පුංචි ළමයින් වැඩියෙන්ම හිතවත් කාටද? එයාලගේ දෙමව්පියන් සහ පවුලේ අය ඇරුණු කොට? මම නම් හිතන්නේ සෙල්ලම් බඩු වලට. ඒක ඉතින් එයාල ආස කරන සෙල්ලම් බඩුවක් අරන් දුන්නම මූණෙන්ම බලා ගන්න පුළුවන්. සෙල්ලම් බඩු ගැන කතා කරනවා නම් ඉතින් ඒක වෙනමම මාතෘකාවක්. මම පොඩි කාලේ නම් පාවිච්චි කරේ බැටරි දාන, වයින් කරන සහ අතින්…

පුංචි ළමයින් වැඩියෙන්ම හිතවත් කාටද? එයාලගේ දෙමව්පියන් සහ පවුලේ අය ඇරුණු කොට? මම නම් හිතන්නේ සෙල්ලම් බඩු වලට. ඒක ඉතින් එයාල ආස කරන සෙල්ලම් බඩුවක් අරන් දුන්නම මූණෙන්ම බලා ගන්න පුළුවන්. සෙල්ලම් බඩු ගැන කතා කරනවා නම් ඉතින් ඒක වෙනමම මාතෘකාවක්. මම පොඩි කාලේ නම් පාවිච්චි කරේ බැටරි දාන, වයින් කරන සහ අතින් තල්ලු කරන සෙල්ලම් බඩු. අද කාලෙත් ඒවා තියනවා. හැබැයි ඊට එහා ගිය දියුණු සෙල්ලම් බඩුත් රටේ ලෝකේ තියනවා. ඒ තරමට සෙල්ලම් බඩු වෙළඳපොළ සංකිර්ණ වගේම දියුණු වෙලා.
හරි මම මුලින්ම කිව්වානේ පුංචි ළමයින් දෙමව්පියන්ට සහ පවුලේ අයට හිතවත් කියලා. එතකොට එයාලට එහෙම අය නැත්නම්, සහ ඒ පාළුව තනිකම නැති වෙන්න එයාලට අරුම පුදුම සෙල්ලම් බඩුවක් ලැබෙනවා නම් ඒ ළමයා සහ සෙල්ලම් බඩුව අතර මොන වගේ බැඳීමක් ඇති වෙයි ද? හිතා ගන්න අමාරුයි නේද? ඔන්න ඔච්චරයි මම මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නේ. ඔයිට වඩා කියන්නේ මොකටද? බලලම රස විඳින්න පුළුවන්කම තියෙද්දී.
M3gan 2022 චිත්‍රපටයට උපසිරැසි කරන්න මම බලාගෙන හිටියේ ගිය අවුරුද්දේ ඉඳලා. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම දැක්කම මට කතාව ගැන පුදුම ආසාවක් ඇති උනා. ඒ ආසාව දවසින් දවස වැඩි උනේ M3gan කියන චරිතය බලාපොරොත්තු උනේ නැති විදිහට සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමත් එක්ක. ඒ වගේම සමහර වෙබ්අඩවි වලිනුත් M3gan ගැන සැරින් සැරේ අලුත් ආරංචි අරන් ආවා. ලංකාවේ සිනමා ශාලා වල ප්‍රදර්ශනය උනේ නැති උනාට මේ චිත්‍රපටය මේ දවස් ටිකට Box Office වාර්තාවකුත් තියලා ඉවරයි. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 100 ආදායම පහු කරලා. චිත්‍රපටය හදන්න නම් ගියේ ඇමරිකානු ඩොලර් මිලියන 12ක් විතරයි. සාමාන්‍යයෙන් Horror කාණ්ඩයට වැටෙන චිත්‍රපට මෙච්චර ඉක්මනට Box Office ගහනවා හරිම අඩුයි.
M3gan කියන්නේ කෘතිම බුද්ධිය ඒ කියන්නේ Artificial Intelligence තාක්ෂණය භාවිතා කරලා හදපු නිර්මාණයක් නේ. Model 3 Generative Android කියන එක කෙටි කරලා තමයි මේ M3gan කියන නම හැදිලා තියෙන්නේ. සෙල්ලම් බඩුවක් කිව්වාට මේ නිර්මාණයට ඇත්තටම රොබෝ කෙනෙක් කිව්වත් හරි. කෙනෙකුගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්, කෙනෙක්ට හිතවත් වෙන්න පුළුවන්, ඒ වගේම කෙනෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් චරිතයක් තමයි M3gan කියන්නේ. ඇත්තටම මේ චිත්‍රපටය මට පෙනුනේ ලෝකප්‍රකට Child’s Play සහ Artificial Intelligence කියන චිත්‍රපට දෙකේ සංකලනයක් විදිහටයි.
දැන් එතකොට Artificial Intelligence සෙල්ලම් බඩු ලෝකයේ නැද්ද? නැහැ නෙමෙයි තියනවා. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ නොයෙක් දේවල් කියලා තියනවා. හැබැයි මගේ හිතට වැදුණු සෙල්ලම් බඩුවක් තියනවා. ඒ Tiger Electronics සමාගම 1998 අවුරුද්දේ මුල් වරට නිෂ්පාදනය කරපු Furby. මේ Furby වගේම සෙල්ලම් බඩුවක් ඔයාලට M3gan චිත්‍රපටයෙත් දකින්න පුළුවන්. අපි ගොඩ දෙනෙක් දන්නේ නැති උනාට Furby සෙල්ලම් බඩුව generation තුනක් යටතේ නැවත නැවත එළි දක්වලා තියනවා. මේ Furby ට භාෂා 24 ක් කතා කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ භාෂා 24ක් යටතේ මේ Furby ව හදලා තියනවා. පල්ලෙහා ඉන්නේ Furby. ඒ වගේම එයා කතා කරපු සමහර වචන ඒවායේ තේරුම එක්ක මම පල්ලෙහා දාලා තියනවා.

wee-tah-kah-loo-loo: Tell me a joke.
wee-tah-kah-wee-loo: Tell me a story.
wee-tee-kah-wah-tee: Sing me a song.
u-nye-loo-lay-doo? Do you want to play?
u-nye-ay-tay-doo? Are you hungry?
u-nye-boh-doo?: How are you?
u-nye-way-loh-nee-way: Go to sleep now.
u-nye-noh-lah: Show me a dance.
doo? What?
doo-dah: Yes.
boo: No
yoo? Why will you not play with me today?
එහෙනම් ආපහු M3gan පැත්තට හැරෙමු. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ගැන කතා කරොත් මුලින්ම කියන්න වෙන්නේ M3gan ගැන නේ. M3gan චරිතයට තුන් දෙනෙක් සම්බන්ධ වෙලා තියනවා කියලා ඔයාලා දන්නවද? ඒ Amie Donald, Jenna Davis සහ Kimberley Crossman. Amie Donald චිත්‍රපටයේ M3gan ට පණ පොවන කොට Jenna Davis සහ Kimberley Crossman විසින් M3gan ට හඬ දායකත්වය සපයලා තියනවා. ඊළඟට කතාවේ හුරතල් කෙල්ල කේඩි විදිහට රඟපාන්නේ Violet McGraw. එතකොට එයාගේ පුංචි අම්මා ජෙමාට ඉන්නේ Allison Williams. ඒ වගේම M3gan නිෂ්පාදනය කරපු Funki සමාගමේ වැඩ කරන කෝල් (Brian Jordan), ටෙස් (Jen Brown) සහ ඩේවිඩ් (Ronny Chieng) සෙසු ප්‍රධාන චරිත විදිහට පෙන්වා දෙන්න පුළුවන්. චිත්‍රපටය නිර්මාණයේදී ගත්ත ඡායාරූප කිහිපයක් තමයි පල්ලෙහා දාලා තියෙන්නේ.

M3gan චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Gerard Johnstone. කතාව ලියලා තියෙන්නේ Akela Cooper සහ James Wan. මේ James Wan තමයි ඔයාලා හැමෝම වගේ දන්න Annabelle චිත්‍රපටය නිෂ්පාදනය කරේ. චිත්‍රපටය බෙදාහැරීම කරේ Universal Pictures සමාගම. ජනවාරි 6 තිරගත වූ M3gan ට මේ වෙනකොට 6.5ක IMDb අගයකුත් 94%ක Rotten Tomato අගයකුත් ලැබිලා තියනවා.

හරි එහෙනම්. මේ ලස්සන කතාව බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. චිත්‍රපටයට උපසිරැසි කරන්න මට අවස්ථාව දුන්න ඇඩ්මින් විමාට ගොඩක් ස්තුතියි. මේ මගේ 49 වෙනි උපසිරැසිය. 50 කඩයිම එක්ක ආපහු ඔයාලව මුණ ගැහෙන්න එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත් සඳහා SRT ලෙසින් ලබා දි ඇත.
26,830 downloadsDownload Megan-2022-BR.zip89 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
- #Amie Donald
- #Box Office Hits
- #Editor's Pick
- #Jenna Davis
- #Kimberley Crossman
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #සබ්ටයිටල්ස්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
32 comments
Anonymous
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි චාමිකර අයියේ. දෙනකල් බලන් හිටියෙ. ජයවේවා!
Kushan
Sub akta thanks
සංජන චමෝද්
මහන්සියට බලන්න කියාපුම ෆිලුමක් වගේ.
ඔන්න එහෙනම් සබ බාගත්ත.
අද රෑම බලල දානව. 🤗
ලිපියත් මරු ආ. ❤️උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
sahangayantha
Thanks a lot saho sub ekata
Naveen Mbr
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kantha_DLA
චිත්‍රපටයක , ටෙලි සිතුවමක
උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
ඔබ ඇතුලු සියලුම සොයුරු සොයුරියන්
මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
ඔබටත් , ඔබ පවුලේ සැමටත්
බුදු සරණයි – දෙවි පිහිටයි …!!Dimuthu Dananjaya
දැන් සබ් දාන ක්‍රමයට කැමති නෑ. ඉස්සර වගේ srt file එකක් වගේ දෙනවනම් මරු බ්‍රෝ. Good luck
විමා
සයිට් එකට හානි කරන සබ් හොරු ඉන්නකම් මෙහෙම තමා කරන්න වෙන්නේ සහෝ.
Kavishka Hirantha
ithin aiye mahema demmama phone eken support wenne nene?
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Pramod
Thanks saho
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks for sub
Kavindu Edirimanne
මම ඔයාලගෙ සබ් එක ගන්නෙ 2011 වගේ කාලෙ ඉඳල, ඔයාල පල කරන ලිපියත් කියවල ම තමයි ෆිල්ම් එකක් බලන්නෙ.ඇත්තටම බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ මට නම් බ්‍රෑන්ඩ් එකක්. මේ විදියට idx sub දෙනකොට නම් කලින් තිබුන රසය නැතිවෙලා තියනව. මම පුරුද්දක් විදියට සබ් එකක් ගන්නකොට මුලින්ම බලන්නෙ බයිස්කෝප් එකේ. ඒකෙ නැත්තං වෙන සයිට් වල, දැන් බයිස්කෝප් එක suggest වෙන්නෙත් නැති තරම්. ඒත් bookmark දාගෙන තියන් ඇවිත් බලනව.
මම කියන්නෙ මගේ අදහස කව්රු කොහොම හොරකම් කරත් ඒක නවත්තන්න බැහැ. ඔයාල වෙනම බ්‍රැන්ඩ් එකක් ඒක වෙනස් වෙන්නෙ නැහැ. ඒ නිසා පුරුදු විදියට සබ් එක දෙන්න. හොරුන්ට කෙසේ වෙතත් ඔයාලව ෆලෝ කරන ඉස්සර ඉඳන් ම ආපු අයට ඒක වටිනව.
Once a brand always a brand ❤
විමා
යම් කාල සීමාවකට පස්සේ අපි මේ ගැන සලකා බලමු සහෝ.
දැනට idx දෙන්න තමා තීරණය.
Neo
Thanks brother
Keep it uptharu
THANKS FOR SUB
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
lakshan
thanks ....................
Viraj
Thanks
මයුර
ඊයා... තෑන්ක්ස්
wasantha
thank you
සාරංග J ලියනගම
Thanks
Dewadithya
Thanks for Sub!
Anonymous
ponyo anime movie ekata sub dennako ( Ponyo (2008) 720p BRRiP x264 AAC [Team Nanban] ) meke dila thiena eka set na
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udara
thank you broooo
Sandaru Nimsara
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ammo menna dila Thank you ❤️