ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙත පැමිනෙන්නෙ මාගේ දෙවෙනි උපසිරසි නිර්මාණයත් සමගයි. මම ප්‍රථම නිර්මාණය විදියට ඉදිරිපත් කරේ Roman Holiday (1953) කියන චිත්‍රපටයයි.මේ වතාවේ මා රැගෙන ආවේ සුපිරි ගණයේ Psychological Thriller / Mystery වර්ගයේ චිත්‍රපටයක්.ඕගොල්ලො හුඟ දෙනෙක් මීට කලින් ම…

ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙත පැමිනෙන්නෙ මාගේ දෙවෙනි උපසිරසි නිර්මාණයත් සමගයි. මම ප්‍රථම නිර්මාණය විදියට ඉදිරිපත් කරේ Roman Holiday (1953) කියන චිත්‍රපටයයි.මේ වතාවේ මා රැගෙන ආවේ සුපිරි ගණයේ Psychological Thriller / Mystery වර්ගයේ චිත්‍රපටයක්.ඕගොල්ලො හුඟ දෙනෙක් මීට කලින් මේ නිර්මාණය ගැන අහලා නැතුව ඇති. මේක නම් ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරිච්ච ඉතා විශිෂ්ට නිර්මාණයක්. කෙටියෙන්ම කිව්වොත් බලන්න පටන් ගත්තොත් බලලා ඉවරයක් කරන්නම හිතෙන ජාතියෙ එකක්.
දැන් මම චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියන්නම්. මේක තිරගත උනේ 1990 දි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙRob Reiner විසින්. මේ නිර්මාණයට පාදක වෙලා තියෙන්නෙ සුපිරි ලේඛක Stephen King විසින් රචනා කරනලද Misery කියන නව කතාව. Stephen King ගැන නම් ගොඩ දෙනෙක් අහලා ඇති. ඔහු ත්‍රාස්‍යජනක නව කතාරචනා කිරීම හේතුවෙන් ඉතා ප්‍රසිද්ධියට පත් ඇමරිකානු ගත් කතුවරයෙක්. ඔහු විසින් රචනා කෙරෑ නවකතා රාශියක්ම ප්‍රකට හොලිවුඩ් සිනමාපට බවට පත් උනා. The Shawshank Redemption, The Green Mile, The Shining,Stand By Me, Carrie, The Mist ඒ අතරින් කිහිපයක්. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ James Caan සහ Kathy Bates. මේක ඇත්තටම චරිත අඩු චිත්‍රපටයක්. චරිත 4ක් 5ක් වගේ තමයි මුළු කතාවටම තියෙන්නෙ. මේ චිත්‍රපටයේ කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් Kathy Bates එම වසරේ පැවති Oscar සහ Golden Globe යන හොලිවුඩයේ ඇති ප්‍රධානම සම්මාන උළෙලවල් ද්විත්වයේදීම හොඳම නිලියට හිමි සම්මානය දිනාගන්නට සමත් වෙනවා. මේ චිත්‍රපටය ඉහල IMDB අගයක් ලබා තියෙනවා. එම අගය 7.8 ක්.
දැන් කතාවේ අන්තර්ගතය ගැනත් ටිකක් කියන්නම්. ඇත්තටම කිව්වොත් මේකේ කතාව කියන්න යන එක නම් කතාව බලන කෙනෙක්ට කරන ලොකු අසාධාරණයක්. මොකද කතාවේ තියෙන කුතුහලයට ඒක ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒනිසා මං පොඩි ආරම්භයක් විතරක් ගන්නම්. පෝල් ශෙල්ඩන් කියලා ප්‍රසිද්ධ ලේඛකයෙක් ඉන්නවා. දිනක් මොහු හිම කුණාටුවක් එන වෙලාවක කාර් එකක් පැදන් ගමනක් යනකොට, වාහනය හිමේ ලිස්සා යාම නිසා ලොකු අනතුරකට මුහුණ පානවා. යම් කිසි පුද්ගලයෙක් නිසා ඒකෙන් ඔහු අහම්බෙන් දිවි ගලවා ගන්නවා. ඔහුට ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද, ඔහුට මොන මොන අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියන එක ඕගොල්ලොම චිත්‍රපටය බාන් බලන්න. මේ සමග ලබා දී තිබෙන 720p Bluray කොපිය කොලිටියෙන් ඉතා උසස් එකක්. 1990 වැනි පරණ කාලයකට අයත් එකක් උනත් එය කොලිටිය අතින් ඉතාමත් ඉහලයි.
Psychological Thriller / Mistery යන වර්ගවලට අයත් චිත්‍රපට වලට කැමති කට්ටිය මේ නිර්මාණය නම් කීයටවත් මග හැර ගන්න එපා. මේක මෙතෙක් හොලිවුඩයේ බිහිවු හොඳම Psychological Thriller වර්ගයේ චිත්‍රපටයක්. තවත් උපසිරසි නිර්මාණයක් සමගින් ලඟදීම ඔබ හමුවෙන්නම්. ඔබ සැමට ස්තුතියි.
Due to copyright issues, we do not provide any torrent links.
Misery (1990) BluRay 720p 750MB Ganool
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
860 downloadsDownload Misery-1990.Baiscopelk.com_.rar38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
28 comments
Isuru
නිලන්ත
බොහොම ස්තූතියි!
suneth
thoge site eke home link eka noda film ekek link eka dapan. ahawal ewa thala ape mb kapanne nathiwa haraka.
suneth
me pakayage eken gihin viras godaknam dagatha hamaniyan thota kariya
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!
Udara Damith B\K
..................
.
බොහොම ස්තූතියි!
.
.....................Ishan Madusha
Thanks sub 1ta
w a thilak
බොහොමත්ම ස්තුතියි හොද එකක් ගෙනාවට
charith
නියමයි,
මම මේ වගේ ඒවා අතහරින්නෑ කොහෙත්ම.suneth
dala thiyana thorathuru madine. dawunlod kalata passe melo wadakata nathi ekak weida danne ne. mb tikath aparade. thawa visthara dahanko
Anonymous
ponnayekda
suneth
elama
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kawesha dissanayaka
supiri . supiri movie aka .thank you yery much
Sajith Anthony
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Asitha
elama thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mithun
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.
7.8ක රෙටින් , බලලත් නෑ කලින්. කොහොම නුමුත් මම කැමත් වර්ගයෙ මුවී එකක්
බොහොම ස්තුතියි බ්‍රො අයෙමත් හොයන් එමු ඉක්මනින්ම මෙ වගෙ එකක්..wiki
Thanks
sathira529
උපසිරැසියට ස්තූතියි..අනිවාර්‍යෙන්ම බලනවා..පුලුවන් නම් Jacob's Ladder චිත්‍රපටියටත් උපසිරැසි කරන්න..ඒකත් මේ විදියෙම එකක්..
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Ruchira
Thanks for the sub
Shaggy
Thank you very much
Anonymous
Thanks Brother
Ravindu Heshan - Admin
දැන් වැඩ සහෝ!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for sub puluwanam thawa hoda thriller film ekak denna jaya wewa