එහෙනම් ඔන්න හැමෝම අසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි මේ, මුලින්ම කියන්න ඕන උපසිරසේ කාලරාමු නොගැලපෙන තැන් තියනවනම් කාරුණිකව දැනුවත් කරන්න. එහෙමනම් ඉතින් බලල ඇතිනේ Despicable Me (2010), Despicable Me 2 (2013) ඒ ෆිල්ම් වල පිට පැනුමක් තමයි මේ, ඔය කියපු සිනමාපට අධ්‍යක්ෂණය කරපු Pierre Coffin සහ The Lo…

එහෙනම් ඔන්න හැමෝම අසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි මේ, මුලින්ම කියන්න ඕන උපසිරසේ කාලරාමු නොගැලපෙන තැන් තියනවනම් කාරුණිකව දැනුවත් කරන්න. එහෙමනම් ඉතින් බලල ඇතිනේ Despicable Me (2010), Despicable Me 2 (2013) ඒ ෆිල්ම් වල පිට පැනුමක් තමයි මේ, ඔය කියපු සිනමාපට අධ්‍යක්ෂණය කරපු Pierre Coffin සහ The Lorax සිනමාපටය සහය අධ්‍යක්ෂණය කරපු Kyle Balda දෙන්න එකතුවෙලා තමා IMDB 6.8 ක් අරන් තියන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ, ඒ ඩොලර් මිලියන 74ක වියදමින්, ආදායම ඩොලර් මිලියන 624ක් පන්නල තියනවා, කවුද ඉතින් මේ මිනියන්ලට අකමැති නේ, හඬකැවීමට දායක වෙලා තියෙන්නේ Sandra Bullock ( Gravity (2013), The Blind Side (2009) ), Jon Hamm, හැම සිනමපටයකම ඉන්න මිනියන්ලට හඬ දුන්නු Pierre Coffin කියන අයගේ දායකත්වයෙන් තමා මේක හැඩවෙලා තියෙන්නේ, කතාව සිද්දවෙන්නේ මෙහෙමයි..
මිනියන් – යම් කෙනෙක්ට ගැතිකම් කරන කෙනා තමා මිනියන් කියන නමින් හඳුන්වන්නේ, ප්‍රභල ස්වාමියෙක් නැතුව ජිවත් වෙන්න අමාරුයි මෙයාලට පරපෝෂිතයෝ වගේ ප්‍රබල ස්වාමියා මත තමයි මෙයාල යැපෙන්නේ, මෙයාලගේ පැවැත්ම රඳවාගන්නේ, හරියට වහල්ලු වගේ 😛 ඉතින් පෘථිවියේ ජිවය ආරම්භවෙච්ච ඒක සෛලික ජීවියාගේ කාලෙම තමා මේ මිනියන් ඒක සෛලිකයත් බිහිවෙන්නේ, ඒ මිනිසා පරිණාමනය වෙන්න බොහෝ කාලයක පෙර මෙයාල බිහිවෙන්නේ, එහෙම ජලයේ බිහිවෙන මේ ඒක සෛලික ජීවියා තව ප්‍රභල ඒක සෛලික ජීවියෙක් තමන්ගේ ස්වාමියා කරගෙන පටන්ගත්තු ගමන, ගොඩබිමට ආපු පලවෙනි උභය-ජීවියාගේ පටන් ඩයිනොසරයාගෙන් පරිනාමය වන මිනිසා වෙතටද පාරාවෝවරුන් වෙතටද එතනින් වැම්පර්ය වරුන් වෙතටද, හිමෙහි වෙසෙනා යෙටි නම් අභිරහස් යෝධ සත්වයා වෙතටද මාරුවන ස්වාමිත්වය එතනින් අවසන් වෙනවා. ඒ මෙයාලගේ තියන දක්ෂතාවය නිසාමයි, කොච්චර ලෙහෙසියෙන් අලුත් ලොක්කෙක් හොයාගත්තත් ඒ ලොක්කට වැඩිකල් ජිවත් වෙන්නෙ ලැබෙන්නෙ නැහැ, දන්නවනෙ මෙයාලගේ වැඩ, ඉක්මනටම තමන්ගේ ලොක්කව පරලෝසැපත් කරවන වැඩක් කවුරුහරි කරනවමයි, ඉතින් දැන් මෙයාලට ස්වාමියෙක් නෑ, මොනදේ තිබ්බ එයාලට ස්වාමියෙක් නැතුව වැඩක් වෙන්නේ නැහැ, ඉතින් තමන්ගේ වර්ගයා රැකගැනීමට කෙවින්, ස්ටුවර්ට් සහ බොබ් කියන මිනියන්ල තිදෙනා ඉදිරිපත් වෙනවා, ඒ අලුත් ස්වාමියෙක් හොයාගෙන පිටත ලෝකයට යන්න, මේ වෙද්දී 1960 දශකය, ඇමරිකාවේ ජනාධිපති රිචර්ඩ් නික්සන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන කාලේ, මේ තුන්දෙනා අමෙරිකාවට එනවා, එහෙම ආපු ගමන නවතින්නේ එංගලන්තේ රජවෙලා, මෙහෙම කිවුවට බෑ ඔයාලම බලන්න කොහොමද ඒක සිද්දවෙන්නේ කියල, හරිම අපුරු පැය එකහමාරක් ගෙවිල යාවි, එහෙමනම් හැමෝටම ජයවේවා!
අමතර කරුණු :-
- Pierre Coffin මිනියන්ල 900කට පමණ හඬ දායකත්වය දීල තියනව මේ සිනමාපටයේදී, පෙර සිනමාපටවල මිනියන්ලට හඬ ලබාදෙන්නෙත් ඔහුමයි.
- ඒ විදියට මිනියන්ල කතා කරන භාශාව ඉංග්‍රීසි, ස්පාඥ්ඥ, ප්‍රංශ, ඉතාලි, පෘතුග්‍රිසි, හීබෘ භාශාවන්ගේ කලවමක්.
- මේ සිනමාපටයේදී මිනියන්ලා එංගලන්ත රැජිනගේ ඔටුන්න හොරකම් කරනවා, ඒ හොරකම් කරන ඔටුන්න තම මේකේ පලවෙනි සිනමපටයේදී ගෘ හඳ හොරකම් කරන්න සල්ලි නැතුව ඉන්නකොට විකුනල සල්ලි ගන්න කියල දෙන්නේ.
- Despicable Me 2010 සිදුවීම වෙන්න වසර 48කට පෙර තමයි මේ සිනමාපටයේ සිද්දවෙන සිදුවීම වෙන්නේ.
- කෙවින්, ස්ටුවර්ට්, බොබ් කියන තුන්දෙනා විලන්-කෝන් කියල ප්‍රදර්ශනයකට යනව, ඒක පදනම් කරගෙන තියෙන්නේ කොමික්-කෝන් කියන ප්‍රසිද්ද සංදර්ශනය.
- කොමික්-කෝන්හී ප්‍රධාන සංදර්ශන පවත්වන H ශාලාවේදීම තමා මෙහි එන විලන්-කෝන් ප්‍රදාන සංදර්ශනය පවත්වන්නෙ.
- Sandra Bullock පළවෙනි වතාවට දුෂ්ඨ චරිතයක් සඳහා හඬ දෙනවා.
- මේ සිනමාපටය Despicable Me සිනමාපට වල පිට පැනුමක් උනත් (Spin off) මේ සිනමාපටය තුන් ඈදුනු සිනමාපට පෙළක් වෙනවා.
- 2017 වසරේදී Despicable Me 3 සිනමාපටය නිකුත් වීමට නියමිතයි.
585MB (BRx265) කොපිය මෙතනින් බාගන්න
C3AE84199B330CB5FB657D35B913D3C4D1DE62E5795MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
0F8EAFB22FB4F2767448949ED56953BA4D413766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
31,695 downloadsDownload Minions-2015.BR_1.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
141 comments
chinthana
madush
meka cam copyakda? kalin Inside outside, Madmax ehema dila tibbe copy hari na.
Dilusha Nuwan
කමෙන්ට් බොක්ස් එක කමෙන්ට් වලට පහලින් නැතුව කමෙන්ට් වලට උඩින් එන විදිහට අප්ඩේට් කලානම් මීට වැඩිය කමෙන්ට්ස් ලැබෙයි කියලයි මට හිතෙන්නේ
Anony
1080p sub eka dennako
ශාන් විමුක්ති [විමා]
ඔව්, කොලිටිය හොඳයි
හාඩ් සබ් තියනවා හැබැයි
හදිසියක් නැතිනම් ඉවසන් ඉන්න තව සති දෙක තුනක් :)ශාන් විමුක්ති [විමා]
අදහස බොහොම අගෙයි සහෝදරයා
කලින් තිබ්බෙ ඒ විදියට තමයි
ආයේ ඒ විදියට හදාගන්න බලමු :)Darshana
eka nm aththa saho..
හර්ෂණ
හපොයි කොපියක්ද? කරුණාවෙන් ඉල්ලනවා ආයේ කොපි දෙනකොට පොඩි සදහනක් කරන්න කියල. බාගයක් බාද්දී මේක දැක්කේ. වහාම කැන්සල් කරා. බයිකොප් කොපි දෙන්නේ නැහැ කියල හිතල කෙලින්ම බා ගත්තේ. අනික කොපි දෙනකොට කොපියක් කියල ඉස්සර ගහල තිබ්බ නිසා. මේකේ එහෙම එකක් දැක්කේ නැහැ
madush
thnx macho
elazzzශාන් විමුක්ති [විමා]
අපොයි!
ටොරන්ට් එකේ විස්තර ටිකක් කියවන්ට බාන්න කලින් ඉතිං
Subtitles: KORSUB-HCsuji
HD rip කියන්නෙ කොපි තමයි. ඩවුන්ලෝඩ් බට්න් එකේ ගහල තියෙන්නෙ පේන්නැද්ද. ටීවී එකේ යනකොට කැප්ච කරපුවා තමයි එ් නමින් තියෙන්නෙ.
හර්ෂණ
අද තමා ඒක දැන ගත්තේ :)
Arjuna Vidanagama
මෙකෙ දැන් 1080 web-dl ඇවිල්ල තියෙනව.එකට සබ් අප්ඩේට් කරානම් නරකද
Arjuna Vidanagama
මෙ සබ් එක දැන් අප්ඩෙට් කරානම් නරකද අපිටත් බලන්න
Minions 2015 720p BluRay x264 450MB
Tharaka
Thanks
නලින්
නියමයි! විමා!
මෙච්චර හිටපු එකේ හොදම කොපියක් එනකල්ම ඉන්නවා.
ජය වේවා!
thari
nice (Y)
ishara
තැන්ක් යු මචෝ සබ් එකට දෙනකන් මග බලාගෙන හිටයේ තැන් කු තැන් කු
L.C
අනිවාරෙන් බලන්න ඕණෙ එකක්, බලං හිටිය එකක්...
බොහොම ස්තූතියි විමා අයියෙ...
අමතර කරුණුවලටත් ස්තුතියි...
ජය...lakshika
Thnxxx ayya.... Habai Br apu gaman update one.... Jaya wewa...
Denidu
Mamai Ada first.thanks
Sureni Athurugiri
ane man me bala bala hitiye ay sub 1 denna parakku kiyala. dan 4 parakma film 1 baluwa. dan sub ekath ekka thawa 6 sarayak wat balnna oni. Thank you malli sub 1ta....
Nisal Sudharaka
onna mama download karanawa ehnm.... thanx sahoo sub ekata
Chamara Sampath
නියමයි..!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
බ්ලුරේ එනකන් ඉන්නවා:::
තවත් නිර්මාණයකින් හමුවෙමු..
ජයෙන් ජය...!!!!
█║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
#ChamaraSampath(Castiel)
::::::::::::::::::::::::::::::::::::::Kulanjana Maduranga
patta ahhhhh.....Aniwa bamak thama.....lipiyath elama thama....thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dikshan prabath
එලම machoo.. එනකන් බලන් හිටපු film එකක්...
sub එකට තෑක්ස්... Good luck..Ysa
niyamai saho........thanks....jaya wewaaaa!!!!
deleepa
විමා තැන්ක්ස් මේ ක මේ වන කොට ඇමරිකාවේ මිලියන 320 ක් එක්ක මිලියන 990 කට ඇවිත් තියෙනවා තාම චිනයේ ප්‍රදර්ශනය පටන් ගත්තේ නැ ඒක මං හිත්නනේ සැප්තැම්බර් 13 වගේ් පටන් ගන්නේ දැනට ඇනිමේෂන් චිත්‍රපටි වලින් 3 ස්ථානයේ තියෙන්නේ හැබැයි චිනයේ ප්‍රදර්ශනයේන් හා ඩිවිඩි සේල්ස් වලින් හා සෙසු ප්‍රදර්ශන වාරත් එක්ක මේක අනිවාර්යෙන්ම ටොයිස් ටෝරි 3 වාර්තාවන වන මිලියන 1066 වාර්තාව කඩලා ප්ලෝසන් වල වාර්තාව වන මලියන 1274 ලගට එයි කියලා මටනම් හිතෙනවා කොහොම උනත් බොක්ස් ඔපිස් වාර්තාව අනුව නම් ඩිස්පිකබල් මි 2 මිලියන 368 ක ඇමරිකානු වාර්තාව මේකට කඩන්න බැහැ දන්න විදිහට ඉන්සටිඩ් අවුට් නුත් ඉන්නේ මේකට ඉස්සරින් ඇරිකාවේ මිලියන 340 විතර කිට්ටු වෙන්න එයි කියලා තමයි විශ්වාස කරන්නේ ඩිස්පිකබල් මි හදන්න කලින් අවුරැදු 3 ක් විතර මේ ගැන පර්යේෂණ පවත්වල තියෙන බව තමයි ආංචි භාෂා ඉතා විශාල ගනනක් අත්හදා බලා තියෙන බවත් ආරංචියි කෙහොම උනත් මේ වාගේ ඉදිරියට එන්න නියමිත මේ අධ්‍යක්ෂවරාගේම ප්ලැනිමල්ස් චිත්‍රපටියත් මේ වාගේම සුපුරි වෙයි කියලා හිතෙනවා විමා මේක නම් සුපිරිම සුපිරි ඇනිමේෂන් චිත්‍රපටියක් කියලා තමයි කියන්න තියෙන්නේ අදට ඇති යන්නම්
ශාන් විමුක්ති [විමා]
මේ තියෙන්නේ තව විස්තර අනාවැකි එක්කම
ස්තුතියි :D
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!deleepa
විමා තැන්ක්ස් මේ ක මේ වන කොට ඇමරිකාවේ මිලියන 320 ක් එක්ක මිලියන 990 කට විතර ලෝකයේ පුරා අරගෙන තියෙනවා තාම china වල ප්‍රදර්ශනය පටන් ගත්තේ නැ ඒක මං හිත්නනේ සැප්තැම්බර් 13 වගේ් පටන් ගන්නේ දැනට Animation films වලින් 3 ස්ථානයේ තියෙන්නේ හැබැයි china ප්‍රදර්ශනයේන් හා dvdසේල්ස් වලින් හා සෙසු ප්‍රදර්ශන වාරත් එක්ක මේක අනිවාර්යෙන්ම toy story 3 වාර්තාවන වන මිලියන 1066 වාර්තාව කඩලා frozen වල වාර්තාව වන මිලියන 1274 ලගට එයි කියලා මටනම් හිතෙනවා කොහොම උනත් box office mojo වාර්තාව අනුව නම් despicabal me 2 මිලියන 368 ක ඇමරිකානු වාර්තාව මේකට කඩන්න බැහැ දන්න විදිහට inside out නුත් ඉන්නේ මේකට ඉස්සරින් ඇරිකාවේ මිලියන 340 විතර කිට්ටු වෙන්න එයි කියලා තමයි විශ්වාස කරන්නේ despicable me හදන්න කලින් අවුරැදු 3 ක් විතර මේ ගැන පර්යේෂණ පවත්වල තියෙන බව තමයි ආරංචි භාෂා ඉතා විශාල ගනනක් අත්හදා බලා තියෙන බවත් ආරංචියි කෙහොම උනත් මේ වාගේ ඉදිරියට එන්න නියමිත මේ අධ්‍යක්ෂවරාගේම Flanimals චිත්‍රපටියත් මේ වාගේම සුපිරි එකක් වෙයි කියලා හිතෙනවා විමා මේක නම් සුපිරිම සුපිරි ඇනිමේෂන් චිත්‍රපටියක් කියලා තමයි කියන්න තියෙන්නේ අදට ඇති යන්නම්
janaka
Thanks yalu sub ekata enakan balagena hitiye
madusanka jayasooriya
එලම විමා. brrip එනකන් ඉන්නවා. සබ් එකට ස්තූතී. ජය වේවා
Anton Priyashantha
තැන් කු තැන් කු
D CRAIZY
දෙනකන් බලන් හිටියේ . සබට තැන්කූ වේවා..! ජය..!
“චූටී මල්ලි”
niyamayi BR enakam inna oni
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxCharith Lekamge
thank you very much for the sub.I've been waiting for this since last year......
achi
ස්තූති සහෝ!!!
බලාගෙන හිටපු ෆිල්ම් එකක්.
ජය!!!thisal
මෙච්චර හිටපු එකේ හොදම කොපියක් එනකල්ම ඉන්නවා.
Chami.S
Thanks.....
රවිඳු තේනබදු
නියමයි.... නියමයි....
පට්ටයි... පට්ටයි....
සුප්පා... සුප්පා...Janitha
elaaaaaaaaaaaaaaa thanx t
hankuuuuuuuuuuuuuuumadushanka
thanks. I wait to download this.
Ravindu Nipun
Niyamayi Vima....
Thanks aaa...
enakalamayi balan hitiye me movie eka.Saketha Pulasthi
මේක නොබලන ඇස් මොකටෙයි............
උපසිරසියට බොහොම ස්තූතියි :)අනුරුද්ධ(ලියෝ)
හම්මේ මේකේ සබ් දෙනකම් ඇඟිලි ගැන ගැන හිටියේ.....ටෑන්කු විමා සහෝ...ජය වේවා.
D.Chamara
niyamai sahoo niyamai thanks suba ekata
br eka awahama balannam thanksmadush
meka cam copyakda? kalin Inside outside, Madmax ehema dila tibba copy hari na.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපි මේක 3 ඩි බලනවා..
මාතරට ඇවිත් තියෙන්නේ...
ඉරිදට ගිහිං බලනවා...
හොද කොපියක් ආවම බාගෙන බලනවා..
කමක් නැහැ නේ...
මැක්සා බඩ්ඩක් නේ...
ඉවසුමක්නාහ බං..
ජය වේවා!!ශාන් විමුක්ති [විමා]
හෙහ්
බයිස්කෝප් එකෙන් සබ් එක්ක ටොරන්ට් දෙන්නේ
අපි වගේ පොඩි මිනිස්සුන්ට මිසක් උඹල වගේ ලොකු මිනිස්සුන්ට නෙමේ බන්
මොනා උනත් ස්තුතියි අදහස් දැක්වීමටඅසිත
ඔයා මාතරද?
අපිත් මාතර නේ.තාරක නුවන් දිල්හාර
අපොයි... ගෙම්බෙක් ගිය උඩ...
අපිට නම් ඔය හෝල් වල ගිහින් බලන්න සල්ලිත් නෑ.
එක්කන් යන්න කෙල්ලොත් නෑ.
දුප්පත් අපිට YIFY දෙයියගේ පිහිට තමා ඉතින්.
බොහොම ස්තුතියි සබට වීමා.
බ්ලූ රේ ආවම නිකමට මැසේජ් එකක් දාපංකෝ.
ජයෙන් ජය......!!!!සමන් ප්‍රසාද් [පූසා]
බෝතල් අඩි දෙකක් ඇස් දෙකට ගහගෙනද අහපං 3D බලන්නේ විමා... :3
Dhanuka
Mad Max: Fury Road (2015) meke sub weda ne bro. mata facebook eken msg ekak daanawada? https://www.facebook.com/djdhanuka
Jack
නියමයි මචන්.
බ්ලුරේ එකට සබ් එක දෙමු.
ස්තුතියි සබ් එකට.
එලස්.අසිත
තැන්ක්ස් වීමා සහෝ.
සබැ හොදට ඇති ඈ....
අපි ඉතින් bluray ම බලනවා.
ජය වේවා!!
saluja
Waited so long for this...thank you very much.. keep it up...!!!
යොහාන් භාතිය
නියමයි සහෝ. උපසිරැසියට ස්තුතියි. ජය වේවා!!!!!
සචිත උදාර
නියමයි. බොහොම ස්තුතියි ...
සුනෙර මැදවත්ත
එල මචන් එනකන් හිටිය එකක් මේ ඈ... ජය ...
Randhu Heshan
ස්තූතියි සහෝ උපසිරැසියට.. බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටියක්..
ටොරන්ට් එකෙන් බාගන්න තමා ගේමක් දෙන්න වෙන්නෙ.. :(සමන් ප්‍රසාද් [පූසා]
උඹ ඉතින් දන්නවනේ මම බලන්නේ මොන කොපියද කියලා... :D
YIFY දෙයියා දෙනකම් ඉවසගෙන ඉන්නවා... :3
මේකට අර නගා සප් එක දුන්නෙ නැතෙයි??? :3
එල එල. තව 10යි ඩ කොහෙද නේද අර මොකද්ද වාර්තාවට... :P
ඉක්මනට ඒකත් ගහපන් ඉතින්.
ජය වේවා...!!!Amalka
උබ බලන කොපි මොනවද කියල කවුද නොදන්නෙ YIFY නැතුවම බෑනෙ උබට කොහොමත් මාත් YIFY එනකම් තමයි ඉන්නෙ
Amalka
උබ බලන කොපි මොනවද කියල කවුද නොදන්නෙ YIFY නැතුවම බෑනෙ උබට නේද
jayanandana
අනිවා බෑමක් තමයි, ස්තුති වේවා
Chamara
Minions 2015 HC HDRip XviD AC3-EVO (Size: 1.41 GB)
Uptobox = http://uptobox.com/lb7oszee4749
Direct Link = http://bit.ly/1fFMH3t
Dilusha Nuwan
සබට තෑන්ක්ස් සහෝ!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!aa
elaz
kanushka
thank u
Ruvinda Heshan
විමා Italy (August 27), Turkey (September 4), China (September 13) and Greece (September 24) කියන රටලට MINIONS MOVIE (2015) ඒක ඒන්ෙන් ෙම් දවස් වල ඒ් රටවල ඉන්න දන්න කියන ෙකෙනක් ඉන්නවා නම් ගිහින් බලන්න කියන්න නැතුවත් කමක් නැහැ අෙප් විමා සබ් කරලා දීලා තිෙයනවා ෙන්. අනික ෙකාෙහාම උනත් තවත් මිලියන් 200 කට විතර ෙමම Market වලින් ෙම් චිත්‍රපටිය හම්බකරනවා විමා උබට කියන්න ෙම් නම් පට්ටම පට්ට අැනිෙම්ෂන් ඒකක් ෙම්ක හදපු අයෙග් 2018 දි විතර ඒන්න නියමිත Flanimals චිත්‍රපටියත් ඒක්ක තවත් සුපිරි අද්දැකීමක් අපට බලාගන්න පුලුවන් ෙවයි කියලා හිෙතනවා ෙකාෙහාම උනත් ඊට කලින් despicable me 3 2017 දි ඒනවාෙන් සුබ දවසක් ගිහින් ඒන්නම්.
ශාන් විමුක්ති [විමා]
ඕ යස්
මේක පහරක් ;)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks vima ela ela meka enakam balagena hitiye