Watch Trailer

Miracles From Heaven (2016) with Sinhala Subtitles| දෙව්ලොවින් ආ ප්‍රාතිහාර්යන් [සිංහල උපසිරසි සමඟ]

කතාවක් තියනවා ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියලා. ජීවිතයයි මරණයයි අතර තියෙන්නෙත් ඒ වගේම පුංචි පරතරයක් කියල තේරුම් ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. කෙනෙක්ට මැරෙන්න වයසක්, තැනක්, විදිහක් නෑ. වෙලාව ආවම ඉතිං කාටත් යන්න වෙනවා. දැන් ඕගොල්ලො බලනවා ඇති මං මොකද මේ මරණය ගැන කතා කරන්නේ කියලා.…

Miracles from Heaven (2016)කතාවක් තියනවා ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියලා. ජීවිතයයි මරණයයි අතර තියෙන්නෙත් ඒ වගේම පුංචි පරතරයක් කියල තේරුම් ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. කෙනෙක්ට මැරෙන්න වයසක්, තැනක්, විදිහක් නෑ. වෙලාව ආවම ඉතිං කාටත් යන්න වෙනවා. දැන් ඕගොල්ලො බලනවා ඇති මං මොකද මේ මරණය ගැන කතා කරන්නේ කියලා. ඇත්තටම මට කතා කරන්න ඕන ජීවිතය ගැන මිසක් මරණය ගැන නෙමෙයි. මට ඕන මැරෙන්නේ නැති වෙලාවට ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ කියල ඔයාලට ඇත්ත කතාවකින්ම ඔප්පු කරන්න. හැබැයි ඒක එහෙම කියනවට වඩා ලස්සනයි මෙහෙම කිව්වොත්. “ප්‍රාතිහාර්යකට පුළුවන් මැරෙන්න යන කෙනෙක්ට ආපහු ජීවිතය දෙන්න.”

මේ චිත්‍රපටය හරිම අලුත් එකක්. මේක මුලින්ම ප්‍රදර්ශනය කලේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ. එත් මේක නිර්මාණය කලේ මේ චිත්‍රපටය නමින්ම ලියපු පොතක් පාදක කරගෙන. ඒ පොත නම් එලි දක්වලා තියෙන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ. කවුද දන්නවද පොත ලියල තියෙන්නේ? මේ සිද්ධියට ඇත්තටම මුහුණ දුන්න පුංචි බබාගේ අම්මා (Christy Beam). විශේෂත්වය තමයි චිත්‍රපටයේ එන අයගේ නම් ගම් හැම එකක්ම වගේ ඇත්ත නම් ගම් වීමයි. ඊටත් වඩා  මේක බොක්ස් ඔෆිස් චිත්‍රපටයක්. මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 73කට වඩා හම්බ කරලා තියෙන, ඒ වගේම IMDb අගය 6.6ක් වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Patricia Riggen කියල කෙනෙක්. නිෂ්පාදනය කලේ Sony සමාගමේ අනුග්‍රහයෙන්.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ. මේ කතාව බීම් (Beam) කියලා පවුලක් වටා තමා ගෙතිලා තියෙන්නේ. පස් දෙනෙක්ගෙන් හැදුනු මේ පවුලේ ගෑණු ළමයි තුන් දෙනෙක් ඉන්නවා. අම්මගේ නම ක්‍රිස්ටි බීම් (Jennifer Garner). අපි කවුරුත් දන්නා Alias (2001-2006) කතාවෙ ඉන්නෙත් මෙයා තමයි. තාත්තගේ නම කෙවින් බීම් (Martin Henderson). The Ring (2002)චිත්‍රපටය ඔයාල බලල තියනවා නම් මෙයාව මතක් වෙයි. වැදගත්ම කෙනා, එහෙමත් නැත්නම් කතා නායිකාව තමා පවුලෙ දෙවෙනි ළමයා, නැත්නම් වයස අවුරුදු 10ක් වෙච්ච ඇනබෙල් බීම් (Kylie Rogers). කතාවෙ හැටියට (එහෙමත් නැත්නම් ඇත්තටම) ඇනබෙල් ට දරුණු බඩේ ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේ නිසා එයාගෙ බඩ ඉදිමිලා, බඩවැල් ඇඹරිලා කෑම දිරව ගන්න බැරි වෙනවා. අම්මයි තාත්තයි පුදුම විදිහට මහන්සි වෙනවා පුංචි ඇනබෙල්ව සනීප කරව ගන්න. එත් රටේ ඉන්න දක්ෂම දොස්තරලටත් බැරි වෙනවා මේ බබාගේ ලෙඩේ සනීප කරන්න. අන්තිමට හැමෝම වගේ හිතනවා ඇනබෙල් වැඩි කල් ඉන්න එකක් නෑ කියලා. ඇනබෙල්ටත් හිතෙන්නේ ඒ දේම තමයි. ඒත් මං අර කලින් කිව්වා වගේ “ප්‍රාතිහාර්යකට පුළුවන් මැරෙන්න යන කෙනෙක්ට ආපහු ජීවිතය දෙන්න” කියන එක හරි පුදුම සිද්ධියකින්  ඔප්පු වෙනවා. ඒ සිද්ධියයි සම්පූර්ණ කතාවයි බලන්න කියල මං ඔයාල හැමෝටම ආරාධනා කරනවා.

මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් සංවේදී ඇත්ත කතාවක්. මේක පරිවර්තනය කරද්දී මටත් ගොඩක් දුක හිතුනා. ඇත්තටම කඳුලුත් ආවා. මට පැහැදිලිවම කියන්න පුළුවන් මේ කතාවට ඔයාල හැමෝම ආදරේ කරයි කියලා. මේකට උපසිරැසි දෙන්න මට යෝජනා කරපු වීමා සහෝට මං ස්තූති කරන්න කැමතියි. ඒ වගේම තව වටිනා දෙයක් කියන්න ඕන. ඒ තමයි විශ්වාසයයි භක්තියයි තියනවා නම් ජීවිතයේ ඕනෑම දුකකින් මිදෙන්න අපි හැමෝටම පුළුවන්. එහෙනම් තවත් චිත්‍රපටයකින් ආපහු හම්බ වෙමු. හැමෝටම ජය වේවා!

The Roommate (2011) on IMDb

 

 

 

 

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

” Due to copyright complications, we no longer provide
torrent links. We hold no responsibility about how you
come to obtain video & there are no obligation to actions
you take with it among the copyright of the Movie. “

3,172 downloadsDownload Miracles.From_.Heaven.2016.zip123 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,172 downloadsDownload Subtitles123 KB

38 comments

  1. Shanaka Chathuranga

    Thanka Bro...

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.( habai wena site ekaka mekadala thibba mama gathe na oyala denkan hitiye )

    2. Kalpa

      Oh.. Thank U..

    3. චාමිකර

      ස්තූතියි නිලන්ත :)

  2. විමා

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    දැන් ඉතිං අලුත් ඒවම කරන්න ලැබෙයි මං හිතන්නේ :D

    1. චාමිකර

      ඔව් සහෝ. ගොඩක් සතුටුයි ලැබෙන ප්‍රතිචාර වලට :)

  3. pradeep

    Thanks bro denakan balagena unne.

  4. Jack

    නියමයි මචෝ.
    ෆිලුම බාලා සබ් එක හම්බවෙනකම් හිටියේ බලන්න.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. hitlor

    link aka dapan yako

  7. udaya saman

    machan meka patta film ekak ban thanx sabata.

  8. Asitha

    elama thanks

  9. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!

  10. ishan madusha

    ස්තුතියි සහෝ sub එකට

  11. Emi

    Thank you..

  12. kumaraya

    'extraordinary measures' film ekata sub denna. ekath me wagemai..

  13. Avanthi

    subs enna kalin man meka desarayak beluwa..ow eka aththatama harima lassanana movie1k. subs walata sthuthi..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. චාමිකර

      ස්තූතියි අයියේ :)

  15. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  16. chin

    Ela ela.mac thanx

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Vikum08

    ඒකනම් ඇත්ත සහෝ..! හරිම සංවේදී සත්‍ය කතාවක්. තව චුට්ටෙන් මං මේ සබ් එක site එකට මේල් කරනවා. තව line චුට්ටයි තිබ්බේ හදන්න. මොකද සබ් දෙනකන් බලාගෙන ඉඳලා බැරිම තැන මංම හදන්න පටන් ගත්තා. දැන් ඒවායෙන් කමක් නෑ. ඔයා දීලනේ. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
    ඔබට ජය..!

  19. චාමිකර

    සමාවෙන්න සහෝ ටිකක් පරක්කු උනා මේක හදන්න. ඔයා ගත්ත උත්සාහය අවන්කවම අගය කරනවා.

  20. devinda

    gdk pin bro sub ekata.blnnama hitapu movie ekak.elama.....:D

  21. w a thilak

    උප සිරසියට බොහෝමත්ම ස්තූතියි

  22. ප්‍රණීත් චින්තක

    මේ කතාව ප්‍රමාද වුනු නිසාම මමවත් මේකේ සබ හදන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ.
    අනිවාර්යෙන්ම බලන කතාවක් සහෝ. නොබලා ඉන්නේ නෑ මේ වගේ ලස්සන කතා නම්.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    තවත් ලස්සන කතාවකට අකුරු ගලපමු.

    ආයු -බෝ -වේවා !!!

  23. kUMARA

    Thank you....

  24. kalpa roshen

    Bohoma Sthuthiy..

  25. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  26. r.s samantha

    thank u macho..
    onna bawa suppa kathawakne meka
    digatama sub denna
    ela ela
    jaya wewa...!!!

  27. Prashi

    Its really heart touching story. Thank you for the sub & keep it up. if you can pls give the sub title for "Pete's Dragon"

  28. Buddi

    Thanks................

  29. malith

    Ela ela

  30. Sanjaya Gunawardana

    hou we see the film .only trailer playing

  31. Sanjaya Gunawardana

    how we see the film .only trailer playing

  32. MAALnath

    Thanks ..............

  33. Lakshan1327

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.