කොහොම යාළුවනේ… ඔන්න බොහොම කාලයකට පස්සේ නැවතත් මම ෆිල්ම් එකක් අරගන ආවා. හැමෝම ඇගිලි ගැන ගැන බලන් හිටියේ මේක අරන් එනකන්නේ. ඉතිං කතාව ගැන කියන්න කලින් කියන්න ඕන මේ තමයි මගේ 100 වෙනි නිර්මාණය. ඒ අනුව බයිස්කෝප් කණ්ඩායමේ පළමු ශතකලෘභිනිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. මගේ පළමු නිර්මාණය ලබා දුන්නේ 2013…

කොහොම යාළුවනේ… ඔන්න බොහොම කාලයකට පස්සේ නැවතත් මම ෆිල්ම් එකක් අරගන ආවා. හැමෝම ඇගිලි ගැන ගැන බලන් හිටියේ මේක අරන් එනකන්නේ. ඉතිං කතාව ගැන කියන්න කලින් කියන්න ඕන මේ තමයි මගේ 100 වෙනි නිර්මාණය. ඒ අනුව බයිස්කෝප් කණ්ඩායමේ පළමු ශතකලෘභිනිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. මගේ පළමු නිර්මාණය ලබා දුන්නේ 2013 ජූලි මාසයේදී. 2014 ජූලි මසයේදී තමයි 50 වෙනි නිර්මාණය කලේ. දැන් අවුරුදු 2ට පස්සේ 100 වෙනි නිර්මාණය අරගන ඇවිත් තියෙනවා. හැමෝම ඉතිං දන්න විදියට මේ උපසිරැසි 100 අතරේ වැඩිපුරම තියෙන්නේ ටීවී සීරිස්. ෆිල්ම්ස් නම් තියෙන්නේ බොහොම ටිකයි. ඒ අතරේ ඉංග්‍රීසි, හින්දි, දමිළ, ඩෙන්මාක් සහ කොරියන් චිත්‍රපට අඩංගු වෙනවා. ඒ වගේම සම්පූර්ණ ටීවී සිරීස් හයක් ඇතුලත්. ඉතිං මේ අවුරුදු 2 පුරාවට ආපු ගමන නම් අතිශය දුෂ්කරයි. කැම්පස් එකේ විභාග, ට්‍රේනින්, සහ රැකියාව කරන අතරතුර තමයි උපසිරැසිගැන්වීමත් කලේ. ඉතිං කාර්ය බහුලත්වය නිසා වෙලාවට සබ් දෙන්න බැරි වෙලා බැනුම් අහපු අවස්ථාත් ඕන තරම් තිබුනා. ඒ වගේම තමයි වැරදි අඩුපාඩු, නිර්මාණ 100ක් කලත් තාමත් ඒවා නම් අඩුපාඩුවක් නැතිව තියෙනවා.
කොහොමඋණත් මේ ආපු ගමනේදී මතක් කලයුතුම කිහිප දෙනෙක් ඉන්නවා. සුපුරුදු විදියට මුලින්ම මගේ අම්මා තාත්තා සහ අයියා. ඒ අය තමයි මට මේ තරම් දුරක් එන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ. ඒ වගේම විකියා අයියා. මම කරපු ෆිල්ම්ස් වලින් බොහොමයක් විකියා අයියා ලබා දීපුවා. ඊට පස්සේ සමීර චතුරංග අයියා. අලුතින් සබ් එක ආපු ගමන්ම මාව දැනුවත් තරන්නේ සමීර අයියා තමයි ඒ වගේම සබ් එකක් හදනකොට එන ගැටළුවලට හැම වෙලාවෙම පිහිටට එන්නේ එයා තමයි. එතකොට හසන්ත අයියා තමයි සබ් වල තියෙන වැරදි අඩුපාඩු පෙන්වලා දෙන්නේ. මේ හැමෝටමස්තුතියි කියන තමන්ම, නිර්මානී නංගී, විමා මල්ලී, ගයාන් රූකාන්ත මල්ලී, බ්ලැක්පැන්තර් මල්ලී ඇතුලු අපේ බයිස්කෝප් සහෝදරත්වය ආදරයෙන් මතක් කරන්න ඕන. මේ උපසිරැසි නිර්මාණය නිසා සිදුවුන හොදම දේ තමයි ගොඩක් හොද සහෝදර සහෝදරියන් කණ්ඩායමක් හමුවීම.
ඉතිං අවසානයේදී මේ පැය ගනන් මහන්සිවෙලා කරන උපසිරැසි භාගත කරගන්න, කමෙන්ටුවක් දාලා යන, අඩුපාඩු පෙන්වලා දෙන සහෘද ඔබවත් මතක් කලයුතුමයි. ඒ වගේම තමයි කියන්න ඕන මම සබ් කිරීම පටන් ගන්නකොට 50ක් කරලා නවත්වනවා කියලා හිතනි හිටියේ. ඒත් 50 වෙනි එක කරනකොට මේ සුන්දර කොටි වලිගය අතඅරින්න බැරි තත්වයටම ඇවිත්. ඒ නිසා තමයි 100 දක්වා එන්න ලැබුනේ. ඒත් ඉතිං මේ වෙනකොට නම් සබ් එකක් කරගන්නේ බොහෝම අමාරුවෙන්. ඒ නිසා කණගාටුවෙන් උනත් ඉක්මනින්ම මේ සුන්දර කොටිවලිගය අතඅරින්න වේවි කියලා මට හිතෙනවා. කොහොම උනත් පටන් ගත්ත ෆෝලින් ස්කයිස් සහ බ්ලැක් ලිස්ට් අවසන් වෙනකන් ඔබත් එක්ක ඉන්න තමයි උත්සහ කරන්නේ. කොහොම නමුත් (විශේෂයෙන්ම) බයිස්කෝප් කාන්තා සහෝදරත්වයටත් සියළුම දෙනාටත් වැඩි වැඩියෙන් සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.

එහෙමනම් ඉතිං කතාව පැත්තට හැරෙමු. මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: Impossible චිත්‍රපට මාලාව ගැන කියලා ඉන්නම්. මෙහි පළමු චිත්‍රපටය නිකුත් වෙන්නේ 1996දීල ඉන්පසු පිළිවෙලින් 2000, 2006, 2011 සහ දැන් 2015 වේදී මෙම චිත්‍රපට 5 නිකුත් උණා. චිත්‍රපට 5ටම රංගනයෙන් වගේම නිශ්පාදනයෙන් දායක වෙන්නේ සුපිරි නළු ටොම් කෘස්. (මගේ කැමතිම නළුවා) මෙහි තුන් වෙනි චිත්‍රපටයේ සිට J. J. Abrams විවිධ ආකාරයෙන් නිර්මාණයට දායක වෙලා තියෙනවා. J. J. Abrams සම්බන්ධ වෙනවා කියන්නේ ඉතිං සුපිරිම ගනයේ කතාවක් නිර්මානය වෙනවා කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා Star Trek චිත්‍රපට දෙක වගේම අපි දන්න සුපිරි කතා මාලා වන Alias, Lost, Fringe, Revolution, Almost Human, Believe වලට විවිධ අකාරයෙන් දායකත්වය සපයලා තියෙනවා.
මීළඟට මම කියන්න යන්නේ සුපිරි නළු ටොම් කෘස් ගැන. ටොම් කෘස් ඊතන් හන්ට්, IMF නියෝජිතයෙක් ලෙස මෙම චිත්‍රපට 5ටම දායකත්වය සපයලා තියෙනවා. ඉතිං මේ ටොම් කෘස් ගැන ඉතිං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ . නම කියූ පමනින් ගස් ගල් පවා අදුනනවා මේ සුපිරි නළුවා ගැන. ටොම් කෘස් උපත ලබලා තියෙන්නේ 1962 ජූලි මාසයේ 3 වෙනිදා Thomas Cruise Mapother IV ලෙස. (දැන් අවුරුදු 50 වඩා වැඩි උණත් තාමත් අවුරුදු 20 කොල්ලෙක්ට වඩා හොදට සුපිරි රඟපෑමක් ඉදිරිපත් කරලා තියෙනවා) ටොම් කෘස් රගපෑමට පිවිසෙන්නේ 1981දී Endless Love චිත්‍රපටයෙන්. මේක ටොම්ගේ පළවෙනි චිත්‍රපටය වගේම James Spader (බ්ලැක්ලිස්ට්- රේමන්ඩ් රෙඩින්ටන්) ගේ දෙවන චිත්‍රපටය. මෑත කාලයේ නිකුත් වූ The Last Samurai, Knight and Day, Jack Reacher, Oblivion, Edge of Tomorrow, වැනි චිත්‍රපට කාගේත් මතකයේ රැදිලා ඇති කියලා හිකනවා. ඒ වගේම මෙයා ඇකඩමි සම්මාන තුන යෝජනා වෙලා තියෙනවා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් දිනාගන තියෙනවා. ඔස්කාර් සම්මානය හිමිඋනේ නැතත් අනිවාර්යෙන්ම හිමිවිය යුතු නළුවෙක් හැටියට වෙබ් අඩවි ගනනාවකම ටොම් කෘස්ගේ නම සදහන් වෙනවා.
Mission: Impossible චිත්‍රපට මාලාවේ පස්වෙනි විත්‍රපටය හැටියට සහ 2011 නිකුත් උන Mission: Impossible – Ghost Protocol චිත්‍රපටයට පසු තමයි මේ චිත්‍රපටය Mission: Impossible – Rogue Nation ලෙස නිකුත් වෙන්නේ. මේක අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Christopher McQuarrie. මෙයා The Tourist, Jack Reacher, Edge of Tomorrow, වලට දායකත්වය සපයපු සුපිරි ගනයේ නිර්මාණකරුවෙක්. සුපිරි නළු Jeremy Renner (අපි කවුරුත් දන්න විදියට කිව්වොත් Hawkeye) William Brandt ලෙසත්, Simon Pegg, Benji Dunn ලෙසත් Ving Rhames, Luther Stickell ලෙසත්, Rebecca Ferguson, Ilsa Faust ලෙසත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ Rogue Nation චිත්‍රපටය මේ වෙනකොට 7.9 IMDB අගයකුත් 92% ක rottentomatoes අගයකුත් ලබාගන තියෙනවා. ඉතිං කතාව සුපිරි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ජූලි 31 වනදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය අගෝස්තු 15 වෙනිදා වනවිට ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 310.6ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා සහ ලොව පුරා අරම්භක දිනයේදී ඩොලර් මිලියන 121ක ආදාමක් ලබාගන්න සමත් වෙලාතියෙනවා. ජූලි මාසයකදී IMAX ප්‍රර්ශනය ආරම්භ කරපු චිත්‍රපට අතරේ 3 වනතැන ඉන්නේ ඩොලර් මිලියන 12.5 ආරම්භක වාර්තාවක් තබමින්. ඒ The Dark Knight Rises සහ Harry Potter and the Deathly Hallows – Part 2 චිත්‍රපට වලට පසු තුන්වන තැනට පත්වීමෙන්.
එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මේ කතාව ඊතන් හන්ට් ඇතුළු IMF කණ්ඩායම සින්ඩිකේට් කියන හොර සංවිධානය හසුකරගැනීමේ මෙහෙයුමක් වටා. IMF නැත්නම් අශක්‍ය මෙහෙයුම් බලකාය කියන්නේ කලනොහැකි මෙහෙයුම් සිදුකරන රජයේ ඒජන්සියක්. මේ වන විට IMF එක විසිරවලා. ඊතන් කියන්නේ CIA එක විසින් හොයන රහසින් පලායන්නෙක්. ඉතිං සුපුරුදු පරිදි ඊතන්ට බෙන්ජිගේ සහ ලූතර්ගේ උදව් ලැබෙනවා මේ මෙහයුමට. මීඨ අමතරව විලියම් බ්‍රැන්ඩ්ට් නැත් නම් අපි කවුරුත් දන්න Hawkeye ඊතන්ට දැවැන්ත සහයක් ලබාදෙනවා. එල්සා ෆවුස්ට් කියන MI6 නියෝජිතවරියගෙනුත් මේ සින්ඩිකේට් කියන සංවිධානයට සම්බන්ධයි. ඉතිං මේ සින්ඩිකේට් කියන්නේ මොකද්ද, කවුද මේක පිටුපස ඉන්නේ සහ ඊතන් ඇතුළු කණ්ඩායමට සින්ඩිකේට් කොටු කරගන්න පුළුවන් වේවිද කියලා බලන්නකෝ.
ඒ වගේම තමයි අවසානයට කියන්න ඕන මේ චිත්‍රපට මාලාවේ 6 වෙනි චිත්‍රපටයත් නිකුත් වෙන බව 2015 ජූලි 28 වෙනිදා දැනුම්දුන්නා. බොහෝදුරට මෙහි නිශ්පාදනය 2016දී ආරම්භ වේවි කියලා තමි ටොම් කෘස් කියන්නේ. මෙහි රගපාන නළු නිළියන් ගැන තවම අවසන් තීරණයකට ඇවිත් නැතත් ටොම් මේ චිත්‍රපටයටත් නිශ්පාදනයෙන් දායක වේවි.
හම්මේ… සබ් එක දානවට වඩා වෙලාව ගියා ලිපිය ලියන්න. එහෙම නම් තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු. එතෙක් සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Mission Impossible Rogue Nation 2015 HDRip XviD AC3-EVO
Mission.Impossible.Rogue.Nation.2015.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
34,046 downloadsDownload Mission.Impossible.Rogue_.Nation.2015.BRRip_.zip186 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
145 comments
Udith
“චූටී මල්ලි”
ඔව් මේ අවස්තාවේදි අපට පෙනියනවා
පලමු කාන්තා පරාණය මෙම කඩයිම පසුකර යනවා
අපේ ප්‍රේක්ෂක ලෝලීන් පුන පුන බලා සිටියෙ
කුමන ගෑනු පරාණය විසින් මෙම ඓතිහාසික අවස්ථාවට
හිමිකම් කියයිද යන්න දැන ගැනීමටයි
දැන් එය ඉටු වී හමාරයි.... :D
ඇයට සුභ පතන අතරෙම අපි තාමත් මෙම කඩයිම අසලට වී බලාසිටින්නෙ
මෙහි BR අප්ඩේට් එක මාධ්‍යටට නිකුත් කරන තුරුයි
එතෙක් අවස්ථාව
ප්‍රධාන පාලක මැදිරියට.... :PJanith mathula
Machan, 1.44 eka hoda copy ekakda??
Cam copy newi neda???
ඉසුරු දිල්ශාන්
අඩේ සුපිරි ෆිලුමක්නේ!
සුරේනී අක්කාගේ 100වෙනි නිර්මානයට සුභ පැතුම්!
පුළුවන් වෙලාවට හිමිහිට තවත් උපසිරැසි අරන් එමු!
ජයවේවා!!!!!!!සමන් ප්‍රසාද් [පූසා]
හම්මේ...
මෙන්න එහෙනම් තවත් සීය ගහපු ආච්චි කෙනෙක්... :D
බයිස්කෝප් කාන්තා පාර්ශවයෙන් සීය ගහපු මුල්ම කෙනා උනේ එහෙනම් සුරේනි අක්කා තමා...
හදවතින්ම සුභ පතනවා අක්කට එහෙනම් ඔන්න 100 වෙනි උපසිරැසිය වෙනුවෙන්...
ජය වේවා...!!!
තවත් සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා...!!!
Br ආවම ගන්නවා මේක එහෙනම්...
ජය වේවා..!!!
ඊළඟට 150 නේ??? :D
ඒකත් ඉක්මනටම ගේමු... :Dනලින්
ස්තුතියි සුරේනි! 100 වන කඩයිමට සුභපැතුම්. කොටිවලිගේ අතහරින්න හැදුවට අපි නම් දෙයි අතහරින්න. :D
වෙලාව ලැබෙන විදිහට නිර්මාණයක් කරමු ඉතිං නේද?
කොහොම වෙතත් අපි වෙනුවෙන් වෙච්ච මහාන්සියට, කැපකිරිම් වලට. ස්තුතියි නැවතත්
ජය වේවා!
Saketha Pulasthi
මේකේ කලින් ෆිල්ම් ඔක්කොම බැලුවා.මේකෙත් බ්ලූරේ එක ආවාහම බලනවා.
100 වෙනි උපසිරසියට උණුසුම් සුබපැතුම්
උපසිරසියට බොහොම ස්තූතියි :)sachith
enakal unnne godak sthuuthi
sachith
100වෙනි නිර්මානයට සුභ පැතුම්! amathaka unaa sorry
Darshana
sub ekta thanks saho. 100ta suba pathum..
එල්.සී. දමැල්
සුභම සුභ පැතුම් 100 වෙනි උපසිරස නිර්මාණය වෙනුවෙන්...
මේ සුන්දර කොටි වලිගය දිගටම අල්ලං යන්න ශක්තිය කාලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
ජය...bee
suba pathum100 ta jaya wewaaaaaaaa....
tnx tnx meka denakan balan hitiye#ChalinduDeshan (කිනා)
අප්පට සිරි කිව්වලු.
එල එකක් ඈ.
ඒනං තවත් වැඩ කිඩ දාමු එකෙන්ම.
ජයමවේවා!kavinda
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
kisal
sub eka enakan maga balagena hiteye . tax a lot !
නිර්මාණි
සුභම සුභ පැතුම් 100 වෙනි උපසිරසි නිර්මාණයට අක්කේ මාවත් මකත් කරලා තියනවාට ස්තූතියි. අනේ කොහොම වුනත් මේ සුන්දර කොටි වලිගෙ අතාරින්න නම් එපා. පුළුවන් පුළුවන් වෙලාවට උපසිරසි කරමු. තව 100ක් 150ක් ම කරමු. කොහොමවුනත් අක්කාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න සුභ පතනවා. ජය වේවා. ආහ් මේක බලන්න මඟ බලන් ඉන්න චිත්‍රපටියක්. උපසිරසියට ස්තූතියි .
Sanju prasad
thankx සුරේනි අක්කේ.ජය වේවා.
ඔයාගෙ 100 වෙනි සබ් එකට සුභ පැතුම්..
br eka awama gannam.
Thankx again.Tharaka
100ta suba pathum. Br apuwama balanawa
Chamara Sampath
මුලින්ම හදවතින්ම සුභ පතනවා 100 වෙනි උපසිරැසි නිර්මාණයට..!
අනිත් අය කියනවා වගේ මටත් කියන්න තියෙන්නේ මේ කොටි වලිගෙ අතහරින්න එපා කියලා. මොකද එහෙම උනොත් ලොකු අපරාදයක් වෙනවා. ම්ම් අක්කගේ උපසිරැසිත් අරගෙන බලලා තියෙනවා. ඒවගේම ඒවා අනිවාර්යෙන්ම ගුණාත්මක උපසිරැසියක් කියලා මට නම් කියන්න පුළුවන්. වෙලාවක් ලැබුනම උපසිරැසි නිර්මාණයේ යෙදෙන්න.
බ්ලුරේ ආවම අනිවාර්යෙන්ම උපසිරැසිය ගන්නවා..!!
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජයෙන් ජය.!!ලක්ෂාන් නිලංක
100වෙනි උපසිරැසියට සුබම සුබ පැතුම් අක්කෙ...තව ඉදිරියට යන්න ජය පාර්තනා කරනවා...ජයෙන් ජයම වේවා.....!
Rukshan
Thanks for 100 sub... and wish you all the best
ROSS
thx... sub1ta
Dulitha Chiran
100 sub ekata cngratz akkeeee. twath krnna shakthiya labewa. gd luck.
Sanj
Thanx
ප්‍රණීත් චින්තක
කාලයක් තිස්සේ එනකං බලාගෙන හිටපු ෆිල්ම් එකක්.
ඒ වගේම තමයි 100 වෙනි උපසිරැසියට බොහෝමත්ම සුබපැතුම්.
මේ විදියට ඉදිරියට තවත් 150, 200 කඩයිම් පසුකරන්න කාලය, හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
Jack
100 වෙනි උපසිරැසි නිර්මාණයට සුබ පැතුම් අක්කේ....
කොටි වලිගේ අතාරින්න නම් එපෝ....
පුලුවන් විදිහට සබ් එකක් දෙමු...
මේක නම් එනකම්ම හිටපු බයිස්කෝප් එකක්...
බොහෝම ස්තුතියි සබ් එකට අක්කේ.
සියලු වැඩකටයුතු සාර්තක වේවා.
ජයෙන් ජය...Hasitha Kodithuwakku
Ela.100 sabata wish karanwa..
Rooka
haiyo.. balan edala edala nethi para eye re 2ta withara meke Ts ekak beluwe.. haiyo salli...
THARINDU
ELA ELA THANKS .
(දිලා)
හදවතින්ම සුභ පතනවා 100 වෙනි උපසිරැසි නිර්මාණයට..!…… :)
150, 200 කඩයිම් පසුකරන්න කාලය, හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
වගේම දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....!
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
එල..░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Dimuthu
Thank you!
kavindu
Thanx a lot.good job sis
Gagan
සුභ පැතුම් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා.
අදිත ප්‍රවීන්
සිය වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා සුරේනි අක්කේ !
චිත්‍රපටය ගැන කතා කරන්න ඕන නෑනේ.
ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ කාලය නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
:DChanaka Rashminath
Maxaaahh film 1k akki thankz ah.........
සඔජීව
සිය වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා සුරේනි නංගි, මම ඔයා උපසිරස කරන ගොඩක් කතා බලන කෙනෙක්. දුක් කරදර, අවලාද, අපහාස විද දරාගෙන මෙච්ච්ර කාලයක් සිංහල සබ් දෙන්න මහන්සි උන ඔයාට ගොඩක් ස්තුතියි. ඉතින් මට කියන්න තියෙන්නේ කිසිම දෙයකින් සැලෙන්නෙ නැතුව පුලුවන් හැම වෙලාවකම සිංහල සබ් දෙන්න පුලුවන්නම් බයිස්කෝප් රසිකයන්ට ඔයා කරන ලොකුම සේවයක් වෙනවා.ඒවගේම ඔයාට සුබ පතන ගමන් ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.....................
me
Thanks & wish you all the best. Keep up the good work :-)
sumith
wish u all
sanka
congrats for the 100th and thanks for the sub.
Amalka
හදවතින්ම සුභපතනව 100වෙනි උපසිරැසි නිර්මානයට ඒ වගේම මේ සුපිරි ෆිල්ම් එකට සබ් දුන්නට බොහොම ස්තූතියි
කොහොම උනත් Bluray එනකම් ඉන්නවanjula
බොහොම ස්තුතියි සබට සහෝදරී
විමා
මුලින්ම ජයග්‍රාහි සියවැන්නට සුභපැතුම් සුරේනි අක්කේ.
බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කැපකරපු මේ කාලයට සහ මහන්සියට
ඒ වගේම අන්තර්ජාලයේ සිංහල උපසිරසි සියයේ කඩයිම පහු කරපු පලවෙනි කාන්තා පාර්ශවය මේ විදියට සටහන් වෙනකොට දෙවැනි පාර්ශවයකුත් ලඟ ලඟම ඉන්න බවක් පේනව ;)
ඒ වගේම මාවත් මතක් කරලා තියෙන්නෙ, බොහොම ස්තුතියි
මාත් ඉතිං අක්ක වගේම තමා
පනහ කරල නිකම් ඉන්නවා කියල හිතං හිටිය
කොහෙද ඉතිං, කිවුව වගේ මේ කොටි වලිගය අතාරින්නම බෑ
අතරින්නම බැරි මුලික හේතුව අක්ක කියල තියන සහෝදර බැඳීම තමා
එහෙමන් ඉදිරියටත් අපිත් එක්ක දිගටම රැඳිලා ඉඳීවි කියල හිතනවා
බොහොම ස්තුතියි මේ උපසිරසටත්,
එහෙමනම් කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙලා ජයෙන් ජය වෙන්ඩ ඕන!මධුකප්‍රිය පෙරේරා
අහා එහෙනම් කාන්තා පක්ෂයත් ගේම අතහැරලා නැහැ වගේ..
හේ හේ 100වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා ...
100 ගහලා තියෙන්නෙත් මැක්සා ෆිලුමකින් ...
හැබැයි ඉතින් මේ වගේ ෆිලුමක් බලන්න ඕනේ bluray තමයි ..එතෙක් ඉවසීමෙන් ඉන්නවා...
හැබැයි ඉතින් කවදා බැලුවත් බලන්නේ මේ උපසිරසි එක්කම තමයි...
එහෙනම් 150 කඩඉමත් ඉක්මනින් පසු කරන්න ලැබේවා කියල පතනවා...
ඔබට ජයෙන් ජය,,,Sanindu Lakkitha
Godak Thnx Akke..Enakam Baln Hitapu Film Ekak.. 100 Nirmanayata Hadawatinma Subapatanawa...Api Hemoma Wenuwen Tamange Kalaya Kepakaragena Me Wage Nirmana Karana Ekata Godak Thnx.... BEST IF LUCK...
Sanindu Lakkitha
Godak Thnx Akke..Enakam Baln Hitapu Film Ekak.. 100 Nirmanayata Hadawatinma Subapatanawa...Api Hemoma Wenuwen Tamange Kalaya Kepakaragena Me Wage Nirmana Karana Ekata Godak Thnx.... BEST OF LUCK...
thisal
නියමයි කෙල්ලෙකුත් කරා එහෙනම් නෙද මරු මරු හොද කොපියක් ආවම බලමු තව සබ් දෙමු දිගටම පුලුවන් විද්ඩිහට
Jaya
Meywa cam neme ban..hoda copy baiscope ale denne... uabala nikan meywa me cam copy ganata dala kata karanna epa...
darshana
meka cam ekak thama .torrents walata gihin comment kiyawapan ban.meke ratings balapan.sampl eka balapan.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි,
ටොම් අයියා මගෙත් ආසම නළුවෙක්..
එම් අයි ෆිල්ම් පහ්ගම බලලා තියේ,,
කියලම වැඩක් නැහැ...
මේක ත් බලනවා කියන එක අමුත් දෙයක් නෙවි නේ....
එව්වා කෙසේ වෙතත්..
ඔන්න මමත් උණුසුම් සුභ පැතුම් එක්කරනවා 100 වෙනි උපසිරසියට..
නවත්තන්න එපා, අපි වගේ දිගටම කරගෙන යමු...
ජය වේවා එහෙනම්!!thraka
meeke thiyena sinhala sub eka weda nee mn down load karapu film ekata.... eka download kare mekenma gihin...
http://1337x.proxycircle.net/torrent/1297132/Mission-Imposs…
menna link eka film eka download krapu...
puluwan nam help ekk denna...thraka
ee wagema sub hemadaama apita deela krna deya hemadaama agayanawa..
තාරක නුවන් දිල්හාර
එලම තමයි අක්කියා..
හදවතින්ම සුභ පතනවා 100 වෙනි උපසිරසි කඩයිමට
මටත් ඊයේ පෙරේදා සමීර අයියා තමයි කිව්වේ අක්කිලා දෙන්නෙක් හෙට අනිද්දම ශතකය ගහන්න ඉන්නවා කියලා :D
ඉතින් ජයෙන් ජයම වේවා වගේම බොහොම ස්තුතියි උපසිරසියට...
සීය ගහලා මේක නතර කරන අදහසකුත් හිතේ තියාගෙන හිටියනම් දැන්ම ඒක අතෑරගන්න..
එලස්ස්ස්ස්sanka
thanks and goodluck your 100 sun
Rasitha
100 වෙනි උපසිරසියට සුබ පැතුම් සුරේනි අක්කෙ !!!!!
මෙ උපසිරසියටත් බොහොම ස්තුතියි ...
දිගටම කරගෙන යන්න ........ජයෙන් ජයම වෙවා !!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න මමයි ඉස්සල්ලම ගත්තේ,ෆිලුම බාල විනාඩි 10ක්වත් ගියේ නෑ මෙන්න උපසිරසියත් දීලා.තැන්කු වේවා බ්‍රෝ