Watch Trailer

Metro (2016) with Sinhala Subtitle | පවුලක් සොහොනක් කළ, රත්‍රන් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

එක දිගටම ඉංග්‍රීසි චිත්‍රපට කීපයක් සහ හින්දි චිත්‍රපටයක් දුන්න නිසා, මේ වතාවේ තෝර ගත්තේ 2016 ජුනි මස 24 වෙනිදා නිකුත් වුණු, Action, Crime, Thriller යන කාණ්ඩ යටතේ Imdb දර්ශකයේ 8.6ක දැවැන්ත අගයකට උරුමකම් කියන සුපිරිම දමිළ සිත්තමක්.චිත්‍රපටයේ හොඳ පිටපතක් සමගින් උපසිරැසියක් නිකුත් වුණේ ජූලි 15 වෙනිදා අ…

Metro (2016)

එක දිගටම ඉංග්‍රීසි චිත්‍රපට කීපයක් සහ හින්දි චිත්‍රපටයක් දුන්න නිසා, මේ වතාවේ තෝර ගත්තේ 2016 ජුනි මස 24 වෙනිදා නිකුත් වුණු, Action, Crime, Thriller යන කාණ්ඩ යටතේ Imdb දර්ශකයේ 8.6ක දැවැන්ත අගයකට උරුමකම් කියන සුපිරිම දමිළ සිත්තමක්.චිත්‍රපටයේ හොඳ පිටපතක් සමගින් උපසිරැසියක් නිකුත් වුණේ ජූලි 15 වෙනිදා අළුයම.වැඩ රාජකාරි මධ්‍යයේ වුණත් කොහොමින් කොහොමහරි ජූලි 17 වෙනිදා පාන්දර 1 වෙද්දී තමයි උපසිරසියේ වැඩ ඉවරකරලා මේ ලිපිය ලියන්න පටන් ගත්තේ.මේක ඉක්මණටම කරලා දෙන්න ඕනේ කියලා හිතුවේ, මොකද මේ වගේ චිත්‍රපටයක් පරක්කු කරන්න කරන්න හොඳ නැහැ.දමිළ චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන ගොඩක් දෙනෙක් මේ චිත්‍රපටයේ උපසිරසියක් එනකන් බලාගෙන හිටියා කියන එක රහසක් නෙමෙයි.

චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන්නේ Shirish විසින්.දමිළ සිනමාවට නවකයෙක් වුණත්, රංගනයට නම් ඔහුගේ කිසිඳු ආධුනික බවක් විද්‍යාමාන වන්නේ නැහැ.ඔහු සමගින් රංගනයෙන් දායක වෙනවා වර්තමානයේ දමිළ සිනමාව තුල පෙරලියක් කරමින්, ඔහුටම අනන්‍යය වූ රංගන ප්‍රතිභාවකින් යුත් අති දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ අන් කවරෙකු වත් නොවේ, Bobby Simha.මෙම චිත්‍රපටය තුල ඔහුගේ රංගනය පිළිබඳව නම් කියන්න තියෙන්නෙ, අති විශිෂ්ටයි කියලා තමයි.මං මේ කියන දේ හරිද වැරදිද කියලා, චිත්‍රපටය නැරඹුවාට පස්සේ ප්‍රේක්ෂක ඔබටම තීරණය කරන්න පුළුවන්.මොවුන් දෙදෙනාට අමතරව Yatchan (2015) චිත්‍රපටය තුලින් ඔබ හමුවට පැමිණි Sendrayan ද මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වනවා.

කිසිවෙකුටත් කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත්වන අහිංසක පවුලක් ඉන්නවා.පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, සහ පුතාලා දෙන්නා.තාත්තා, විශ්‍රාමික පොලිස් කොස්තාපල් වරයෙක්.මව ගෘහණියක්.වැඩිමහල් පුතා සඟරාවක රචකයෙක්.බාල පුතා උසස් අධ්‍යාපනය ලබනවා.මේ පවුලට ලොකු ලොකු සල්ලි, ලොකු ලොකු ප්‍රාර්ථනා නම් නැහැ.හැබැයි පවුල පුරාවටම ආදරය දෝරේ ගලා යන්න තියෙනවා.ඒ නිසාම එයාලා සතුටින් දීර්ඝ කාලයක් ජීවත්වුණා….හැබැයි වැඩි කාලයකට නම් නෙමෙයි.හදිසියේම මේ පවුලට කණ කොකා හඬන්න ගන්නවා.පවුලේ බාල පුතාගේ එක්තරා ඉල්ලීමක් තාත්තා විසින් ප්‍රතික්ෂේප කරනවා.මේ කාරණාව ටිකෙන් ටික දුරදිග ගිහින්…..අවසානයේ බාල පුතා විසින් එක්තරා තීරණයකට පැමිණෙනවා.මේ තීරණයත් සමගින්, මේතාක් කාලයක් පුරාවට ආදරය, සිනහව දෝර ගලමින් තිබුණ ඒ පවුල, එක් නිමේෂයකින් සුනු විසුනු වී යනවා.පවුලේ ආදරණීය සාමාජිකයෙක්ට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට තරම්, එම තීරණය බිහිසුණු වෙනවා.නමුත් පවුලේ ඉතුරු සාමාජිකයින් කිසිවෙක් සිහිනෙන් හෝ විශ්වාස කරන්නෙ නැහැ, තම දයාබරයාගේ වෙන්වී යාමට හේතුව වන්නේ තම පවුලේම කෙනෙක් බව.නමුත්….අවසානයේ එක් අයෙක් සටනට බහිනවා තමන්ගේ ජීවිතයට සිදුවූ මේ අකටයුත්ත වෙනුවෙන්.අගක් මුලක් සොයාගත නොහැකි අවුල් ජාලාවක් බඳු වූ ගැටලුවක, පියවරින් පියවර විසඳමින්, අදාළ සියලු දෙනාගෙන්ම අති දරුණු අන්දමින් පලිගනිමින්, ගැටලුවේ අභයන්තරයටම ගමන් කරනවා.අවසානයේ ඔහුට දැකගන්නට ලැබෙනවා….හද කම්පා කරවන දසුනක්….කිසිඳු මිනිසෙක් දැකීමට අකමැති අන්දමේ දර්ශනයක්….ඔහුගේ හදවත පුපුරා යනවාක් මෙන් ඔහුට ගැනෙනවා…..නමුත්…ඔහු තීරණයක් ගන්නවා…..හදවතට නොව, බුද්ධියට තැන දෙමින්…

පුළුවන් හැම දෙනෙක්ම අරගෙන බලන්න.කාලෙකින් බලපු හොඳම චිත්‍රපටයක් වේවි.පොඩි හරි සැකයක් තියෙනවනම්, ට්‍රේලර් එක බලලා ඉන්නකො.

තවත් නිර්මාණයකින් හමුවෙනතුරු, සියලු දෙනාටම ජයවේවා…!

 

Metro (2016) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

 

මෙම සිංහල උපසිරසි සියලුම HD පිටපත් සඳහා අදාළ වේ.

9,916 downloadsDownload Metro-2016-Baiscopelk.com_.rar37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

9,916 downloadsDownload Subtitles37 KB

39 comments

  1. Janith

    Thanks

    1. Milinda

      macahm mehhema kiynwata aulak gannpea uba direct link aka dunnta aka webrip akak sub aka tynne Hd akka ethkota sub akata hariynne nane

  2. Pradeep M Gamlath

    Thanks bro...**--!!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. buddhika

    thanx bro sub ekata...ilagatath puluwannam tamil ekakma denna..jaya wewa..

  5. EmJay

    thanks saho sub ekata.....

  6. supun

    film eka download karanne kohomada please...

  7. Chalana Rukshan

    thnx bro..

  8. අනුර

    දමිලසිනමාවට මම ගොඩක් ආසයි.අපේ සිනමාවට වඩා ගව් දහස් ගානක් ඈතින් ඉස්සරහින් දමිල සිනමාව තියෙන්නේ.හැබැයි පහරක් වැදුනු සැනින් කිලෝ මීටර ගානක් ඈතට විසිවෙන...වට කෝටියක් විතර කැරකෙන සිනමාපට වලට නම් කොහෙත්ම ප්‍රිය කරන්නෙ නෑ.හැබැයි මේේ වගේ එවටනම් ගොඩක්ම ආසයි.ලිපිය දැක්කමතවත් ආස උන..ගොඩක් ස්තූතියි සහෝෝදරයා....ජයවේව....

  9. D Chamara

    bohoma sthuthi sahooo

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. suranga

    thankz machan

  12. sanath indika

    thx broo

  13. Chinthaka Silva

    SISILA apita torrent link eka dennako me film eke

    1. Sisila Prasad

      සමාවෙන්න.නීතිමය හේතුන් මත, සයිට් එකේ ටොරන්ට් ලින්ක් දාන්න බැහැ.ඒ නිසා කරුණාකරලා මේ කමෙන්ට් එකේ නම ක්ලික් කරලා මගේ ෆේස්බුක් ගිණුමට log වෙන්න.ඕනෙකරන ලින්ක් මං ඒකෙ දාලා තියෙන්නෙ.

  14. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  15. mithun

    අද නම් හොදම දවස ටැමිල් එකක් බලන්න තව ටිකින් මෙක මිස් කරනව .. මෙකෙ මෙච්චර රෙටින් තියෙන්න හෙතුව බලමු එහෙනම් . බොහොමත්ම ස්තුතියි සහොදරය උපසිරැසි ගැන්නුවට .. බලලම කියන්නම් .ජය..

  16. දුමින්ද පතිරාජ

    නියමයි සහෝ . බොහොම ස්තුතියි sub එකට ..

  17. රයන් ද සිල්වා

    ෆුලුම බාන්න දැම්මා සහෝ සබ් එකට තුති
    එකසැරේ ෆිල්ම් 2කකට සහෝ සබ් කරලානේ සුප්ප....

    නැවත උපසිරැසකින් හමු වෙමු
    ෴ජය වේවා෴

    ටීවී සීරීස් එකකට සබ් කරන්න බලාපොරොත්තුවක් නැතුව ඇති නේ :)
    Mr. Robot සීසන් 2 එකට සබ් කරන්න පුලුවන්ද සහෝ,....

    1. Sisila Prasad

      Mr. Robot season 2 එක නම් කරන්න අමාරු වේවි සහෝ.මොකද මං season 1 බලලා නැහැ.ඒ නිසා season 2 වලට එකපාරම සබ් කරන්න ගන්න අමාරුයි කතාවේ පසුබිම ගැන අවබෝධයක් නැතිව.අපේ වෙනින් කව්රුහරි අනිවාර්යයෙන්ම මේක කරලා දේවි.season 1 ඒකත් දීලනේ තියෙන්නෙ.

  18. Bandara

    Meke gaththa sub ekaa gilm ekata match venne na..film eka patan gannath kalin sub eka play venva...mama ad ude fil eka daenlod kare mele udama thibba coment ekaka name ekakakin...eth dan balpuhama e coment 1 na ne

    1. Sisila Prasad

      කරුණාකරලා සබ් ගන්න අය, වෙනත් සයිට් වල අය දෙන ලින්ක් වලින් ෆිල්ම් ගන්න යන්න එපා.මොකද එයාලට කිසිම වගකීමක් නැහැ එයාලා කරන දේ සම්බන්දයෙන්.කරන්නන් වාලේ කරනවා මිසක්.අන්තිමට වෙන්නෙ, අනුන්ගේ කුණු පැත්තක ඉන්න උපසිරැසිකරුවාගේ පිටින් යන එක.ලාබ ප්‍රයෝජනයක් නොලබා සබ් එක කරලා, අන්තිමට නොකරපු වරදකටත් බැණුම් අහපල්ලකෝ.
      මං කරන හැම උපසිරසියකටම අදාළ වන ලින්ක් මං මගේ ෆේස්බුක් ගිණුමේ දානවා.ඒ දාන්නේ වගකීමක් ඇතිව.ඒ නිසා කමෙන්ට් එකේ තියෙන නම උඩ click කරලා ෆේස්බුක් එකට log වෙන්න.අනිත් කිසිම පුද්ගලයෙක් පිළිබඳව මට වගකියන්න බැරි බව කාරුණිකව දැනුම් දෙනවා.

    2. සමන් ප්‍රසාද්

      අපි ලින්ක් නොදෙන්නෙ නීතිමය ප්‍රශ්ණ නිසා. මෙච්චර අවුරුදු ගානක් මේ සයිට් එක හරහා ටොරන්ට් ලින්ක් දුන්නනේ. අපි ලින්ක් දෙන එක ආසාවට නතර කළේ නෑ. අපිට අනතුරැ ඇඟවීම් පණිවිඩ එකදිගටම ආව නිසයි අපි ලින්ක් දෙන එක නැවැත්තුවේ. ආපු අනතුරු ඇගවීම් පණිවිඩත් ගාණකට ගන්නෙ නැතුව කට්ටිය වෙනුවෙන් ලින්ක් දීලා අපිට කන්නවෙච්ච කටු ගැන දන්නෙ ඇඩ්මින්ලා සෙට් එක විතරයි. බැරිම තැන තමා මේ ලින්ක් දෙන එක නැවැත්තුවේ. අපි දැන් දෙන්නෙ අදාළ පිටපත් වර්ගය හෝ අදාළ පිටපතේ නම විතරයි. ඉතින් ඒකට මේ සබ් දෙන සහෝලා වෙනුවෙන් බැනලා වැඩක් නෑ, ඇඩ්මින්ලා වෙන අපිට බැනලා වැඩකුත් නෑ. අපි ඔයාලට අදාළ පිටපතේ නම දෙනවා. ඔයාලට තියෙන්නෙ පොඩ්ඩක් ගූගල් කරලා හොයාගන්න. දන්නවා අමාරුයි කියලා වැඩේ. නමුත් මේක අපි ආසාවට කරන දෙයක් නෙවෙයි. :/

  19. indika

    බොහෝම ස්තුතියි... !!!

  20. udaya

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…

  21. RADO

    thnx machan subata

  22. Buddika Gayan

    great job macho
    but macho mama download kale Metro (2016) - WebRip - X264 - 5.1CH - ESubs - 1CD [Team Jaffa].mkv 697 MB link eken. ekata sub match wenne na.
    mona hari kramayak thiyeda goda dahanna apahu film eka download nokara..

    1. ASHEN

      KMPLAYER එකෙන් බලනවනම් KEYBOARD එකේ [ ] KEYS දෙකෙන් TIME හදාගන්න පුලුවන්

  23. Malan Kurera

    Thanks Saho!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Solitha

    Thanx

  26. pubudu

    koheda bro mekata hd rip thiyenne okkoma web rip ne tiyennw

  27. Menu

    බොහෝම ස්තූතියි සහෝ

  28. sanduni

    Thank you!

  29. Smg Randika

    machan meka media player classic ekata dammahama error ekak enawane syntax error 868

  30. Gayan

    Subtitle ekata thnx bro

  31. Malaka

    Vijeyge bairavaa film eke sub eka danma ennadda?

  32. තිලින චාමර

    thank you

  33. Hemantha De Silva

    ස්තුතියි සිසිල....
    නියම ඇති...