ඔන්න ටික කාලෙකට පස්සෙ මං ආයෙමත් බයිස්කෝප්වාසී අපේ පැරණි හින්දි සිනමා රසික රසිකාවියන් වෙනුවෙන් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි ආවෙ. ඒ වගේම මම මීට පෙර ඔබ වෙත තිළිණ කළ “ඩිස්කෝ ඩාන්සර්” සිනමා කෘතියෙහි උපසිරැසිය සඳහා මා වෙත ඉතාම යහපත් ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ පිළිබඳව ඔබට සියදහස් වාරයක් ස්තූතිය පුද කර ස…
ඔන්න ටික කාලෙකට පස්සෙ මං ආයෙමත් බයිස්කෝප්වාසී අපේ පැරණි හින්දි සිනමා රසික රසිකාවියන් වෙනුවෙන් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි ආවෙ. ඒ වගේම මම මීට පෙර ඔබ වෙත තිළිණ කළ “ඩිස්කෝ ඩාන්සර්” සිනමා කෘතියෙහි උපසිරැසිය සඳහා මා වෙත ඉතාම යහපත් ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ පිළිබඳව ඔබට සියදහස් වාරයක් ස්තූතිය පුද කර සිටිනවා.උපසිරැසිකරුවෙකු ලෙස එම අගය කිරීම් මට යෝධ හයියක්. එමෙන්ම මෙවන් වටිනා චිත්‍රපටවල සිංහල උපසිරැසි ඔබ වෙත තිලිණ කිරීමට නිබඳවම වෙහෙසෙමින් මා හට බොහෝ ගුරුහරුකම් ලබාදෙන අප හිතවත් විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සොයුරාවත් මේ අවස්ථාවේදී ගෞරවපූර්වකව සිහිපත් කිරීමට කැමතියි. මෙවර මම රැගෙන ආ චිත්‍රපටය තමා මිලන්. දැනටමත් මෙම චිත්‍රපටය පැරණි හින්දි සිනමා රසිකයින් බොහෝ දෙනෙකු සිංහල උපසිරැසි රහිතව වුවද නරඹා ඇතැයි මා විශ්වාස කරනවා. මන්දයත් ලංකාවේ 60 දශකයෙහි අතිශය ජනප්‍රියත්වයට පත් වූ චිත්‍රපටයක් තමා මිලන්. 7.2 ක හොඳ IMDb අගයක් මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා.
පුනරුත්පත්තිය තේමා කොට ගනිමින්, අහිංසක සංවේදී ආදර කතාවක් වටා දිග හැරෙන මෙම චිත්‍රපටයෙහි සුනිල් දත්, නූටාන්, ජමුනා ඇතුළු නළු නිළියන්ගේ රංගන දායකත්වයෙන් දිගහැරෙන මෙම සිනමා කෘතිය ලක්ෂ්මිකාන්ත් ප්‍යාරේලාල් ගේ සංගීතයෙන් යුතුව මුකේෂ් සහ ලතා මංගේෂ්කාර්ගේ මියුරු ගායනාවන්ගෙන් පොහොසත් වී තිබෙනවා. සංගීතමය වශයෙන් අදටද එකසේ රසික ආදරය දිනා ඇති මෙම සිනමා නිර්මාණයෙහි අදටද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය හින්දි ගීතයක් පවතී. එම ගීතය නම් “සාවන්කා මහීනා” නම් ගීතයයි. ලතා මංගේෂ්කාර් සහ මුකේෂ්ගේ මධුර මනෝහර ගායන කුසලතාවය මනාව කැටි වූ මෙම ගීතය ලංකාවේ කෙතරම් ජනප්‍රිය වූවාදැයි කිවහොත් මෙම ගී තනුව අනුසාරයෙන් මා දන්නා තරමින් සිංහල ගීත හතරක් නිර්මාණය වී තිබෙනවා. ඉන් වඩාත්ම ජනප්‍රිය ගීතය නම් මොහිදීන් බෙග් මාස්ටර් ගායනා කළ “ජීවනයේ මල් පිපුණා මේ මධුර වසන්තේ” ගීතයයි. ඊට අමතරව භාතිය-සන්තූෂ් එක්ව කළ “මීදුම් සේලෙන් පාවී” ගීතයත් වර්තමානයේ ජනප්‍රිය වූවා. එසේම “යුග යුග සේ”, “තුහී සවරියා” වැනි තවත් මියුරු ගී කිහිපයක්ම මිලන් හි අන්තර්ගත වන අතර ඉන් ගීත බොහොමයක් සඳහාම මා විසින් සිංහල උපසිරැසි ලබාදී තිබෙනවා. එමෙන්ම මිලන් චිත්‍රපටය 1963 වර්ෂයේදී තිරගත වූ මූගා “මනසුලු” නම් වූ තෙලිඟු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මිලන් චිත්‍රපටයෙහි ඉදිරිපත් කළ අති දක්ෂ රංගන කුසලතාවය නිසාම නූටන් පිට පිටම තෙවන වරටත් හොඳම නිළිය සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය ලබාගැනීමට සමත් වනවා. හොඳම ගායනය, හොඳම සංගීතය, හොඳම තිරරචනය ආදී සිනමා සම්මාන නිර්දේශයන් ගණනාවකටම බඳුන් වූ මෙම අපූරු සිනමා සිත්තම ඉන් බොහොමයක ජයග්‍රහණය ලබා ගනිමින් හින්දි සිනමා වංශ කතාව තුළ රන් සලකුණක් තැබීමට සමත්වනවා. එසේ නම් මේ ආකාරයට එදා මෙන්ම අදත් හින්දි සිනමා වංශ කතාවෙහි ඉහළ තලයක වැජඹෙන මේ විශිෂ්ට සිනමා නිර්මාණයෙහි අන්තර්ගතය මඳක් විමසා බලමු.
කතාව ආරම්භ වන්නේ ගෝපිනාත් සහ රාධාදේවීගේ විවාහයෙනි. සරසවියේදී හමුවන මොවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්ව, සරසවි විභාග වලින්ද සමත්ව, සරසවියේදීම සියල්ලන්ගේ ආශිර්වාද මධ්‍යයේ විවාහ වෙයි. විවාහයෙන් අනතුරුව සිය ගමරට බලා පිටත්වන මේ තරුණ යුවලට ඔවුන්ගේ ගමනාන්තය සඳහා ගංගානම් ගඟෙන් එතෙර වීමට සිදුවේ. ඉක්බිතිව මෝටර් බෝට්ටුවක නැගී ගඟ තරණය කරන කල්හි ගෝපිනාත්ට ගංගාව මධ්‍යයෙහි දිය සුළියක් දර්ශනය වෙයි. මේ දර්ශනයෙන් දැඩි ලෙස බියපත් වන හෙතෙම මෝටර් බෝට්ටුව පදවන රියදුරාට බෝට්ටුව නතර කරන ලෙසත්, එසේ නොකළහොත් ඔවුන්ව එම දිය සුළිය වෙත ඇදී යා හැකි බවටත් අනතුරු හඟවයි. එහෙත් බෝට්ටු රියදුරාට එවැනි දිය සුළියක් දර්ශනය නොවන බැවින්ද, මෝටර් බෝට්ටුව වතුරේ ගිලීමේ අවධානම අවම හෙයිද ගෝපිනාත් හට බිය නොවී සිටිනා ලෙස දැනුම් දෙයි. නමුත් ගෝපිනාත්, රියදුරා අපව දියේ ගිල්වා මැරීමට සූදානම් වන්නේ යැයි පවසා හඬමින් සිය බිරිඳ වන රාධාදේවී හට බෝට්ටුව නතර කරන ලෙස රියදුරාට දන්වන ලෙසට පවසයි.
ඇගේ නියමය අනුව බෝට්ටුව නතර කිරීමට කටයුතු කරන රියදුරා, බෝට්ටුව අසල ඇති ගං ඉවුරක් වෙත සේන්දු කරවයි. එම ඉවුරට ගොඩබට ගෝපිනාත් හට ඔහුගේ පෙර භවයේ යම් යම් දේවල් පිළිබඳව සිහියට නැගේ. එම ගං ඉවුරට ඔබ්බෙන් පිහිටි ගරා වැටුණු වලව්වක් නෙත ගැටෙන ගෝපිනාත් එහි අයිතිකාරයා සිටිය හැකිබැව් රාධාදේවීට පවසමින් එදෙසට දිව යයි. එම ගරාවැටුණු වලව්වේ ඉහළ මහලක සිටි වයස්ගත පුද්ගලයෙකු ගෝපිනාත්ට හමුවේ. මේ අවස්ථාවේදී සිය ස්මරණ ශක්තිය වඩාත් තීව්‍ර කරගන්නා ගෝපිනාත් හට තමා පෙර ආත්ම භවයේදී ගෝපි නම් තොටියෙකු ලෙස එම ගම්මානයේ ඉපිද ගංගානම් ගඟෙහි යාත්‍රා කළ බැව්ද, එම වලව්ව අයිතිකරුවාගේ දුව වන රාධා සමඟින් දිය සුළියකට හසුව ඇයත් සමඟම මියගිය ආකාරය සිහිපත් වේ. වයස්ගත පුද්ගලයාගෙන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගත් ගෝපිනාත් පෙර ආත්මයේ තමා සමඟ සිටි තම යෙහෙළිය වන ගෞරි ගැනද විමසයි. මෙහිදී ඇය තවමත් ජීවත්වන බැව් පවසන ඔහු ගෝපිනාත් හට යම් දිශාවක් පෙන්වමින් එහි ගෝපි සහ රාධාගේ සොහොන් ඇති බවද, එහි ගෞරි වෙසෙන බවද පවසයි. එම ස්ථානයට යන ගෝපිනාත් හට ඉතා වයස්ගතව, දුර්වලව සිටි ගෞරිව මුණගැසුනද, ඇය හා කතා කිරීමට මත්තෙන් ගෝපිනාත්ගේ දෑත් මතම අවාසනාවන්ත ලෙස ගෞරි මරණයට පත්වෙයි. මෙතෙක් වේලා ගෝපිනාත්ගේ මෙම හැසිරීම් දෙස බලා සිටි රාධාදේවී ඔහුගෙන් එසේ හැසිරීමට හේතු සහ ගෞරි යනු කවුරුදැයි විමසා සිටියි. මෙහිදී තම දෑත් මත මියැදී සිටින තැනැත්තිය ගෞරි වන බව පවසන ගෝපිනාත් සිය බිරිඳ වන රාධාදේවී හට තම පෙර ආත්මයෙහි අතීත කතාව ඇයට පවසයි. පෙර ආත්මයේදී ගෝපිනාත් “ගෝපි” යන නමින් දුප්පත් තොටියෙකු ලෙස ඉපිද ඇති අතර රාධාදේවී එම ආත්මයෙහි රාධා නමින් ධනවත් තරුණියක් ලෙස පෙර සඳහන් කළ වලව්වේ ඉපදී තිබේ. එම ආත්මයෙහි ගෝපි සහ රාධා අතර ඇතිවූ බැඳීම කුමක්ද? ගෞරි ගෝපිගේ ජීවිතය සමඟ සම්බන්ධ වූයේ කෙසේද? ගෝපි සහ රාධාට දිය සුළියකට හසුව මියයාමට සිදුවූයේ ඇයි?පෙර ආත්ම භවයේ විවාහකයන් ලෙස එක්නොවූ ගෝපි සහ රාධා මේ ආත්මයේදී විවාහකයන් ලෙස එක්වූයේ ඇයි? මෙම කුතුහලය දනවන ප්‍රශ්න සියල්ලන්ටම පිළිතුරු මිලන් චිත්‍රපටය තුළ රසවත්ව පෙන්නුම් කොට තිබේ.
මෙය මා විසින් ගූගල් වෙත අප්ලෝඩ් කළ වීඩියෝවකි. බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියට පිවිසීමෙන් උපසිරසිය අදාළ වීඩියෝව පහසුවෙන් බාගත කිරීම සිදුකර ගත හැකිය. එසේ බාගැනීමේ යම් අපහසුවක් ඇතිනම් යූටියුබ්හි පැය 02 යි විනාඩි 40 යි තත්පර 30 ක මෙගාබයිට් 648 ක් බරැති පිටපත බාගන්නා ලෙසටත් සිහිපත් කරන අතර පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම ඉදිරියේ දී ද 1960, 1970 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඉදිරියේ දී හැකියාවක් ලැබෙන අවස්ථාවල දී ඒවා ලබා දෙන්නම්. ඒ වගේම බාගත කරගන්නා ඔයාලා මේ උපසිරසිය වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කරනවා නම් එය මට ලොකු ශක්තියක් වේවි ඉදිරි ගමනට.
ස්තූතියි! ඉතිං තවත් මෙවැනිම වූ විශිෂ්ට පැරණි හින්දි සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
1,063 downloadsDownload Milan-1967-1.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/kasun-Harshana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් හර්ෂණ අත්තනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් හර්ෂණ අත්තනායක
Subtitles
22 comments
Thilina Weerasinghe
කසුන් හර්ෂණ
Thanks Thilina. It's a pleasure for me. Highly appreciate you. Invite you to watch this beautiful movie.
Udara Damith B/K
ela
කසුන් හර්ෂණ
ස්තූතියි උදාර සහෝ. එල..
Udara Damith B/K
මට RIPLAI එකක් දාලා නියමයි
කසුන් හර්ෂණ
ඔබේ අදහස් සහ මගපෙන්වීම් මට විශාල ශක්තියක්. ඒ වගේම මං මගෙ දන්න යාළුවන්ටත් කියල තියෙනව මේ පැරණි චිත්‍රපටවල ඇති විචිත්‍රවත් බව. ඔවුන්ටත් මේ නිර්මාණ මා ලබාදෙනවා. මේ චිත්‍රපටවල භාෂාව හින්දි වුණත් සිංහල උපසිරැසිය සමඟ එය නැරඹීමේදී අපට නුහුරු ලෙස දැනෙන්නේ නැහැ. හරියට සිංහල ෆිල්ම් එකක් බලනවා වගේ. හොඳින් රසවින්දනය කළ හැකියි. ඔබේ උපසිරැසි නිර්මාණයන් නම් නැරඹීම කිසිසේත් අතපසු කරන්නේ නැහැ. උපසිරැසි නිර්මාණයට ඔබ දක්ෂයෙක්. ආධුනිකයෙකු ලෙස ඔබව අනුකරණය නොකර ඔබව අනුගමනය කිරීම තුළින් මට බොහෝ නිර්මාණ ඉදිරියේදී ලබා දීමට හැකිවේවි. ස්තූතියි!
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
කසුන් හර්ෂණ
ස්තූතියි ජයලත් සහෝ. ජයෙන් ජය!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Tharaka wijesinghe
Thanks me wage lassna parana film walata sub dena eka sahenna loku sewayak.
Thanks bro...!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන් හර්ෂණ
ස්තූතියි Kulanjana සොයුර. ඔබත් මාව දිරිමත් කරන හොඳ රසිකයෙක්. මේවා download ප්‍රමාණය සීමිත වුවත් මා දිගටම මෙවැනි පැරණි නිර්මාණයන්මයි ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!කසුන් හර්ෂණ
බොහොම ස්තූතියි තාරක සොයුර. දිගටම ඉන්න. ඉදිරියේදී තවත් අමිල චිත්‍රපට රැසක් ගෙන එන්නම්. බුදුසරණයි.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Withanage Priyantha Dayakeerthi
කසුන් හර්ෂණ සොයුර,
ඔබ මීට පෙර සිංහල උපසිරසි ලබාදුන් Mere Jeevan saathi, Jagte Raho, Disco Dancer, Baiju Bawara යන සිනමාපට පහම නැවත නැවතත් නැරඹිය හැකි පැරණි හින්දි සිනමාවේ නොමැකෙන ස්වර්ණමය සිනමාපට. මෙම Milan සිනමාපටයත් එසේමයි. ඔබ වැනි කෙනෙක් මෙම වෙබ් එකට එකතු වීම ගැන මා වගේම මේ සිනමාපට බාගෙන නරඹන සෑම දෙනාම සතුටුවෙනවා ඇති. ඉතිං ඔබගේ මීළඟ උපසිරසියත් මෙවන් අගනාම එකක් වේවි යයි මා සිතනවා. ඔබේ වටිනා කාලය වැය කරමින් මේ කරන්නාවූ අගනා සේවයට සියලු රසිකයන් වෙනුවෙන් මාගේ උපහාරය පුද කරමි. ඔබට යහපතක්ම වේවා!Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ekanayake
Thanks for Great Selection!
KAVINDA GAMAGE
thank you
Withanage Priyantha Dayakeerthi
උපසිරැසිය බාගත කරගන්නා අයවළුන් වෙත,
යූටියුබ්හි පැය 02 යි විනාඩි 40 යි තත්පර 30 ක මෙගාබයිට් 648 ක වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න. එය නිවැරදි වීඩියෝවයි.sanjana kavinda
සහෝ උපසිරැසියට ස්තූතියි
Sachaa Jhutha(1970). Film එකටත් උපසිරැසියක් දෙනවනම් වටිනවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Nice movie...
Good description....
Thanks for subs....