2023 අවුරුද්දේ ආපහු සුපිරි ෆිල්ම් ලැයිස්තුවේ තියෙන සුපිරිම එකක් තමයි මේ අරගෙන ආවේ. කතාව යන්නේ වෙඩින් එකකට සහභාගි වුන පවුලකට මුහුණ දෙන්න වුන අකරතැබ්බක් ගැන. මංකොල්ලකෑම් ගැන ෆිල්ම් බලලා තිබ්බට මේ විදියේ එකක් නම් කලින් ඇවිත් නැතිව ඇති. Romance/Comedy වර්ගයට වැටෙන මේක Amazon Studios හරහා තමයි විකාශනය ක…

2023 අවුරුද්දේ ආපහු සුපිරි ෆිල්ම් ලැයිස්තුවේ තියෙන සුපිරිම එකක් තමයි මේ අරගෙන ආවේ. කතාව යන්නේ වෙඩින් එකකට සහභාගි වුන පවුලකට මුහුණ දෙන්න වුන අකරතැබ්බක් ගැන. මංකොල්ලකෑම් ගැන ෆිල්ම් බලලා තිබ්බට මේ විදියේ එකක් නම් කලින් ඇවිත් නැතිව ඇති. Romance/Comedy වර්ගයට වැටෙන මේක Amazon Studios හරහා තමයි විකාශනය කරලා තියෙන්නේ. ඉතින් ජනවාරි 27 වෙනිදා තමයි මේකේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.
හරි කතාව මෙහෙමයි. ටොමී සහ ඩාර්සි කියන්නේ මේ කතාවේ ප්‍රධාන චරිත දෙක. දෙන්නා බඳින්න යන්නේ. හැබැයි ලඟපාත නෙවෙයි. පිලපීන දූපත් වල තියෙන කුඩා හුදකලා දූපතක තියෙන රෙසෝට් එකක. ඉතින් මේ පැත්තට මුහුදු මංකොල්ලකාරයින්ගෙන් නිතරම කරදර වෙනවා. මේ දෙන්නගෙ වෙඩින් එකත් මේ විදියට ගොඩක් ප්‍රශ්න මැද අර කියන දූපතක ප්ලෑන් කරලා තියනවා. වෙඩින් එක දවසෙම මුහුදු මංකොල්ලකාරයෝ සෙට් එකක් ඇවිත් නෑදෑයෝ ටිකව ප්‍රාණ ඇපයට ගන්නවා. හැබැයි මනමාලියි මනමාලයයි තවම ඇවිත් නෑ. ඒ දෙන්නා බේරෙනවා.
හැබැයි බේරුනා කියලා දෙන්නට පැනලා යන්න වෙන්නෙ නෑ. ඇයි කියලා බලන්න. මනමාල ජෝඩුවට රඟපාන්නේ අපි කවුරුත් දන්න Jennifer Lopez සහ Josh Duhamel දෙන්නා. ඉතින් මුන් දෙන්නට මඟුල පැත්තක දාලා මුහුදු මංකොල්ලකාරයින්ගෙන් බේරෙන්න වෙනම ගේමක් ගහන්න වෙනවා. හිනා වෙවී බලන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි. ලස්සන ආදර කතාවකුත් තියෙනවා.
ටික කාලෙක නිහැඬියාවකින් පස්සේ තමයි ආයෙ සබ් වැඩේට බැස්සේ. අන්තිමට විමත් එක්ක Puss In Boots ගෙනාවට පස්සේ මේක බාරගත්තේ. ඉතින් ඉඳලා හිටලා හරි සබ් එකක් ගේන්න උපරිම උත්සාහ කරනවා. ඊලඟට Gerald Butler ගෙ Plane(2023) චිත්‍රපටයේ සබ් එක අරන් එන්නම්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,862 downloadsDownload Shotgun.Wedding.2022.zip4.1 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
19 comments
විමා
Bimsara Yashan(ඔලිව)
මරු ෆිල්ම් එකක් වගේ, අරන් බලන්න ඕනෙ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Kantha_DLA
චිත්‍රපටයක , ටෙලි සිතුවමක
උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
ඔබ ඇතුලු සියලුම සොයුරු සොයුරියන්
මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
ඔබටත් , ඔබ පවුලේ සැමටත්
බුදු සරණයි – දෙවි පිහිටයි …!!Anonymous
Viking valhalla season2 sinhala subtitel oni
Kushan
Sub akta thanks
Ravindra
Thanks sub ekata
මයුර
ඔයා දුන්නා කියන්නේ බැලිල්ලක් තමයි ඉතිං සගෝ
ස්තුති වේවාHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Thanks for sub
Anonymous
Black panther sub dennko bro
sahangayantha
Thanks a lot saho sub ekata
Neo
Thanks brother
Keep it upAnonymous
sub eka dunnata godak thanks brother.Plane 2023 eke sub ekath denna brother.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
Udaya Fdo
Thank you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Madusanka
Thank you rathne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබට තුති බන්.
ජේ ලෝ තාම පොඩි එකී වගේ යකෝ.