Watch Trailer

The Ridiculous 6 (2015) with Sinhala Subtitle | අයියා මලෝ මංකොල්ලකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මො…

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ තිබෙනු නොඅනුමානයි.මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ තිබෙනවානම්, මොහුගේ චිත්‍රපට කෙතරම් නම් මනරම්ද යන වග විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි.සෙසු ප්‍රධාන චරිත සඳහා Terminator Salvation (2009), The Expendables (2010), The Expendables 2 (2012), The Expendables 3 (2014) තුලින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණි Terry Crews ද, The Twilight Saga: New Moon (2009), The Twilight Saga: Eclipse (2010), The Twilight Saga: Breaking Dawn – Part 1 (2011), The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) යන චිත්‍රපටයන්හි රංගන දායකත්වය සැපයූ Taylor Lautner ද, තම නිසඟ හැකියාවන්ගෙන් මෙම චිත්‍රපටය ඔපමට්ටම් කිරීමට සමත් වී තිබෙනවා.සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, The Do-Over (2016) සහ The Legend of Tarzan (2016) යන විශිෂ්ට නිර්මාණයන්හි සංගීත අධ්‍යක්ෂණය කල Rupert Gregson-Williams විසිනි.සිනමාකරණය කරනු ලබන්නේ XXX (2002), Paul Blart: Mall Cop 2 (2015), The Do-Over (2016) යන ප්‍රසිද්ධ චිත්‍රපට සිනමාකරණය කල, වයස අවුරුදු 73ක් වන Dean Semler නම් අති දක්ෂ, පළපුරුදු සිනමාකරණ ශිල්පියා විසිනි.අවසාන වශයෙන්, Columbia Pictures, Paramount Pictures සහ Warner Bros යන ලොව සුපතල චිත්‍රපට බෙදාහැරීමේ ආයතනයන් සමගින් මෙම චිත්‍රපටය සඳහා තියුණු සටනකින් පසුව, බෙදා හැරීමේ අයිතියි හිමි වන්නේ Netflix නාලිකාවට.මේ සියලු කාරණා වලින් විද්‍යාමාන වනුයේ එක් කාරණාවක් පමණි.එනම්…මෙම චිත්‍රපටයේ ඇති සුවිශේෂී භාවයයි.

චිත්‍රපටය තුළ Adam Sandler විසින් නිරුපණය කරනු ලබන්නේ, කුඩා කාලයේ පටන් රතු ඉන්දියන් වරුන් විසින් හදා වඩා ගන්නා, ක්‍රම ක්‍රමයෙන් ගෝත්‍රයේ අති දක්ෂම සටන් කරුවා බවට පත්වන ටොමී නමැති පුද්ගලයාගේ භූමිකාවයි.මොහුගේ මතකයේ තිබෙන්නේ සිය මව පිළිබඳව දුක්මුසු මතකයක් පමණයි. නමුත් එක් දිනක් හදිසියේම මොහුගේ පියා යැයි කියාගන්නා පුද්ගලයෙක් මොහුව සොයාගෙන පැමිණෙනවා. ඒ අන් කවරෙකු හෝ නොවේ.සමස්ත බටහිර ඇමරිකාවම තම තරුණ වියේදී සන්ත්‍රාසයට පත්කරමින්, වර්තමානයේ සිය සැදෑ සමය ගෙවමින් සිටින සුප්‍රකට මංකොල්ලකරු ෆ්‍රෑන්ක් ස්ටොක්බර්න්. නමුත් අවාසනාවකට මෙම පිය පුතු දෙපලට සැනසිල්ලේ සිටීමට ලැබෙන්නෙ ඉතාමත් සුළු කාලයක් පමණයි. අති විශාලා කප්පම් මුදලක් ඉල්ලා ෆ්‍රෑන්ක් ස්ටොක්බර්න්ව සාහසික කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලබයි. සිය පියා බේරා ගැනීමට නොබියව ඉදිරිපත්වන, රතු ඉන්දියානු ගෝත්‍රයේ දක්ෂතම සටන් කරුවා වන ටොමී, සිය පියා බේරාගැනීමට අවශ්‍ය මුදල් සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් තනිව පටන් ගනී. එනම්…මංකොල්ල කමින් මුදල් සෙවීමයි. සිය ජීවිත කාලය පුරාවටම පැය කිහිපයකට පමණක් දෑසින්ම දැකගත් සිය පියා වෙනුවෙන් කෙසේ හෝ කප්පම් මුදල ගෙවා ඔහු නිදහස් කරගන්නා අදිටනින් දිරි ගැන්වූ මෙම අති දක්ෂ සටන් කරුවා හට, සිය පියාට දාව වෙනත් කාන්තාවන්ගෙන් උප්පත්තිය ලද සොහොයුරන් පස් දෙනෙකුන් හමුවන්නේ ප්‍රාතිහාර්යයකින් මෙනි. විශේෂත්වය වන්නේ, මොවුන් සියලු දෙනා හටම එකිනෙකාට අනන්‍යය වූ සුවිශේෂී හැකියාවන් පිහිටා තිබීමයි. මෙම සුවිශේෂී හැකියාවන්ගෙන් සන්නද්ධව, ඉතාමත් සූක්ෂම ආකාරයෙන් සියලු දෙනාගේම ඇස් වසමින්, තම පියා බේරා ගැනීමේ තිර අදිටනින් යුතුව මංකොල්ල කෑම් වල නිරත වන මෙම සහෝදරයන්ගේ ඉරණම කෙබඳු ආකාරයේ එකක් වේද… චිත්‍රපටයේ අවසානය නම් ප්‍රේක්ෂකයා සිහිනෙන් හෝ නොසිතන ආකාරයේ අවසානයක් වනවා නොඅනුමානයි.

පුළුවන් හැම දෙනාම අරගෙන බලන්න. චිත්‍රපටයේ පසුබිම් පවා ඉතාමත්ම තාත්වික ආකාරයෙන් සකසා තිබෙනවා. සටන් ජවනිකා, හාස්‍ය ජවනිකා, සංවේදී ජවනිකා. මේ සියල්ලම ඇතුලත් දැවැන්ත නිර්මාණයක් බව සහතික කරලා කියන්න පුළුවන්.

තවත් නිර්මාණයකින් හමුවෙනතුරු…,

සියලු දෙනාටම ජයවේවා…!

 

The Ridiculous 6 (2015) on IMDb

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Show.

The.Ridiculous.6.2015.720p.WEB-DL.999MB.ShAaNiG

ඉහත පිටපත උපසිරැසි ගොනුවේ ඇතුලත් වේ.

3,380 downloadsDownload The.Ridiculous.6.2015.baiscopelk.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

3,380 downloadsDownload Subtitles65 KB

37 comments

  1. Asitha

    Adam Sandler ඉන්නවා නම් නොබලා කොහොමෙයි.
    බාන්නේ නැතුවා හිටියා ෆිල්ම් එක කම්මැලි හිතලා.සබත් තියෙන නිසා බලනවා.
    එලම තෑන්ක්ස්.

    1. Sisila Prasad

      පොඩි හරි සැකයක් තියෙනවනම් ට්‍රේලර් එක අරගෙන බලන්නකෝ සහෝ...

    2. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    3. Sisila Prasad

      නීතිමය තත්වයන් මත, තවදුරටත් මෙම අඩවිය මගින් චිත්‍රපට සඳහා ටොරන්ට් ලින්ක් සපයනු නොලැබේ.
      එම නිසා චිත්‍රපටය සඳහා ගැලපෙන ටොරන්ට් ලින්ක්, ඩිරෙක්ට් ලින්ක් ලබාගැනීම සඳහා, කරුණාකර මෙම කමෙන්ටුවෙහි ඇති නම මත click කර, මාගේ facebook ගිණුමට log වන්න.අවශ්‍යය සියලු දේ එහි සඳහන් කර ඇත.
      ස්තුතියි.

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  3. Athma

    meke 6 kiyala thiyenne mita kalin meke film awada ??

    1. Sisila Prasad

      නැහැ මචං.චිත්‍රපටයේ නමේ තේරුම 'මෝඩයෝ හයදෙනා' කියන එක

  4. Athma

    thnx saho sub ekataa

  5. Dulshan Chathura

    Meke torrent eka download karaganne khmd?

  6. Sajith Anthony

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
    ජය වේවා…!!!

  7. vijay

    sub eke nam antimai.. samahara kotas nh.. kranna bari nam nokra inna..

    1. Sisila Prasad

      මං කවදාවත් දෙයක් බාගෙට කරන කෙනෙක් නමෙයි.සම්පුර්ණ චිත්‍රපටියටම සබ් එක කරලා ඇති.මෙච්චර කාලෙකට කරපු එක ෆිල්ම් එකක්වත් කරන්නන් වාලේ කරලා නැහැ.මං සබ් කරපු චිත්‍රපටි බලලා තියෙන අය ඒ ගැන හොඳටම දන්නවා ඇති.ඔයාට මටත් වඩා හොඳට උපසිරැසි කරන්න පුලුවන්නම් ඇයි ඔච්චර හැකියාවක් තියාගෙන ඒකෙන් වැඩක් ගන්නේ නැත්තෙ.එන්නකො ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙන්න.මං පැත්තකට වෙන්නම්.පපුවේ කුහක කම තිබ්බට නිකං බොරුවට උඩු බුරන්න එපා.උඹලා වගේ කුහක එවුන් අපිව අගය කරන්න අවශ්‍ය නැහැ.අනිත් මිනිස්සුන්ට බලන්න දීලා, කරුණාකරලා කට පියාගෙන පැත්තකට වෙලා ඉඳපන්

    2. rpm

      අහන්න ආසම කරපු කොටස් වගයක සබ් එක කරල නෑ එයා කිව්ව එක ඇත්ත තමයි,අපරාදෙ සම්පුර්ණ සබ් එක තිබ්බ නම් වැඩේ Perfect

    3. රයන් ද සිල්වා

      සබ් එකට තුති සිසිල සහෝ....
      උඩ කියලා තියන කතාව ගනන් ගන්න එපා සහෝ
      මම සිසිල සහෝ කරපු ෆිල්ම් හුගක් බලලා තියනවා සුපිරියටම සබ් එක කරලා තියනවා ආයේ කියන්න දෙයක් නෑ....

      උපසිරැසි කරුවන් අදෙෙයමත් කරනේ නැතුව ඉදපන් බන්....
      උබට ඔච්චර හැකියාවක් තියනවනන් උපසිරැසියක් කරලා දාපන්කෝ...
      ම්ම මේ සයිට් එකට නිතරම වගේ එනවා අර ව්ගේ කාතා කියලා තියන කොට අහක බලන් යන්න හිතෙන්නේ නෑ බන්

    4. Anonymous

      Ube sub eke awul godak thiyenawa. Wena kohewath me film ekata sinhala sub na. sub error ekak enawa e adu kali nisa.hadala poddak dahan aye sub eka

    5. Anonymous

      Errors enne ube sub eke 00:01:11,652 --> 00:01:15,614 me wage lines 6 k wage missing

  8. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  9. Dhanushka

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

  10. Athma

    elakiriii thnx saho ehenam thawa patta comedy film tikak aran enna ehenam

  11. Chalana Rukshan

    thnx bro

  12. අකලංක

    අලෙ සුපිරි

  13. Kulanjana Maduranga

    niayamai…aniwa bamak.thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. chinthaka

    උපසිරසියට ස්තුතියි

  15. LAKSHAN

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  16. pramuk

    thanxxxx bro.........

  17. lahiru

    උපසිරසියට ස්තුතියි

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Amil

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    උපසිරසියට ස්තුතියි

  20. Ruchira

    sub 1ට ස්තුතියි........

  21. chinthaka

    thanks bro.patta eeeeeee

  22. r.s samantha

    ela ela
    thanks bro..

  23. dinesh

    thanks bro.....

  24. Navodlakdilu

    Thanks bro

  25. Yasas_sawbhagya

    Sub ekata thnks sahoo.. mata original film eka download kra gna widihak kiynko you tube eke thiyena ewaa mulu film ekma nane

  26. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  27. Anonymous

    thanks bokka
    sub eka gamma

  28. dhananjaya

    brothe sub tittle eka wad ne UNABLE TO PARSE THE SUB TITTLE . SYNATAX ERORR AT THE LINE 2772