ආයුබෝවන්! අදත් වෙනද වගේම කොරියානු බයිස්කෝප් එකකට තමයි උපසැරසි අරගෙන මම ආවේ. කලින් දුන්නු ”killer toon” movei එක හැමෝම බලන්න ඇති කියල හිතෙනවා. ඉතින් අද ගෙනාපු film එකේ නම monster වුණාට. මේක හොල්මන් බයිස්කෝප් එකක් නම් නෙමෙයි. ඒත් බලද්දිනම් හොල්මන් වෙලා යයි. ”coin locker girl” චිත්‍රපටියෙ රඟපෑ ප්‍රධාන…

ආයුබෝවන්! අදත් වෙනද වගේම කොරියානු බයිස්කෝප් එකකට තමයි උපසැරසි අරගෙන මම ආවේ. කලින් දුන්නු ”killer toon” movei එක හැමෝම බලන්න ඇති කියල හිතෙනවා. ඉතින් අද ගෙනාපු film එකේ නම monster වුණාට. මේක හොල්මන් බයිස්කෝප් එකක් නම් නෙමෙයි. ඒත් බලද්දිනම් හොල්මන් වෙලා යයි. ”coin locker girl” චිත්‍රපටියෙ රඟපෑ ප්‍රධාන නිළියමයි මේකෙත් ඉන්නෙ. ඔයාල ඒක බැලුවෙ නැත්තන් මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ අනිවාර්යෙන්ම ඒකත් බලාවි. ඒක දැනටමත් බලලනම් ඉතින් කියන්න දෙයක් නෑනෙ.
මේ චිත්‍රපටිය තිරගත වුණේ 2014 මාර්තු 13.ඒ වගේම පැයයි විනාඩි 54 ක් දිවෙන මේ චිත්‍රපටයට imdb 6.3 ක අගයක් ලැබිල තියෙනවා. Thriller/Action ගණයට වැටිල තියෙන මේ බයිස්කෝප් එක විටෙක සිනහවත් විටෙක ඇසට කඳුලකුත් උනන විදියට නිර්මාණය කරල තියෙනවා. කතාව ගැන ටිකක් විතර කියන්නම් මොකද මට ටිකක් සනීප නෑ වගේ අද.සමාවෙන්න ඕනෙ.
නිදහසේ වගේම ඉක්මණින් තරහ යන Bok-soon (Kim Go-eun) ව ගමේ අය දන්නෙ “පිස්සු බැල්ලි’’ විදියට. මෙයාගෙ අමුතු හැසිරීම හින්ද තමයි මෙහෙම කියන්නෙ. එයා හරිම දුර්වලයි වගේම ඉගෙන ගන්න කොහොමත් බෑ. ඉස්කෝලෙවත් ගිහින් නෑ. ඉතින් හෙන මෝඩයි. ඒත් මෙයා හුඟක් නිර්භීතයි. කිසි දේකට බය නෑ. හරිම සතුටින් තමයි ඉන්නෙ මොන දෙයක් වුනත්. Bok-soon පාරෙ පොලේ එළවළු විකුණලා තමයි එයාගෙ නංගි Eun-jeong ව ඉස්කෝලෙ යවන්නෙ.Eun-jeongගෙ ඉගෙනීමට සල්ලි හොයන එක ගැන විතරයි මෙයා හිතන්නෙ. කොහොම වුණත් මේ අක්ක නගෝ දෙන්න හරිම සතුටින් ජීවත් වෙනවා Tae-soo (Lee Min-ki) කියන, කවුරුත් නැති කැලෑවක් මැද ජීවත්වෙන මිනීමරුවා ඇවිත් Bok-soon ගෙ නංගි Eun-jeong ව මරන කල්ම.
Eun-jeong ව මරන්නෙ.. මේ කෙනා කිව්වොත් දෙයක් කරනවමයි කියන එක ඔප්පු කරන්න. ඒ ඇයි කියනවනම් මේ Tae-soo කියන දරුණු ඝාතකයා යම්කිසි හේතුවක් නිසා gae Na-ri(Ahn Seo-hyun) කියන අවු. 10ක් වයස කෙල්ලව මරන්න කලින් ඒ කෙල්ලට පැනල යන්න අවස්ථාවක් දෙනව මේ විදියට. ”මම මේ වයින් වීදුරුව බීල ඉවර කරන්න කලින් පුළුවන් තරම් ඈතට දුවන්න. ඒත් ඊට පස්සෙ මට අහු වුණොත් මරණවා. කාගෙන් හරි උදව් ඉල්ලුවොත් ඒ අයවත් මරණවා. කාගෙන් හරි උදව් ඉල්ලනවනම් මට වැඩිය හයිය තියෙන කෙනෙක්ව හොයා ගන්න. මට මරන්න බැරි කෙනෙක්ව”. ඒත් ඉතින් මේ පොඩි කෙල්ල ගිහින් නතර වෙන්නෙ Bok-soon ගෙ ගෙදර. එහෙම තමයි එයාගෙ නංගිව මැරෙන්නෙ. ඉතින් මේ මෝඩ Bok-soon, නංගිගෙ මරණෙ ගැන දුකෙන් වගේම තරහින් තමන්වම පාලනය කරගන්න බැරි තත්වෙට ඇවිත් gae Na-riත් එක්කරගෙන යනව Tae-sooගෙන් පළි ගන්න.
Tae-soo කියන්නෙ කිසිම අනුකම්පාවක් නැති, කිසිම හේතුවක් නැතුව මිනී මරණ දරුණු මිනී මරුවෙක්. ඒ කියන්නෙ සීරියල් කිලර් කෙනෙක්. ඒ වුණාට මෙයා පොඩි කාලෙ එයාව හදාගන්න ගත්තු පවුල ගැන හරියට වද වෙනවා. කුඩම්මයි අයිය කෙනෙකුයි විතරයි ඉන්නෙ. පොඩි එකාව හදාගන්න ගත්තු කාලෙම තාත්ත මැරෙනවා අභිරහස් විදියට. Tae-soo ගෙ කුඩම්මයි අයියයි දන්නව මෙයා ගැන. ඒ නිසා වැඩිය හොයන්නෙ බලන්නෙවත් වැඩි කැමැත්තක්වත් නෑ.
අන්තිමේදි මේ කුඩම්මයි අයියයි හොරෙන්ම මැරයො වගේකුත් එක්ක Tae-soo ව මරන්න ප්ලෑන් කරනවා. ඒත් මෙයාගෙ ඉව නිසා හොඳටම තුවාල වෙලා අනූනවයෙන් මරණෙන් බේරෙනව. ඒත් එක්කම Bok-soon එයාගෙ නංගිගෙ පළිය ගන්න Tae-soo ව හොයාගෙන එනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල බලන්නම වෙනවා. මං දන්නව ඔයාල මේකට කැමති වෙනවා කියලා. හරි එහෙනම් අදට ගිහින් එන්නම් තවත් උපසැරසියක් අරගෙන.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Monster.2014.720p.HDRip.H264-CJCONTENTS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,340 downloadsDownload Monster.2014.Baiscopelk.com_.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
26 comments
EmJay
gayan
NIYAMAI BRO...korean movie is superb..
yasas
sabata thanx machan. ela
torrent valata adala deyak nisa post karanne,
utorrent vala ads disable karana vidiya.
youtube.com/watch?v=L_6KQNYXMPkඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
death note film series එකට සබ් දෙනවනම් පිං
ජය වේවා!Saminda
There is a mistake in given file.
Please give us correct link or file
Thank you for sub....
Ishan
Please saho... puluwan nam The FLU Korian Film ekata sub dennkooooooo.
chamalkalum
The flu dila thiyenne mita kalin saho
yasas
ela bn.
utorrent wala ads block karaganna.
youtube dot com /watch?v=L_6KQNYXMPk
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......priyan
sub ekata thx
mey film eke 700mb wage copyak nadda bro...chamalkalum
Thiyenawa.. filmku web eken ganna.
nisha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!ජය වේවා
a
lassana kathawak wage txxx sub ekata digatama korean denna
chamalkalum
Thanks a.
නාලක ජයසිංහ
Thanks Bro...
Download kalachamalkalum
supun s bandara
බුදු සරණයි!
ධනුෂ්ක
Bro..The Dauntless Soldier කියන film එකටත් subtitle දෙන්නකො
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
chamalkalum
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nisha
thanks....
malith
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho sub ekata