තෑන්ක්ස් කොල්ලා
    තව කරන්න ශක්තිය ලැබේවා

  40. srimal

    maru :D

  41. me

    Thanks

  42. geeth

    thnx

  43. ශාන් විමුක්ති [වීමා]

    ela sahoa niyama wadak :)

  44. Manjula

    patta pahara
    thanks

    matath sub danna asawak awa

  45. Manjula

    ubala elakiri kollo

    me wede digatama karagena palayalla.hemadama athut film ekak thiyenna labewa kiyala mama patanawa

    sinhala ape ekama nawathena cyber awakashaye

  46. වා.මු.නිලන්ත පියසිරි

    මේක හරි අපූරු බයිස්කෝප් එකක්. මම බොහොම කැමැති ජාතියේ ඒකක්. මෙයට උප සිරැසි දැමීම ගැන ස්තුතිය සහ ගරුත්වය පල කරන ගමන්. හැමෝම බලන්නත් කියලා ආරාධනා කරනවා. හරිම විනෝදජනක මෙන්න සංවේදී සළරුවක්. සමීර කරුණාරත්න මලයණ්ඩිට මෙවන් උප සිරැසි බොහොමයක් කැරුමට දිරිය විරිය සවිය සහ කාලය පතන ගමන් පින් දෙමි.

  47. bee

    tnx jaya wewa

  48. mudiya / මුදියා

    නියමයිනෙ සමීර.ඔස්කා සම්මාන උළෙලේ මේ ෆිල්ම් එක ගැන කතාවෙනකොට මටත් හිතුන බලන්න ඕනි කියල.අපි කොහොමත් දන්නවනෙ මේ වගේ ඒවා අපේ සයිට් එකෙන් කොහොමහරි ඉක්මනට දෙනව කියල.කලින් මේ විදිහෙ කොපි බලපු නිසා මේව බාන්න කොහොමත් බයවෙන්නෙ නෑ.කොලිටි එක උපරිමයි.දිගටම සබ් දෙන්න සමීර සහෝ.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!

  49. dulo

    mamath balanna hitapu film ekak .thanks machoo.

  50. GUNADASA DENIPITIYA

    onna mama ba gaththa thanks.

Load more comments