Watch Trailer

Memoirs of a Geisha (2005) with Sinhala Subtitles |ගේශාවකගේ මතක සටහන් [සිංහල උපසිරැසි සමඟ]

හලෝ ඉතින් කොහොමද කස්ටිය,සැප්තැම්බර් කියන්නේ කියවීමේ මාසෙනේ,ඔන්න මම ගෙනාවා පොතක් ආශ්‍රයෙන් නිර්මාණය වුන,ඔස්කාර් සම්මාන වලට පවා පාත්‍ර වුන හොඳ ජපන් ෆිල්ම් එකක්.ෆිල්ම් එක බලලා ඉවර වෙලා මේ පොතත් අරගෙන කියවන්න.මොකද මට නම් ෆිල්ම් වලට වඩා එකාට බේස් වුන පොත් ලස්සනයි කතාව මෙහෙමයි,මේක පටන්ගන්නේ 1940 මුල් කාල…

හලෝ ඉතින් කොහොමද කස්ටිය,සැප්තැම්බර් කියන්නේ කියවීමේ මාසෙනේ,ඔන්න මම ගෙනාවා පොතක් ආශ්‍රයෙන් නිර්මාණය වුන,ඔස්කාර් සම්මාන වලට පවා පාත්‍ර වුන හොඳ ජපන් ෆිල්ම් එකක්.ෆිල්ම් එක බලලා ඉවර වෙලා මේ පොතත් අරගෙන කියවන්න.මොකද මට නම් ෆිල්ම් වලට වඩා එකාට බේස් වුන පොත් ලස්සනයි

කතාව මෙහෙමයි,මේක පටන්ගන්නේ 1940 මුල් කාලේ ජපානයේ.ඒ කාලේ ජීවත්වෙන ගෙයිශාවෝ කියන විශේෂ කාන්තාවෝ වර්ගයක් ගැන තමයි කතාව.එයාල කොහොම අයද කියල එක වචනෙන් විස්තර කරන්න අමාරුයි.චියෝ කියල පොඩි දරුවෙක් එයාගේ අක්කත් එක්ක එයාලගේ දෙමව්පියන්ට හදාවඩා ගන්න අමාරු නිසා ඔකියා එකකට එහෙමත් නැත්තන් ගෙයිෂා නිවාසෙකට විකුනනවා.කතාව තියෙන්නේ මේ පුංචි චියෝ ගැන තමයි.දුක,වේදනාව,ආදරය,ඊර්ෂ්‍යාව වගේම දෙවන ලෝක යුද්ධය නිසා ජපානයේ සමාජය වෙන බලපෑම මේ ෆිල්ම් එකේ තියෙනවා

දැන් ෆිල්ම් එක ගැන වැඩි විස්තර,මේක Arthur Golden විසින් මේ නමින්ම 1997 දී ලියපු පොත තමයි ෆිල්ම් එකට බේස් වෙන්නේ. අධ්‍යක්ෂණය Rob Marshal විසින්.Ziyi Zhang(Rush hour 2,The grandmaster),Death of a samurai,13 Assassins වල අපි දැකපු Koji Yakusho වගේම Inception එකේ අපි දැකපු Ken Watanabe මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.නිලියෝ ටික නම් ගොඩක් අය චයිනීස්.මට නම් ඒක දැනෙන්නේ දුර්වලතාවයක් විදිහට.මොකද ජපන් ඉතිහාසය ගැන ෆිල්ම් එකකට ජපානයේ අය ගත්තා නම් තමා හොඳ.නිෂ්පාදනය කරන්නේ ජපානයෙන් නෙමෙයි නිසා වෙන්න ඇති ඒ.2006 අවුරුද්දේ Best costume design.art direction වගේම cinematography වලට ඔස්කාර් සම්මාන ලැබෙනවා මේ ෆිල්ම් එකට.අනික තමා මියුසික්,ආයේ ඉතින් කියල වැඩක් නෑ ඒ ගැන,සුපිරි.imdb 7.4 අගයක් මේ ෆිල්ම් එක රදවාගෙනතියෙනවා,ඉතින් බලන්න හිතෙනවා නේද

මතක් කරන්න කෙනෙක් ඉන්නවා.උපසිරසි හදනකොට මට ගොඩක් උදව් කරපු ඔෂිනි දසනායක අක්කා.එයා තමයි මේ ෆිල්ම් එක වගේම පොත ගැන මට විස්තර හොයල දුන්නේ.බලලා කියන්නකෝ කොහොමද කියලා,ඉතින් ජයවේවා.

සුභාෂ් ගුණවර්ධන සොහොයුරාකලින් පළකරන ලද ලිපිය

සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ . . . .නන්දා මාලනී මහත්මියගේ මේ ගීතය අහෙනකොට හිතේ මැවෙන්නේ දිවිය ලෝකෙ තියනවා යයි අප විශ්වාස කරන “මධාරා, පරසතු” වැනි ලස්සන මලක් විය යුතුයි කියන එකයි කියලයි මට නම් හිතෙන්නෙ. කොහොම උනත් “ද ලාස්ට් සමුරායි” ෆිල්ම් එක බලපු අයට නම් සකුරා මල් අරුමයක් නොවෙයි මම හිතන්නෙ . . .! ං

සමහර අය චීන ජපන් චිත්‍රපට වලට කතා වලට වැඩි කැමැත්තක් නැහැ නමුත් චීන ජපන් සස්ංකෘති ගැන වැටහීමක් ගන්න පුලුවන් නම් මට නම් 100ට 100ක් විශ්වාසයි ඉන්පසු ඒ අය ඒවා ආදරයෙන් වැලදගන්නා බවට. ඒවා එතරම් හර්දාංගමයි, සංවේදීයි – විශ්වාස කරන්න. . .!

මේ කියන්න යන කතාවත් ජපානයේ ගේෂා ස්ත්‍රියක් ගැන කතාවක් අඩOගු “ආතර් ගෝල්ඩන්” නම් රචකයා විසින් රචිත “මෙමොරීස් ඔෆ් අ ගේශා” කියන නවකතාව පාදක කරගෙන තනපු චිත්‍රපටයක්.

ජපානයේ ගේෂා ස්ත්‍රීන් සහ ඉතිහාසගත ජපාන සංස්කෘතිය ගැන හොද වැටහීමක් ලබා ගන්න පුලුවන් “එදිරිවීර සරච්චන්ද්‍ර” මහතා රචනා කල “මළගිය ඇත්තෝ” සහ “මළවුන්ගේ අවුරුදුදා” නවකතා බැලුවෝතින්. කෙටියෙන් කිව්වොත් ගේෂා ස්ත්‍රියක් කියන්නෙ ජපානයේ ඉහලම පැලන්තියේ අයට උසස් රසවිදනයක් සහ උසස් සහ උගත් මිතුරියකගේ සමාගම ලබාදීම වෙනුවෙන් කුඩාකල පටන්ම සංගීතය, නැටුම්, ලෝකය පිලිබද දැනීම ලබාදී ඒ පැලැන්තිය වෙනුවෙන්ම නිර්මානය කරනු ලබන අතිවිශේෂ නිර්මානයක්.

චිත්‍රපටයේ කතාවට අනුව පිටිසර ගමක වයස අවුරුඩු 9ක කුඩා ළදැරියක්ව සහ ඇගේ සොහොයුරියව ඔවුන්ගේ පියා විසින් විකුනනු ලබනවා. මෙයින් කුඩා ළදැරිය ගේෂා නිවාසයකිනුත්, ඇගේ සොයුරිය වයිශ්යා නිවාසයකිනුත් මිලදීගනු ලබනවා. “චියෝ” නම් වූ නවවස් ළදැරියව ඈ වෙනුවෙන් ගෙවූ ඉහල මිල පියවා ගනුමට යැයි පවසමින් ඇයගෙන් වහලියක ලෙස වැඩ ගන්නවා. එහි වාසය කරන සුරූපී ප්‍රදාන ගේෂාව චියෝට තදින් වයිර කරනවා. දිනක් ඉහල සමාජයේ සභාපතිතුමා චියෝට අයිස් පලමක් දී ඔහුගේ ලේන්සුවත් කිසියම් මුදලකුත් ලබා දෙනවා, එතැන් පටන් ඇය ඔහුට අසීමිතව ආදරය කරන්න පටන් ගන්නවා. ඇය ඉටා ගන්නවා කෙදිනකහෝ ගේෂාවක් වී ඔහුගේ ඇසුර ලබාගන්නා බවට.

ඇගේ පැතුම් ඉටුවෙයිද?? අසුන්දර පරිසරක ඇගේ ජීවිතය ඇය පැතූතරම් සුන්දර වෙයිද?? මේ චිත්‍රපටය බැලුවොත් මේ හැමදේටම පිලිතුරු ලැබේවි.

“ස්ටීවන් ස්පිල්බර්ග්” ගේ සම නිශ්පාදනයක් වූ මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මන 3කුත් තවත් බොහෝ සම්මාන ප්‍රමානයකුත් ලබා ඇති මෙය ඔබට උසස් රසවින්දනයක් ලබා දෙන බවට නම් සහතික විය හැකියි.

Memoirs of a Geisha (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Memoirs.of.a.Geisha.2005.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,624 downloadsDownload Memoirs-of-a-Geisha-2005.zip95 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පියුමාල් දිසානායක

Subtitles

2,624 downloadsDownload Subtitles95 KB

32 comments

  1. Charith Weerakkody

    මමත් ලගදි කොරියානු හා ජපන් චිත්‍රපටි කීපයක් බැලුව.වෙලාවක් ලැබිච්ච ගමන් ඒ ගැන ලියන්න ඕනෙ.

  2. Spiderman

    ela ela.balanna ona fila ekak.

  3. kathu

    Apith baanawa///!! Let's see.. Pothe gura beluwada 'MY SASSY GIRL'. Korean movie 1k. Lassana love story 1k...

  4. පොතේ ගුරා

    @Charith Weerakkody !එළ එළ..ඔන්න අපිත් බලාගෙන ඉන්නව හොදේ.. :)
    @Spiderman !එල!බලල කියපන් හොදද කියල..
    @kathu !ඔවු මචෝ..සිරාවටම ගති ෆිල්ම් එකක්..මම දාල ඇති ඒ ගැන ලිපියක්.. :)

  5. -බිன்ku-

    ඔකේ පින්තුර දැක්කාම නම් මතක් වෙන්නේ එක. මම හිතන්නේ මේක තමා මුල්ම චීන චිත්‍රපටි ගැන දැම්ම සටහන සිංහල බිලෝගාවකාශය තුල. :) ඔහොම යං! මාත් ලියන්න ඔනේ, එත් ඉතිං හුට පට වලින් ඉවරයක් නෑ බං!

  6. සුභාෂ්

    ම්ම්ම්ම්ම් හොද ප්‍රතිචාරයක් තියෙනව වගේ. . .
    මේ ෆිල්ම් එක බලද්දි මම නම් ජීවත් උනේ නොරිකො සO එක්කයි දෙවෙන්දරා සO එක්කයි (මලගිය අත්තෝ සහ මලවුන්ගේ අවුරුදුදා)
    ලස්සන අහිOසක ආදරයක් ගැනත් මෙකේ කියවෙනවා. ඉපැරනි ජපන් සOස්කෘතිය අපූරුවට මේකෙ විදහා දක්වනවා.
    ජපන් සමාජයේ කාන්තවගේ දුක්ඛිත ජීවිතයත් කාන්තවන්ගේ සාම්ප්‍රදායික ඇදුම වූ කිමෝනවට කොතරම් ඉහල වටිනාකමක් තියනවද යන්නත් හොදින් බලාගන්න පුලුවන් මෙහි.

  7. චූටා

    අනේ පොතේ ගුරා මචෝ තරහ නැතුව කියපන් බං මෙක තියෙන්න ජපන් භාෂාවෙන්ද කියලා............

  8. පොතේ ගුරා

    @චූටා !නෑ මචෝ මේක ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.. :)

    1. Lakmini

      meke sinhala subtitle ganne kohomada

  9. ෆා ද බ්ලොගී

    මම මේ මූවි එක බැලුවේ ළඟදී. නියම කතාවක්.පසු බිමෙන් ඇහෙන ඩ්‍රම්ස් වාදනයත් එක්ක සයූරී ගේෂාවක් වෙන්න පුහුණු වෙන කොටසට මම ‍හරිම කැමතියි.

  10. Lakmini

    I cant find the subtitle for this movie, memories of geisha, can some help me to get sinhala subtitle

  11. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  12. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි

  13. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ඉතිරි death note films ටිකටත් සබ් දෙන්න බලන්න
    ජය වේවා!

  14. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  15. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!!

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Nirodhauthpala

    Hambe meka kochhara parana vunath godak ganna deval theyena eakak thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro

  18. අසිත

    elama saho thanks

  19. Udara Damith B/K

    ස්තුතියි
    ………….
    පොත් ඔන්ලින් ඕනි නම් BAISCOPE ඩවුන්ලෝඩ් එකේ කK BOOK කියලා සයිට් එකක් තියෙනවා එකෙන් ගන්ඩ
    ඕනි පොත ඕඩර් කරපුම දවස් 7 කින් විතර එනවා මන් එකෙන් අරන් තියෙන නිසා කිව්වේ පොත් ගන්න අයට

  20. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  21. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. සාෂා ස්වර්ණලතා

    කාලෙකට කලින් බලපු පොතක්,ඒ වගේම ලස්සන ඇති හිතනවා,
    ගොඩාක් ස්තුතියි….

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Tharanga

    Thanx for the sub

  26. tharindu gunarathna

    thanks

  27. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  28. Emi

    Thanks

  29. Anonymous

    thanks

  30. Madhu sooriyabandara

    Thanks sub ekata
    Betterdays chinese moVie ekatat sub denawada

  31. Anonymous

    Sub ek dan ganna bahane 403 forbidden kiyl eno